Skip to main content

Posts

Showing posts from July, 2012

තණමල්විල හිච්චි එකාගෙන් සිරියාවේ අසාද් අන්කල්ට ලියුමක්

ආදරණීය අසාද් අන්කල් , පවුලේ මල ගෙයකුත් වෙලා තියෙත්දී අන්කල් හොඳින් ඉන්නට විදිහක් නැති නිසා ඒ ගැන අහන්නේ නැය , හැබැයි මම නම් ඉතා හොඳින්ය . මම කලින් ගඩාෆි අන්කල් ට ලියුමක් ලියන කොට පරක්කු වුනා වැඩිය , දෙවෙනි එක යවන්න උනේ අපායටය . ඒ නිසා අන්කල් වැඩේ අල කරගන්නට කලින්ම ලිව්වොත් හොඳයි කියා හිතුනාය . ගඩාෆි අන්කල් ට අපි ආදරේ අපේ ආඩම්භර කාර තාත්තා අන්කල්ගේ  බොක්ක ෆිට් එකක් වුනු නිසාය , අන්කල් එහෙම ෆිට් එකක් නොවුනත්  අන්කලුත් අධිරාජ්‍ය විරෝධී කඳවුරේ නිසා අපේ  මිතුරෙක් කියා සලකන්න පුලුවන් කියා අපේ අම්මා කියනවාය . අපේ අම්මා  ඇමරිකාවේ නම ඇහුනත් තදවෙන තරම් දේශප්‍රේමීය , එයා දේශප්‍රේමයෙන් දෙවෙනි වන්නෙ අපේ උපවාස වංශ අන්කල්ට විතරය . උපවාස වංශ අන්කල් ඇමරිකන් බඩු වර්ජනය කරන්නට කිව්ව දවසේ ගේ පෙරල පෙරලා ඇමරිකන් බඩු ගිනි තියන්න හෙව්වාය . හොඳ වෙලාවට අපේ ගෙදර තියෙන්නේ ඔක්කොම චීන - ඉන්දියන් බඩුය . අම්මා ගුගල් ගැන දන්නේ නැය . කේඑෆ්සී කන්නට තාත්තාගේ පඩියෙන් කොහොමත්  බැය , අන්තිමේදි අම්මා හිස් මෙගා බෝතල් ටිකක්  ගිනි තියා බතුත් නොකා නිදාගත්තාය . අම්මා හිතුවේ ගිනි තිබ්බේ කොකාකෝලා බොතල් කියාය , හැබැයි ඒ තා

බඩු මිල , පවුල් දේශපාලනය සහ මුස්ලිම් කොංග්‍රසය නොහොත් පලාත් සභා ඡන්දය 2012 v1.0

පලාත් සභා මැතිවරණයේ නාම යෝජනා බාර දීම හෝ තවමත් සිදුවී නැතත්   රට කරවන ඇත්තන් සහ රට කරන්න බලන් ඉන්න ඇත්තන් දෙපිරිසම දැනටමත් තරඟයට අවතීරණ වී ඇති බවක් පෙනෙන්නට ඇත . මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශයන්හි තාප්ප සිනා මුහුණු වලින් පිරි යත්දී රුපවාහිනි නාලිකා වල පුවත් විකාශයන් අතර තුර  'රස කථා ' විකාශනය වීමද ඉහල ගොස් ඇත බඩු මිල පහලට  මා දන්නා කාලයේ පටන් ශ්‍රි ලංකාවේ ඡන්දයක් ප්‍රකාශයට පත්කල සැම විටකම පාහේ බලයේ සිටින්නන් පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු කිරිම දක්නට ලැබුනි .  බොහෝ දෙනා සුලභව හඳුන්වන පරිදි "ඡන්ද ගුණ්ඩු"වක් වන මෙය තවමත් සාර්ථක පිලියමක් යැයි සිතාදෝ රජය ඊයේ භාණ්ඩ කිහිපයකම මිල ගණන් අඩු කර ඇත . මීට මාස කිහිපයකට කලින් දේශීය ගොවියා නගා සිටුවීම , රටේ සංවර්ධනයට මුදල් සොයා ගැනීම ඇතුලු නා නා විධ හේතුන් සපයමින් සීටි රජය දඩස් ගා  බදු අඩු කර බඩු මිල පහත හෙලන්න මන්දැයි නිකමට හෝ විමසන්නට මාධ්‍ය කරුවන් (කියා ගන්නා ) උන්ට සිතෙන්නේ නැත ,  පැවැති මිල ගණන් යටතේ 2500ට ජීවත් වීමට හැකි යැයි කියු ඇමතීන් දැන් 2000කින් හෝ 1750 කින් පමණ ජීවත් වීමට හැකි යැයි නොකීවොත් ඒ ජනපතිවරයාගෙන්

ඕං අවුරුදු දෙකයි !

බ්ලොග් කරණයට එකතු වෙලා  අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට  මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , කමෙන්ට් කරපු සියලු දෙනාටමත් සින්ඩිකේටර හිමිකරුවන්ට සහ තමන්ගේ බ්ලොග් රෝල වලට එකතු කල බ්ලොග් කරුවන්ටත්  මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ කාර්යයේ සාර්ථකත්වයට ප්‍රභලතම හේතුව ඔවුන් නිසා . 2010/7/8 වෙනිදා ඉඳන් අද දක්වා ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 145 කියල සටහන් වුනත් , මේ වගේ සැමරුම් , නිවේදන ආදී ලිපි ඉවත් කලාම වැදගත් (හෝ මම වැදගත්ය කියලා හිතාන ඉන්න ) ලිපි ගණන 135-140 අතර ගණනක් වෙන්න පුලුවන් . දැනට බ්ලොග් අඩවියේ  සටහන් වෙලා තියන මුලු පිවිසුම් සංඛ්‍යාව 85402 ක් . මගේ ප්‍රතිචාරත් ඇතුලුව මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 2812ක් .  2010 වසරේ පටන් ගත්ත බ්ලොග් කරණය වඩාත් සාර්ථක වුනේ 2011 වසරේදි ,  මම ලියපු ජනප්‍රියතම ලිපි සියල්ල ලියවුනෙත් , එක

වෙබ් අඩවි වාරණය නොහොත් අතීසාරයට අමුඩ ගැසීම

පහත ඇත්තේ ජනමාධ්‍ය වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන දිවයින පුවත්පතේ ලිපියකි . // මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ (03 වැනිදා) "දිවයින" ට පැවසීය. ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්‍ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා කීය. මේවා ක්‍රියාත්මක වන නියම ස්‌ථාන තවම හෙළි වී නැතත් ඒවා පවත්වාගෙන යැමට නොහැකි අන්දමට බාධා කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කීවේය. මේ අනිසි වෙබ් අඩවි දේශපාලනඥයන්ට මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන්ට දැඩි ලෙස මඩ ප්‍රහාර එල්ල කරමින් අපහාස කිරීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි බොහෝ ප්‍රමාණයක්‌ ලැබී තිබෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය ./ මෙහි හැටියට නම් ඇමතිතුමාට(සහ රජයට )  නප්පියටම තදවී ඇති බවක් පෙනේ .ඇමතිතුමා  ලියාපදිංචි නොකල වෙබ් අඩවි වලට චෝදනා එල්ල කලද පසුගියදා වැටලුවේ ලියාපදිංචි කල වෙබ් අඩවිය .අනෙක් අතට ලියාපදිංචි නොකල වෙබ් අඩවි වලට බාධා කිරීම් සිදු කරේ දැන් සැහෙන කලකට පෙරය .ඒ නිසා ඇම