Skip to main content

Posts

Showing posts from May, 2014

මූඩි අන්කල්ගේ ශ්‍රි ලංකා විසිට් එකේදි කල කිව යුතු දැ ලයිස්තුවක්

අපේ තුමා අල්ලපු වැටේ මුඩි අන්කල්ට විසිට් එකකට අඬගහලාය , අපේ තුමාට වැඩ රාජකාරි අස්සේ අමතක වුනොත් ප්‍රයෝජනයට ගන්නට පුලුවන් ලයිස්තුවක් (චෙක් ලිස්ට් එකක්) පහල තියනවාය . ඒ මූඩි අන්කල්ගේ විසිට් එක අතර තුරදී කල කිය යුතු දැ ගැනය 01) මූඩි අන්කල්ගේ ප්ලෙන් එක **තලින් ගොඩ බැස්ස වීම - වනාන්තරයක් මැද , හුදකලා වූ ගුවන් තොටුපොලක මහිමය මුඩි අන්කල්ට අවබෝධ කරදිය හැක 02) **බන්තොට වරායේ සංචාරය - තමන්ට කැමති තැනක වරායක් සාදා , එයට බලහත්කාරයෙන් නැව් ගෙන්නාගෙන සාර්ථක කර ගන්නා ආකාරය පිලිබඳ වැඩ මුලුව 03) දිවා ආහාරය - බිෆ් හොඳි සමඟ කුරහන් තලප (සුද්දන්ට දුන් ලුණු මිරිස් මෝඩිට වැඩ කරන්නේ නැත ) 04) අධිවේගය දිගේ කොලඹට - කොංග්‍රස් ආණ්ඩුවෙන් ආරම්භ කල ව්‍යාපෘති "මෝඩි-ෆයිඩ්" කර නම ගසා ගැනීම පිලිබඳ ක්‍රැශ් කෝස් එකක් 05) රාත්‍රි ආහාරය - බිෆ් කොත්තු 06) ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් සමඟ සුහද පිලිසඳර - කොංග්‍රසයේ ඉතුරුව ඇති මන්ත්‍රින් පනස් දෙනා ගෙන් විස්සක් ඇද ගන්නා ආකාරය පිලිබඳ රහසිගත වට්ටෝරුව හඳුන්වාදීම 07) අමතක සිල්වානන් සමඟින් කොලඹ නගර සංචාරය - වන්දි නොගෙවා පදිංචි කරුවන් ඉවත් කර ඉඩම් සමාගම් වලට බදු ද