Skip to main content

Posts

Showing posts from April, 2011

BCCIය මුදල් නවතයි? ටෙස්ට් සංචිතයේ නැති මාලිංගත් කැඳවයි? සහ බුවාගේ අවසන් "ශ්‍රි ලංකා ක්‍රිකට්" ලිපිය ?

UPDATE - පහත තියන සබැදි දෙකත් එක්ක මේ ලිපිය 100% ක් වලංගු නොවෙන තත්වයක් මතුවෙනව (සමහර විට) ,නමුත් තවදුරටත් අදාලවෙන කාරණා කිහිපයකුත් නැතුවාම නෙවෙයි .ඒ දෙක පරීක්ෂාකරල කැමති නම් විතරක්  ලිපිය කියවන්න . අපහසුතාවයක් උනා නම් සමාවෙන්න ! http://www.espncricinfo.com/srilanka/content/story/512111.html?CMP=chrome http://timesofindia.indiatimes.com/sports/cricket/ipl-2011/news/Sri-Lanka-relents-allows-players-to-stay-in-IPL-till-May-18/articleshow/8048162.cms මගේ අවසාන ලිපි දෙකටම අදාලව කරුණු කාරනා දැන් සිද්ද වෙලා හමාරයි. ඒ කියන්නෙ අලුත් ක්‍රිකට් නායකයෙක් පත්කරල අවසන් වගේම මැයි 5 ට කලින් ශ්‍රි ලාංකීය ක්‍රිඩකයින් අයිපීල් අත්හැර දමා පැමිණීම ස්ථිරයි . මම දිල්ශාන් නායකත්වයට සුදුසෙක් විදිහ්ට නොදැක්කත් ක්‍රිඩකයෙක් විදිහට ඔහුට තියන ගෞරවය නිසාත් , ඔහුගේ පත්වීම තවමත් එංගලන්ත සංචාරයට පමනයි වලංගු කියන නිසාත් ඒ ගැන  වැඩි යමක් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ . ඒත් අයිපීල් සම්බන්ඳ කාරනයේ තව කතා කල යුතු දේවල් තියනව කියල මට හිතෙනව http://www.adaderana.lk/news.php?nid=12883 http://www.adaderana.lk/news.

IPL ගිය ක්‍රිඩකයින් ආපසු කැඳවීම , වෙන්කඩේ VIP කම අහිමි වීමට පලිගැනීමක්ද ?

අවුරුදු දවසෙ අවුරුද්ද වෙනුවෙන් යමක් ලියන්න හිටියත් , අද උදේ දැක්ක මේ ලිපියත් එක්ක මේ ගැන කෙටි සටහනක් උනත් නොලියා බැ කියල හිතුනා . පහලින් තියන ලින්ක් දෙකෙන් මම කියන් කාරණයට අදාල ලිපි දෙකටම යන්න පුලුවන් , http://www.adaderana.lk/news.php?nid=12774 http://timesofindia.indiatimes.com/sports/cricket/ipl-2011/news/Lanka-orders-Indian-Premier-League-players-back-home/articleshow/7967444.cms මේ වාර්ථා වල හැටියට අයිපීල් තරඟාවලියට සහබාගි වෙලා ඉන්න ලාංකික ක්‍රිඩකයින්ට එංගලන්ත සංචාරය වෙනුවෙන් මැයි මාසය මුලදි ලංකාවට එන්න සිද්ධ වෙනවා, මේ සඳහා හේතුව විදිහට ඔවුන් දක්වන්නෙ අනිකුත් තරඟ වලට කලින් රට වෙනුවෙන් තරඟගැන අවධානයට ලක්විය යුතුයි කියල . රට වෙනුවෙන් තරඟ කලයුතුයි කියන එක ගැන නම් විවාදයක් නැහැ ,නමුත් ඒ බව දකින්නෙ දැන්ද? මීට මාසයකට  විතර කලින් අයිපීල් ගිවිසුම් අත්සන් කරන්න කලින් ක්‍රිඩකයො දැනුවත් කරේ නැත්තේ ඇයි ? ලෝක කුසලාන අනුශූරයන් උන කණ්ඩායමක පලපුරුදු ක්‍රිකඩකයින්ට පුහුණු සැසියකින් තොරව එංගන්ත සංචාරයට ක්‍රිඩා කරන්න බැරිද ?  මේව තමයි මට නම් පැන නැගෙන ප්‍රශ්න , මොකද ලංකාව මේ වෙනකම් දරපු අයිපීල

සංගලාගේ ඉවත් වීම , අලුත් නායකත්වය, ලංකාවෙ ක්‍රිකට් අනාගතය සමඟින් දිල්ශාන් සහ ඇන්ජලෝ

අපේ සංගක්කාර නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් එක්ක , ශ්‍රි ලාංකීය ක්‍රිකට් ලෝලීන් ට ප්‍රශ්න ගනනාවක් පැණ නැගුනා . ඇයි සංගා අයින් උනේ? කවුරු හරි බල කරලද ? තේරීම් කමිටුවත් එක්ක වලියක් ද ? ඇතැම් ප්‍රෙක්ෂකයො තරඟෙ පැරදීම එක ගැන කරපු චෝදනාද ? නැත්නම් අපි නොදන්න වෙනම හේතුවක්ද ? සංග ගියොත් ඊලඟ නායකය කව්ද ? දිල්ශාන් ද ? ඇන්ජලෝද?  ...... ඔය ප්‍රශ්න වලට   උත්තරයක් විදිහට සංගා නම් කිව්වෙ මේක තමන් ගොඩ කාලෙක ඉඳන් හිතාන හිටපු දෙයක් මිසක් හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි කියල . ඒ අතරම මහේල ජයවර්ධන ත් අද උප නායකකමෙන් ඉල්ලා අස්වෙන්න ලිපිය්ක් බාර දීල තියනව . මේ දෙන්නා තනතුරුවලින් ඉවත් වෙන්නේ ඇයි කියන කාරනය ගැන ඒ අය කියන දේවල් ගැන පමණක් විශවාසය තිබ්බත් ක්‍රිඩා ලෝලීන්ට මතුවන ගැටලු කිහිපයක්ම තියනව , මේ සිදුවීමත් එක්ක ලංකාවෙ ක්‍රිකට් අනාගතය මොන වගේ වේවිද ? ඊලඟ නයකය කව්ද ? 2012 විස්සයි විස්ස කප් එකට මොකද වෙන්නෙ ? 2015 ට මුහුන දෙන්නෙ කොහොමද ? ඔය ආදී වශයෙන් , සංග ත් මහේලත් අයින් වුනේ ඇයි කියන එක ගැන  සුලු වශයෙනුත් ඉතුරු කාරණා ගැන ටිකක් විස්තර වශෙයෙනුත් හොයා බලමු සංගා හා මහේල ගේ ඉවත් වීම  බොරු කට කතා චෝදනා රශියක් එක්ක බැ

වර්ල්ඩ් කප් එක ඉවරයි දැන් බලමු IPL - IPL තරඟාවලියේ පෙරවදන

ඉගෙන ගන්න කට්ටිය ක්ලාස්/ලෙක්චර්ස් කට් කරගෙන , ජොබ් කරන අය ෂෝට් ලීව් දාගෙන බලපු ලෝක කුසලානෙ නම් ඉවරයි ඕං. දැන් ඉතින් රු 10 ක් වැඩියෙන් බයිසිකලේට තෙල් ගහගෙන රුපියල් දෙසිය ගානකින් වැඩිඋන ගැස් ගෙන්න යන්න තමයි තියෙන්නෙ . ඒ එන අතර මඟදි කිරි පිටි පැකට් දෙක තුනකුත් ගන්න වෙයි ගාන වැඩි වෙන්න කලින්  , හැබැයි ඉතින් ක්‍රිකට් ම බලන්න ඕනිය කියල හිතෙනව නම් ඒ අයට පුලුවන් අප්‍රේල් 8 වෙනිද ඉඳන් IPL තරඟාවලිය බලන්න . IPL තරඟාවලිය ගැන පෙරවදනක් විදිහට තමයි මේ ලිපිය ලියවෙන්නෙ ලෝක කුසලානය නිසා බැලුවට , ලිපි ලිව්වට මගේ ප්‍රියතම ක්‍රිකට් තරඟ මාදිලිය තමයි T20 කියන්නේ , මිනිස්සුන්ගෙ කාලෙ කන්නෙ නැති , පැය ගාණක් කොට කොට ඉන්නෙ නැති, බොහෝ වෙලාවට අන්තිම ඕවරෙ දක්වා ගේම දික්ගැස්සෙන බොහොම උද්වේගකර ක්‍රිකට් ක්‍රිඩා මාදිලියක් විදිහට තමයි මම නම් T20 .දකින්නෙ , T 20 ලෝක කුසලානය ඇරුණාම ප්‍රේක්ෂක අවධානය වැඩියෙන්ම දිනාගත් T20 මාදිලියේ තරඟාවලිය තමයි IPL  . මෙවර තරඟාවලියට අලුතෙන් කණ්ඩායම් එකතුවෙලා තියන නිසාත් සියලුම කණ්ඩායම් වල ක්‍රිඩකයන් එහාට මෙහාට මාරුවෙලා තියන නිසාත් ,, මෙවර තරඟ වදින කණ්ඩායම් ගැනත් ඒවයෙ ප්‍රධාන ක්‍රිඩකයින් ගැ

අප පැරදුනේ අදක්ෂයන් වූ නිසා නොව ඔවුන් වඩා දක්ෂයන් වූ නිසාය - බුවාගෙ අවසන් ලෝක කුසලාන ලිපිය

කාලයක් තිස්සේ බලාන හිටපු අවසානය උදාවුනා , ලාංකිකයින් බලාපොරොත්තු වුන විදිහට නොවුනත් ඉතාමත් අලංකාර විදිහට , මේ ගැන බොහෝ මතවාද අදහස් චෝදනා ඉදිරි දින වල ඇතිවෙයි , කොහොම උනත් ලෝක කුසලානය ගැන ලියපු ලිපි මාලාව අවසානයක් කරන්න මිසක් විවේචනයක් කරන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ, අති දක්ෂ ඉන්දියානු පිතිකරනය අභිබවන්න බැරි උනත් අපේ කොල්ලනුත් තමන්ගේ උපරිමය තරඟයට ලබා දුන්නා . ඒ අතරින් මහේල , මාලිංග විශේෂයි , ඒ වගේම ලෝක කුසලානයක දෙවෙනි ස්ථානය කියන්නෙ කිසිසේත්ම අදක්ෂ කණ්ඩායමක් නෙවෙයි , ඉතින් ඉදිරියේදි කවුරු මොන විවේචන කරත් අපේ කොල්ලන් මේ දැක්වූ දක්ෂතාවන් බුවා නම් හිත පතුලෙන්ම අගය කරනව , ඒ වගේම ඉතාම හොඳින් වගේම වෙනදාට වඩා සංවරව ක්‍රිඩා කරපු ඉන්දියානු කණ්ඩායමේ ජයග්‍රහනයටත් බුවා සුභ පතනව . ඉන්දියානු කණ්ඩායම දිරවන්නෙ නැති අපෙ සමහර  කට්ටියටනම් සැහෙන්න රිදිල තියෙන්න ඉඩ තියනව ඒත් බුවා ට නම් එහෙම ප්‍රශ්නයක් නැ . මොකද කලිනුත් ලිපියක කියල තියනව වගෙ ඉන්දියාව බුවාගෙ ප්‍රියතම කණ්ඩායමක් නිසා .ඒත් එක්කම තරඟය අවසානයේ සංගා කල කතාවත් , දෝනි කල කතාවත් බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන් කතාවන් කියන එකයි මගෙ හැගීම . මේ ක්‍රිකට්

අවසන් තරඟයට කලින් !! - කලින් ලිපියේ ඌණ පූර්නය

ලෝක කුසලාන අවසාන තරඟ්ය ගැන ඊයේ ලියපු ලිපියට ඌණ පුරනයක් කරන්න සිද්ධ වෙලා තියනව , ඒ අද දවස තුල ප්‍රකාශයට පත්වුන තත්වයන් එක්ක. ඒ තොරතුරු වලට  අනුව ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ක්‍රිඩා කරන්නෙ සුරාජ් රන්දිව් නමුත් මුරලි  බොහෝ දුරට ක්‍රිඩා කරන්න ඉඩ තියනව , මෙන්න මේ තත්වයත් එක්ක අපේ කණ්ඩායමේ සංයුතිය මොන වගේ වෙවිද කියන ගැටලුව පැන නගිනව. ඇන්ජලෝ වෙනුවට දඟ පන්දු යවන්නෙක් ආදේශ කිරීමත් එක්ක රංගන හේරත් වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට එකතු වෙන්න ඉඩ තියනව , මොකද තිසර ඉන්දියාව හමුවේ ඉතා හොඳින් පන්දු යවල තියනව කලින් අවස්ථාවල  . තිසර පැමිනීමෙන් ඇන්ජලෝටත් වඩා පන්දුවෙන් දස්කම් කණ්ඩායමට එකතු උනත් පිතිකරනය පැත්තෙන්  නම් බරපතල ගැටලුවක් පැන නගිනව , මුලින් පන්දුවට පහර දුන්නොත් නම් තිසර හා රන්දිව් ගේ එකතුව යම් තරමකට හෝ ඇන්ජලෝ ගෙ අඩුව පුරවාවි ඒත් දෙවෙනියට පහර දුන්නොත් , විශාල ලකුණු ප්‍රමාණයක් හඹායන පීඩන කාරි අවස්ථාවක් උනොත් නම් ඇන්ජලෝගේ අඩුව තදින්ම දැනෙයි . සුපිරි ක්‍රිඩක මුරලි ක්‍රිඩා කරන එක නම් කණ්ඩයමට වඩාත් වැදගත් වේවි නමුත් ඔහු තවමත් අසනීප තත්වයෙන් නම් සුපුරුදු රිද්මයට එන්න බැරිවේවි . ඉන්දියාව පැත්තෙනුත් ඔවුන්ට නේරාව