ලංකා ඉතිහාසයෙ පලමු වතාවට පක්ෂයක් වෙනුවෙන් මිනිසෙක් සිය දිවි හානි කරගත්තේය.නෛතිකව බැලූ විට ඔහුගේ ක්‍රියාව වරදක් වුවත් ඔහු එමගින් සිය පක්ෂයට දුන් පණිවුඩය එජාපයට මෙන්ම රටටද ඉතා වැදගත් ය . දිගින් දිගටම අන්ත පරාජයන්ට පත්වූ එජාපයට ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව තදින්ම තිබුනත් ප්‍රතිසංවිධානය නමින් මේ වන විට සිදුවෙමින් පවතින්නේ කල්ලි බෙදී එකිනෙකාට බැන ගැනීමත් නායකත්වය වෙනස් කිරීමට දරන් උත්සහයත් , වර්ථමාන නායකත්වය ඉන් බේරීමට කට්ටි පැනීමත්ය .පසු ගිය කාලය පුරාවට රටේ උද්ගතවූ දේශපාලනමය අවස්ථාවන් හිදී එජාපයෙන් පරස්පර අදහස් කිහිපයක් ඉදිරි පත්වීම එජාපයේ බෙදීමට කදිම නිදසුනකි.එක්ව මිස වෙන් වෙන් ව හිඳ ලැබිය හැකි ජයක් නොමැතිය යන හෝඩි පන්තියේ සිද්ධාන්තය තම පක්ෂයේ වග කිවයුතු නායකයින්ට නොවැටහීම රියෙන්සි අල්ගම මහතා කලකිරවන්නට ඇත. එජාපය බෙදී වෙන් වී යැම රජයට නම් සතුටට කරුණක් වන මුත් රටේ සාමාන්‍ය ජනතාවට නම් එය සුභවාදී කාර්ණයක් නොවේ , මන්ද යත් විකල්ප බලවේගයක් නොමැති තැන ඕනිම රජයක් පිස්සු කෙලිනා බැවිනි.නමුත් රජයට විකල්පයක් වනව තබා එක මතයක් දැරීමට තරම් වත් එකඟතාවයක් එජාපය තුල නොමැති වීම සැබවින්ම කණගාටුවට කරුණකි