Skip to main content

Posts

Showing posts from October, 2011

පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉන්න ගම රාලයි ගම මහගෙවයි දැක්කද ?

ඔය උඩින් තියන  පොටෝ රාජයා මොකක්ද කියල දන්නවා ඇතිනේ . අපේ මහරජතුමා , එංගලන්තේ මහ රැජිණිව මුණ ගැසීම ( රාජකීය හමුවක්  ) . ඔය ෆෝටේ එකත් "ෆොටෝ සාප්පු" වික්‍රමයක්ය කියල කියනව , අනේ මන්ද මම නම් ඔය දේශද්‍රෝහි කථා කියන්න යන්නේ නැ .( මෙතනින් ගිහින් කැමති කෙනෙකුට ඒ කථාව බලාගන්න පුලුවන් . ) මම අවධානය යොමු කරන්නෙ ඔය ෆෝටෝ එකේ අපේ ජනාධිපති තුමාටත් ආර්යාවටත් පිටිපස්සෙන් ඉන්න රාජ්‍ය නායක කපල් එක ගැන . ඔය කැතට ඊතල දෙකක් ඇඳල තියෙන්නෙ ඒ දෙන්නට . මොකද හිතෙන්නෙ  ලංකාවේ කපු මහත්තයෙකුයි නෝනා මහත්තයයි වගේ නේද . එහෙමත් නැත්නම් ගමරාලයි ගමමහගෙයි වගේ කියලත් කියන්න පුලුවන් නේද ? මට නම් පේන්නේ ඒ විදිහට තමයි . ලංකාවේ ග්‍රාමීය ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසිලා ඉන්න මේ ඩබල මොන රටේ  අයද කියල කවුරු හරි කෙනෙක් දන්නවද  ?

ලංකා සී නිවුස් බයවෙලාද???

ශ්‍රි ලාංකීය දේශප්‍රේමී ජනයා අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ලංකා සී නිවුස් අඩවිය එහි ඵලවන රසවත් ප්‍රතිචාර නිසා වඩාත් ජනප්‍රියය . අහෝ ඛේදයකි !! ලංකා සී නිවුස් දැන් ඇතැම් ලිපි වලට ප්‍රතිචාර ඵ්ල කිරීම අත්හිටුවා ඇත . ගරු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයක් පිලිබඳ සටහන් කර ඇති මෙම ලිපියට     2011 ඔක්තෝබර 25 දින උදැසන 10 42 වන තෙක්ම ප්‍රතිචාර පල කිරීමේ අවස්ථාවන් ලබා දී නැත . (පහත පලවන රූපයෙන් එම වෙබ් පිටුව එසේ ප්‍රතිචාර වාරණය කර ඇති ආකාරයත් , දෙවන රූපයෙන් , එම වෙබ් අඩවියේ ප්‍රතිචාර පල කල  හැකි එහෙත් ප්‍රතිචාර කිසිවක් මෙතෙක් සටහන් නොවූ  පිටුවක  රුපයකුත් දැක්වේ ) . තම පාඨකයින්ගේ නිදහස් අවංක හැඟීම් එලෙසින්ම සටහන් කිරීමට කවදත් ඉඩ ලබා දුන් සී නිවුස් කතෘ තුමනි ,මේසේ පාඨකයින්ගේ "ප්‍රතිචාර ඵ්ල කිරීමේ අයිතියට" වැට බඳින්නේ . ඔබතුමා බයවෙලා ද?බයකරලාද?

ගඩාෆි අන්කල් වෙත අපායට ලියුමක් !!!

ආදරණීය ගඩාෆි අන්කල් , මීට මාස දෙකකට කලින් මම අන්කල් ට එවූ ලියමන ලැබුනාද ? .  ලියුම  ඔහෙට එනකොට අන්කල් ටිරිපෝලියෙන් මාරු වෙලා නිසා ලැබෙන්න නැතුව ඇතිය . අන්කල් ලාට නොතේරේන මගෙ චූටි මොලේට තේරෙන උපදෙසුත් ඒකේ ලිව්වාය . අපරාදේ ඒක ලැබුනා නම් අන්කල්ට බේරෙන්නටත් තිබුනායා . කොහෙද අන්කල් බක පණ්ඩිතයා වී ඉල්ලං කා ගත්තාය . ලිබියාවට නම් ලියුම් එවන්නට පට්ට ලේසිය මුද්දර තොගයක් ගහල පෙට්ටියට දාන එක විතරය .අපායට එහෙම බැරිය. මේ ලියුම එවන්නේත් බුදු ගේමක් දීලාය . දීවිය ලෝකෙට නම් නාථ දෙවි අංකල් අතේ ලේසියෙන්ම ලියුමක් යැව්වැකිය . අපායට ලියුම් ගෙනියන බල්ලෙක් වත් අපේ ආශ්චර්ය දීපේ හොයා ගන්නට නැය . මේ ලියුම එවන්නේත් නාථ අංකල්ට ආසනික් බෝතලයක පගාවක් දීලාය .නැත්නම් ඌ මලාට අපායට ලියුම් ගෙනියන්නට කැමති නැය. කලින් ලිපියේ කිව්වා වගේ මමත් අම්මාත් අන්කල්ට ගෝඩාක් ආදරේය , ඒ අන්කල් අපේ ආඩමබරකාර පියා අන්කල්ගෙ යාලුවෙක් නිසාමය . අන්කල් මැරුණ එක ඇහුව  වෙලේ අම්මාත් මාත් හොඳටම ඇඬුවෝය . අම්මා ඇමරිකාවට පලි නොගැහුවා විතරය . අඬන ගමන් හිල්ලුවේම "ලෝකෙට තවත් දේශප්‍රේමියෙක් අහිමි වුනා කියාය " අලි පක්ෂේ නායක තුමා වගේම අපේ ත

ලංකා ඊ නිවුස් සහා ලංකා නිවුස් වෙබ් වාරණය කරයි ......ලැජ්ජයි

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියටත් , ලංකා නිවුස් වෙබ් අඩවියටත් ශ්‍රි ලංකාවේ ග්‍රාහකයින් ඇතුල් වීම ප්‍රධාන අන්තර්ජාල සැපයුම් කරුවන් දෙදෙනා විසින් නවතා දමා ඇත, ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මේ පිලිබඳ ලිපියක්ද පල කර ඇති අතර , ඔවුන් සඳහන් කරනා එක් අන්තර්ජාල සම්පාදකයෙකු තුලින් ලංකා නිවුස් වෙබ් වලටද පිවිසිය නොහැක . මේවායේ මාධ්‍ය භාවිතාවන් පිලිබඳ ගැටලු තිබිය හැක.(මා හටද බොහෝ ප්‍රශ්නාර්ථයන් ඇත )  නමුත් අධිකරණ නියෝගයකයින් තොරව හොර පාරෙන් කරනා වාරණයන් යනු සැබවින්ම  අසික්කිත ක්‍රියාමාර්ගයන්ය , යම් වෙබ් අඩවියකින් සිදුකරනා මඩ ගැසීමක් වේ නම් අධිකරණය හරහා නියෝගයක් ලබාගෙන අදාල වෙබ් අඩවි  බාධා කල හැක . නමුත් එසේ නොකර සිදු කරනා මෙවැනි දැ වලින්  පැවසෙන්නේ ඒ  ප්‍රවෘත්තීන් සත්‍ය නිසා බියවී ඇති බවද?? . දිගට හරහට අසභ්‍ය වෙබ් අඩවි බ්ලොක් කිරීම නිසා පොඩි එකෙකු වුවත් බාධක වලින් රිංගා යැමට ක්‍රමයන් දන්නා හෙයින් අදාල වෙබ් අඩවි වලට එතරම් පාඩුවක් සිදු නොවනු ඇත ,  ( යම් හෙයකින් අදාල සමාගම් මෙසේ කරන්නේ තාක්ෂනික දෝෂකින් නම් ඒ බැව් වහා පැවසිය යුතුව ඇත ) කියන්නට ඇති එකම දෙය නම් "ලැජ්ජයි" යන වදනයි , ඊ නිවුස් , නිවුස්

මේ ලියවෙන්නෙ සියවෙනි සටහනයි

මේ සියවෙනි ලිපිය , අවුරුද්දකුත් මාස තුනක්  විතර වෙන බ්ලොග් කරණයේදී සියවෙනි ලිපිය කියන්න පුද්ගලිකව වැදගත් මොහොතක් , ඒ සතුට බෙදා හදාගන්න තමයි මේ සූදානම . වසරක් සම්පූර්ණ වෙච්ච වෙලාවෙදි මගේ බ්ලොග් කරණ අතීතය ගැන සටහනක් තිබ්බා , ඒ නිසා ඒ ගැන සඳහන් නොකර  වෙනත් කාරණා ටිකක් තමයි  සටහන් කරන්න යන්නේ 100 පිරීමේ සතුට නිමිත්තෙන්. ඔය උඩින්ම දාල තියන රූපේ තමයි මගේ ස්ටැට් කවුන්ටරය , මේ ලිපිය ලියන්න පටන් ගන්න සුලු මොහොතකට කලින් දත්ත තමයි ඔය වාර්ථා වෙලා තියෙන්නෙ (ඡායාරූපය මත ක්ලික් කලාම විශාලනය වෙයි ) පහල තියෙන්නෙ රූපයේ ඇති/ නැති මූලිකම තොරතුරු මේ දක්වා මුලු පිටු නැරඹුම් සංඛ්‍යාව 41 927 වැඩිම පාඨකයින් ගාන ලාංකීය සිතුවිලි හරහා 2620 ඊලඟ පාඨක සංඛ්‍යාව කොත්තුවෙන 1970 ,  ඊලඟට අනුපිලිවෙලින් සිංහල බ්ලොග් කරුවන්ගෙ සංසදය 1218 ,ඉතාම මැතකදි මම එකතු වුනු අඹගහයටින් 776, මූණු පොතෙන් 464(මේ සියල්ලම පාඨකයින් ශෙයා කරපුවා ) කතන්දර සුරින්ගෙන් 437 හත්මාලුවෙන් 302ක් සහ බ්ලොග් ගඩොල් වලින් 162 ක් තමයි ඉහලින්ම සටහන් වෙලා තියෙන්නෙ .ඊට අමතරව බ්ලොගයේ අඩංගු විජට් හරහා පරණ ලිපි වලට යොමුවීම් සංඛ්‍යාව 2000කට වැඩියි මම දා

ලේසිම සහ මෝඩම උත්තර දෙක- "ක්‍රමයේ වැරැද්ද " සහ " කොයි එකාත් එකයි"

මේ දවස් වල  මතුවෙලා තියන  වාතවරණයත් එක්ක ලංකාවේ දේශපාලනය ගැන විවිධ පාර්ශවයන් අදහස් දක්වන්නට පටන් අරගෙන තියනවා කිව්වොත් නිවරදියි . මෙතනදි මූලික වශයෙන්ම ඇහෙන පිලිතුරු දෙකක් තියෙයි  ඉන් පලවෙනි එක තමයි "ක්‍රමයේ වැරැද්ද" දෙවැන්න "කොයි එකත් එකයි" කියන එක . දේශපාලන ක්ශේත්‍රයේ ඉන්න අය විතරක් නෙවෙයි බ්ලොග් කරණයේ ඉන්න අයත් ඔය කාරණාවන් ගැන අදහස් දැක්වීම් කරල තිබුනා ඒ අතර මාතලන් , මාරයා සාතන්  සහෝදරයින්ගේ   ලිපි ත් අන්තර්ගතයි (නමට සම්බන්ධ කර ඇත්තේ අදාල ලිපි වේ )   මොකක්ද මේ වැරදියි කියන ක්‍රමේ ?? ජේ.ආර් ජනාධිපතිවරයා හඳුන්වාදීපු විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමය තමයි මේ ක්‍රමයේ වැරැද්දට බැනුම් අහන්නේ . ජනාධිපතිවරණයක් කිට්ටු වෙත්දී විවේචනයට ලක්වෙන විධායක ජනාධිපති ක්‍රමය නම් ඊට පස්සේ කරලියට  නොයෙන්නෙ දිනන පුද්ගලයා මොකා උනත් විධායක ජනාධිපති පෝස්ට් එකේ බලතල වලට ආශ කරන නිසා . විධායකය අයින් කරන්න කියල ආපු චන්ද්‍රිකා   මැතිණිය සහ රාජපක්ෂ මැතිතුමා ඒක නොකලෙත් , රාජපක්ෂ මහත්තය ඒක තවත් ශක්තිමත් කලෙත් අන්න ඒ නිසා . ඒ විතරක් නෙවෙයි ඕක අහෝසි කරනවා කියල උඩ පැන්න සරත් ෆෝන

චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුරංගනී එල්ලාවල අසමත් වූ දෙය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනගනිවිද ?

" ඒ ආදරණීය ජන නායකයා වෙනුවෙන් අපි නැගී සිටිමු, ලකී අයියා වෙනුවෙන් අපි නැගී සිටිමු,අපේ ආදරණීය පියාණන් වහන්සේ වෙනුවෙන් අපී නැගී සිටිමු . තීරණය ඔබ අතේ........" ඉහතින් දැක්වෙන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය තම පියාණන් වෙනුවෙන් කල කථාවේ පල කල අදහස් බිඳකි  . අයුක්ති සහගත ලෙස මිය ගිය තම පියාණන් වෙනුවෙන් හඬ නැගීමේ   ඈ සතු ශුද්ධ වූ අයිතිය ප්‍රශ්න කිරීමේ හැකියාවක් මා හට නැතත් , මදකට අතීතය දෙස හැරී විමසීමක් කල යුතු යැයි සිතේ භාරත ලක්ෂම්න් මහතාගේ ආරම්භක දේශපාලන සගයා වූ විජය කුමාරනතුංගයන් මියගියේ , ඔහුගේ සැබැ මානුෂවාදී දේශපාලනය නොරිස්සු ජවිපේ මිනිමරුවන් අතිනි . දස දහස් ගණන් ජනයා විජය වෙනුවෙන් එක්වූ අවමංගල්‍ය උත්සවයේදී , ඔහුගේ දේහය මත අත තබා චන්ද්‍රිකා කුමාරනතුංග මැතිණිය ශපථ කලේ විජයගේ දර්ශනය ඉදිරියට ගෙන යාම වෙනුවෙනි . කාලයාගේ ඇවැමෙන් ඇය සිරිලකෙහි ජනපතී වූ මුත් ඒ විජයගේ දේශපාලන ගමන් මග තුලින් නොව ඇයගේ මා පිය  උරුමය වූ නිදහස් පක්ෂයෙනි . නිදහස් පක්ෂයෙන් ජනපති පුටුව කරා පියමන් කලත් විජයගේ ප්‍රතිපත්තීන් ඉටු කිරීමේ ලා කිසිදු   බාධාවක් ඇය හට තිබුනේ නැත (භාරත ලක්ෂ්මන් මහතා ඇතුලු බොහෝ විජය

පලාත් පාලන ඡන්දයෙන් මහින්ද විතරක් නෙවෙයි රනිලුත් දිනුම්

පලාත් පාලන ඡන්දය අවසන් වුනත් ඒත් එක්ක ඇතිවුන දේශපාලනික උණුසුම නම් තාම  එහෙමමයි . ඡන්දය ගැන මගේ ස්ථාවරය කලින් ලිපි 2කින් ඉදිරිපත් කලත් ඉරිදා , සඳුදා සහ අද මුණගැසුනු වීවිධ පුද්ගලයින් එක්ක ඔය ගැන කරපු කථා බහ වලදී මතුවුනු කාරණාත් ඒත් එක්ක මට හිතුනු කරුණු කාරණාත් එකතු කරලා ඒ ගැන තවත් යමක් එකතු කලොත් හොඳයි කියල හිතුනා , ඒ තමයි ඡ්න්දයේ ජයග්‍රාහකයින් ගැන .  කොලඹ හැර රටේ අනිකුත් තැන් වලදී සන්ධානය ලබපු ජයග්‍රහනයේ ප්‍රධාන උරුමක්කාරයා වෙන්නේ මහින්ද  රාජපක්ෂ මහත්තය කියන එක අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නෙ නැ. නමුත් මහින්දගේ ජයග්‍රහණය අතරම තවත් කෙනෙක්ගේ ජයග්‍රහනයකුත් සටහන් වෙනව . ඒ රනිල් වික්‍රමසිංහ මහත්තය ගේ . කොහොමද එහෙම වෙන්නේ ? රාජපක්ෂ පවුලේ උත්සහය  රනිල්ට පරදියි  ඡන්ද විමසීම ආයතන විසි තුනකට පැවැත්වුනත් රටේම අවධානය යොමු වෙලා තිබුනේ කොලඹට . මොකද  සන්ධාන රජය තමන්ගේ පූර්ණ උත්සාහය දැරුවේ කොලඹ නගර සභාව ජයගන්න . දේශපාලනික කථා බස් වලදී වැඩ අනාගන්නේ නැති පුද්ගලයෙක් විදිහට ප්‍රසිද්ධ මහින්ද රාජපක්ෂ ජනාධිප්ති තුමාම තැන් කිහිපයකදිම අපි අනිවාර්යයෙන්ම කොලඹ දිනනවා කියල කියත්දි  බොහොම දෙනෙකුට හිතුනේ මේ

ඇන්දෙනවාද? අන්දනවාද ? - දෙවන කොටස

අන්දවන්නන් සහ ඇන්දෙන්නන් ගැන ලියූ  ලිපිය සම්පූර්ණ කල යුතුව ඇත , මන්ද මේ වන විට ඇන්දූවන්ගේ සහ ඇඳගත්තවුන්ගේ  කතන්දරය හමාර වී ඇත , එපමණක් නොව මා කලින් ලිපියේ අවසානයට සඳහන් කල ජාතික තලයෙ ඇන්දවීම් ගැනද දැන් කථා කල හැක මහනුවර ජනතාව නම් තෙල් ළිං සහ අහස් යාත්තරා පිට්ටනි වල ඇන්දී ඇති බවක් පෙනෙන්නට ඇත . දැන් ඉතින්  නුවර වැවට යටින් අඩියකට ලක්ෂ 50 ක් වැය වෙනවා යැයි එස්.බී ඇමතිතුමා ගනන් බැලූ උමං මාර්ගය ඉදිවනු ඇත , නුවර වැසියන් කටුණායක නැවිත්  කටුගස්තොටින්ම ගුවන්ගත වනු ඇත සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වූ පිරිස් සිටියේ බරපතල ඇඳගැනීමකය ,කට හැකර වූ පලියෙන් තමන් මාර පොරවල්  කියා ජාතික මට්ටමෙන් ඇඳගත් මොවුනට  දැන් ඒවා ගලවා දමා නිරුවත් වීමට සිදුව ඇත . කෝට්ටේ  සහ මාතරදී එජාපයට අලගු තබන්නටවත්  ඔවුනට හැකීවී නැත . එපාජයෙන් තොරව තමාගෙ ප්‍රතිරූපයට පැවැත්මක් ඇතැයි සජිත් මහතාත් ඇඳගෙන සිටියේ නම් ඔහුටද එම ඇඳුම් ගලවා දැමීමට සිදුවනු ඇත රටේ  බොහොමයක් ප්‍රදේශවල නාගරික ජනතාවත් රජයේ ගමන් මග අනුමත කර ඇත ,  එ නිසා පාරවල්; කොන්ක්‍රිට්, වරායන් අධිවේගී මාර්ග මෙන්ම බාල් පෙට්‍රොල් , සිමෙන්ති ආදියද සභා සම්මතය .මේකට ඇඳගැනීමක

ඇන්දෙනවාද ? , අන්දනවාද ?

අන්දවන්නන්ගේ සහ ඇන්දෙන්නන්ගේ ඉරණම තීරණය වන්නේ හෙටයි පැල්පත් නිවාස ෆ්ලැට් කරගැනීමට ඇන්දෙන පිරිසක්ද  හෙට සිටිති , ඔවුන් සන්ධානයට කතිරය ගසනු ඇත , තමන්ගෙ නිවාස කුඩු කිරීමට එරෙහිව පාරේ  බුදියගෙන තමන්ව බේරා ගන්නා වීර මුසම්මිල් ගැන සිහින දකින්නන් එජාපයට ඡ්න්දය දෙනු ඇත . කුණු අරන් දාන්නම් , පාරවල් හදන්නම් , සිංගප්පූරුවක් කරන්නම් කථා බහට ත් ඇන්දෙන මිනිසුන් සිටිනු ඇත ඔවුන් අවුරුදු ගානක් ඡ්න්දය දුන් අලියා අත හැර බුලත් කොළයට බසිනු ඇත වසර 50  ගනන්ක් තිස්සේ නගර සභාව පාලනය කලත්  නොකල දේවල් මුසම්මිල් කරනු ඇතැයි කියා ඇන්දෙන අය එජාපයටම ඡන්දය දීමට ඉඩ ඇත නුවර නගරයේ තදබදය නගරයේ ස්වාභාවය නිසා ඇතිවූවක් බව දැන දැනත් එය නැති කිරීමට හැකියි සිත ඇන්දෙන අයත් , නුවර හදන  ගුවන් තොටුපලෙන් රට යැමට බලාගෙන ඇන්දෙන අයත් සංධානයට  කතිරය ගසනු ඇත සජිත්  මහතාව නායක  කලොත් එජාපය දිනනවා කියා ඇන්දී ඇති  යුඇන්පී පොරවල් මාතරදී හා කෝට්ටේදී අදාල ස්වාධීන පක්ෂවලට කතිරය ගසනු ඇත . අනිල් පලාත්වල ගෙවල් වලට වී  තමන්ගෙ වැඩක් බලා ගනු ඇත  තමන්ගේ කලින් පාලන කාලයෙදී නගර සභාවේ වැසිකිලියෙන් පවා  බකයා ගැසූ උන්ගේ "සුපිරිසිදු අව

දක්ෂ කතා කරුවෙකු අවශ්‍ය කර තිබේ ....

ශ්‍රි ලංකා පොලිස් සේවයේ නිත්‍ය සේවය සඳහා , නිර්මාණශීලිත්වයෙන් පරීපුර්ණ පුද්ගලයෙකු "කථා නිර්මාණය කරන්නෙකු" වශයෙන් බඳවා ගැනීම සඳහා  අවශ්‍ය කර තිබේ . සිංහල ලිවීමේ සහ කියවීමේ හැකියාව තිබීම පමණක් සැහෙන අතර අවම වශයෙන් 8 වන ශ්‍රේණිය සමත්ව තිබිය යුතුය (ශිෂ්‍යත්වය සමත් වීම අනිවාර්ය නොවේ ) . උස හෝ පෙනීම පිලිබඳ නිර්ණායකයක් නොමැතිමුත් මේසයක පුටුවක වාඩීවී යමක් ලිවීමට තරම් උසත්, ලියන දෙයක් කියවා ගැනීමට තරම් පෙනීමත් තිබිය යුතුය ජේම්ස් බොන්ඩ් හෝ එවැනි ත්‍රාසජනක චිත්‍රපට , නවකථා රසිකයෙකු වීම විශේෂ සිදුකමක් වන අතර සැක කරුවෙකු අත් අඩංගුවට පත්වූ පසු කරන කියන දැ පිලිබඳ පරිකල්පනය කිරීමේ  හැකියාවක්ද තිබිය යුතුය . ලියනා සැම කථාවකම අවසානය සැක කරුවා මිය යාම වන මුත් කථාව එකිනෙකට සම්පූර්නයෙන්ම වෙනස් විය යුතුය ඉහත සුදුසු කම් සපුරන ඕනැම අයෙකුට තම  අයෙදුම් පත් පහත ලිපිනයට  එවිය හැක කථා නිර්මාණ අංශය ශ්‍රි ලංකා පොලිසිය සියබලාණ්ඩුව P.S -  http://www.adaderana.lk/news.php?nid=15254

රාජකාරිය බල්ලාට දමා බලු වැඩ තම රාජකාරිය කරගත් "ලංකාවේ අපේ පොලිසිය "

සිවිල් සමාජයේ නීතිය හා සාමය වෙනුවෙන් ප්‍රධාන වගකීම හිමිවන්නේ පොලිසියටය . එය  මුදල් පසුම්බියක් හොරකම් කිරීමේ සිට මහා දැවැන්ත බැංකු මංකොල්ලයක් දක්වාත් , වාචිකව කරනා තර්ජනයක සිට  දරුණු මිනීමැරුම් දාමයක් දක්වාත් අති  විශාල පරාසයක විහිදෙන්නකි .  නමුත්  ජනතාවගේ අවාසනාවට මේ වගකීම් නිසි ආකාරව ඉටුවීමක් ශ්‍රි ලංකාවේ දක්නට නැත . පර්ස් එකක් තබා රත්තරන් මාලයක් කැඩීම ගැනවත් පොලිස් පොතේ ලියවෙනා සටහන් වල ඇති කිසිදු ප්‍රායොගික වැදගත් කමක් වර්ථමානයේ දක්නට නැත . මෙවැනි පැමිණිලි වෙනුවෙන් පොලිසිය ක්‍රියාත්මක වීමට නම් පීඩිතයා අඩුම තරමෙ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රි කෙනෙකු හරහාවත් බලපැමක් කල හැකි අයෙකු විය යුතුය . නැතිනම්  ආර්ථික වශයෙන් හයි කාරයෙකුගේ සම්බන්ධයක් තිබුනය යුතුය . ඉන් මෙහා  කිසිදු පැමිණිල්ලක් වෙනුවෙන් පොලිසියේ ක්‍රියාත්මක වීමක් නැත . සමහර ප්‍රදේශ වල චේන් කඩන්නන් පොලිස් නිලධාරින්ගෙ ගජ මිතුරන් බවටද  රාවයන් ඇත දැවැන්ත මංකොල්ලයන්  වල සැක කරුවන් ප්‍රමාද වී හෝ අත්  අඩංගුවට පත් වේ , ඒත් රහස් පොලිස් මැදිහත් වීම් ආදිය සමඟිනි , නමුත් සාමාන්‍ය මිනිසෙකුගේ නිවසක් කොල්ල කැ කල්ලියක් ලේසියෙන් අත්  අඩංගුවට  පත්වන