Skip to main content

Posts

Showing posts with the label සමාජීය

ආශ්චර්ය දීපයේ චිත්‍රපට - 13 ත් එක්ක බෑ , හොඳ අන්කලුයි නරක ඇන්ටියි ,ප්ලෙන් එනකම්...........

හොලිවුඩයේ මේ දවස් වල කථා වෙන්නේ යකඩ මිනිහා 3 , පෙට්ටි කාර්යාල වාර්ථා කුඩු පට්ටම් කිරීම් ගැනය.යකඩ මිනිහාත් ඇතුලු මාවල් විරයෝ සෙට් එකම ඉන්න ඇවෙන්ජර්ස්  වලට විතරක් දෙවෙනි ආරම්භයක් යකඩ මිනිහා තුන අරගෙනය . ඒ කියන්නේ  හොඳම ආර්ම්භක සති අන්තයන් දෙකටම යකඩ මිනිහා සම්බන්ධ වෙලා කියන එකය. පලවෙනි දර්ශනේට නිලියක් ඇන්ද රෙද්ද නිසා අපේ අයටත් යකඩ 3 මිනිහා ගමේ එකෙක් ගානටම සමීපය. 45-50 අන්කල්ලා , 20-25 කෙල්ලන්ට ලව් කරන ඒවාත් , පයිට් , සින්දු , කොමඩි , නැටුම් , රේස් ඔක්කොම එකතු කරපු මසාලාවකුත් නොවන  , ආධුනිකයන් දෙදෙනෙක් රගපාන Aashiqui -2  වසරේ පලවෙනි සුපර් හිට් එක වීම බොලිවුඩයෙන් ඇහෙන හොඳම කථාව කිවාටද වරදක් නෑය . චිත්‍රපටිය කෙසේ වෙතත් සින්දු සෙට් එක නම් සුපිරිය .රසිකයෙකුට කණ පිරෙන්න අහන්නට වගේම හින්දුස්ථානි සංගීතයට "දේශීය සංගීතය" කියා ලේබල් ගසා මැරෙන්න හදනා මෙරට ඔස්තාද්ලාට බටහිර රොක් සංගීත සම්ප්‍රදාය සහ හින්දුස්ථානි සංගීතය එකතු කර රසවත් නිර්මානයක් කරන්නේ කෙසේදැයි ටියුශන් ගන්නටත් ඒ සෙට් එක වැදගත්ය කොලිවුඩ් නොහොත් තමිල්නාඩු සිනමාව ගැන නම් දැන් අපිට හිතන්නට දෙයක් නෑය , අපේ රාවණා බලකාය ...

සුභ නව අලුත් අවුරුද්දක් - (මේ විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන )

සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි .සුභ අසුබ නැකත් පිලිබඳව හෝ එසේ නැකතට කටයුතු කිරීමෙන් අත්වෙන විශේෂ වාසියක්  පිලිබඳ මාතුල කිසිදු විශ්වාසයක් නැතත් ජාතියක් වශයෙන් අනෙන්‍යවූ සංස්කෘතිකාංගයක් වූ අවුරුදු උත්සවයටත් ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත් කමක් මා දකිමි .  පවුලේ සියලු දෙනා හැකි පමණින් එකතුව අවුර්ද්ද සමරන්නටත්  , පරණ තරහ මරහ අමතක කර ඥාති මිත්‍රාදීන් සහ අසල්වාසීන් සමඟින් සම්බන්දයන් අලුත් කරගන්නටත් , සංස්කෘතික අනෙන්‍යතාවයක් වශයෙන් සිංහල දෙමල අලුත් අවුරුදු  සම්ප්‍රදායන් මතු පරපුර වෙත ගෙනයාමටත්  සැම සියලු දෙනාම වග බලාගන්නේ නම් යහපත් බවද මේ මොහොතේ පවසනු කැමැත්තෙමි . සියලුම බ්ලොග් කරුවන්ටත්   , සිංහල බ්ලොග් කරණය වර්ණවත් කරනා නිර්නාමික ප්‍රතිචාර කරුවන්ටත්, ප්‍රතිචාර නොදක්වන නිහඬ පාඨකයිනුත් ඇතුලු  සිය්ලු දෙනාටම   තම සිතු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු කරගන්නට ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දකට ආසිරි එක් කරනා අතරම ,මාගේ බ්ලොග් කරණය නිසා වෙන් කුමන හෝ සිත් අමනාපයක් ඇති කරගත්තෙක් මේ අතර වේ නම් , ඒ...

මුදලට ක්‍රිකට්, මාලිංග, අයිපීල් සහ කුහක මාධ්‍යවෙදියෝ !

රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව යනුවෙන් "රුවන්" වැකියක් බස් රථ සහ ත්‍රිරෝද රථ වල පිටුපස සඳහන් කර තිබෙනු ඔබ විසින් දැක ඇතුවාට සැකයක් නැත . ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රිඩකයින් අතර හටගත් මත ගැටුමත් ,ඒ අවස්ථාවෙදී ලසිත් මාලිංග මාධ්‍ය වේදීන් පිරිසකට ලබා දුන් පිලිතුරත් සමඟින් ප්‍රධාන ධාරාවේ මාධ්‍යන් හි මෙන්ම අන්තර්ජාලය තුල නොයෙකුත් කතිකාවන් තුලද මතුවූ අදහස් දුටු විට මා හට  සිහියට නැගෙන්නේ ඉහත කී රුවන් වැකියයි .  මාලිංගව දරුණු ලෙස විවේචනය කරමින් මෙන්ම සහය දක්වමින් නොයෙකුත් අදහස් මතුවූ පසුගිය සතියේ අධික කාර්ය බහුලත්වය නිසා දැක්වීමට නොහැකී වූ අදහස් කිහිපය මෙලෙසින් ගොණු කරන්නේ පසුගිය ඉරිදා "ජාතික" පුවත්පත් වල  පලවූ අදහස් කිහිපයක් නිසාවෙන්  ලැබූ උත්තේජනය නිසාවෙනි .  'හුදකලා සිදුවීමක් වශයෙන් සැලකූ කල ලසිත් මාලිංගගේ හැසිරීම මා අනුමත නොකලත් , ඒ හා සබැඳි පෙර කථා සහ පසු කථා අමතක කර දමා මාලිංග දඬු කඳේ ගැසීමට හැකියාවක් මා හට නැත  සල්ලි වලට ක්‍රිකට්  මාලිංග පිලිබඳ කෙරෙනා විවේචනයන් තුල මෙන්ම ක්‍රිඩකයින් සිය වැටුප් සහ දීමනා වෙනුවෙන් ක්‍රිකට...

නව අමාත්‍යධූර සඳහා දේශප්‍රේමි යෝජනා !

ආශ්චර්ය ද්වීපයට අලුතෙන් ඇමති තුමන්ලා පිරිසක් පත්ව තිබේ . රට ආශ්චර්යමත් කිරීමට දායක වන අමාත්‍යවරුන් තව තවත් පත්කල යුතු යැයි අපි සිතමු . විද්‍යා තාක්ෂණ සහ තාක්ෂණ පර්යේෂන කියා ඇමති කම් දෙකක් තිබීම ගැන අවලාද නගන විජාතික බලවේග වල බලල් අතක් වූ ඊ නිවුසිය වැනි දේශද්‍රෝහි පාහරයන්ගේ නම් පටලැවිලි චෝදනාවලට ලක්නොවී අනාගතයේදී පත්කල හැකි අමාත්‍ය වරුන් ලයිස්තුවක් මෙසේ පලකර සිටින්නේමු  සිනි කර්මාන්ත අමාත්‍යාංශය අනුව යමින්  පැණි කර්මාන්ත හකුරු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යදූර වශයෙන් -  මි පැණි භාර නියෝජ්‍ය ඇමති  කිතුල් පැණි භාර නියෝජ්‍ය ඇමති  කිතුල් හකුරු භාර නියෝජ්‍ය ඇමති තල් හකුරු භාර නියෝජ්‍ය ඇමති   ----------------------------------------------------------------------- පොල් සංවර්ධන අමාත්‍යාංශය අනුව යමින් කොස් සංවර්ධන දෙල් සංවර්ධන  එලවලු සංවර්ධන  කොස් සංවර්ධන අමාත්‍යාංශය යටතේ                      කොස් , වරකා , වැල සහ පොලොස් වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ධූර 4ක්  දෙල් සංවර්ධන අම...

ඊනියා බටහිරයන් ප්‍රතික්ෂේප කර චීනයටම දීමේ ක්‍රමවේදය

ඇමරිකාවේ බෑ කියනවා නම් අපේ හමුදාවන්ට පුහුණු පාඨමාලා චිනෙන් දෙන්නට පුලුවන්ය කියා ඊයේ නිවුස් වල කියනවා ඇසුනි . සැබැවින්ම හමුදා පුහුණුව පමණක් නොව  ඊනියා බටහිර අධිරාජ්‍ය වාදීන්ට නොදී චීනයට දිය හැකි ගොඩක් දේවල් අපිට තිබේ . 01) ඇඟලුම් - දේශද්‍රෝහි එජාප පාලන කාලය තුලදී කල තවත් එක් අවලම් වැඩක් වන්නේ අපේ කෙල්ලන් ලවා සුද්දන්ට ජංගි මැස්සවීම බව නොදන්නා කෙනෙක් නැත . වහාම ක්‍රියාත්මක වන පරිදි සුද්දන්ට සහ සුද්දියන්ට මසහ ජංගි වෙනුවෙට චීනන්ට ජංගි මැස්සවීම අප විසින් ආරම්භ කල යුතුය . හැඩි දැඩි සුද්දන්ට වඩා චූටි චීනන්ට මසන ජංගි කුඩා හෙයින් , අඩු කාලයක් තුල වැඩි ජංගි ප්‍රමාණයක් මසා නිම කල හැකිය. ආර්ථික අවපාතය හමුවේ ඉදිරියේදී බටහිරයන්ට හෙලුවෙන් සිටීමට සිදුවන නිසා දැන් සිටම චීනයට ඇඳුම් පැටවීම දූර් දර්ශි ක්‍රියාවකි   02) මෘදුකාංග - දැනට ලංකාවේ මෘදුකාංග සේවා සියල්ලම පාහේ සපයන්නේද බටහිර රටවලට . ආර්ථික වශයෙන් බංකොලොත් වෙමින් සිටිනා බටහිර වෙනුවට ඉතා ඉහල මෘදුකාංග වෙලඳ පොලක් සහිත  චීනය අප විසින් තෝරා ගත යුතුය . ලොව මිලෙන් අඩුම විශාලතම මෘදුකාංග සේවා සපයන රට වශයෙන් ශ්‍රි ලංකාවේ මෘදුකාංග...

xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස්

Mr .ලොකු තැන - ------------------------------------------{නිහැඬියාවක් පමණි } Mr . පැරකුම් - අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න වෙලා තියනවා . ලැටිමර් හවුස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා , රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා අපි ******** ගේ රජයට කියනවා . ලබන සිංහල අවුරුද්ද වෙනකන් විතරයි  අපි කල් දෙන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුනොත් අපි මැයි මාසෙදි පාරට බැහැල 2014 දී ආණ්ඩුව ගෙදර යවනවා Mr. කලවැද්දා - අද රටේ නීතියක් නෑ , බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරනවා . මේක ඒකාධිපති පාලනයක් .සමහර බංකොලොත් දේශපාලන නායකයොත් මේ ඒකාධිපති පාලනයට කඩේ යනවා . එන්න මාත් එක්ක එකතු වෙලා මේවට විරුද්ධව සටන් කරන්න . ජයවේවා Mr.වෙනුර- ඕක තමයි මම කිව්වේ මාලු කඩේ කියලා .ඔය වැඩේ කරවපු  හොටු ගැමුණු උන්නැහේ මාලු කඩේ සමාජිකයෙක් . මාලු කඩවල උන් නෙවෙයිද ඔය වගේ ජරා වැඩ කරන්නේ Mr. බුරුවංශ - මේක තනිකරම බටහිර අධිරාජ්‍ය වාදි වලවේග වල කුමන්ත්‍රණයක් . යුද්ධෙන් පස්සේ අපි යන ගමන මේ අයට ඉවසගන්න බෑ මොකක් හරි බාල්දියක් පෙරලනවා . මාර්තුවල ජිනිවා සමුලුව ඉලක්ක කරගෙන කරන වැඩ මේවා . ලංකාවේ මන්ත්‍රි කෙනෙක...

අවාසනාවට ... ඇත්ත කථාවක් !

මහසෙන් සහ බණ්ඩාර කියන්නේ ශ්‍රි පුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල හදාරන  සමීප මිතුරන් දෙදෙනෙක්. සැහෙන කාලයක් පටන් තිබුනු මේ දෙදෙනාගේ මිත්‍රත්වය ශ්‍රි පුර විද්‍යාලයේ ගුරු සිසු කාටවත් රහසක් වුනේ නෑ . විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් තේරී පත්වුනු මහසෙන් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමක් බණ්ඩාරට අරන් දෙන්න සැහෙන මහන්සි වුනු බවත් හැමෝම දන්නවා . බණ්ඩාරගෙනුත් ඒ වෙනුවෙන් මහසෙන් ට ලැබුනු උදව් බොහොමයි ශිෂ්‍ය නායක වැඩ කටයුතුවල නිරත වෙත්දි . මහසෙන් සහ බණ්ඩාර අතර කෙරුනු මේ උදව් උපකාර ඒ අයගේ පවුල් වල සාමාජික සමාජිකාවන් වෙනුවෙන් පවා යෙදුනු අවස්ථාත් නැතුවා නොවෙයි . මේ සුන්දර මිත්‍රත්වයට කණකොකා හඬන්න පටන් ගන්නේ  ශ්‍රි පුර විද්‍යාලයේ උසස් පෙල හදාරන්න  එකතුවුනු රූමත් තරුණියක් නිසා . ඇගේ නම කුමාරි . මහසෙනුත් බණ්ඩාරත් දෙදෙනාම කුමාරිගේ ආදරය වෙනුවෙන් සටන් කලත් කුමාරිගේ ආදරය හිමිවුනේ බණ්ඩාරට . මෙත් සමඟම තමයි මහසෙන් සහ බණ්ඩාර අතර තිබුන අතිජාත මිත්‍රත්වය ජන්මාන්තර වෛරයකට පෙරලෙන්නේ .තමන්ගේ මිතුරා තමන්ට පිටුපැම පිලිබඳ උරණු වූ මහසෙන් ඔහුගෙන් පලිගන්න තීරණය කරන්නේ අවසනාවන්ත විදිහට .මහසෙන් මේ ස...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

ඉස්ලාමයේ 9:5 - මනුෂ්‍ය ඝාතන දිරි ගැන්වීම සහ සාධාරණීකරණය - ඉස්ලාමිකයෙකුගේ ලිපියකට පිලිතුරක්

ආගම් පිලිබඳ වාදයන් කිසි විටකත් අවසන් වන්නක් නොවේ . ආගම් පිලිබඳ වාද විවාදයන් එක් ආගමක් තදින් වැලඳගත් ආගමේ කොතනක හෝ සටහන් වූ පමණින් ඕනැම ටොම් පචයක්  හිස් මුදුනින් පිලිගන්නා  පුද්ගලයින් අතර සිදුවන විට එක් මතයකට පැමිණ වාදයක් අවසන් වීමේ හැකියාවක්ද පවතින්නේද නැත . මැවුම් වාදය පිලිගන්නා වුන්  කිසි විටකත් මැවුම් කරු මැව්වේ මොකාදැයි නොඅසන්නා සේම හින්දුන්ට පියඹන වඳුරන් ඇතුලු සිය දේව සභාව තාර්කිකවන අතර බෞද්ධ "ආගමිකයින්ට" ජාතක කථා වලටද තාර්කික පැහැදිලි කිරීම් දිය හැක . තත්වය එසේ තිබියදීත් ඉස්ලාම් අන්තවාදීන් අතින් වෙඩි පහරට ලක්වුනු පකිස්ථාන දැරිය පිලිබඳ රාජ් සහෝදරයා විසින් ලියවුනු ලිපියේ  මතුවූ සංවාදයක් මඳක් ඉදිරියට රැගෙන යැමේ අවස්ථාවක් පැමිණ ඇත . මෙය කිසිදු ආගමික දෘශ්ටිකය සිට නොව නිර්-ආගමිකව , මානූශීය  කෝණයෙන් සංවාදයට ලක් කල හැක්කක් බවද සඳහන් කල යුතුය . ලොව පවතින ත්‍රස්තවාදී සංවිධාන අතුරින් සාතිශය බහුතරයක් මුස්ලිම්   ජාතිකයන් ඉස්ලාම් ධර්මයේ නාමයෙන් පවත්වාගෙන  යන්නන් වන බව පහත විකි පිඩියා ලිපියේ අන්තර්ගත තොරතුරු හරහා වටහා ගත හැක , http://en.wikipedia...

පලාත් සභා වල ප්‍රායොගිකත්වය සහ පලාත් සභා අහෝසි කිරීමේ ප්‍රායෝගිකත්වය

13 වන සංශෝධනය නොහොත් පලාත් සභා ක්‍රමය අහෝසී කිරීම පිලිබඳ වූ කථා බහ නැවතත් මතුව ඇත . රජය විසින් ගෙන ඒමට නියමිත දිවි නැගුම පනත පලාත් සභා වල අනුමැතියට ලක්විය යුතු බවට ලැබුණු අධිකරණය නියෝගය සහ ඒ  ආශ්‍රිතව දෙමල සංධානයෙන් නැවතත් අධිකරණ පිහිට පැතිමත් ,ඒ පිලිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පලාත් සභා අහෝසි කල යුතු බවට ප්‍රකාශයක් පුවත්පතකට ප්‍රකාශ කිරීමත් මෙහි ආරම්බභය ලෙස සැලකිය හැක . ආරක්ෂක ලේකම් වරයාගේ ස්ථාවරය යුද්ධය අවසන් වූ කාලයේ සිටම ඒ තරම් වෙනසකට ලක්වී නැතත් පලාත් සභා අහෝසී කල යුතු යැයි ඔහුගෙන් ලැබුනු ඍජු ප්‍රකාශයත් සමඟ රජයට සම්බන්ධ පලාත් සභා විරෝධී අන්තවාදි දේශපාලන කණ්ඩායම්ද නැවතත් ඇවිස්සී ඇත . මෙම මතය වෙනුවෙන් වසර ගණනක් තිස්සේ පෙනී සිටි ඉරිදා පුවත්පතක් තම ප්‍රධාන පුවත ලෙස හුවා දක්වන්නේද රජයේ  ජේෂ්ඨ අමාත්‍ය වරයෙක් විසින් මේ පිලිබඳ දැක්වුවා යැයි පැවසෙන අදහස්ය . 13 වෙනි සංශෝධනයේ  භාවිතාවේ ප්‍රායෝගිකත්වය පිලිබඳව වෙන්ම එය අහෝසි කිරීමේ ප්‍රායෝගිකත්වය පිලිබඳවද අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි . බලය බෙදීම ඕනැම රටක සර්වත්‍ර වශයෙන් සැලකූ විට බලය බෙදා හැර...

ඒකාබද්ධ හෙවත් පොදු නොහොත් කැඩි බිඳි ගිය විපක්ෂය

පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතිනා ඕනැම රටක විපක්ෂය යනු මහජන ඡන්දයෙන් පත්ව ආණ්ඩුබලය පිහිටුවීමට නොහැකී පිරිසය . විපක්ෂය රටේ සැලකිය යුතු ජන ප්‍රමාණයක මතවාදය නියෝජනය කරන්නාක් මෙන්ම  පාලන බලය හොබවන්නන්ගෙ ප්‍රතිපත්ති වලට විකල්ප මතවාදයක් ගොඩ නඟන්නන්ද වන අතර  රජය විසින් ගෙන එනු ලබන පනත් කෙටුම් පත් වලට විවිධාකාරයේ සංශෝධන යෝජනා කරන්නන් මෙන්ම අවැසි විවේචනයන් සිදු කරන්නන්ද වේ . නිදහස  ලැබුදා පටන් ශ්‍රි ලංකාවද පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ  ක්‍රියාත්මක වූ රටකි . ලාංකීය ජනතාව යම් පක්ෂයක් බලයට පත් කරනා විට අනෙක් පක්ෂයට නැත්තටම නැති වෙන්න දෙන නිසා රටේ විපක්ෂය 1/6 ක් වැනි සුලුතරයකට පහල බැසි අවස්ථාද , එහිත් බහුතරය රටේ එක්තරා ප්‍රදේශයක්   පමණක් නියෝජනය කරන පක්ෂයකට හිමිවිමේ අවධානම ජේ. ආර් විසින් දුටු නිසා වර්ථමානයේ සම්බන්ධන් වෙනුවට ජේ.ආර්ගේ බැනාට විපක්ෂනායක ධුරය දැරීමේ වාසනාව හිමිවී ඇත . ආසන වශයෙන් පරාජයට පත්වුවත් ලක්ෂ ගණනක ජනතාවකගේ ඡන්දයට සරිලන නියෝජනයක් පාර්ලිමෙන්තුව තුල ලැබුනද , ඒ සමඟම ගෙන ආ විධායක ජනපති ධූරයෙන් විපක්ෂ නායක වරයාගේ කාර්ය පමණක් නොව අගමැති වරයා ඇතුලු ...

වෙබ් අඩවි වාරණය නොහොත් අතීසාරයට අමුඩ ගැසීම

පහත ඇත්තේ ජනමාධ්‍ය වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන දිවයින පුවත්පතේ ලිපියකි . // මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ (03 වැනිදා) "දිවයින" ට පැවසීය. ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්‍ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා කීය. මේවා ක්‍රියාත්මක වන නියම ස්‌ථාන තවම හෙළි වී නැතත් ඒවා පවත්වාගෙන යැමට නොහැකි අන්දමට බාධා කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කීවේය. මේ අනිසි වෙබ් අඩවි දේශපාලනඥයන්ට මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන්ට දැඩි ලෙස මඩ ප්‍රහාර එල්ල කරමින් අපහාස කිරීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි බොහෝ ප්‍රමාණයක්‌ ලැබී තිබෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය ./ මෙහි හැටියට නම් ඇමතිතුමාට(සහ රජයට )  නප්පියටම තදවී ඇති බවක් පෙනේ .ඇමතිතුමා  ලියාපදිංචි නොකල වෙබ් අඩවි වලට චෝදනා එල්ල කලද පසුගියදා වැටලුවේ ලියාපදිංචි කල වෙබ් අඩවිය .අනෙක් අතට ලියාපදිංචි නොකල වෙබ් අඩවි වලට බාධා කිරීම් සිදු කරේ දැන් සැහෙන කලකට පෙරය .ඒ නිසා ඇම...

සනා අය්යගේ නැටුම්,සල්ලි වලට ක්‍රිකට්,ඉරාන තෙල් ,ජනපතිවරයාගෙ බ්‍රිතාන්‍ය සංචාරය ,ආගමික නායකයින්ට දේශපාලනය තහනම්

කාර්ය බහුල බවත් එක්ක බ්ලොග් කරණය සැහෙන දුරට අතපසු වෙලා ගිහින් , කොහොම වුනත් ලැබුනු පොඩි විවේකය යොදාගෙන මේ සටහන් කරන්න යන්නේ මේ දවස් වල කථා බහට ලක්වෙන කාරණා කිහිපයක් ගැන . ඔය මාතෘකාවේ තියෙන්නේ අදාල කාරණා ටික තමයි සනා අය්යගේ නැටුම් සනත් ජයසුරිය කියන පුද්ගලයා ක්‍රිකට් නොබලන කෙනෙකුට වුනත් අමුතුවෙන් කියා දීමක් අවශ්‍ය වෙන්නේ නැති තරමට සුවිශේෂි චරිතයක් . ස්වාභාවයෙන්ම වේගවත් පිතිකරණ රටාවන්ට ආදරය කරන ක්‍රිකට් ක්‍රිඩා ලෝලියෙක් විදිහට  එදාත් අදත් මගේ ප්‍රියතම ක්‍රිඩකයා වෙන්නේ සනා තමයි . සනාගේ දේශපානයත් එක්ක බොහෝ දෙනෙක් ඔහුව විවේචනය කලත් , කැමති දේශපාලනයක් කිරීමේ සනාට ඇති අයිතියට ගරු කිරීමත් , ඔහු තරම් වත් දේශපාලනයේ හයක් හතරක නොදත් මිනිසුන් දේශපාලනය කරන නිසාත් සනාගේ දේශපාලනය ඔහු තුල  සිටින ක්‍රිඩකයාට ආදරය කිරීම වලක්වන තරම් ප්‍රභල වුනේ නෑ . දේශපාලනයට ඒම නිසා විවේචනයට ලක්වුනු සනා මේ දවස් වල ශ්‍රි ලාංකිකයින්ගේ දරුණු වීවේචනයට ලක්වෙලා තියෙන්නෙ ඔහු සහභාගි වෙන ඉන්දියානු නර්ථන තරඟයක් නිසා . ක්‍රිකට් ගැසීමේ හැකියාව සහ නර්තනය අතර කිසිම සම්බන්ධයක් නැති නිසා වගේම සනාගේ ඇගේ නර්තන රිද්මයන් ප...