Skip to main content

Posts

Showing posts from April, 2013

සුභ නව අලුත් අවුරුද්දක් - (මේ විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන )

සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි .සුභ අසුබ නැකත් පිලිබඳව හෝ එසේ නැකතට කටයුතු කිරීමෙන් අත්වෙන විශේෂ වාසියක්  පිලිබඳ මාතුල කිසිදු විශ්වාසයක් නැතත් ජාතියක් වශයෙන් අනෙන්‍යවූ සංස්කෘතිකාංගයක් වූ අවුරුදු උත්සවයටත් ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත් කමක් මා දකිමි .  පවුලේ සියලු දෙනා හැකි පමණින් එකතුව අවුර්ද්ද සමරන්නටත්  , පරණ තරහ මරහ අමතක කර ඥාති මිත්‍රාදීන් සහ අසල්වාසීන් සමඟින් සම්බන්දයන් අලුත් කරගන්නටත් , සංස්කෘතික අනෙන්‍යතාවයක් වශයෙන් සිංහල දෙමල අලුත් අවුරුදු  සම්ප්‍රදායන් මතු පරපුර වෙත ගෙනයාමටත්  සැම සියලු දෙනාම වග බලාගන්නේ නම් යහපත් බවද මේ මොහොතේ පවසනු කැමැත්තෙමි . සියලුම බ්ලොග් කරුවන්ටත්   , සිංහල බ්ලොග් කරණය වර්ණවත් කරනා නිර්නාමික ප්‍රතිචාර කරුවන්ටත්, ප්‍රතිචාර නොදක්වන නිහඬ පාඨකයිනුත් ඇතුලු  සිය්ලු දෙනාටම   තම සිතු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු කරගන්නට ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දකට ආසිරි එක් කරනා අතරම ,මාගේ බ්ලොග් කරණය නිසා වෙන් කුමන හෝ සිත් අමනාපයක් ඇති කරගත්තෙක් මේ අතර වේ නම් , ඒ සිතේ කහට අමතක කර නව වසරේ නව ප්‍රවේශයක් වෙනු

IPL6 , විරෝධතා , ක්‍රිඩාව සහ දේශපාලනය , චන්දිමාල් & අර්ජුන

අයි පි එල් තරඟ මාලාවේ 6 වෙනි අදියර උත්සවශ්‍රියෙන් අද දින ආරම්භ වීමට නියමිතය. දැඩි ආන්දෝලනයකින් පසු නුවන් කුලසේකරත් , අකිල ධනංජයත් හැර අන් සියලුම ක්‍රිඩකයින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වන බැව් මේ වන දැන ගන්නට ඇත . ඇතැම් මාධ්‍ය දිනේශ් චන්දිමාලුත් මෙම ගොඩට දමා අයි පි එල් යන්නේ ක්‍රිඩකයින් 10 ක් පමණක් යැයි පවසමින් සිය සමාන්‍ය දැනීමේ සහ අංක ගණිත දැනුමේ ප්‍රමාණය පල කලත් චන්දිමාල් යනු වෙනමම කථා කල යුතු මාතෘකාවකි . පසුගිය දින කිහිපය තුල මුහුණු පොතේ වැඩියෙන්ම ශෙයා වූ කාරණා අතර ඉහලින්ම තිබෙන්නේ ශ්‍රි ලාංකීය ක්‍රිඩකයින් අයි පි එල් තරඟ සඳහා සහභාගී නොවිය යුතු බවයි . විශේෂයෙන්ම මුහුණු පොත හරහා සිංහල- බෞද්ධ උරුමය රැක ගැනීමට වෙහෙසෙන බුකි ප්‍රේමින් අතර මේ විරෝධතාවයන් වැඩි වශයෙන් දක්නට ලැබුනි. ජයලලිතා, වයිකෝ, රැජිනි කාන්ත් වැනි අන්තවාදි ගොබ්බයින් සහ තමන් අතර කිසිදු වෙනසක් නොමැති බව සනාථ කල බොදු බලසේනාවේ ඥාණ සාර හිමියන් ගේ කුණු බිත්තර ප්‍රකාශයෙන් , මෙමෙ  විරෝධතාවයන්ගේ  පසුබිම කුමක් දැයි වටහා ගැනීමේ හැකියාව තිබේ ක්‍රිඩාව දේශපාලනය සහ ජයලලිතා  "ආසියාවේ ආශ්චර්ය" වීමට දඟලන ශ්‍රි ලංකාවෙ මෙන්ම ,