Skip to main content

Posts

Showing posts with the label සිනමා

සමනල සංධවනියට මුසු වීම

ඇල් මැරුණු සිනමාවකට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සිනමා කෘතියක් පිලිබඳ අව්‍යාජ සමාජ කතිකාවක් ඇතිවීම ඉතා විරලය . දේශපාලනික ඇජෙන්ඩාවන්ට යටවූ " රජකථා " රැල්ලත් , අති සිරියස් "රැඩිකල්" සිනමා  රැල්ලත්  සමාජය තුල යම් යම් කතිකාවන්ට මුල පිරුවත් ඒවා සිනමාත්මක්  හේතුන් පාදක  කර නොගත් එවා පමණක් වීම  කලාවක් වශයෙන් මෙන්ම කර්මාන්තයක් වශයෙන්ද සිනමාවට සුභ දායක වන්නේ නැත එනයින් බැලු කල ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධවනිය ශ්‍රි ලාංකීය සිනමා ලෝලින් අතර සැබෑ සිනමාත්මක කතිකාවකට මුල පිරු වීරල නිර්මාණාක් ලෙස සැලකිය හැක. සිංහල සිනමා පඨයක් නැරඹීමට සිනමා ශාලාවට පිය නගන ශ්‍රි ලාංකික සිනමා රසිකයා මුහුණ දෙන එක් ප්‍රධාන  අභියෝගයක් වන්නේ සිංහල සිනමාවේ සිමාවන්ට සාපේක්ෂ  මනෝභාවයක් සකසා ගැනීමට සිදුවීමය . අතිශයින් සීමිත වෙලඳ පොලක  කටයුතු කරන්නට සිදුවීම තුල  මුල්‍ය මය සිමාවකට යටත්ව කටයුතු කරන සිංහල සිනමා කරුවාට වෙනත් සිනමාවක ඉතා සමාන්‍ය වූ , සිය අභිමතය පරිදි රූපරාමු සකසා ගැනීම තුල පවා දුෂකරතාවයන්ට මුහුණ දෙන බව බොහෝ සිංහල සිනමා පට නැරඹීමේදී වටහා ගත හැක . මෙහි පසුබිම් කථාව පිලිබඳ ...

ආශ්චර්ය දීපයේ චිත්‍රපට - 13 ත් එක්ක බෑ , හොඳ අන්කලුයි නරක ඇන්ටියි ,ප්ලෙන් එනකම්...........

හොලිවුඩයේ මේ දවස් වල කථා වෙන්නේ යකඩ මිනිහා 3 , පෙට්ටි කාර්යාල වාර්ථා කුඩු පට්ටම් කිරීම් ගැනය.යකඩ මිනිහාත් ඇතුලු මාවල් විරයෝ සෙට් එකම ඉන්න ඇවෙන්ජර්ස්  වලට විතරක් දෙවෙනි ආරම්භයක් යකඩ මිනිහා තුන අරගෙනය . ඒ කියන්නේ  හොඳම ආර්ම්භක සති අන්තයන් දෙකටම යකඩ මිනිහා සම්බන්ධ වෙලා කියන එකය. පලවෙනි දර්ශනේට නිලියක් ඇන්ද රෙද්ද නිසා අපේ අයටත් යකඩ 3 මිනිහා ගමේ එකෙක් ගානටම සමීපය. 45-50 අන්කල්ලා , 20-25 කෙල්ලන්ට ලව් කරන ඒවාත් , පයිට් , සින්දු , කොමඩි , නැටුම් , රේස් ඔක්කොම එකතු කරපු මසාලාවකුත් නොවන  , ආධුනිකයන් දෙදෙනෙක් රගපාන Aashiqui -2  වසරේ පලවෙනි සුපර් හිට් එක වීම බොලිවුඩයෙන් ඇහෙන හොඳම කථාව කිවාටද වරදක් නෑය . චිත්‍රපටිය කෙසේ වෙතත් සින්දු සෙට් එක නම් සුපිරිය .රසිකයෙකුට කණ පිරෙන්න අහන්නට වගේම හින්දුස්ථානි සංගීතයට "දේශීය සංගීතය" කියා ලේබල් ගසා මැරෙන්න හදනා මෙරට ඔස්තාද්ලාට බටහිර රොක් සංගීත සම්ප්‍රදාය සහ හින්දුස්ථානි සංගීතය එකතු කර රසවත් නිර්මානයක් කරන්නේ කෙසේදැයි ටියුශන් ගන්නටත් ඒ සෙට් එක වැදගත්ය කොලිවුඩ් නොහොත් තමිල්නාඩු සිනමාව ගැන නම් දැන් අපිට හිතන්නට දෙයක් නෑය , අපේ රාවණා බලකාය ...

සුපර් සික්ස් වරද්ද ගත්තේ කොතනද ?

මේ දවස් වල අන්තර්ජාලයේ කථා බහට ලක්වෙන්නේ  කර්ම චිත්‍රපටිය . සෙනසුරු මාරුව ගැනත් ප්‍රවීන බ්ලොග් කරු මාරයා විසින් කථා බහක් ආරම්භ කරල තිබුනා . ඒවා පැත්තකින් තියෙත්දි මීට මාස කිහිපයකට කලින් තිරගත වුනු සහ අන්තර් ජාලයේ  සාකච්ඡාවට බඳුන් වෙච්ච සුපර් සික්ස් චිත්‍රපටිය ගැනයි මේ කථා කරන්න සුදානම . අන්තර්ජාලයේ දැකපු සටහන් නිසාම සිනමා ශාලාවකට ගිහින් නැරඹීම වැලකුනත් ශ්‍රි ලාංකාවේ වැඩිම වියදමක් දරා නිපදවු චිත්‍රපටිය නිසා සුපර් සික්ස් ගැන කතිකාව සමස්ථ  ශ්‍රි ලාංකීය සිනමාව පිලිබඳව පොඩි විමසුමක් විදිහට දකින්න පුලුවන් කම තියෙයි. සම්ප්‍රදාය  සුපර් සිකිස් චිත්‍රපටයත් ,ශ්‍රි ලංකාවේ බොහොමයක් සිනමා නිර්මාණ විදිහට ඉන්දියානු සිනමා නිර්මාණ ශෛලි‍ය  අනුගමනය කරමින් තමයි නිර්මාණය වෙන්නේ. ගීත , නර්ථන සටන් , විහිලු ආදර ජවනිකා ආදී සියල්ල එක නිර්මාණයක අඩංගු වන "මසාල " වර්ගයේ කියල හඳුන්වන සිනමා නිර්මාණයක් ගණයට සුපර් සික්සුත් අයිති වෙනවා. මේ දක්වාත් ඉන්දියානු  සිනමාව තුල ඔය ආකෘතියේ සිනමා නිර්මාණ දකින්න තිබුනත් , මේ වෙනකොට බොලිවුඩ් සිනමා නිර්මාණ ඔය ආකෘතියෙන් බැහැරව වර්ගිකරණයන් එකකට හෝ කි...

ඒකාධිපති ආතල් !

උතුරු කොරියාවෙ නායක කිම් ජොන් උන්නැහෙගේ අවමංගල්‍යය මේ දවස්  ප්‍රවෘත්ති මාධ්‍ය වල උණුසුම් මාතෘකාවක් .ඒකාධිපති පවුල් පාලනයක පුරුකක් වෙච්ච නායකයෙක් මැරුණ කියල ඒ රටේ මිනිස්සු පොලවෙ පස් කන්න හදන හැටි දැක්කාම මඤ්ඤං වගේ දැනෙන්නේ , මීට  ටික දොහකට කලින් ලෝකේ වෙනත් තැනක් මිනිස්සු ඒකාධිපතියෙක්ගෙ මරණය වෙනුවෙන් ගත්ත ආතල් එක දැක්කාම . ජාත්‍යන්තර මාධ්‍ය වල පවා දාන උතුරු කොරියානු රූප රාමු ඒහෙන්ම රූගත කරල එන ඒවා නිසා අඬන බව පෙන්වන්න දාන ශෝ එකක් වෙන්න පුලුවන් කියල හිතුනත් , භාහිර ලෝකයෙන්  සම්පූර්ණයෙන්  හුදකලා වුනු උතුරු කොරියානු ජනතාව සිරාවටම අඬනවා වෙන්නත් බැරි කමක් නෑ ජාත්‍යන්තර මාධ්‍ය , අන්තර්ජාලය වගේ දේවල් භාවිතා කරනවා තියා අහලවත් නැති උතුරු කොරියානු ජනතාවට තමන්ගේ පාලකයා විසින් ඔලුවට පටවන දේවල්  පමණක් සත්‍යයි කියා සිතෙනවා ඇති . ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙයක් ලෝකෙ තියනවා කියලත් බහුතරයක් උතුරු කොරියානුවන් නොදන්නවා වෙන්නත් පුලුවන් . ලංකාවේ දේශපාලකයින් පාතලය පෝෂණය කරනවා වගේ රුසියාව හා චිනය උතුරු කොරියාවට යටින් දෙන සප් එක නිසා උතුරු කොරියාව පෙන්වන යුධමය හැකියාවන් ඒරටේ ජනතාවට...

ගාමනි ගැන මගේ අදහස

පහුගිය දවස් වල රටේ තොටේ බොහෝ තැන්වල වගේම සිංහල බ්ලොග් අවකාශයෙත් කථා බහට ලක්වුනු මාතෘකාවක් තමයි ගාමනි චිත්‍රපටිය .බ්ලොග් කරුවන් කිහිප දෙනෙක්ම මේ ගැන ලියල තිබුනා . ඒ ලිපි වලදි බොහෝ දෙනෙක් තමන්ගේ අදහසුත් දක්වලා තිබුනා . මේ ලිපියෙන් කථා කරන්නේ චිත්‍රපටිය ගැන මගේ අදහස . එතනදි චිත්‍රපටියේ විවිධ අංගයන්  පිලිබඳව වෙන වෙනම කථා කිරීම වඩාත් හොඳයි කියලයි මට හිතෙන්නෙ කථා තේමාව  ගාමනි ගැන කථා කරපු බොහෝ දෙනෙක්ගෙ  මූලික අවධානයට ලක්වෙච්ච කාරණයක් තමයි චිත්‍රපටියේ කථා තේමාව . චිත්‍රපටියේ ප්‍රචාරණයට භාවිතා කරපු ආකාරයෙන්ම කථාව පදනම් කරගන්නේ ලංකාවේ  යම්කිසි කාලයක සිදුවුනු සත්‍ය සිදුවීමක් ,කොටි ත්‍රස්තවාදීන්  විසින් සිදුකරපු අතිශයින් ම්ලේච්ඡ ඝාතනයක් පාදක කරගෙන ඊට එරෙහිව සටන් වදින ගම් වැසියන් පිරිසක් පිලිබඳව තමයි කථාව ගොඩ නැගෙන්නෙ , මේ එරෙහිව සටන් වැදීමේ කොටස කෙසේ වෙතත් මූලික කාරණය ඒ කියන්නේ කොටි සංවිධානයේ කෘරත්වය නෑවතත් සිහි ගන්වමින්  රිදි තිරයට නිර්මානයක් ගෙන ඒම පිලිබඳ සමහර පිරිස් සතුට පලකරත්දි තවත් පිරිසක් ඒ ගැන කථා කලේ මේ වගේ නිර්මාණයෙන් කරන්නේ  යුධ මානසිකත්වය සහ සහ ජා...

හොලිවුඩ් බොලිවුඩ් සංකලනය Ra.One සහ ඒත් එක්ක බලපු චිත්‍රපටි ට්‍රේලර්ස්

කලින් ලිපියෙදි චතුරංග සහෝදරය දීපු අවවාදය නිසා , දේශපාලනේ අතැරල ලඟදි බලපු චිත්‍රපටියක් ගැනයි ලියන්න හදන්නේ . සල්ලි දිල චිත්‍රපටියක් බලත්දි දේශීයත්වයට මුල් තැන දෙන්න තරම් දේශප්‍රේමියෙක් නොවන නිසා මම නම් මුල් තැන දෙන්නෙ කැමැත්තට , ඒ නිසා ගාමිණි , කිව්වද නහි ..... ඇතුලු මගේ රසයට  මැච් නොවෙන චිත්‍රපටි අත්හැරල ගියේ  පහුගිය කාලයේ සිනමා ලෝකයේ සැහෙන්න කථා බහට ලක්වුනු Ra - One චිත්‍රපටිය බලන්න Ra one චිත්‍රපටිය  වගේම චිත්‍රපටියට කලින් පෙන්වන අනෙක්  ප්‍රචාරක පටිවලත්   ගත යුත්තක් තිබුන නිසා ඒ ගැනයි මේ කථා කරන්න හදන්නෙ . බොලිවුඩ් සිනමාවේ විශාලම මුදල වියදම් කරල හදපු රා.වන් ගැන ප්‍රචාරය කලේ  බොලිවුඩ් සිනමාවේ ඉහලම ගණයේ දෘෂ්‍ය ප්‍රයෝග සහ ක්‍රියාදාම අඩංගු චිත්‍රපටිය විදිහට . ඔය පහලින් තියෙන්නෙ ප්‍රචාරක පටිය . ඕකේ තියන වැඩ කැලි සහ ඊට වඩා හොඳ තත්වයේ වැඩ කැලිත් එකතු වුනු රා.වන් චිත්‍රපටිය ප්‍රචාරය කරපු  කාරනා වලට සම්පූර්නයෙන්ම අනුකූලයි කියල කියන්න පුලුවන් . නිවැරදි වෙන්න ඕනි තැන් එහෙම නැත්නම් දෘෂ්‍ය ප්‍රයෝග භාවිතාවේදි සැලකිලි මත් වියයුතු තැන් තිබුනත්...

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිනමා වර්ගීකරණය

අවසාන ලිපියට කලින් ලිපිය ලියවුනේත් සිනමාව ගැන , සිනමාවේ දුම් වැටි භාවිතාව සම්බන්ඳව . ඒ ලිපිය කියවපු සමහර දෙනෙක්  මම  අදහස් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් වාරනයක් කලයුතුය කියලාද කියල ප්‍රශ්නය මතු කලා . ඇත්තෙන්ම මගේ අරමුණ වුනේ වාණිජ වශයෙන් දුම් වැටි සිනමා නිර්මාණ හරහා ප්‍රදර්ශනය කිරීමේ  තියන වැරැද්ද පෙන්වන එකත් . නිර්මානාත්මක අවශ්‍යතාවයන්ට අනුව භාවිතා කරන්න සිද්ධ වෙනවා නම් ප්‍රේක්ෂකයා කවුද කියන එක පිලිබඳව සැලකිය යුතුයි කියන කාරණය මතුකරන එකත් . ඒ මිසක "නිර්මාණ කරුවාගේ අදහස් වාරණය " නම් මම අනුමත කරන්නේ නැ කියන එකත් කියන්න ඕනි . මේ ප්‍රේක්ෂකයා තෝරාගැනීම කියන කාරණයේදී තමයි සිනමා නිර්මාණ වර්ගීකරණය(Rating )  කියන දේ වැදගත් වෙන්නේ . කලින් ලිපියට තියන පුංචි සම්බන්ධය ඇරුණාම අහම්ඹෙන් දකින්න ලැබුනු ටෙලි නාට්‍ය කුත් තමයි මේ වර්ගීකරණය කියන දේ ගැන කථා කරන්න පෙලඹීමක් ඇති කලේ . ලංකාවේ දකින්න තියෙන්නෙ ඉතාම ප්‍රාථමික මට්ටමේ සිනමා වර්ගීකරනයක් /ශ්‍රේණිගත කීරිමක් නිසා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයේ දකින්න තියන වර්ගීකරනය තමයි මම මේ සඳහා පාදක කරගන්නේ , (ඔව්.... බුවා බටහිර ගැත්තා තමයි , හැබ...

කලාවේ දුම්වැටි ප්‍රචාරණය , වාරණය ෂර්ලොක් හෝම්ස් සමඟින් ෂාරුක් ඛාන්

මත්පැන් හා දුම්වැටි අඩංගු දර්ශනවලදී කොටු  දැමීමේ ක්‍රමය වෙනුවට බැනර්  ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් මේ මාසේ ඉඳන් හඳුන්වාදීල තියන බවක් තමයි කියන්නේ . හැබැයි ඒ අදාල පනතට කලින් නිර්මාණය වුනු නිර්මාණ වලටලු , අනෙක්වාට කරන්නෙ මොකක්ද කියන එක  මට නම් පැහැදිලි නැ , මොකද මේ  ගැන එක එක අය පල කරපු වාර්ථා එකෙනෙකට වෙනස් . කොහොම උනත් කොටු දැම්මට වඩා නම් බැනර් ප්‍රදර්ශනය හොඳයි කියල තමයි මම දකින්නේ . මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ  මේ ලංකාවේ වාරණයන් ගැන නම් නෙවෙයි කලා මාධ්‍ය වල දුම් වැටි භාවිතාව හා බලපැම සම්බන්ධව . .සිනමාවේ මධ්‍යය අවදියේ ඉඳන්ම වගේ සිනමාව හරහා දුම්වැටි ප්‍රචාරණය කිරීම් සිදුවුනාය කිව්වොත් මං හිතන්නෙ මම නිවැරදියි , තමන්ගේ කථා තේමාවට අදාලව චරිත ගොඩ නැඟීමෙදී දුම්වැටි දර්ශන ඇතුල් කිරීමට අමතරව දුම්වැටි නිෂ්පාදකයින්ගේ  මුල්‍යාධාර මත  සිනමා පට නිපදවන්නත් ඒ හරහා චිත්‍රපටියේ වීර චරිත දුම්පානය  කරන්නන් විදිහට ඉස්මතු කරන්නත් 40/50 දශක වලදී පවා සිනමා කරුවන් කටයුතු කරල තියනව . වීර චරිත විතරක්ම නෙවෙයි සමහර සම්භාව්‍ය සිනමා නිර්මාණ හරහාත් දුම් පානය ආශ්වාද ජනක දෙය...

මර්ඩර් , බහු භාර්යා , එක මත් එක රටක සමඟින් දකුණු ආසියානු සිනමාවේ ශෘංගාරාත්මක රසවින්ඳනය

මාතෘකාවේ තියන චිත්‍රපටි නම් හොඳට අහල පුරුදු ඇති . මර්ඩර් 2 ගැන ඇතිවුනු ආන්දෝලනයත් එක්ක ඒ ගැනත් ඉන්දියානු සිනමාව හා අපේ සිනමාවේ ශෘංගාරාත්මක භාවිතාව ගැනත් මම කලින් වතාවක  ලිපියක් ලියුවා . ප්‍රතිචාර අඩු වුනත් ගොඩ දෙනෙක් බලපු ලිපියක් වුනු ඒ ලිපිය නොබලපු කෙනෙකුට මෙතනින් ගිහින් බලන්න පුලුවන් . ඒ ලිපියේ දිගුවක් විදිහට නොවුනත් ඒ කාරණාත් එකතු කරගෙන වඩාත් පුලුල්ව ශෘංගාරය හා  සිනමාවේ භාවිතාව  පිලිබඳ කථා කරන්නයි මේ සූදානම ශෘංගාරාත්මක රසය කලාවේ මූලාරාම්භයේ  ඉඳන්ම පැවතගෙන එන අංගයක් . දීර්ඝ ශිෂ්ඨාචාරයකට උරුම කම් කියන ඕනැම තැනකදි පෙරදිග අපරදිග  බේදයකින් තොරව ශෘංගාරය භාවිතාවේ තිබුනාය කියන එක රෝම - ග්‍රීක  ශිෂ්ඨාචාර වල විතරක් නෙවෙයි ඉන්දියාවෙන් පවා හමුවෙලා තියන ඉපැරණි චිත්‍ර හා මුර්ති වලින් පැහැදිලියි . අතීත කලා මාධ්‍යන් වල තත්වය එහෙම උනත් සජීවී රූප රාමු සහිත සිනමාවේදී නම්  අදාල සංස්කෘතීන්ට අනුගතව ශෘංගාරයේ භාවිතාව වෙනස් වුනු බව දකින්න තියෙයි (ඉන්දියානු සිනමාව සම්බන්ධයෙන් කතන්දරේ කලින් ලිපියෙදි  විස්තර කරල තියනව )  වැඩිහිටියන්ට පමනක් සීමා වුනු නිර්මාන ලා...

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදි...

දුෂ්ටයා කෙල්ලව පැහැරගෙන යත්දී කොල්ලාගේ ප්‍රතිචාරය - හොලිවුඩ් , බොලිවුඩ් , කොලිවුඩ් හා හෙලවුඩ් (සිංහල ) සිනමාවෙන් පෙන්නන විදිහ

ඊයේ ලිව්ව ලිපියත් සිනමාව ගැන , මේකත් සිනමාවම තමයි . හැබැයි මේක මම ටික කාලෙකට කලින් අහපු කතාවක් . අතිනුත් ටිකක් දාල තමයි ඔන්න කියන්න හදන්නේ . දුෂ්ඨයා කෙල්ලව පැහැර ගෙන යාම සහ කොල්ලාගෙ ප්‍රතිචාරය තමයි දර්ශනය (චිත්‍රපටියේ අවසාන ජවනිකාව ) හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් , සහ හෙල උඩ්(ලංකාවේ සිනමාව )  කියන සිනමා වන් වලදි මේක නිරූපනය වෙන්නේ කොහොමද කියන එකයි කතන්දරේ හොලිවුඩ් කොල්ලා ඇඟපත හොඳට හැදුණු දඩාර පොරක් , කෙල්ල සෙක්සි ලුක් එකක් තියන  කෙට්ටු පොරියක් .ඔන්න දැන් දුෂ්ටයාගෙ සෙට් එක කෙල්ලව හෙලිකොප්ටරයකින් පැහැර ගෙන යන්නයි සුදානම . කොල්ලගෙ උර හිසට වෙඩි වැදිලා බිම . දුෂ්ට ගැන්සියෙ ලොක්ක ගෝලය තුන් හතර දෙනාට උපදෙස් දෙමින් ඉන්නවා කෙල්ලවත් අල්ලගෙනම .. කෙල්ලත් බිම වැටිලා ඉන්න කොල්ල දිහා බල බල අරුගේ අතින් ගැලවෙන්න හදනව ඌට බැන බැන (සමහර වෙලාවට භාග කුණුහරුපෙනුත් ) . ඔන්න දැන් උපදෙස් දීල ඉවරයි දුෂ්ට බොසා කෙල්ල ඇදගෙන හෙලිකොප්ටරේ ගාවට යනව (මේ වෙලාවෙදි කෙල්ලගෙ ගවුම  හෙලිකොප්ටරේ හුලඟ නිසා සැහෙන උඩ යන්න එහෙම පුලුවන් ). ඔය අතරදි බිම වැටිල ඉන්න කොල්ලා ටිකක් එහාහින් තියන තුවක්කුවක් (ඔව් මැශින් ගන...