I'm back කීවාම ඉතින් අපිට **යැ කියන්නට හොඳටම ඉඩ ඇතත් මේ අඩුම ගාණේ සතියකට එක ගාණේ වත් ලියන බලාපොරොත්තුවෙන් කරන පටන් ගැන්මක් නිසා නොකියාම බැරිය , හතරේ අතේ විවෘත වන අධිවේගි මාර්ග , අපේ තුමාට කෙලවන්නට විදුලි පුටුව රත්කරන පර සුද්දන් , කොහේ ගියාද දන්නේ නැති ප්ලේන් එක , සංදියා ආච්චි , ෆෝම් වී ඇති ජෙප්පන් , මණ්ඩලේ පිටින්ම කචල් අලි පාටිය ඇතුලු සියලු දේ අමතක කර මේ ලියන්නේ කිරි කැට් ගැනය . බුකියේ පෝස්ට් එක බ්ලොග් එකේ දැම්මාම හෙණ ගහණවාද ඇහුවේ අපේ මාතලන් බොසාය , මේ ගිනිකාශ්ටකේ හෙන ගහන්නේ නැති නිසා ඒ පොස්ට් එක ගෙඩිය පිටින් මෙහි දමා තියනවාය 20-20 ලෝක කුසලාන අනාවැකි දිනයේ සාර්ථකත්වය ලබන එක ක්රිඩකයෙකු නිසා ප්රතිපලය වෙනස් විය හැකි අවිනිශ්චිත 20-20 තරඟ රටාව පිලිබඳ අනාවැකි කීම එතරම් සාර්ථක නොවුනත් , 20-20 ලෝක කුසලානයේ ශූරතාව ඒ ඒ රටට ඇති අවස්ථාව පහත පරිද්දෙන් ලයිස්තු ගත කල හැක දකුණු අප්රිකාව - මාගේ තේරීම අනුව මේ වන විට සිටින සාර්ථකම කණ්ඩායමයි . ලෝක කුසලාන තරඟවලි වලදි අසාර්ථක වීමේ සුපුරුදු සම්ප්රදායෙන් මිදීමට හැකි වුවහොත් සෛද්ධාන්තිකව කුසලානය සඳහා වඩාත්ම අවස්ථාව ඇත...