13 වන සංශෝධනය නොහොත් පලාත් සභා ක්‍රමය අහෝසී කිරීම පිලිබඳ වූ කථා බහ නැවතත් මතුව ඇත . රජය විසින් ගෙන ඒමට නියමිත දිවි නැගුම පනත පලාත් සභා වල අනුමැතියට ලක්විය යුතු බවට ලැබුණු අධිකරණය නියෝගය සහ ඒ ආශ්‍රිතව දෙමල සංධානයෙන් නැවතත් අධිකරණ පිහිට පැතිමත් ,ඒ පිලිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පලාත් සභා අහෝසි කල යුතු බවට ප්‍රකාශයක් පුවත්පතකට ප්‍රකාශ කිරීමත් මෙහි ආරම්බභය ලෙස සැලකිය හැක . ආරක්ෂක ලේකම් වරයාගේ ස්ථාවරය යුද්ධය අවසන් වූ කාලයේ සිටම ඒ තරම් වෙනසකට ලක්වී නැතත් පලාත් සභා අහෝසී කල යුතු යැයි ඔහුගෙන් ලැබුනු ඍජු ප්‍රකාශයත් සමඟ රජයට සම්බන්ධ පලාත් සභා විරෝධී අන්තවාදි දේශපාලන කණ්ඩායම්ද නැවතත් ඇවිස්සී ඇත . මෙම මතය වෙනුවෙන් වසර ගණනක් තිස්සේ පෙනී සිටි ඉරිදා පුවත්පතක් තම ප්‍රධාන පුවත ලෙස හුවා දක්වන්නේද රජයේ ජේෂ්ඨ අමාත්‍ය වරයෙක් විසින් මේ පිලිබඳ දැක්වුවා යැයි පැවසෙන අදහස්ය . 13 වෙනි සංශෝධනයේ භාවිතාවේ ප්‍රායෝගිකත්වය පිලිබඳව වෙන්ම එය අහෝසි කිරීමේ ප්‍රායෝගිකත්වය පිලිබඳවද අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි . බලය බෙදීම ඕනැම රටක සර්වත්‍ර වශයෙන් සැලකූ විට බලය බෙදා හැර...