Skip to main content

Posts

Showing posts from 2014

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

මූඩි අන්කල්ගේ ශ්‍රි ලංකා විසිට් එකේදි කල කිව යුතු දැ ලයිස්තුවක්

අපේ තුමා අල්ලපු වැටේ මුඩි අන්කල්ට විසිට් එකකට අඬගහලාය , අපේ තුමාට වැඩ රාජකාරි අස්සේ අමතක වුනොත් ප්‍රයෝජනයට ගන්නට පුලුවන් ලයිස්තුවක් (චෙක් ලිස්ට් එකක්) පහල තියනවාය . ඒ මූඩි අන්කල්ගේ විසිට් එක අතර තුරදී කල කිය යුතු දැ ගැනය 01) මූඩි අන්කල්ගේ ප්ලෙන් එක **තලින් ගොඩ බැස්ස වීම - වනාන්තරයක් මැද , හුදකලා වූ ගුවන් තොටුපොලක මහිමය මුඩි අන්කල්ට අවබෝධ කරදිය හැක 02) **බන්තොට වරායේ සංචාරය - තමන්ට කැමති තැනක වරායක් සාදා , එයට බලහත්කාරයෙන් නැව් ගෙන්නාගෙන සාර්ථක කර ගන්නා ආකාරය පිලිබඳ වැඩ මුලුව 03) දිවා ආහාරය - බිෆ් හොඳි සමඟ කුරහන් තලප (සුද්දන්ට දුන් ලුණු මිරිස් මෝඩිට වැඩ කරන්නේ නැත ) 04) අධිවේගය දිගේ කොලඹට - කොංග්‍රස් ආණ්ඩුවෙන් ආරම්භ කල ව්‍යාපෘති "මෝඩි-ෆයිඩ්" කර නම ගසා ගැනීම පිලිබඳ ක්‍රැශ් කෝස් එකක් 05) රාත්‍රි ආහාරය - බිෆ් කොත්තු 06) ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සමඟ සුහද පිලිසඳර - කොංග්‍රසයේ ඉතුරුව ඇති මන්ත්‍රින් පනස් දෙනා ගෙන් විස්සක් ඇද ගන්නා ආකාරය පිලිබඳ රහසිගත වට්ටෝරුව හඳුන්වාදීම 07) අමතක සිල්වානන් සමඟින් කොලඹ නගර සංචාරය - වන්දි නොගෙවා පදිංචි කරුවන් ඉවත් කර ඉඩම් සමාගම් වලට බදු ද

ඇයි මීට කලින් වර්ල්ඩ් කප් එකක් දැකලා නැද්ද ?

දැකලා තියනවාය , ඒ අවුරුදු 18 කට කලින්ය . ෆයිනල් 4ක් පැරදීමෙන් පසුව , මැත කාලයේ භිතිකාවක්ව තිබු ඉන්දියාවටම ගසා 2011 රිවෙන්ජ් එකත් සමඟින් කප් එක ඉස්සීමේ ආතල් එක ගැන අටුවා ටිකා කියන්නට අවැසි වන්නේ නැය . ඒ නිසා මේ කියන්නට යන්නේ කප් එක ඉස්සීමේ අතුරු කථා කිහිපයක් ගැනය  අයි පි එල් විරෝධි ඕල්ඩ් ස්ටයිල් එකේ අර්ජුනගෙන් පසුව වර්ල්ඩ් කප් එකක් ලංකාවට ගෙනා නායකයා , ඔන්න මෙන්න දේශද්‍රෝහියෙක් වූ , අයි පි එල් සල්ලි වලට යට වුනා යැයි චෝදනා ලැබු මාලිංගයා වීමේ ආතල් එකද කප් එක ඉස්සිමෙ ආතල් එක තරම්ම  ලොකුය , මාලිංගට කුණු කථා කී එවුන් *ක මුට්ටු වී බලා සිටිත්දී උන්ගේ  අහවල් එකට මාලිංග යෝකරයක්ද දමා තිබුනාය ඒ අයි පි එල් නිසා ඉන්දියාවට ගහන්න ලේසි වුනා කියලාය . දෝනි ගේ ඇටෙම්ප්ටඩ් පොල් අඩි එකක්වත් හරි නොයන්නට මාලිංගට හේතු වුනේ අයි පි එල්මද , එපා වෙනකන් ඉන්දියාවත් එක්ක මැච් ගැහිල්ලද කියා දන්නේ නාථ දෙවියන් විතරය  හැබැයි , ඌ කියන එකට ප්‍රතිතර්ක ගෙන්න ට නම් ඉරිසියා කාර කුහකයින්ට බැරිය . බැරි වෙලා හෝ මැච් එක කැවා නම් මුන්ගේ පලවෙනිම ආඩාපාලිය වන්නේ කෝලියාගේ කැච් අතැරලා සල්ලි වලට තරඟය පාවා දුන්  එකා ගැන වීම නිසා මුන

I'm back with ක්‍රිකට් අනාවැකි

I'm back කීවාම ඉතින් අපිට **යැ කියන්නට හොඳටම ඉඩ ඇතත් මේ  අඩුම ගාණේ සතියකට එක ගාණේ වත් ලියන බලාපොරොත්තුවෙන් කරන පටන් ගැන්මක් නිසා නොකියාම බැරිය ,  හතරේ අතේ විවෘත වන අධිවේගි මාර්ග , අපේ තුමාට කෙලවන්නට විදුලි පුටුව රත්කරන  පර සුද්දන් , කොහේ ගියාද දන්නේ නැති ප්ලේන් එක , සංදියා ආච්චි , ෆෝම් වී ඇති  ජෙප්පන් , මණ්ඩලේ පිටින්ම කචල් අලි පාටිය ඇතුලු සියලු දේ අමතක කර මේ ලියන්නේ කිරි කැට් ගැනය . බුකියේ පෝස්ට් එක බ්ලොග් එකේ දැම්මාම හෙණ ගහණවාද ඇහුවේ අපේ මාතලන් බොසාය , මේ ගිනිකාශ්ටකේ හෙන ගහන්නේ නැති නිසා ඒ පොස්ට් එක  ගෙඩිය පිටින් මෙහි දමා තියනවාය 20-20 ලෝක කුසලාන අනාවැකි දිනයේ සාර්ථකත්වය ලබන එක ක්‍රිඩකයෙකු නිසා ප්‍රතිපලය වෙනස් විය හැකි අවිනිශ්චිත 20-20 තරඟ රටාව පිලිබඳ අනාවැකි කීම එතරම් සාර්ථක නොවුනත් , 20-20 ලෝක කුසලානයේ ශූරතාව ඒ ඒ රටට ඇති අවස්ථාව පහත පරිද්දෙන් ලයිස්තු ගත කල හැක දකුණු අප්‍රිකාව - මාගේ තේරීම අනුව මේ වන විට සිටින සාර්ථකම කණ්ඩායමයි . ලෝක කුසලාන තරඟවලි වලදි අසාර්ථක වීමේ සුපුරුදු සම්ප්‍රදායෙන් මිදීමට හැකි වුවහොත් සෛද්ධාන්තිකව කුසලානය සඳහා වඩාත්ම අවස්ථාව ඇත්තේ මොවුනටයි . ඩිවිල