Skip to main content

Posts

Showing posts from January, 2013

නව අමාත්‍යධූර සඳහා දේශප්‍රේමි යෝජනා !

ආශ්චර්ය ද්වීපයට අලුතෙන් ඇමති තුමන්ලා පිරිසක් පත්ව තිබේ . රට ආශ්චර්යමත් කිරීමට දායක වන අමාත්‍යවරුන් තව තවත් පත්කල යුතු යැයි අපි සිතමු . විද්‍යා තාක්ෂණ සහ තාක්ෂණ පර්යේෂන කියා ඇමති කම් දෙකක් තිබීම ගැන අවලාද නගන විජාතික බලවේග වල බලල් අතක් වූ ඊ නිවුසිය වැනි දේශද්‍රෝහි පාහරයන්ගේ නම් පටලැවිලි චෝදනාවලට ලක්නොවී අනාගතයේදී පත්කල හැකි අමාත්‍ය වරුන් ලයිස්තුවක් මෙසේ පලකර සිටින්නේමු  සිනි කර්මාන්ත අමාත්‍යාංශය අනුව යමින්  පැණි කර්මාන්ත හකුරු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යදූර වශයෙන් -  මි පැණි භාර නියෝජ්‍ය ඇමති  කිතුල් පැණි භාර නියෝජ්‍ය ඇමති  කිතුල් හකුරු භාර නියෝජ්‍ය ඇමති තල් හකුරු භාර නියෝජ්‍ය ඇමති   ----------------------------------------------------------------------- පොල් සංවර්ධන අමාත්‍යාංශය අනුව යමින් කොස් සංවර්ධන දෙල් සංවර්ධන  එලවලු සංවර්ධන  කොස් සංවර්ධන අමාත්‍යාංශය යටතේ                      කොස් , වරකා , වැල සහ පොලොස් වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ධූර 4ක්  දෙල් සංවර්ධන අමාත්‍යාංශය යටතේ                          නිකන් දෙල් සහ කැලෑ දෙල් වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය දූර 2ක්

අනේ මන් බබා - ආචාරියා , ඔව් ඔව් එයා බබා තමයි -අ.මනතුංග

අත්වැරදීමකින් මෙහි පලවූ ව කි . සිදුවූ අපහසුතාවය පිලිබඳ සමාවන්න . සම්පූර්න ලිපිය සඳහා http://anveranswers.blogspot.com/2013/01/blog-post_26.html

13 එපා එපා - විමල් , 13 ඕනි ඕනි -ජී .එල් සමඟින් ආගමික සහජීවනය

මීට මාස කිහිපයකට පෙර විමල් වීරවංශ , දේශ හිතෛශීන් , හෙල උරුමය ඇතුලු  රජයේ නිල "දේශප්‍රේමීන්ට" තිබු එකම ගැටලුව වූයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පමණි . අගවිනිසුරු වරිය එලවීමේ අධිකරණ වසන්තයේ කොටස් කරුවන් වීමට ගිය නිසාදෝ පසුව  ඔවුනට එය සහමුලින්ම අමතක  බවක් දක්නට ලැබුණි . දැන් නැවතත් රජය විසින් 13 එලියට ඇදගෙන තිබේ ඒ ජී.එල් පිරිස් අමාත්‍ය වරයායි . ඉන්දියාවේ සංචාරයක නිරත වෙන ඔහු 13 වන සංශෝධනය වෙනුවෙන් රජයේ ඇති කැපවීම පිලිබඳ සහතිකයක් ඉන්දියානු රජයට ලබාදී තිබේ  විමල් වීරවංශගේ හෝ දේශ හිතෛශීන්ගේ *කේ අමාරුවට 13 අහෝසි කිරීම මෙන්ම ඉන්දියාවේ වුවමනාව වෙනුවෙන් පමණක් 13 තබා ගැනීමද විකාරයකි . යුද්ධයෙන් පසුව සිදුවිය යුතුව තිබුනේ දෙමල ජනතාවගේ දේශපාලනික අයිතිවාසි කම් ලබාදීමේ ක්‍රමවේදයක් පිලිබඳ පුලුල් සාක්ච්ඡාවක් ඇතිවීම වුවත් යුද්ධයෙන් වසර 4කට ආසන්න කාලයක් ගතවී ඇතත් , රජය ජාත්‍යන්තරය සමඟින් ඔට්ටු සෙල්ලම් කරනවා විනා එවැනි ප්‍රවේශයක් ලබාගත් බවක් දැකගන්නට නොලැබේ . 13 වන සංශෝධනයේ ප්‍රතිපාදන ප්‍රමාණවත් වේ නම් උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීම සිදු කර එමගින් ජාත්‍යන්තර පීඩනයත් සැහෙන පමණ අඩුකර ගැනීමට අවකාශ ත

ඊනියා බටහිරයන් ප්‍රතික්ෂේප කර චීනයටම දීමේ ක්‍රමවේදය

ඇමරිකාවේ බෑ කියනවා නම් අපේ හමුදාවන්ට පුහුණු පාඨමාලා චිනෙන් දෙන්නට පුලුවන්ය කියා ඊයේ නිවුස් වල කියනවා ඇසුනි . සැබැවින්ම හමුදා පුහුණුව පමණක් නොව  ඊනියා බටහිර අධිරාජ්‍ය වාදීන්ට නොදී චීනයට දිය හැකි ගොඩක් දේවල් අපිට තිබේ . 01) ඇඟලුම් - දේශද්‍රෝහි එජාප පාලන කාලය තුලදී කල තවත් එක් අවලම් වැඩක් වන්නේ අපේ කෙල්ලන් ලවා සුද්දන්ට ජංගි මැස්සවීම බව නොදන්නා කෙනෙක් නැත . වහාම ක්‍රියාත්මක වන පරිදි සුද්දන්ට සහ සුද්දියන්ට මසහ ජංගි වෙනුවෙට චීනන්ට ජංගි මැස්සවීම අප විසින් ආරම්භ කල යුතුය . හැඩි දැඩි සුද්දන්ට වඩා චූටි චීනන්ට මසන ජංගි කුඩා හෙයින් , අඩු කාලයක් තුල වැඩි ජංගි ප්‍රමාණයක් මසා නිම කල හැකිය. ආර්ථික අවපාතය හමුවේ ඉදිරියේදී බටහිරයන්ට හෙලුවෙන් සිටීමට සිදුවන නිසා දැන් සිටම චීනයට ඇඳුම් පැටවීම දූර් දර්ශි ක්‍රියාවකි   02) මෘදුකාංග - දැනට ලංකාවේ මෘදුකාංග සේවා සියල්ලම පාහේ සපයන්නේද බටහිර රටවලට . ආර්ථික වශයෙන් බංකොලොත් වෙමින් සිටිනා බටහිර වෙනුවට ඉතා ඉහල මෘදුකාංග වෙලඳ පොලක් සහිත  චීනය අප විසින් තෝරා ගත යුතුය . ලොව මිලෙන් අඩුම විශාලතම මෘදුකාංග සේවා සපයන රට වශයෙන් ශ්‍රි ලංකාවේ මෘදුකාංග ක්ශේත්‍රය චීන

රිසානාගේ ගෙලසිඳි ම්ලේච්ඡයන් සහ බ්ලොග් කරු මාතලන් !

මිනිසත් කම නොහඳුනනා පාපතර ම්ලේච්ඡයන් විසින් රිසානා නසීක් මෙනෙවිය ඝාතනය කල පුවත  බොහෝ  තැන්හී සාක්ච්ඡාවට ලක්වී ඇත . ජනප්‍රිය බ්ලොග් කරු මාතලන්ගේ බ්ලොග් සටහනක තැබු  කමෙන්ටුව මකා දමන්නට ඔහු විසින් කටයුතු කල නිසා ඉතාම කෙටියෙන් හෝ මේ ගැන යමක් කිව යුතුව ඇත . 01) අඩු වයස් තරුණියක් හොර වීසා සාදා රට පැටවූ ඒජෙන්සිකරුවන් , මෙන්ම එවැනි ඒජෙන්සි කරුවන්ට නිදහසේ කටයුතු කරන්නට ඉඩ දුන් රජයන්ද මෙහි පාර්ශ්ව කරුවෙකු බවට  සැකයක් නොමැත 02) නමුත් මෙහි බරපතල සහ කෲරතර සිදුවීම වන්නේ ඇයව ඝාතනය කිරීම  සහ එය  සිදු කල ආකාරය වන අතර  කලින් කී පාර්ශවකරුවන් මත පමණක් වරදා පටවා අත් පිසදා ගැනීමේ හැකියාවක් නොමැත 03) ලොව බොහෝ රටවල් මේ වන විටත් මරණ දඬුවම ක්‍රියාවට නැංවීම අත්හිටුවා ඇත (මරණ දඬුවම ක්‍රියාත්මක වූ පමණින් අපරාද නොනවතින බැව් ශිෂ්ටාරි මිනිසුන් වටහාගෙන ඇත ) . . මෙසේ ක්‍රියාත්මක රටවල් අතුරින්ද ම්ලේච්ඡතම ක්‍රමවේදයක් ඒ සඳහා අනුගමනය කරන රටවල් අතුරින් ඉදිරියේ සිටින්නේ සෞදි අරාබියයි 04) මිනිසුන් වශයෙන් පලමුව එරෙහිව යුත්තේ මිනිස් කමට එරෙහි ම්ලේච්ඡත්වයටය . දේශපාලනය ගැන කථා කල යුත්තේ ඉන් පසුවය 05) සෞදියේ නිතිය සහ ඉස්

xxx xxxx මහතාගේ ඝාතනය පිලිබඳ දැක්වූ අදහස්

Mr .ලොකු තැන - ------------------------------------------{නිහැඬියාවක් පමණි } Mr . පැරකුම් - අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න වෙලා තියනවා . ලැටිමර් හවුස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා , රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා අපි ******** ගේ රජයට කියනවා . ලබන සිංහල අවුරුද්ද වෙනකන් විතරයි  අපි කල් දෙන්නේ . ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුනොත් අපි මැයි මාසෙදි පාරට බැහැල 2014 දී ආණ්ඩුව ගෙදර යවනවා Mr. කලවැද්දා - අද රටේ නීතියක් නෑ , බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරනවා . මේක ඒකාධිපති පාලනයක් .සමහර බංකොලොත් දේශපාලන නායකයොත් මේ ඒකාධිපති පාලනයට කඩේ යනවා . එන්න මාත් එක්ක එකතු වෙලා මේවට විරුද්ධව සටන් කරන්න . ජයවේවා Mr.වෙනුර- ඕක තමයි මම කිව්වේ මාලු කඩේ කියලා .ඔය වැඩේ කරවපු  හොටු ගැමුණු උන්නැහේ මාලු කඩේ සමාජිකයෙක් . මාලු කඩවල උන් නෙවෙයිද ඔය වගේ ජරා වැඩ කරන්නේ Mr. බුරුවංශ - මේක තනිකරම බටහිර අධිරාජ්‍ය වාදි වලවේග වල කුමන්ත්‍රණයක් . යුද්ධෙන් පස්සේ අපි යන ගමන මේ අයට ඉවසගන්න බෑ මොකක් හරි බාල්දියක් පෙරලනවා . මාර්තුවල ජිනිවා සමුලුව ඉලක්ක කරගෙන කරන වැඩ මේවා . ලංකාවේ මන්ත්‍රි කෙනෙකුට වත් නි

අන්වර් මනතුංගගේ ප්‍රතිචාර වාරණයට පිලියමක් - පිලිතුරු දැක්වීමට වෙන්වූ බ්ලොග් අඩවියක් !

කලින් ලිපිය පටන් ගනිත්දි සටහන් කලේ දිගින් දිගටම ලියන්න අකමැති බවක් වුනත් නැවතත් ඒ ගැනම ලියන්න සිදුවෙලා තියනවා . නමුත් මේ බුවාගේ සීතුවිලි බ්ලොග් අඩවිය අන්වර් මනතුංග ගැන හෝ ඉස්ලාම් අන්තවාදය ගැන දරන අවසන් ලිපිය බවට නම් සැකයක් නෑ . මොකද මේ ලිපියේ පරමාර්ථය වෙන්නේ ඒ සඳහා යෙදුනු  අලුත්  වැඩපිලිවෙල පාඨකයාට හඳුන්වාදීම  නිසා .   අන්වර් මනතුංග "සිංහල බෞද්ධ ආචාර්ය " වරයෙක්  යොදාගෙන සිංහල කාන්තාවන් ඉස්ලාම් කරණය කිරීමට ගත් උත්සාහයේදී , අදාල ආචාර්ය වරයාගේ සැබැ ස්වරූපය හෙලි කිරීම වෙනුවෙන් ලියවුනු ලිපියට අදහස් දක්වපු පාඨකයින් අතරින් මතුවුනු එක් අදහසක් වුනේ අදහස් වාරණය කරනා අන්වර් මනතුංගගේ බ්ලොග් අඩවිය තුල තර්ක කිරීමෙන් පලක් නොමැතිය කියන එක . අන්වර් මනතුංග තමන්ට එරෙහිව එන කිස්දු ප්‍රතිචාරයක් පල නොකරන බව  දැන සිටියත් ඔහුගේම වචන වලට අනුව " මට විශේෂ අවසරයක්" ලබා දීමත් , අන්වර් පතුරවන ආගමික අන්තවාදය  බලාගෙන නිහඬවම සිටීමේ හැකියාවක් නැති  විමත් නිසා මේ දක්වාත් ඔහුගේ බොහෝ ලිපි වලට ප්‍රතිචාර දක්වන්නත් , අන්වර් ඇතුලු මුස්ලිම්  කෙමෙන්ට් කරුවන් රාශියක් සමඟ  තනිවම සංවාදයේ යෙදෙන්නත් කටයුතු