Skip to main content

Posts

Showing posts from June, 2011

සුද්දන්ගේ නිදිතම ක්‍රිකට් නග්ගල ගත් අපේ " සනා "

ක්‍රිකට් හැදුවේ එංගලන්ත සුද්දාය . පැත්තකට වෙලා හෙමින් සැරේ කොරපු සෙල්ලමක් නිසා එයට මහත්තුරුන්ගේ සෙල්ලම කියා නමක්ද හැදුනේය . මුලින් දවස් ගනන්  කාලය කැ සෙල්ලම තනි දවසේ සෙල්ලමකට හැරුණාය . මුලින් වැඩ පෙන්නු සුද්දන්ට අමතරව කල්ලන්ද , ඉන්දියානු හා පකිස්ථාන  සුදු-කල්ලන්ද තනි දවසේ සෙල්ලමේ වැඩ පෙන්නුවෝය . ඒත් සෙල්ලමේ කම්මැලි ගතිය නම් එලෙසමය . පලවෙනි පන්දු වාර 15දී   පිතිකරු වට කොට පන්දු රකින්නන්ය . උන් අතරින් පන්දුවක බැස්සීමට ක්‍රිකට් ශිල්පියේ කෙල පැමිණිය යුතුය . මුලින් ගහන්න එව්වේද එවන් වැඩ කරුවන්ය . මේ සියල්ල උඩු යටිකුරු කලේ ක්‍රිකට් වලට වැඩ්ඩන් නොවූ  පුංචි දිවයිනෙන් ආ කලු කොල්ලෙක්ය . මුන් ඔක්කොම මා ලඟ නම් පිට්ටනියේ හතර වටේ ඉඩ තිබේ නම්  අස්සෙන් බස්සන්නෙ මොන _කේ අමාරුවකටදැයි කියා මුලින්ම හිතුනේ මේ කලු කොල්ලාටය . ඌ වටේට උන්ගේ ඔලුවලට ඔඩින් හතර අතේ නෙලන්න පටන් ගත්තේය . කොල්ලාට යකඩ හය්යක්ද තිබුන නිසා ඒ සමහර එව්වා වැටුනේ පිට්ටනියෙන් එලියේය . මේ තියරියම යුස් කල දොඩම් ගෙඩි දෙකක් සයිස් කොලුවෙකුත් සෙට් උන නිසා වැඩෙ මාර ලස්සනය . අපේ කොල්ලන් දිගට හරහට නෙලත්දී සුද්දන්, කල්ලන් , සුදු-කල්ලන් සියල්ලෝ තක්

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

බස් කථා බස් - part 01

බස් මගීන්ගේ ආදරණීය ගැමුණු අංකල් කැඳවපු බස් වර්ජනය අන්තිමේදි  අත්  හිටෙව්වා නොවැ . මේ ඔහොම සන්තැසියක් උන (අ)පරාජිත කීවෙනි වතාවද කියල මට මතක නැති උනත් මැතක ඉඳන් ගැමුණු ලොක්කගෙ ස්ට්‍රයික් ඔක්කොම හබක් වෙන බව නම් පේනව . බස් මගීන්ගෙ හිතට ලොකු සහනයක් වුන ඒ කාරණාව ගැන නම් නෙවෙයි මම මේ කථා කරන්න සුදානම් වෙන්නෙ . බස් ඩ්‍රැයිවර මහත්තුරුන් සහ කොන්දොස්ත්‍ර මහත්තුරුන් ගැන මගෙ අත්දැකීම්  කිහිපයක ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි මේ  ලැස්තිය ඉල්ලං කිච උන කොන්දොස්තර මේ සිදුවීම උනේ අපේ ගම් පලාතේ ඉඳන් කොලඹ එන බස් රථයක . වෙලාව දහවල් 12 ට විතර ඇති . මේ වෙලාවට කොලඹ එන පිරිස්  ඉතාම අඩු නිසා බස් එකේ දහ පහලොස් දෙනෙකුට වඩා නැහැ . ඉතින් කොන්දොස්තරගෙ ට්‍රයි එක ලඟ ලඟ නගර වලට  යන සෙනඟ හරි පටව ගන එක . ප්‍රධාන  පාරට වැටෙන කම් බස් නැවතුම් පල වටේට යන ගමන ඇවිදිනවටත් වඩා හෙමින් කරපු බස් එකේ දොරේ ඉඳන් කොන්දෝසතර උන්නැහේ  පාරෙ ඉන්න අයගෙන් අහනව කොහේටද ? කොහේටද  ? කියල . සාමාන්‍යෙන් ඉතින් ලඟට යන අය දුර බස් වලට ගන්නෙ නැති නිසා නොනැග හිටපු මිනිස්සුත් කොන්දෝස්තර ගේ මේ වැඩෙ හින්ද බස් එකට ගොඩ උනා . දැන් බස් එක බස් නැවතුම් පොල ලඟින

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව

චැනල් 4, ජාත්‍යන්තරය , ඉන්දියානු බලපැම්, දෙමල නායකයින් හා 13 වන සංශෝධනය සමඟින් රජය මුහුණ පා ඇති අභියෝග

ශ්‍රි ලංකාවෙ ජනවාර්ගික ගැටලුව , ශ්‍රි ලංකාවේ මැත කාලීනව පත්වූ සියලුම රජයන් මුහුණ පැ ප්‍රභලතම අභියෝගය බව නිසැකය.යුධ ගැටුම් , සාකච්ඡා , බලපැම් ආදි නොයෙකුත්  ස්වරූප ගත්තත්  ඒ තුල පසුබිම් කාරනය වුයේ ජනවාර්ගක අර්බුදයයි . සන්ධාන රජය එල්ටිටියි ත්‍රස්ත වාදය යුධමය වශයෙන් පරාජය කල හෙයින් අර්බුදයේ එක් අන්තයක් නිමාවුවත් එය එතනින් අවසන් නොවන බැව් වර්ථමානයෙ සිදුවන දැ වලින් පැහැදිලිය . යුද්ධය එකම විසඳුම යැයිද , ඉන් එහා අර්බුදයක් මෙහි නැතැයිද යන්න පැවසු  අදහස්ද දෝෂ සහිත බව මේ හරහා සනාථ වී තිබේ . යුධ ජයග්‍රහයෙන් වසර දෙකක් ඉක්මවුන්න් තැන ඉතිහාසය පුරාවටම අතිශයින් වැදගත් වූ බලවේග තුනක අභියෝග රජය වෙත එල්ල වී ඇත . විදෙස් ගත දෙමල ජනතාව හා අන්තර්ජාතික ප්‍රජාව , ඉන්දියාව , දෙමල ජන නායකයින් ඒ බලවේග තුන යි . විදෙස් ගත දෙමල ජනතාව හා අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රි ලංකාවේ ගැටලුව සම්බඳයෙන්  අන්තර්ජාතික ප්‍රජාවේ බලපැම සමඟ ලෝක දේශපාලනයේ ඇතැම් සිදුවීම්, මතවාදයන් හා ආර්ථික කරුණු බද්ධ වී තිබුනත් ඒ සඳහා වන මූලිකම හේතු කාරකය  විදෙස් ගත දෙමල ප්‍රජාව බැව් මාගේ හැඟීමයි . මෙහි අලුත්ම අංගය චැනල් 4 නාලිකාවේ විඩියෝ පටය වුවත්

C නිවුස් කතුවරුන් කුඹුරට , මාරයා එලවලු හිටවයි , මහාචාර්යතුමා විද්‍යාවේ තවත් වරදක් පිටුපස .මෙවර උදව් වෙනත් දෙවි කෙනෙක්ගෙන්

ඉස්සර නම් වයර් පූට්ටු වැඩ කරපු පොරවල් වලට කිව්වෙ දෙය්යන්ගෙ හාල් කැවිලා කියල , ඒත් දැන් කතන්දරෙ නාථ දෙයියන්ගෙ ආසනික් හාල් කැවිලාය කියන තැනට පත්වෙලා . මේ කතන්දරේ ආරම්භ වෙන්නේ ජාතියේ පිනට ඵල වුන "දේශ්ප්‍රේමී", "දේශහිතෛශී" "දේශමාමක" මහ ඇදුරු තුමාගේ පරීක්ෂනයකුත් එක්ක . ඉතිහාසයේ පලවෙනි වතාවට දෙවිකෙනෙකුගෙ සහයත් ඇතුව කරපු මේ මාහැඟි පාරික්ෂනයට අනුව රජරට වකුගඩු රෝගයට හෙතුව ආසනික් කියලත් ලංකාවේ තියන බොහෝ කෘෂි රසායන වල ආසනික් තියනව කියලත් අන්තිමේදි ලංකාවේ භාවිතයට ගන්න සහල් වල ආසනික් තියනව කියලත් ඔප්පු වෙලා තිබුනා . ඒ වගේම ඊයෙ වෙනකොට  ඩෙංගු ඇතුලු තවත් රෝග ගණනාවකට ආසනික් වල තියන බලපැම හඳුනා ගන්න මේ උදාරතර පරීක්ෂකයින්ට හැකියාව ලැබුනා . පරීක්ෂකයින්ටම ගැලපෙන දේශපාලන මතවාදයක ඉන්න ලංකා C නිවුස්  තමයි මේ ආසනික් කතාවට මූලිකම ප්‍රචාරනය ලබා දුන්නේ , කොටින්ම වෙනම තීරයකුත් වෙන් කරගෙන් මේ ගැන ලිපි පලකලා . මේ ලේඛකයින්ගෙත් මහ ඇදුරු තුමාගෙත් මතය උනේ මේතනින් බටහිර විද්‍යාව අවසාන වෙන බවත් මින් එහාට ස්වාභාවික විදිහට , දේශීය විදිහට අපේ කටයුතු කරගන්න ඕනැය කියන එකත්  . මේ ආසනික් කථාවට

දුෂ්ටයා කෙල්ලව පැහැරගෙන යත්දී කොල්ලාගේ ප්‍රතිචාරය - හොලිවුඩ් , බොලිවුඩ් , කොලිවුඩ් හා හෙලවුඩ් (සිංහල ) සිනමාවෙන් පෙන්නන විදිහ

ඊයේ ලිව්ව ලිපියත් සිනමාව ගැන , මේකත් සිනමාවම තමයි . හැබැයි මේක මම ටික කාලෙකට කලින් අහපු කතාවක් . අතිනුත් ටිකක් දාල තමයි ඔන්න කියන්න හදන්නේ . දුෂ්ඨයා කෙල්ලව පැහැර ගෙන යාම සහ කොල්ලාගෙ ප්‍රතිචාරය තමයි දර්ශනය (චිත්‍රපටියේ අවසාන ජවනිකාව ) හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් , සහ හෙල උඩ්(ලංකාවේ සිනමාව )  කියන සිනමා වන් වලදි මේක නිරූපනය වෙන්නේ කොහොමද කියන එකයි කතන්දරේ හොලිවුඩ් කොල්ලා ඇඟපත හොඳට හැදුණු දඩාර පොරක් , කෙල්ල සෙක්සි ලුක් එකක් තියන  කෙට්ටු පොරියක් .ඔන්න දැන් දුෂ්ටයාගෙ සෙට් එක කෙල්ලව හෙලිකොප්ටරයකින් පැහැර ගෙන යන්නයි සුදානම . කොල්ලගෙ උර හිසට වෙඩි වැදිලා බිම . දුෂ්ට ගැන්සියෙ ලොක්ක ගෝලය තුන් හතර දෙනාට උපදෙස් දෙමින් ඉන්නවා කෙල්ලවත් අල්ලගෙනම .. කෙල්ලත් බිම වැටිලා ඉන්න කොල්ල දිහා බල බල අරුගේ අතින් ගැලවෙන්න හදනව ඌට බැන බැන (සමහර වෙලාවට භාග කුණුහරුපෙනුත් ) . ඔන්න දැන් උපදෙස් දීල ඉවරයි දුෂ්ට බොසා කෙල්ල ඇදගෙන හෙලිකොප්ටරේ ගාවට යනව (මේ වෙලාවෙදි කෙල්ලගෙ ගවුම  හෙලිකොප්ටරේ හුලඟ නිසා සැහෙන උඩ යන්න එහෙම පුලුවන් ). ඔය අතරදි බිම වැටිල ඉන්න කොල්ලා ටිකක් එහාහින් තියන තුවක්කුවක් (ඔව් මැශින් ගන් එකක් තමයි )

කිං හන්තර් චිත්‍රපටය ගැන පසුවදනක්

මේ දවස් වල තිරගත වෙන කිං හන්තර් චිත්‍රපටිය ගැන පුංචි විචාරයක් ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම , ඒත් එක්කම ලාංකීය සිනමාවේ අනෙකුත් හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණ දිහාවටත් පොඩි අවධානයක් යොමු කරන්න පුලුවන් කින් හන්තර් චිත්‍රපටියේ කථාවට පාදක වෙලා තියෙන්නේ අතීතයේ ඉඳන් බලගතු නිද්‍රාවක් හරහා වර්ථමාන කාලයට එන රජ කෙනෙක් , හැබැයි ඉතින් රජෙක් කිව්වට ඔරිජිනල් රජාම නෙවෙයි . රජාට නිද්‍රාගතවෙන්න සූදානම් කරපු කුටියට වැදිලා නිද්‍රාගත වෙන්නේ රජාගෙම පෙනුම තියන ඩුප්ලිකේට රජා . අමුතු ජාතියෙ ඉක්කාවකුත් එක්ක වර්ථමානෙට එන පොර ට සෙට්වෙන්නේ හොරකමක් කරල පොලිසියට අල්ලගෙන යන අතරෙදි මාංචු පිටින්ම පැනල යන හොරෙක් . මෙහෙව් ඩබලක් සෙට් උනාම ඉතින් අහන්න දෙයක් නැනෙ තියන ආතල් එක ... ලංකාවේ  බිහිවුන ගොඩක් කොමඩි (කියා ගන්න ) නිර්මාන වල දකින්න තිබුන ලක්ෂනයක් තමයි හරි හමන් කතාවක් , වස්තු බීජයක් නැති එක . සිකුරු හතේ, බහු භූතයෝ වගේ චිත්‍රපට දෙකක තුනක ඇරුණාම ගොඩක් විකට චිත්‍රපටි එහෙන් මෙහෙන් ඔබ්බපු දේවල් වලින් තමයි සමන්විත වුනේ . ඒ අතින් නම් කින් හන්තර සාර්ථකයි කියන්න පුලුවන් . මොකද මේ කථා තේමාව හොඳ කොමඩියක් කරන්න ඉතාම හොඳ පදනමක්

ලබ්බ නැතුව හැදුනු ඇට ??

ඩ්‍රැයිවර නැතුව කාරෙක රේස් දින්නාද ?? දෝනි නැතුව වර්ල්ඩ් කප් එක ගැහුවාද ??  ලබ්බ නැතුව ඇට හැදෙනව දුටුවාද ?? _ _ _ නැතුව අපි _ _ ධය දින්නාද ?? හිස් තැන් පුරවා ගැනීම සඳහා පහත ලිපිය කියවන්න  http://www.gossip9.com/2011/06/blog-post_08.html