Skip to main content

Posts

Showing posts from September, 2011

පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ් ....එය එසේ නම් අනික් රටවල තහනම් විඩියෝ මෙසේ වේ!!

පුවතක් :ජනාධිපතිගේ විකෘති දසුන් ළග තබාගත් තරුණයකු රිමාන්ඩ් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව විකෘති කර සකස් කරන ලද වීඩියෝ කොටසක් සහිත ජංගම දුරකථනයක් ළග තබාගෙන සිටි තරුණයකු ගාල්ල යක්කලමුල්ල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු බද්දේගම වැඩබලන මහේස්ත‍්‍රාත්වරය වෙත ඉදිරිපත් කර ඇත. එම පුද්ගලයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කර තිබේ. එක්සත් ජාතින්ගේ සැසියෙදී හඬනඟා කිවූ පරිදි අපේ රට ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයයි !!!!  ඒ අනුව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෙ පුරවැසියෙකුට පහත විඩියෝව ලඟ තබා ගැනීම තහනම්ය  ප්‍රජාතන්ත්‍රවාදයේ  මහගෙදර පුරවැසියාට පහත විඩියෝ පට ලඟ තබා ගැනීම තහනම්ය 

මානව හිමිකම් , යුධ අපරාද චෝදනා සහ අපට කලහැකි දැ ......

මානව් හිමිකම් හා යුධ අපරාධ පිලිබඳ කථා බහ නැවතත් මතුවී ඇත . ජීනිවා මානව හිමිකම් සමුළුව ආරම්ඹ වීමට නියමිත එක්සත් ජාතීගේ මහ සභා රැස්වීම . රොබල් ඔ බ්ලෙක් ගේ සංචාරය මෙන්ම බැන් කි මූන් විසින් අභිනවයෙන් පත්කල විමර්ශන නිලධාරිනිය යන මූලික කාරණා මේ කථාබහ යලි කරලියට පැමිණීමට හේතුවී ඇත .සුපුරුදු පරිද්දෙන් බටහිර විරෝධී කැගැසීම් , අදෝනා , චෝදනා මෙන්ම තර්කානුකූල විග්‍රහයන්ද පුවත්පත් ප්‍රමුඛ ජනමාධ්‍යන් හරහා ජනතාවවෙත ඉදිරිපත් කරමින් ඇත . වසර දෙකකටත් වැඩි කාලයක් තිස්සේ එක තැන කැරකෙනා ගැටලුවක් වුවත් , සැබැ තත්වය හා කලයුතු දැ පිලිබඳ නිවරදි කථිකාවක් මෙරට තුල ඇතිවී තිබේද යන්න සැක සහිතය . අසාධාරණ චෝදනා මෙරටට එල්ලවන මානව හිමිකම් චෝදනා නිවැරදි නොවේය යන්න ශ්‍රි ලාංකිකයින්ගේ බහුතර පිලිගැනීමය . නමුත් දරුණු යුධ ගැටුමක්දි මානව හිමිකම් කිසිසේත් උල්ලංඝනය නොවුවායැයි යමෙකු සිතනවා නම් එය ශ්‍රි ලංකීය රූපවාහිනි නාලිකා හරහා දුටු යුධ නාටක පමණක් යථාර්තයයැයි  සිතන්නෙකු විය යුතුය  . මානව හිමිකම් චෝදනා කිසිසේත් 100%ක් අසත්‍ය නොවිය හැකි අතර ,එල්ටිටියි හිතවාදීන් විසින් ජාත්‍යන්තර මතය සකස් කර ඇති පරිද්දෙන් මහා මිනිස් සංහාරයක්

කෝටි ගණන් මුදල් වනසමින් ආශ්චර්යයට පියනැගීම

රාජ්‍ය ආයතන රැසක් පාඩු ලබමින් සිටිනා බැව්  හෙලිවී ඇතැයි ඩේලි මිර් ර්  පුවත්පත වාර්ථා  කර ඇත . මේම පාඩු ලැබීම් බිලියන ගණනින් සිදුවන ඒවා වන අතර ඉන් බොහොමයක් රට කරවන්නන්ගේ ක්‍රියාකලාපයන් නිසා සිදුවන බවක්ද දක්නට ඇත . පලමුවැනි ආයතනය මිහින් ලංකා ආයතනයයි , ආරම්භයේ සිටම  සම්පූර්න නාස්තියක්වූ මිහින් ලංකා මේ වන විට රුපියල් බිලියන 2.4ක ණය වීමක් වාර්ථා කිරීමට සමත්ව ඇත . එක ගුවන් සේවයක් පාඩු ලබන නිසා විකුණා  දමා තිබියදී තවත් කෙහෙල්මලක් පටන්ගෙන මහජන මුදල් විනාශ කිරීමට තීරණයේ කලේ කුමක් නිසාද යන්න බරපතල ගැටලුවක් බව පැවසිය යුතුය . එයාර් ලංකා , ශ්‍රි ලංකන් එයාලයින් වූ  පරිද්දෙන් මිහින් ලංකා කියා එහිම නම වෙනස් කරගත්තා න්ම් මෙසේ මහජන මුදල් තොග පිටින්  විනාශ වන්නෙ නැත ((ශ්‍රි ලංකන් එයාර් ලයිනුත්  පාඩු  ලබනා නිසා එයත් ෂුවර් නැත ) මැණික් හා ස්වර්ණාභරන අධිකාරියද , උකස් හා අයෝජන බැංකුවද ලයිස්තුවේ ඇත . ගිවිසුම් කඩ කිරීමක් නිසා ස්වර්ණාභර අධිකාරිය කෙලවා ගෙන ඇති බවත් , බැංකුවේ  ලාභ ලැබීම් 2005 සිට 2008 වන විට මිලියන 312ක සිට මිලියන 21 ක් දක්වා අඩුවී ඇති බවත් සඳහන් වී ඇත . විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්  ගැටලු ර

ඇන්ඩ් කොම්පැනියේ සමහර වචන වලට හොටදාන්නේ මොකාද??මොකටද ??

ඇන්ඩ් කොම්පැනි යනු ශ්‍රි ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට ආගන්තුක නමක් නොවේ . සමබර දේශපාලන ප්‍රහසනයක් කියා දෙයක් දක්නට නොමැති තරම් වන ශ්‍රි ලංකාවේ රූපවාහිනි මාධ්‍ය තුල විකාශය සැහෙන තරම් ගුණාත්මක බවක් රැඳි දේශපාලන ප්‍රහසනයක් ලෙස මෙම වැඩසටහන හැඳින්වූවාට වරදක් නොමැත . ආරම්ඹක සමයේ අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වූ ඇන්ඩ් කොම්පැනියෙන් චින්තන සභාපති ඇතුලු චරිත හා රඟපැ පුද්ගලයින් හැලියාමත් සමඟින් ජනප්‍රියතාවය සැහෙන තරම් අඩු වුවත් මේ වන විටත් කැත නැතුව බලා සිටිය හැකි තරමේ දේශපාලන ප්‍රහසනයක තත්වය රැකගැනීමට සමත්ව  ඇති බවක් දක්නට ඇත .වර්ථාමන සමාජීය පරිසරය තුල  ඍජුව පහරදිය නොහැකිවිට ඉතා සියුම්ව පහර ගසනා අවස්ථාවන්ද ඇති නිසා රටේ ඇතැම් ඉහල තැන්වලටත් පහර  නොවදින්නේමත් නැත එම පහර සැබවින්ම වදිනවා හෝ පහර වැදීම ගැන අදාල මාධ්‍ය ආයතනය බියක් දක්වනා බැව් හැඟවෙන සිදුවිමක් දැන් සති කිහිපයක සිට දක්නට ඇත . ප්‍රධාන නාට්‍ය අංගය වූ රවීන්ද්‍ර යසස්ගෙ ඇතැම් වචන විකෘති කරමින් නියම අදහස ප්‍රේක්ෂකයාගෙන් වසන් කිරීම එම සිදුවීමයි . මෙය පසුගිය අංග වලදී කිහිපවිටක් දක්වන ලැබුනු අතර ගිය සතියේ කවියක් භාගෙට කියා නතර කරමින් "එ

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ගැන , අනික් අයට හිතුන දේවල්

එකම ලඟ ලිපි  දෙකක් පල කරන එක මගේ සාමාන්‍ය ක්‍රමය නොවුනත් මේ වගේ දෙයක් ගැන මොකුත්  නොලියම ඉන්නත් බැ . අපේ ජනාධිපති තුමාගේ පුත් නාමල් රාජපක්ෂ මහත්තය කොලඹ පැල්පත්වාසීන් ගැන කරපු කථාව  හැමෝම වගේ දකින්න ඇතිනේ . නොදැක්ක නම් මෙතනින් ගිහින් බලාගන්න පුලුවන් .  මේ ලියන්න හදන්නෙ ඔය ප්‍රකාශය ගැන මගේ අදහස්ම නෙවෙයි ඕක අහපුවාම රටේ ලොකු ලොකු ඇයින්ට හිතුන දේවල් ගැන (හිතුනාය කියල මට හිතෙන දේවල් ) අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා - නොදකින් , පොල් බුරුවා .. මූව ජනාධිපති කොරන්න නම් මට තව අවුරුදු 50ක් වත් අල්ලගෙන ඉන්න වෙනවා (එච්චර ඉන්න බැරි එකනේ වැඩේ ) ගරු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා - ඊලඟ පාර ජනාධිපති අපේක්ෂක කම............   :) ගරු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා - මම විතරයැ , කට ඇරියාම ඡන්ද කඩන අය තවත්  ඔය ඉන්නේ .. :D ජනරාල් සරත් ෆොන්සේකා මහතා - හු හූ ... යස වැඩෙ ,ඔය ගොං කථා කියවල  ඕකුන්ට කෙලවෙලාම පල (මටත්  උනේ ඒකමද මන්දා.........) මිලින්ද මොරගොඩ මහතා -මෙහෙම ගියොත් මේ පාරත් ඉල්ලං කැමක්ද ???? පා.ම සජිත් ප්‍රේමදාස මහතා -  මෙයා ජනාධිපති අපේක්ෂක වෙච්ච දාට නම් දළමටම දිනන්න පුලුවන් ව

සංගාට සුභ පැතීම සහ ICC එක්දින පිල ගැන මගේ අදහස

අපේ කුමාර සංගක්කාර වසරේ හොඳම එක්දින ක්‍රිඩකයා විදිහට සම්මාන ලබපු පුවත මේ වෙනකොට හැමකෙනෙක්ම දන්නාවා ඇති .පසුගිය වසර පුරා ලකුණු සාමාන්‍යය 55 ක විතරග අගයක තියාගන්න සමත් වෙච්ච සංගා මේ සම්මානය ඉහලින්ම සුදුස්සෙක් බව සැකයක් නැ . ඇත්තට වඩාත්ම විශේෂිත වෙන්නේ වසරේ ජනප්‍රියම ක්‍රිඩකයා විදිහට ලබාගත්තු සම්මානය . මොකද සංගා එක්ක මේ තරඟෙට නම් යෝජනා වෙලා තිබුනේ දෝනි, ගේල් , අම්ලා ,ට්‍රොට් කියන අතිශයන්ම ජනප්‍රිය ක්‍රිඩකයින් . ඒ අතරිනුත් දෝනි කියන්නේ ක්‍රිකට් පිස්සන් වෙච්ච ඉන්දියානුවන්ට ලෝක කුසලානය ලබා දුන්න  නායකයා . ඒ වගේම  ප්‍රහාරාත්ම පිතිකරණය නිසා ගේලුත්  ලෝ පුරාම අවධානය දිනා ගත්තා ක්‍රිඩකයෙක් . මේ වගේ පිරිසක් අතරින් අපේ පුංචි දිවයිනේ ක්‍රිඩකයෙකු වන සංගාට මේ සම්මානය ලැබුනාය කියන්නේ අපේ ක්‍රිකට් ලෝලීන් වගේම සංගාගේ පිතිකරණය ,පෞර්ශත්වය අගය කරන විදේස් ක්‍රිඩා ලෝලීනුත්  සංගාට මනාපය පල කරල තියනවාය කියන එකයි මහින්ද සමරසිංහ , දයාන් ජයතිලක වගේ කිහිප දෙනෙක් ඇරුණාම ශ්‍රි ලංකාව වෙනුවෙන් මුදල් ගෙවල පත්කරල  ඉන්න නියෝජිතයින්ට වසර ගානක් තිස්සේ කරගන්න බැරි උන තරමින් ශ්‍රි ලංකාවේ අභිමානය ලෝකය හමුවේ කියා පාන්න වගේම

නාථ දෙවියන්ගෙන් තවත් සුපිරි ආතල් එකක් (ගොන් ආතල් වලට ප්‍රිය කරන්නන් සඳහා පමණි )

ආසියාවේ ආශ්චර්යය කරා එක පිම්මේ ඇදී යන අපගේ සිරි ලංකාවේ ගොන් ආතල්  වනාහි  අතිශයින් සාමාන්‍යය දෙයකි .  දේශපාලුවන් , මාධ්‍යවේදීන් , කලාකරුවන් පමණක් නොව ඇතැම්  ආචාර්ය මහා චාර්යාදීන්ද කරන්නේ ජනතාවට ගොන් ආතල් සැපයීමයි . මේ කාර්යයේ ප්‍රමුඛයින් වශයෙන් සැලකිය හැකි  දේශප්‍රේමී සී නිවුසිය  තවත් සුපිරි වර්ගයේ  ගොන් ආතල් එකක් ලබා දීමට උත්සහා කර තිබේ . එය කොතරම් සාර්ථකද යත් මා මේ ලියන මොහත වන විටත්  ලිපිය කියවූ පසු ඇතිවූ සිනහව නවතා ගත නොහැකිය ආසනික් කථාවෙන් කල එලි බැසි නාථ දෙවියන් මෙවර ගේමට බසින්නෙ ලෝක විනාශයට ආසන්න කේස් එකක් සමඟින්ය . කලින් වතාවේ ගෙනා ආසනික් කතන්දරේ තවමත් එක තැන කැරකෙත්දී මෙවර ගෙන එන්නේ වඩාත් බරපතල සීන් එකක්ය . මේ  දෙවියන් සැහෙන ප්‍රමාණයක් සමඟින් ගනුදෙනු කරනා පුද්ගලයෙකු සමඟින් සී නිවුසිය කල කථා බහකි මෙතනින් අදාල ලිපියට පිවිසෙන්න මුලු ආතල් එකම ගැනීමට ඔබ ලිපිය දෙතුන් වථාවක් කියවිය යුතුමය . මා පහතින් මතු කරන්නේ එහෙන් මෙහෙන් අහුලා ගත් කැලි පමණය " සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා

ආගමේ නාමයෙන් සත්ව ඝාතනයට , මනුෂ්‍යත්වයෙ නාමයෙන් එරෙහි විය යුතුය

හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ මිලේච්ඡ සත්ව ඝාතනය මෙවරත් සිදුවන බැව් වාර්ථා වී තිබේ . පසුගිය වසරේත් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීම සිංහල බ්ලොග් අවකාශය තුලද සැහෙන  තරමේ සංවාදයක් මතුකල බවක්ද මතකයේ තිබේ . මෙයට පක්ෂපාතීත්වය දක්වනා පිරිස් මතුකරන මූලිකම තර්කය වන්නේ ආගමික නිදහසයි . ශ්‍රි ලංකාව තුල ඕනැම පුද්ගලයෙකුට තම ආගම නිදහසේ ඇදහිය හැකි බවට කිසිදු විවාදයක් නැත . එම අයිතියට බාධා කිරීමේ  හැකියාවක් කිසිවෙකුටත් නොමැත . නමුත් යම් ආගමකින් සමාජයට අහිතකර බලපැමක් සිදුවෙනවා නම් ආගම ඇදහීමේ අයිතියේ නාමයෙන් ඊට ඉඩ දිය නොහැක . බිලි පුජාවන් යනු මිනිසාගේ පරිණාමනයේ එක්තරා අවධියකදී බහුලව භාවිතා කල පුජා විදි ක්‍රමයක් මුත් නූතන ශිෂ්ඨාරවත් මිනිසාට කිසිසේත් නොගැලපෙන්නකි . අද ලෝකයේ භාවිතා වන  ප්‍රධාන ආගම් කිසිවක බිලි පූජාවන් දක්නට ලැබෙන්නේද නැත . හලාවත සිදුකරන්නාවු මේ කියනා බිලි පුජාවත් අවිහිංසාව මුල් කරගත්  බහුතර හින්දු භක්තිකයින්ගේ පූජා ක්‍රමයක්ද නොවේ . ආගමකින් මිනිසාට , සත්වයාට , මහ පොලවට සිදුවිය යුතු සුභ සිද්ධිය පසකලා අහිංසක සතුන් දහස් ගණනකගේ  ජීවිත තොර කිරීම  යම කෙනෙකු අනුමත කරනවා නම් ඒ ඔහුගේ  සිතුවිලි මි

අලින්ගේ නොවන අල කලංචි !!!

අලින්ගේ අල කලංචි නම් දැන්  දැකලාම එපා වෙලාය . උන් මුන්ගේත්, මුන් උන්ගේත් කලිසම් ගලවන නිසා (රෙද්ද බැනියම ගැන ලොකු ටෝක් දෙන උන් අඳින්නේද කලිසම් ය ) දෙගොල්ලම සිටින්නේ හෙලුවෙන්ය . ඒත් උන්ට ගානවත් නැත . බලා ඉන්න අපිට ගානකුත් නැත . අලින්ගේ හෙලුවට හිනා වෙන බුලත් කාරයින්ගේද අලකලංචි බොහෝමය .  මහ තැනගේ බල පරාක්‍රමය නිසාත් , දැනට බලය අතේ තියන නිසාත් එව්වා අර තරම් ලොකුවට එලියට එන්නේ නැත . මේ අලකලංචි හොඳටම දකින්න තිබුනේ බුලත් කාරයින්ට පට්ටම් දුන් කාලයේය . අලුතින් පට්ටම් ගත්ත උන් , කලින් පට්ටම් කල උන් පතුරු ගැසුවේ  හරියට  කලින් පට්ටම් කලේ අලි සෙට් එකේ උන්දලා වගේය . ලොකු  තැන සද්දයක් දමා වැඩේ ශේප් නොකලා නම් තව ගොඩ දෙනෙකුගේ රෙදි ගැලවෙනවා බලා ගන්නට තිබුනා කියා සිතෙනවාය .  දැනටත් ඒවා නැත්තේම නැත . අහවල් නරුවේ පාල තුමාත්  ඉඳහිට මරු කථා කියනවාය . එක වරක් කිවේ තමන්ගෙ පවුලේ සැහෙන සෙට් එකක් හිටියත් කාව වත් පොලිටික්ස් වලට ගෙනාවේ නැ කියාය . ඒ නැමුවේ කාටද කියා රටම දන්නා නිසා අමුතුවෙන් කියන්නට ඕනැ නැය . උන්නැහේ ඊයේත් මරු කථාවක් කියා ඇත . ඒ බුලත්විට කාරයින් වගේ දොස්තරලා හදන්න බැ කියාය . ඒ  බණ්ඩා තුමා මොකක්ද එකක

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිනමා වර්ගීකරණය

අවසාන ලිපියට කලින් ලිපිය ලියවුනේත් සිනමාව ගැන , සිනමාවේ දුම් වැටි භාවිතාව සම්බන්ඳව . ඒ ලිපිය කියවපු සමහර දෙනෙක්  මම  අදහස් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් වාරනයක් කලයුතුය කියලාද කියල ප්‍රශ්නය මතු කලා . ඇත්තෙන්ම මගේ අරමුණ වුනේ වාණිජ වශයෙන් දුම් වැටි සිනමා නිර්මාණ හරහා ප්‍රදර්ශනය කිරීමේ  තියන වැරැද්ද පෙන්වන එකත් . නිර්මානාත්මක අවශ්‍යතාවයන්ට අනුව භාවිතා කරන්න සිද්ධ වෙනවා නම් ප්‍රේක්ෂකයා කවුද කියන එක පිලිබඳව සැලකිය යුතුයි කියන කාරණය මතුකරන එකත් . ඒ මිසක "නිර්මාණ කරුවාගේ අදහස් වාරණය " නම් මම අනුමත කරන්නේ නැ කියන එකත් කියන්න ඕනි . මේ ප්‍රේක්ෂකයා තෝරාගැනීම කියන කාරණයේදී තමයි සිනමා නිර්මාණ වර්ගීකරණය(Rating )  කියන දේ වැදගත් වෙන්නේ . කලින් ලිපියට තියන පුංචි සම්බන්ධය ඇරුණාම අහම්ඹෙන් දකින්න ලැබුනු ටෙලි නාට්‍ය කුත් තමයි මේ වර්ගීකරණය කියන දේ ගැන කථා කරන්න පෙලඹීමක් ඇති කලේ . ලංකාවේ දකින්න තියෙන්නෙ ඉතාම ප්‍රාථමික මට්ටමේ සිනමා වර්ගීකරනයක් /ශ්‍රේණිගත කීරිමක් නිසා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයේ දකින්න තියන වර්ගීකරනය තමයි මම මේ සඳහා පාදක කරගන්නේ , (ඔව්.... බුවා බටහිර ගැත්තා තමයි , හැබැයි ඒ නිස

Blog Promo ඊමෙල් ලිපිනය මකබැවිය , මෙන්න අලුත් ලිපිනය

 අලුත් බ්ලොග් කරුවන්ට අතදීමක් විදිහට බුවා පටන් ගත්ත Blog Promo ගැන සමහර අය නම් දන්නවාත් ඇති . නොදන්න කෙනෙක්ට මෙතනින් ගිහින් බලන්න   පුලුවන් . ඒ වෙනුවෙන් මාව සම්බන්ධ කරගන්න දීපු ඊ මෙල් ලිපිනය වුනේ buwa7@yahoo.com . බ්‍රවුසරේ ඔටො ලොගින් පිහිටෙන් පාවිච්චි කරපු ඒ  ඊ මේල් ලිපිනයේ මුරපදය අමතකයි (ඔන්න මතක ශක්තියේ තරම ) . වෙන කෙනෙක්  ඊ මෙල් චෙක් කොරන්න ගිහින් ලොගවුට් වුනා වුනාමයි මට ලොග් වෙන්න බැ . රිකවරි වලට දීපු ප්‍රශ්න වල්ට උත්තර ,මතකත් නැ (ශෝක් නේ ) . ඒ නිසා අලුත්  ඊ මේලයක් හැදුවා  ඔන්න ලිපිනය buwa74@yahoo.com . ඕක නම් මුරපදය කොලේක ලියල තියෙන්නෙ ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැ .  බ්ලොග්  ප්‍රමො එක්ක එකතු වෙන්න  කැමති අලුත් බ්ලොග් කරුවන්ට ඔය ලිපිනය භාවිතා කරන්න පුලුවන් . පහුගිය සතිය ඇතුලත කලින් ලිපිනයට  ඊමෙල් කල කෙනෙක් ඉන්නවා නම් සමාවේලා අලුත් ඊමෙල් ලිපිනයට ආයෙමත් ඊමෙලයක් එවන්න . පුලුවන් අය තමන්ගෙ බ්ලොග් අඩවි හරහා බ්ලොග් ප්‍රමෝ වලට සහයක් දෙන්න , පහලින් තියනව කෝඩ් එක   <a href="http://buwa-blogpromo.blogspot.com/" ><img src="https://blogger.googleusercontent.com/img/

කලාවේ දුම්වැටි ප්‍රචාරණය , වාරණය ෂර්ලොක් හෝම්ස් සමඟින් ෂාරුක් ඛාන්

මත්පැන් හා දුම්වැටි අඩංගු දර්ශනවලදී කොටු  දැමීමේ ක්‍රමය වෙනුවට බැනර්  ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් මේ මාසේ ඉඳන් හඳුන්වාදීල තියන බවක් තමයි කියන්නේ . හැබැයි ඒ අදාල පනතට කලින් නිර්මාණය වුනු නිර්මාණ වලටලු , අනෙක්වාට කරන්නෙ මොකක්ද කියන එක  මට නම් පැහැදිලි නැ , මොකද මේ  ගැන එක එක අය පල කරපු වාර්ථා එකෙනෙකට වෙනස් . කොහොම උනත් කොටු දැම්මට වඩා නම් බැනර් ප්‍රදර්ශනය හොඳයි කියල තමයි මම දකින්නේ . මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ  මේ ලංකාවේ වාරණයන් ගැන නම් නෙවෙයි කලා මාධ්‍ය වල දුම් වැටි භාවිතාව හා බලපැම සම්බන්ධව . .සිනමාවේ මධ්‍යය අවදියේ ඉඳන්ම වගේ සිනමාව හරහා දුම්වැටි ප්‍රචාරණය කිරීම් සිදුවුනාය කිව්වොත් මං හිතන්නෙ මම නිවැරදියි , තමන්ගේ කථා තේමාවට අදාලව චරිත ගොඩ නැඟීමෙදී දුම්වැටි දර්ශන ඇතුල් කිරීමට අමතරව දුම්වැටි නිෂ්පාදකයින්ගේ  මුල්‍යාධාර මත  සිනමා පට නිපදවන්නත් ඒ හරහා චිත්‍රපටියේ වීර චරිත දුම්පානය  කරන්නන් විදිහට ඉස්මතු කරන්නත් 40/50 දශක වලදී පවා සිනමා කරුවන් කටයුතු කරල තියනව . වීර චරිත විතරක්ම නෙවෙයි සමහර සම්භාව්‍ය සිනමා නිර්මාණ හරහාත් දුම් පානය ආශ්වාද ජනක දෙයක් ලෙස රසිකයාට ඉදිරිපත් කරන්න කටයුතු කල