නාථ හා විපස්සක දෙවි හාමුදුරුවරුන්ගේ පිහිටෙන් කෘෂි රසායන වල තිබෙන ආසනික් හෙවත් පාසානම් හොයා ගත් පින්බර පුවත මේ සුපින්වතුන් දන්නවා ඇතිනේ . සමහර අය තමන්ගේ බටහිර විරෝධී මතය ප්‍රචාරණය කොරගන්න , සටන් පාට නැතුව , හතුරෙක් නැතුව පාලුවේ හිටිය දේශප්‍රේමීන්ට අලුත් සටන් පාට අරන් දෙන්න විතරක් නෙවෙයි අපි වගේ විජාතික ඉත්තන් වෙච්ච බ්ලොග් කරුවන්ට ආතල් එකක් ගන්න අවස්ථාවකුත් මේ ආසනික් කෙලියෙන් ලැබුනාය කියලත් කියන්නම ඕනි . මේ කථාව කරලියට ගෙනාපු අය දිගින් දිගටම දේශීය විද්‍යාවක් ගැන පාර්ම් බාත්දි රජය නම් කිව්වේ ආසනික් නෑම කියල තමයි . මතක ඇතිනෙ දිණමිනෙන් දීපූ නෝන්ඩිය . අගමැති තුමා දක්වා ගිහින් අග්‍රමාත්‍ය කාර්යාලෙන් ආපු නිවේදනේකිනුත් ආසනික් නැතෝ බය නැතුව හිටපියෝ ! කියල කිව්වට සාමාන්‍ය ජනතාව අතරට ගිහින් තිබුන මතය (ගොඩක් වෙලාවට විකෘති වෙච්ච අදහස් ) නම් වෙනස් වුනේ නැ . ලංකාවේ වැඩ සිද්ද වෙන හැටියට රජයවත් කොම්පැනි කාරයින්වත් සත පහකට වත් විශ්වාස කරන්න බැරි නිසා එක අතකින් ජනතාව වැරදියි කියන්න බැ . තමන්ගේ අඩු පාඩු වහගන්න රජයම ගෙනාපු බිල්ලෙක් ය කියල චෝදනාවට ලක්වුන ආසනික් කතන්දරේ තවමත් නිසි විසඳුමක් රජයෙන් පැහැදිල