Skip to main content

Posts

Showing posts from October, 2013

සමනල සංධවනියට මුසු වීම

ඇල් මැරුණු සිනමාවකට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සිනමා කෘතියක් පිලිබඳ අව්‍යාජ සමාජ කතිකාවක් ඇතිවීම ඉතා විරලය . දේශපාලනික ඇජෙන්ඩාවන්ට යටවූ " රජකථා " රැල්ලත් , අති සිරියස් "රැඩිකල්" සිනමා  රැල්ලත්  සමාජය තුල යම් යම් කතිකාවන්ට මුල පිරුවත් ඒවා සිනමාත්මක්  හේතුන් පාදක  කර නොගත් එවා පමණක් වීම  කලාවක් වශයෙන් මෙන්ම කර්මාන්තයක් වශයෙන්ද සිනමාවට සුභ දායක වන්නේ නැත එනයින් බැලු කල ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධවනිය ශ්‍රි ලාංකීය සිනමා ලෝලින් අතර සැබෑ සිනමාත්මක කතිකාවකට මුල පිරු වීරල නිර්මාණාක් ලෙස සැලකිය හැක. සිංහල සිනමා පඨයක් නැරඹීමට සිනමා ශාලාවට පිය නගන ශ්‍රි ලාංකික සිනමා රසිකයා මුහුණ දෙන එක් ප්‍රධාන  අභියෝගයක් වන්නේ සිංහල සිනමාවේ සිමාවන්ට සාපේක්ෂ  මනෝභාවයක් සකසා ගැනීමට සිදුවීමය . අතිශයින් සීමිත වෙලඳ පොලක  කටයුතු කරන්නට සිදුවීම තුල  මුල්‍ය මය සිමාවකට යටත්ව කටයුතු කරන සිංහල සිනමා කරුවාට වෙනත් සිනමාවක ඉතා සමාන්‍ය වූ , සිය අභිමතය පරිදි රූපරාමු සකසා ගැනීම තුල පවා දුෂකරතාවයන්ට මුහුණ දෙන බව බොහෝ සිංහල සිනමා පට නැරඹීමේදී වටහා ගත හැක . මෙහි පසුබිම් කථාව පිලිබඳ උනන්දුවක් නොවන බහුතරයක්