ක්‍රිකට් ලෝක කුසලානය අත ලඟය. ශ්‍රි ලංකාව ඇතුලු දකුණු ආසියානු කලාපයෙ තරඟ පැවැත්වෙන නිසාත්, ශ්‍රි ලංකාව කලින් කුසලානය දිනා ගත්තේ මේ කලාපය තුල පැවැත්වූ තරඟාවලියකදි නිසාත් ශ්‍රි ලාංකිකයින් බොහෝ දෙනෙක් මෙවර තරඟාවලිය ගැන උනන්දුය . ඒ නිසා රූපවාහිනි තරඟ , ක්‍රිකට් බෝල වල අත් සලකුණු කිරීම්, ක්‍රිකට් ගීත නිකුත් කිරීම් වැනි කතන්දර ගොඩකි . ඒ අතරේ පහත ආකාරයේ ක්‍රිකට් නිල ගීතයක්ද නිකුත් විය . " පලමුව විසිල් පාරකි..ඊලඟට හූවකි . වඩේ හපන්, චට්නි හදන්, කනුත් වහන් මැච් බැලීමට ආරාධනයකි .එතනින් එහාට කරටි කැඩේ, බඩු පෙරලේ , හිම දියවේ , හකු පැන්වේ, බජිරි කැවේ වැඩ ගොඩකි..". සින්දුවේ ආතල් එකක් නම් ඇත , පොඩි ගතියකුත් ඇත නමුත් ගැටලුව ඇත්තේ "නිල ගීතය" කියන්නේත් මේකට වීමය . බජව් තාලයට ගැයෙන අහුලාගත් වචන වලින් ලියැවුන ගීතයක් "නිල ගීතය" වේ නම් නොනිල ගීත යා යුත්තේ කොතනටද? ඇඟට දැනෙන නිල ගීතයක් හැදීමට ඇත්තේ බජව් තාලයක් විතරමද? පද මාලාවේ හිස් තැන් පුරවන්න තියෙන්නේ වඩේ , ටොනික්, හෝ චට්නිද පමණද ? මෙහෙව් මගුලකට නිල ගීතය කියන්නට ලැජ්ජා නැතිද? අඩුම තරමේ "නිල ගීතයේ පද මාලාවට...