Skip to main content

Posts

Showing posts with the label කතන්දර

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම...

අවාසනාවට ... ඇත්ත කථාවක් !

මහසෙන් සහ බණ්ඩාර කියන්නේ ශ්‍රි පුර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙල හදාරන  සමීප මිතුරන් දෙදෙනෙක්. සැහෙන කාලයක් පටන් තිබුනු මේ දෙදෙනාගේ මිත්‍රත්වය ශ්‍රි පුර විද්‍යාලයේ ගුරු සිසු කාටවත් රහසක් වුනේ නෑ . විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් තේරී පත්වුනු මහසෙන් නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක කමක් බණ්ඩාරට අරන් දෙන්න සැහෙන මහන්සි වුනු බවත් හැමෝම දන්නවා . බණ්ඩාරගෙනුත් ඒ වෙනුවෙන් මහසෙන් ට ලැබුනු උදව් බොහොමයි ශිෂ්‍ය නායක වැඩ කටයුතුවල නිරත වෙත්දි . මහසෙන් සහ බණ්ඩාර අතර කෙරුනු මේ උදව් උපකාර ඒ අයගේ පවුල් වල සාමාජික සමාජිකාවන් වෙනුවෙන් පවා යෙදුනු අවස්ථාත් නැතුවා නොවෙයි . මේ සුන්දර මිත්‍රත්වයට කණකොකා හඬන්න පටන් ගන්නේ  ශ්‍රි පුර විද්‍යාලයේ උසස් පෙල හදාරන්න  එකතුවුනු රූමත් තරුණියක් නිසා . ඇගේ නම කුමාරි . මහසෙනුත් බණ්ඩාරත් දෙදෙනාම කුමාරිගේ ආදරය වෙනුවෙන් සටන් කලත් කුමාරිගේ ආදරය හිමිවුනේ බණ්ඩාරට . මෙත් සමඟම තමයි මහසෙන් සහ බණ්ඩාර අතර තිබුන අතිජාත මිත්‍රත්වය ජන්මාන්තර වෛරයකට පෙරලෙන්නේ .තමන්ගේ මිතුරා තමන්ට පිටුපැම පිලිබඳ උරණු වූ මහසෙන් ඔහුගෙන් පලිගන්න තීරණය කරන්නේ අවසනාවන්ත විදිහට .මහසෙන් මේ ස...

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ගැන , අනික් අයට හිතුන දේවල්

එකම ලඟ ලිපි  දෙකක් පල කරන එක මගේ සාමාන්‍ය ක්‍රමය නොවුනත් මේ වගේ දෙයක් ගැන මොකුත්  නොලියම ඉන්නත් බැ . අපේ ජනාධිපති තුමාගේ පුත් නාමල් රාජපක්ෂ මහත්තය කොලඹ පැල්පත්වාසීන් ගැන කරපු කථාව  හැමෝම වගේ දකින්න ඇතිනේ . නොදැක්ක නම් මෙතනින් ගිහින් බලාගන්න පුලුවන් .  මේ ලියන්න හදන්නෙ ඔය ප්‍රකාශය ගැන මගේ අදහස්ම නෙවෙයි ඕක අහපුවාම රටේ ලොකු ලොකු ඇයින්ට හිතුන දේවල් ගැන (හිතුනාය කියල මට හිතෙන දේවල් ) අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා - නොදකින් , පොල් බුරුවා .. මූව ජනාධිපති කොරන්න නම් මට තව අවුරුදු 50ක් වත් අල්ලගෙන ඉන්න වෙනවා (එච්චර ඉන්න බැරි එකනේ වැඩේ ) ගරු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා - ඊලඟ පාර ජනාධිපති අපේක්ෂක කම............   :) ගරු විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා - මම විතරයැ , කට ඇරියාම ඡන්ද කඩන අය තවත්  ඔය ඉන්නේ .. :D ජනරාල් සරත් ෆොන්සේකා මහතා - හු හූ ... යස වැඩෙ ,ඔය ගොං කථා කියවල  ඕකුන්ට කෙලවෙලාම පල (මටත්  උනේ ඒකමද මන්දා.........) මිලින්ද මොරගොඩ මහතා -මෙහෙම ගියොත් මේ පාරත් ඉල්ලං කැමක්ද ???? පා.ම සජිත් ප්‍රේමදාස මහතා -  මෙයා ජනාධිපති ...

ලංකාව පිලිබඳ ප්‍රගති සමාලෝචනය සක්‍ර භවනේදී - Part 1

ලංකාව පිලිබඳ ප්‍රගති සමාලෝචනය සක්‍ර භවනේදී  ස්ථානය - සක්‍ර භවන  සක්‍රයා- මාතලී....මාතලි... මාතලී(වැරෙන් කැගසයි ) , මාතලි - එනවා .........(ඈතින් ඇසේ ) (මාතලි හති දමමින් සක්‍රයා අසලට පැමිණේ ) සක්‍රයා - මම බ්‍රහ්ම ලෝකෙට ඇහෙන්න බෙරිහන් දෙනකන් ඇහෙන්නෙ නැතිවෙන්න  තෝ කොහෙටද බොල චුත වෙලා  හිටියේ ඈ?? මාතලි- ස...ස..සර් මම මෙ..මේ.. සක්‍රයා - මගේ ප්‍රෙෂර් නග්ගන්නෙ නැතුව ඉක්මනට කියහන් ඕයි. මාතලී-  සර් මම මේ..මේ ඩා...ඩා..ඩාන්සින් ස්ටාර් බල බල හිටියේ සක්‍රයා - මොකක් ?? තමුසෙට ඔය ලංකාවේ ටිවි වල කසිකබල් බලන්නෙ නැතුව ඉන්නම බැරිද ඕයි මාතලී - ඒ වට මාර ලස්සන ගැණු ළමයි එනවා සර් , ඒකයි සක්‍රය - නොදකින් පොල් කවුඩා ... මනුස්ස ලෝකෙ ඉන්න වුන් දිව්‍යාංගනාවියෝ වගේ ගැනුන්ව පතනව , විශේෂයෙන්ම ඔය ලංකාවෙ උන් , දිව්‍යාංගනාවියො වට කරන් ඉන්න උඹ එහෙ ගැණුන්ට කෙල හලනව චික් විතරක් මාතලී - ගැණු ලමයි විතරක්ම නෙමේ සර් එකේ හරි ජාති වැඩ වෙන්නෙ සක්‍රයා - ඒ කියන්නෙ මාතලී - ජජ් බෝඩ් එකේ උන් මරා ගන්නව , නයි එනව , ජජ්ලයි නිවේදකයොයි ගහගන්නව , ඊට පස්සෙ ජජ්ලම නිවේදනෙත් කොරනව . ...

බස් කථා බස් - part 01

බස් මගීන්ගේ ආදරණීය ගැමුණු අංකල් කැඳවපු බස් වර්ජනය අන්තිමේදි  අත්  හිටෙව්වා නොවැ . මේ ඔහොම සන්තැසියක් උන (අ)පරාජිත කීවෙනි වතාවද කියල මට මතක නැති උනත් මැතක ඉඳන් ගැමුණු ලොක්කගෙ ස්ට්‍රයික් ඔක්කොම හබක් වෙන බව නම් පේනව . බස් මගීන්ගෙ හිතට ලොකු සහනයක් වුන ඒ කාරණාව ගැන නම් නෙවෙයි මම මේ කථා කරන්න සුදානම් වෙන්නෙ . බස් ඩ්‍රැයිවර මහත්තුරුන් සහ කොන්දොස්ත්‍ර මහත්තුරුන් ගැන මගෙ අත්දැකීම්  කිහිපයක ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි මේ  ලැස්තිය ඉල්ලං කිච උන කොන්දොස්තර මේ සිදුවීම උනේ අපේ ගම් පලාතේ ඉඳන් කොලඹ එන බස් රථයක . වෙලාව දහවල් 12 ට විතර ඇති . මේ වෙලාවට කොලඹ එන පිරිස්  ඉතාම අඩු නිසා බස් එකේ දහ පහලොස් දෙනෙකුට වඩා නැහැ . ඉතින් කොන්දොස්තරගෙ ට්‍රයි එක ලඟ ලඟ නගර වලට  යන සෙනඟ හරි පටව ගන එක . ප්‍රධාන  පාරට වැටෙන කම් බස් නැවතුම් පල වටේට යන ගමන ඇවිදිනවටත් වඩා හෙමින් කරපු බස් එකේ දොරේ ඉඳන් කොන්දෝසතර උන්නැහේ  පාරෙ ඉන්න අයගෙන් අහනව කොහේටද ? කොහේටද  ? කියල . සාමාන්‍යෙන් ඉතින් ලඟට යන අය දුර බස් වලට ගන්නෙ නැති නිසා නොනැග හිටපු මිනිස්සුත් කොන්දෝස්තර ගේ මේ වැඩෙ හින්ද බස් එක...

දුෂ්ටයා කෙල්ලව පැහැරගෙන යත්දී කොල්ලාගේ ප්‍රතිචාරය - හොලිවුඩ් , බොලිවුඩ් , කොලිවුඩ් හා හෙලවුඩ් (සිංහල ) සිනමාවෙන් පෙන්නන විදිහ

ඊයේ ලිව්ව ලිපියත් සිනමාව ගැන , මේකත් සිනමාවම තමයි . හැබැයි මේක මම ටික කාලෙකට කලින් අහපු කතාවක් . අතිනුත් ටිකක් දාල තමයි ඔන්න කියන්න හදන්නේ . දුෂ්ඨයා කෙල්ලව පැහැර ගෙන යාම සහ කොල්ලාගෙ ප්‍රතිචාරය තමයි දර්ශනය (චිත්‍රපටියේ අවසාන ජවනිකාව ) හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් , සහ හෙල උඩ්(ලංකාවේ සිනමාව )  කියන සිනමා වන් වලදි මේක නිරූපනය වෙන්නේ කොහොමද කියන එකයි කතන්දරේ හොලිවුඩ් කොල්ලා ඇඟපත හොඳට හැදුණු දඩාර පොරක් , කෙල්ල සෙක්සි ලුක් එකක් තියන  කෙට්ටු පොරියක් .ඔන්න දැන් දුෂ්ටයාගෙ සෙට් එක කෙල්ලව හෙලිකොප්ටරයකින් පැහැර ගෙන යන්නයි සුදානම . කොල්ලගෙ උර හිසට වෙඩි වැදිලා බිම . දුෂ්ට ගැන්සියෙ ලොක්ක ගෝලය තුන් හතර දෙනාට උපදෙස් දෙමින් ඉන්නවා කෙල්ලවත් අල්ලගෙනම .. කෙල්ලත් බිම වැටිලා ඉන්න කොල්ල දිහා බල බල අරුගේ අතින් ගැලවෙන්න හදනව ඌට බැන බැන (සමහර වෙලාවට භාග කුණුහරුපෙනුත් ) . ඔන්න දැන් උපදෙස් දීල ඉවරයි දුෂ්ට බොසා කෙල්ල ඇදගෙන හෙලිකොප්ටරේ ගාවට යනව (මේ වෙලාවෙදි කෙල්ලගෙ ගවුම  හෙලිකොප්ටරේ හුලඟ නිසා සැහෙන උඩ යන්න එහෙම පුලුවන් ). ඔය අතරදි බිම වැටිල ඉන්න කොල්ලා ටිකක් එහාහින් තියන තුවක්කුවක් (ඔව් මැශින් ගන...

බුවාගෙන් කථාවක්

බුවා අද කථාවක් කියන්නයි හදන්නේ . හැමදාම ලියන සමාජ කාරණා වලින් පොඩියක් ඈත් වෙන්නත් එක්ක . මේ කථාව දන්න අයත් ඇති මමත් ලඟදි වෙන කෙනෙකුගෙන් අහගත්ත එකක් ඔන්න එකෝමත් එක රටක ( ලංකාව කියමුකො ) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම... ( මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො ) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි . ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert  එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව  . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම...