Skip to main content

Posts

Showing posts from August, 2011

ආදරණීය ගඩාෆි අන්කල්

ආදරණීය ගඩාෆි අන්කල් , අන්කල්ට බඩු පැකට් වෙන්න ඔන්න මෙන්න නිසා මං අන්කල් ගේ සුව දුක් අහන්නෙ නෑය , මම නම්  සුවෙන් ඉන්නවාය . අන්කල් මාව දන්නේ නැතිවුනත්   මම නම් අන්කල් ගැන හොඳට දන්නවාය . මම අපේ "ආඩම්බර කාර පියා  අන්කල්" ට ගොඩා...ක් ආදරෙයිය . ඒ අන්කල්ට ලොකේ ලොක්කොය කියන අන්කල්ලා බාල්දි පෙරලත්දිත් අන්කල් නම් බය නැතුව කරට අතදාගෙන හිටි නිසා මම අන්කල්ටත් ගොඩක් ආදරෙයිය ,අන්කල්ට කෙලවෙන්න කලින් මේ ලිපිය ලියන්න   හිතුවෙත් ඒ ආදරය නිසාමය අපේ තාත්තා නම් අන්කල්ට කැමතිම නැය ,  එයා කියන්නේ ඕනිවට වඩා බෝ කරන්න යන හැතිකරයට සුභාව ධර්මයෙන්ද මොකෙන්ද ඔහොම එව්වා කරනවා කියාය .  ඒ කියන්නෙ මොකක්ද කියා මට තේරෙන්නේ නැය , තේරුණත් මම ගනන් ගන්නෙත් නැය . මොක්ද අපේ තාත්තා "ආඩම්බර කාර පියා අන්කල්ටත් " කැමතිම නැය . "තොගේ මහ එකාට තොපිට කන්න අඳින්න දීගන්නත් බැරුව තියෙන්නේ , තොගේ ඔය මහ ලොකු ආඩම්බර කාර පියා නිසා " කියා අපේ තාත්තා මට නිතරම කියනවාය . මම නම් ඒවට සැලෙන්නේ නැය .මොකද අපේ  අම්මා කියන විදිහට නම් තාත්තා උපන් ගෙයිම අලි පක්ෂයේය , ඒ කියන්නේ දේශද්‍රෝහියෙක්ය . දේශ ද්‍රෝහීන් කියන එව්වාට

මර්ඩර් , බහු භාර්යා , එක මත් එක රටක සමඟින් දකුණු ආසියානු සිනමාවේ ශෘංගාරාත්මක රසවින්ඳනය

මාතෘකාවේ තියන චිත්‍රපටි නම් හොඳට අහල පුරුදු ඇති . මර්ඩර් 2 ගැන ඇතිවුනු ආන්දෝලනයත් එක්ක ඒ ගැනත් ඉන්දියානු සිනමාව හා අපේ සිනමාවේ ශෘංගාරාත්මක භාවිතාව ගැනත් මම කලින් වතාවක  ලිපියක් ලියුවා . ප්‍රතිචාර අඩු වුනත් ගොඩ දෙනෙක් බලපු ලිපියක් වුනු ඒ ලිපිය නොබලපු කෙනෙකුට මෙතනින් ගිහින් බලන්න පුලුවන් . ඒ ලිපියේ දිගුවක් විදිහට නොවුනත් ඒ කාරණාත් එකතු කරගෙන වඩාත් පුලුල්ව ශෘංගාරය හා  සිනමාවේ භාවිතාව  පිලිබඳ කථා කරන්නයි මේ සූදානම ශෘංගාරාත්මක රසය කලාවේ මූලාරාම්භයේ  ඉඳන්ම පැවතගෙන එන අංගයක් . දීර්ඝ ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන ඕනැම තැනකදි පෙරදිග අපරදිග  බේදයකින් තොරව ශෘංගාරය භාවිතාවේ තිබුනාය කියන එක රෝම - ග්‍රීක  ශිෂ්ඨාචාර වල විතරක් නෙවෙයි ඉන්දියාවෙන් පවා හමුවෙලා තියන ඉපැරණි චිත්‍ර හා මුර්ති වලින් පැහැදිලියි . අතීත කලා මාධ්‍යන් වල තත්වය එහෙම උනත් සජීවී රූප රාමු සහිත සිනමාවේදී නම්  අදාල සංස්කෘතීන්ට අනුගතව ශෘංගාරයේ භාවිතාව වෙනස් වුනු බව දකින්න තියෙයි (ඉන්දියානු සිනමාව සම්බන්ධයෙන් කතන්දරේ කලින් ලිපියෙදි  විස්තර කරල තියනව )  වැඩිහිටියන්ට පමනක් සීමා වුනු නිර්මාන ලාංකීය සිනමා ඉතිහාසයේ විටින් විට මුණ ගැහුනත් ,

Blog Promo අඩවියට වෙනස් කම් කිහිපයක්

අලුතෙන් බ්ලොග් කරණයට එන අයට සහ අලුත් බ්ලොග් වලට  උදව්වක් වශයෙන් මම පටන් ගත්ත "Blog Promo  අඩවිය ගැන මම කලින් ලිපියෙදි කිව්වා . හොඳ  නරක ප්‍රතිචාර දෙකම ලැබුනා . නොබලපු කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලන්න පුලුවන් . කොහොම උනත් ඒකට වෙනස් කම් කිහිපයක් සිදු කලා ඒ තමා සියලුම  කැටගරි වලට අයත් බ්ලොග්  එකම මට්ටමකට ගේන එක , අලුත් බ්ලොග් අඩවි අනික්වායින් වෙන් කරල වම් පස කෙරවලට ගන්න එක සහ ඒ ඒ තීරු වලට වර්ණ ලබාදිලා කියවන අයගෙ පහසුව ඇති කරන එක . මේ වෙනස් කම් ටික බලාගන්න මෙතනින් පිවිසිල පුලුවන් ,

නවක බ්ලොග් කරුවන් වෙනුවෙන් බුවාගේ අතහිත සමඟින් දේශපානික/මතවාදීමය බ්ලොග් සඳහා ප්‍රමුඛතාවය දෙන සින්ඩියක් වගේ එකක්

මාතෘකාව දැක්කාම කෙනෙකුගේ හිතට එන්න පුලුවන් කාරණා දෙකක් තියෙයි 01) උඹ බ්ලොග් කරණයේ නවකයින් ගැන කථා කරන්න තරම් ප්‍රවීනයෙක්ද  02) අනේ ..නිකන් පොරක් වෙන්න දඟලන්නෙ නැතුව නිකා ඉඳහන් තමයි ඒ දෙක , ඒහෙම  හිතුනත් ඒ දේවල් පොඩ්ඩකට හිතේ තියාගෙනම සම්පූර්න ලිපියම කියවන්නය කියල මම ආරාධනා කර සිටිනව මොකක්ද මේ වැඩේ වැඩේ තමයි මම අලුතෙන් අරඹපු බ්ලොග් අඩවිය . මෙතනින් හරි දකුණු පැත්තේ තීරුවේ තියන "Blog promo" විජට්ටුවෙන් හරි ඒකට යන්න පුලුවන් .මේ බ්ලොග් අඩවියේ නම Blog Promo  මොනවද කෙරෙන්නේ මූලිකම පරමාර්ථය තමයි අලුතෙන් බ්ලොග් කරනයට බ්ලොග් කරුවන්ට වගේම අලුතෙන් එන බ්ලොග් වලට ප්‍රචාරණයක් ලබා දීම . මේ සඳහා අලුත් බ්ලොග් වලටම වෙන් කරපු තීරුවක ඒවායේ ලිපි  සින්ඩිකේට් වෙත්දි , ඒ හැම එකක් ගැන කෙටි හැඳින්වීමක් ලිපියක් වශයෙන් පල කරන්නයි බලාපොරොත්තුව . අමුතුවෙන් ප්‍රචාරණ ඔනි නොවුනත් ඔබ්සර්වර් මහත්තයගේ අලුතෙන් බ්ලොග් අඩවිය සටහන් කරල තියෙන්නේ සාම්පලයක් විදිහට .වැඩෙ කොහොමද කෙරෙන්නෙ කියල බලාගන්න කොහොමද කෙරෙන්නේ දැනට එක සාම්පලයක් විතරක් තියන "අලුත් බ්ලොග් අඩවි" තීරුවට අලුත් බ්ලොග් අඩවි එකතු

ගොන් සිරසෙ.. ගොන් ආතල් !!

කලින් ලිපියේ  කථා බහට ලක් කල කාරණා අතර්ද සිරස නාලිකාව හා රනිල් වික්‍රම සිංහ මහතා අතර හටගත්  ගැටුම පිලිබඳ ද සඳහන් කර තිබුනත් ඒ පිලිබඳව තවදුරටත් කතා කලයුතුයැයි  හැඟේ . රනිල් වික්‍රමසිංහ මහතා සිරස නාලිකාව අධිපතිවරයා ට කල චෝදනාව සම්බන්ධයෙන් කිසිදු පිලිතුරක් නොදෙන සිරස නාලිකාව රනිල් වික්‍රමසිංහ මහතාට පුද්ගලිකව මඩ ගැසීමේ ව්‍යාපාරයක නිරත වී සිටින බව පැහැදිලිය . පසුගිය මාස කිහිපය පුරාවට  රනිල් වික්‍රමසිංහ මහතා එජාපයෙන් එලවීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටි සිරස සැම ප්‍රවෘත්ති විකාශයකදීම ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරන්නටද අමතක කලේ නැත . එජාපයේ නායකයා වෙනස් වීම පිලිබඳ තීරණය අදාල පක්ෂයේ පාක්ෂිකයා සතුවන අතර මාධ්‍යකට ඒ පිලිබඳ වාර්ථා කිරීම විනා අනවශ්‍ය ලෙස ඇඟිලි ගැහීමේ අයිතියක් නැත . ඒ පිලිබඳ සාකච්ඡාවකට යන්නේ නම් එය නිශ්චිත අවස්ථාවකට (හෝ කිහිපයකට ) සීමා විය යුතු අතර ඒ ගැන අවසන් නිගමන දීමට හෝ දිගින් දිගටම පස්සෙන් පැන්නීමට  සදාචාරාත්මක අයිතියක් නොමැත  . සිරසෙන් තමාට විරුද්ධ දිගට හරහට ගසත්දිත් තමාට සුපුරුදු නිහැඬියාව අනුගමනය කල  වික්‍රමසිංහ මහතා සිරසට විරුද්ධව යුධ ප්‍රකාශ කරන්නේ තමාට එරෙහිව නැඟුනු ආසන්තම (ව

පහුගිය සතියේ සිදුවුනු දෑ සමහරක් පිලිබඳ මගේ විග්‍රහය

පහුගිය සතියෙදි අපේ රටේ සිදුවුන සිදුවීම සහ අහපු දැකපු දේවල් කිහිපයක් ගැනල ලියන්න/කතාකරන්න යමක් තියනවාය කියලයි මට හිතෙන්නේ . ඒ එක  එකක් වෙනුවෙන් සම්පූර්න ලිපියක් ලිවීම එතරම් ඵලදායක නොවන නිසා ඒ සියල්ලම ගැන මගේ අදහස කෙටියෙන්  පවසන්න තමයි මේ ලිපිය ලියන්නේ 01) එජාප අර්බුදය එජාපය කල බැගැනි වලින් පිරුණු මල විකාරයක් බවට පත්වෙලා දැනට සැහෙන්න කාලයක් . ඒ අතර දකින්න ලැබුනු සුවිශේෂීම සතියක් තමයි පහුගිය සතිය , නායකත්වය ලබාගැනීමේ උත්සාහයෙන් නින්දා සහගතව  පසු බැසපු සජිත් ප්‍රේමදාස මහත්තය තවත් වටයකින් තමන්ගේ වාසියට හේතුවන යෝජනාවක් වුනු කරු ජයසූරිය මහතා නායකත්වයට පත්කිරීමේ යෝජනාව අරගෙන ඒම තමයි මේකට  පසුබිම් කාරණය . ( කරු ජයසූරිය මහතා නායකත්වයට පතිවීම ගැන මගේ අදහස සවිස්තරාත්මකව මෙතනින් ගිහින් බලන්න පුලුවන් ). මේ ඇතිවෙච්ච තත්වය අනු කොටස් කිහිපයක් යටතට අරන් කථා කරන්න පුලුවන් සජිත්ගේ සත්‍යග්‍රහය            රනිල් වික්‍රමසිංහ මහතාව නායකතවයෙන් ඉවත් කිරීම වෙනුවෙන් ජනතා මතය  එතුමාට එරෙහි බව පෙන්නන්න සිරිකොත ඉදිරිපිටට විශාල ජනකායක් රැස් කිරීම තමයි සජිත් පාර්ශවයේ බලාපොරොත්තුව වුනේ . මාධ්‍ය වාර්ථා පලවුනු ව

ආශ්චර්යය අතහැර දමා කොරියාවේ යැමට දඟලන ලාංකීය තාරුණ්‍යය

කොරියානු රැකියා සඳහා මූලික භාෂා පරීක්ෂණ විභාගයේ අයදුම් පත්‍ර නිකුත් කරත්දි සිදු වෙච්ච කලබැගැනි පහුසිය දවස් වල මාධ්‍ය හරහා දකින්න ලැබුනා . කරන කොයි වැඩෙත් අනාගැනීමේ "අපේ අනෙන්‍යතාවට " අමතරව මේ සඳහා තිබුන අධික ඉල්ලුමත් මේ කලබලකාරීත්වයට හේතු වෙච්ච බව තමයි පේන්න තිබුනෙ .  ලංකාවේ විවිධ තරාතිරම් වල තරුණයින් විදේශ රැකියාවලට යාම කාලයක් ඉඳන් සිදුවන දෙයක් නිසා ඒ පිලිබඳ අමුත්තක් නැති වුනත් .  කොරියානු රැකියා කතන්දරයේ තියන ආවෙනීක ලක්ෂනත් වර්ථ්මාන ලංකාවෙ තත්වයත් පිලිබඳව සැලකුවාම මේ ගැන කථා කරන්න යමක් තියන බව  දකින්න ලැබෙනව . බුද්ධි ගලනය හා ශ්‍රම ගලනය බුද්ධි ගලනය කියන වචනය නම් අපි වගේ දියුණු වෙමින් පවතින රටවලට  අමුතු දෙයක් නෙවෙයි . උගත් වෘත්තිකයින්ගෙ අධ්‍යාපනික , වෘත්තිමය , සමාජීය හා ආර්ථික අවශ්‍යතාවයන් ඉටු කරන්න අපි  වගෙ රටවලට තියන නොහැකියාව නිසා සිද්ධ වෙන බුද්ධි ගලනය වලක්වන්න චින්තන විපර්යාසකට මිසක්  හැකියාවක් නැ . මොකද අදාල අවශ්‍යතා සම්පූර්ණ කරන්න නම් රටකට තිබිය යුතු   සංවර්ධන තත්වය බුද්ධි ගලනය සිදුවන රටවලට නැති නිසා . ඒ  අය හැරුණාම අනෙකුත් රැකියා සඳහා විදේශ ගත වෙන්නන් ශ්‍රම ගලනය කි

යැංකියා උඩු ගුවනේ .. දෙමු ද ඇට්ටි හැලෙන්නම ?

ඇමෙරිකානු යුධ ගුවන් යානා වගයක්  අනවසරයෙන් අපේ ගුවන් සිමාවට ඇතුලත් වුනාය කියල මාධ්‍ය වාර්ථා පලවෙලා තියනව . මලක් ගහල පියාඹන්න ගිහින් දෙකොන මාරුවෙලා මෙහෙ ආවද  ? ගඩාෆි අංකල්ගෙ මිසයිල වලට බයේ  පණ බේර ගන්න මෙහෙ ආවද ? නැත්නම් මුට්ටිය දාල බලන්න ආවද ? එහෙමත් නැතිනම් තාක්ෂණික හෝ මිනිස් වරදක් නිසා ඇත්තට  වැරදීමකින් මෙහේ ආවද ? කියන්න නම්  දන්නේ නැ . බොහෝ වෙලාවට අන්තිම හේතුව වෙන්න ඇති . හැබැයි ඉතින් ඇමරිකන් කාරයා නිසා ඊට කලින් මුට්ටි සීන් එකත් වෙන්න බැරි නැ . කොහොමින් හරි අපේ අය දැනුම් දුන්නට පස්සේ ඒ කට්ටිය ආපහු ගියාය කියලයි කියන්නේ . ඒ සිද්දිය එතනින්ම අවසන් වෙලා යන්න ඉඩ කඩ වැඩි උනත් සරුංගලයකට වඩා දෙයක් උඩ යවල නැති අපේ කට්ටිය නම් සිද්දියෙන් සැහෙන්න චූන් වෙලා . මෙතනින් ගිහින් ඒ ලිපිය ට  යටින් දාල තියන කමෙන්ට් ටික කියවන්නකො . හොඳ ආතල් එකක් ගන්න පුලුවන් . _ඩු සිල්වාව එලවල දාල ආරක්ෂක ආමාත්‍යාංශේ අධීකෂයට පත් කරගන්න තරම් දැනුමක් ඒ කමෙන්ට් කරපු අයට  තියන බව පේන්න තියනව . ආරක්ෂක අමාත්‍යාංශය විතරක් නෙවෙයි  , මේ අයගේ තියන  ලෝක දේශපාලනික තත්වයන් පිලිබඳ විචාරශීලී බාවය දිහා බැලුවාම විදේශ අමාත්‍යාංශයට සහ ජ