Skip to main content

Posts

Showing posts from March, 2011

සුපිරි ඉන්දියානු කණ්ඩායම හමුවේ සිංහ පෝතකයින්ට ඇති අභියෝග - අවසන් තරඟයට බුවාගේ විග්‍රහය

ලෝක කුසලාන ඉතිහාසයෙ පලවෙනි වතාවට ආසියාතිකයින් දෙපිරිසක් අවසන් තරඟයට සුදුසු කම් ලබමින් අවසන් පූර්ව වටය නිම උනා . ඒ වටය ගැන බුවා කියපු අනාවැකිත් හරි ගියා කියන එකත් මතක් කරන්න කැමතියි.ශ්‍රි ලංකාව හා නවසිලන්තය අතර නම් ලොකු තරඟයකට ඉඩක් තිබුනේම නැ , නමුත් අපේ පසුපෙල පිතිකරුවන් ( චාමර හා තිලාන් ) ඒක ගේමක් කරගත්තා . ඒත් ඉන්දියානු - පකිස්ථාන තරඟය නම් බලාපොරොත්තු උන විදිහටම ඉතාම උණුසුම් උනා . පාකිස්ථානුවන්ගේ අතිශයින්ම දුර්වල පන්දු රැකීමත් , ඉතාම මෝඩ තීරණත් , සචින්ගේ වාසනාවත්, පන්දු යැවීමේදී හා රැකීමෙදි ඉන්දියානුවන් දක්වපු සුපිරි දක්ෂතාත් , දෝනිගේ බුද්ධිමත් නායකත්වයත් මීට හේතු උනා කියන්න පුලුවන් . ඉන්දියානුවන්ගෙ පන්දු යැවීම දෙකේ කොලේට දාල කතා කරපු වසීම් අක්‍රම්ට, පුහු ඉන්දියානු විරෝධය නිසා පකිස්ථානයට කඩේ ගිය ජාතික පුවත්පත්(එහෙම කියා ගන්නා ) වල ක්‍රිඩා වාර්ථාකරුවන්ට , ඉන්දියාවට ගැහුවොත් එකාට ඉඩම් අක්කර 25 ගානෙ දනාවය කිව්ව පකිස්ථානෙ ජනාධිපතිට , ආගමක් මුල් කරගෙන පකිස්ථානෙට ආවඩපු අපේ රටේ එක්තරා ජන කොට්ටාශෙකට ( හැමෝම නෙවෙයි )   පකිස්ථානේ ඉන්දියානු පන්දු යවන්නන් ගෙන් දුවන්න කන කොට මොනව හිතුනද දන්නෙ  න

මන් මෝහන් ගේ පකිස්තාන ආරාධනය හා අපේ ඉල්ලං චාටර් වීම

ඊලඟ ක්‍රිකට් ලිපිය ලියන්න බලාපොරොත්තු උනේ අවසන් තරඟය ඉලක්ක කරගෙන්ම උනත් ක්‍රිකට් හා බැඳුන මේ අතිරේක සිද්ධිය ගැනත් නොලියම බැ . අවසන් පූර්ව වටය ගැන මම ඊයෙ ලියපු ලිපියේ දි සඳහන් කලා ඉන්දීය අග්‍රමාථ්‍ය වරය පකිස්තානයේ නායකයිනට ඉන්දු - පකිස්ථාන තරඟය බලන්න ආරාධනා කරල තිබුන කියල  . ඊට පස්සෙ දැනගන්න ලැබුන දෙයක් තමයි (මම දැක්කෙ අද උදේ ) අපේ ජනාධිපතිතුමත් නවසිලන්ත අග්‍රාමාත්‍ය වරයාට ආරාධනා කරල කියන එක . මතුපිටින් සිද්දීන දෙකම එක වගෙ පෙනුනත් මෙතන තියෙන්නෙ කතන්දර දෙකක් . පකිස්ථානය බිහිවුන දවසෙ ඉඳලම ඉන්දියාව හා පකිස්ථානය අතර ගැටුම් කාර් බවක් තිබුනාය කියන එකත් රහසක් නෙවෙයි , විටින් විට ඇතිඋන යුද්ධ සාක්ච්ඡා සියල්ලම මැදත් ඉන්දියාව හා පකිස්ථානය සලකන්නෙ සතුරු රටවල් විදිහ්ට . ඉන්දු පකිස්ථාන ක්‍රිකට් තරඟයක් උනත් උණුසුම් ස්වභාවයක් ගන්නෙ ඒ නිසා . ඉතින් මුම්බායි ප්‍රහාරයෙන් බිඳ වැටුන ඉන්දු පකිස්ථාන සබඳතා අලුත් කරගැනීමේ මාර්ගයක් විදිහටත් මන් මෝහන් අග්‍රාමාත්‍ය වරයාගේ ආරාධනාව සලකන්න පුලුවන් . මේ වෙන කොට පකිස්ථානයෙනුත් යහපත් ප්‍රතිචාර ලැබිලාය කියලයි කියන්නෙ යම් විදිහකින් එහෙම නොවුනා නම් ඒකත් තමන්ගේ වාසියට හරව

මාලිගාවෙ උලු නම් කුඩෙ කුඩු , ඊලඟට තල්මසුන්ගෙ හකු ?? - අවසන් පූර්ව වටයට කලින් බුවාගේ විග්‍රහය

සිංහ පැටවුන්ගෙ සුපිරි ජයග්‍රහනයත් එක්ක බුවාගේ අනාවැකි 4න් තුනකුත් ගොඩගියා . පැවැත්වුන තරඟ ගැනත් ඉදිරි තරඟ ගැනත් , මෙවර ලෝක කුසලානය එක්ක බැඳුන තවත් කාරණා කිහිපයක් ගැනත් තමයි අද ලියන්න හදන්නෙ . අර්ධ අවසන් පූර්ව වටය  ලෝක කුසලානය ගැන මුල ඉඳලම ලිපි ලිව්වත් මේ වටය ගැන තමයි මුලින්ම අනාවැකියක් ඉදිරිපත් කලේ ඔක්කොම හරි නොගියත් එයින් 3ක් හෝ හරි ගිය එක ගැන සතුටුයි .  පකිස්ථානය හා කොදෙව්වන් අතර තරඟය නම් මේ වටයේ තරඟයක ලක්ෂනය නොගත් එක නම් කණගාටුයි . දඟ පන්දු යවන්නන් හමුවේ කොදෙව්වන්ගෙ පිතිකරනයෙ තිබුන දුර්වල තාවය තමයි මේ තරඟයෙ අවාසනාවන්ත තත්වයට හේතු උනේ . ඉන්දු ඕස්ට්‍රෙලියා තරඟය බලාපොරොත්තු උන විදිහටම ඉතාම හොඳ තරඟකාරී ස්වභාවයක් ගත්තා. ලෝකයේ හොඳම කණ්ඩායම් දෙක තරඟ වදින කොට වෙන මොනව බලා පොරොත්තු වෙන්නද ? කොහොම උනත් සුරේෂ් රේනා කණ්ඩායමට එක්කරගැනීමත් බොහෝ විචාරකයින් පැවසු විදිහට වෘත්තීය දඟ පන්දු යවන්නෙක් කණ්ඩායමට එක් කරගැනීමට පිති කරුවෙක් අයින් නොකිරීමත් නායකයා විදිහට දෝනිගෙන් මේ ජයග්‍රහනයට ලැබුන මූලිකම දායකත්වය කියල කියන්න පුලුවන් . ඒ වගේම තමන්ගේ පන්දු යවන්නන් භාවිතයෙදි දෝනි ඉතාම හොඳ දක්ෂතාවක් දැක්ව

කැන්ගරුවන්ගේ ක්‍රිකට් අධිරාජ්‍යය ඉන්දියානුවන් අතින් සුනුවිසුනු වේ - බුවාගෙන් සුභපැතුම් !

බුවාගෙ ක්‍රිකට් අනාවැකි දෙකක් ගොඩ , ලොකුම අනාවැකියත් එක්ක . ඉස්සරහට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි ලෝක කුසලානය ගැන , කොහොම උනත් මේ ලිපිය ලියන්නෙ කැන්ගරුවන්ගෙ ක්‍රිකට් අධිරාජ්‍ය බිඳ දැමූ අපේ අසල් වාසීන් වෙනුවෙන් නැගෙන සතුටට . ලෝක කුසලාන තුනක ජයක් වගේම ලෝක කුසලාන 4කම අවසන් තරඟයට සහභාගීවූ කණ්ඩායම විදිහට ඕස්ට්‍රෙලියානු කණ්ඩායම තබාගත් වාර්තාව අද අවසන් උනා , ඒ ඉන්දියානු කණ්ඩායමේ සුපිරි දක්ෂතා හමුවේ . මම හිතන්නේ මේක ගොඩක් දෙනෙක් බලාපොරොත්තු උන දෙයක් . ඉතින් ඕස්ට්‍රෙලියානුවන්ගේ ක්‍රිකට් අධිරාජ්‍යය බිඳ දමපු මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුක ඉන්දියානු කණ්ඩායමට ශ්‍රි ලාංකීය ක්‍රිකට් ලෝලියෙකු විදිහට බොක්කෙන්ම සුභ පතන්න බුවා කැමතියි . මේ ජය ග්‍රහන ගැනත් ඊලඟ තරඟ ගැනත් ගොඩක් දේ කතා කරන්න තියනව , ඒත් ඒ දේවල් මම පසුවට තියනව මේ වටයෙ අනික් තරඟ දෙකත් ඉවර වෙනකන් . අවසාන වශයෙන් ඉන්දියාවෙ මේ ජයග්‍රහනයෙ සුපිරි විරුවා වූ යුවරාජ් සිං හටත් මගේ ආචාරය පුදකර සිටිනවා , අවසන් පූර්ව තරඟ දෙකට කලින් ලියන ලිපියෙන් මේ ගැන වැඩි දුරටත් කතා කරමු , කලින් ලියපු ක්‍රිකට් අනාවැකි ලිපියට මෙතනින් යන්න පුලුවන් , අපේ කොල්ලන්ටත් මේ වගේ ආ

ලිබියාව කුඩුපට්ටම් කිරීම , ගඩාෆි අන්කල් සහ අපේ කට්ටිය

ලිබියාවේ උද්ඝෝෂණත්, ඒවට ගඩාපි අන්කල් උත්තර දීපු විදිහත් , ඒ නිසාම දැන් ලිබියාවට කුඩු සංසාරවෙන්න නෙලන එකත් ලෝකය පුරාම කතාබහට ලක්වුන නිසා මාත් ඒ ගැන පොඩි කතාබහක් කරන්නයි හදන්නේ.ස්වභාව ධර්මයා ඉක්මවා යමින් කෘතිම ක්‍රම වලට තමන්ගේ ජාතිය වැඩිකරගන්න ගියාම , ඒ ජනගහන පාලනයට ඔයවගේ සංතැසි කාලෙන් කාලෙට  වෙනවාය කියලයි මගේ මූලික අදහස  . හැබැයි ඉතින් එහෙම කිව්වාම අන්තවාදියි වගේනේ,ඒ නිසා පොඩ්ඩක් විස්තරත්මකව සිද්ධිය දිහා බලමු . වසර ගනනක් ඒකාධිපති විදිහට පාලනය ගෙන ගිය අරාබිකරයේ නායකයින් කිහිප දෙනෙකුට  2011 වසර එතරම් සුභදායක උනේ නැහැ . දෙන්නෙකුට අකුලගෙන යන්න වෙත්දි තවත් අය තමන්ට එරෙහිව නැඟුන විරෝධතා මැඩපවත්ව ගන්නත් සමත් උනා . අසල් වැසි රටවල නායකයින් එලවා දැමීමත් එක්ක වැඩියම අපහසුතාවයට පත්වෙන්නෙ ලිබියාවෙ නායක ගඩාෆි.කලින් රටවල වගේම විශාල ජන රැල්ලක් ගඩාෆිට එරෙහිවත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නව ,බලයෙන් පහ කෙරුන අනෙක් නායකයින්ට වගේම ගඩාෆිටත් තම්න්ගෙ සිවිල් බලතල වලින් මේ උද්ඝෝෂකයින්  මර්ධනය කරගන්න ලැබෙන්නෙ නැහැ .මේ තත්වය යටතෙදි අනික් නායකයින් අකමැත්තෙන් හෝ තමන්ගෙ බලය අතැරියත් ගඩාෆි ඊට සූදාන්ම් වෙන්නෙ නැහැ, ඔහ

දකුණු ආසියානුවන්ගේ විජයග්‍රහනයන් මැද අර්ධ අවසන් පූර්ව වටයට පෙරවදනක්

දකුණු ආසියාතික බිමේ පැවැත්වෙන ලෝක කුසලානයේ වැඩි වාසිය හිමි තමන්ට බව දකුණු ආසියාතිකයින් මේ සති අන්තයෙදී ඔප්පු කලා . ඒ දකුණු ආසියාවේ ක්‍රිකට් බලවතුන් වන ශ්‍රි ලංකාව , ඉන්දියාව හා පකිස්ථානය තමන් තරඟ වැදුන තරඟ ඉතා විශිෂට ලෙසට ජයග්‍රහනය කරමින්  හා ප්‍රභල කණ්ඩායම් 4 තුල තමන්ගේ ස්ථාන තහවුරු කරගනිමින් . එයින් පකිස්ථානය ජයග්‍රහනය ලැබුවේ 1999 සිට අඛණ්ඩව රැකගෙන ආපු ඕස්ට්‍රෙලියානුවන්ගේ අපරාජිතත්වය බිඳ දමමින් වීම විශේෂයි . කොහොම උනත් මේ සූදානම් වෙන්නෙ  එම කණ්ඩායමුත් තරඟ වදින  අර්ධ අවසන් පූර්ව වටය පිලිබඳ  විග්‍රහයක යෙදෙන්න . මම කලින් ලිපියකදි  කිව්වා වගේම ලංකාව හෝ ඉන්දියාව තමන්ගේ කාණ්ඩය තුල පලවෙනි ස්ථානයට පත් උනේ නැහැ , ඒත් පලවෙනි ස්ථාන 4 තුල රැඳී සිටියා . එම ස්ථානය රැක ගන්නට අසමත් උනේ ඕස්ට්‍රෙලියාව . ඒ අසමත් වීමත් එක්ක බොහෝ දෙනෙක් බලාපොරොත්තු උන කණ්ඩායම් 4 න් එකක් අවස්න් 4 දෙනාට සුදුසු කම් ලබන්නෙ නැති වෙනවා , එසේ ඉවත් වෙන්නේ කව්ද?? ඒ ගැන හොයන්න කලින් අර්ධ අවසන් පූර්ව තරඟ එක එක අරන් බලමු පළවෙනි තරඟය    Vs    පකිස්ථානය නොසිතු විරු විදිහට දක්වපු දක්ෂතාත් කොදෙව්වන් පසුගිය තරඟ දෙකේ ක්‍රිඩා ක

ඡන්දෙ අදයි ,ඡන්දෙ අදයි , ඡන්දෙ අදයි අපේ රාජ්ජේ!!!!!!!

ආස්චර්ය රාජ්ජෙ චන්දේ අද. නිකන් චන්දේ නෙවෙයි පුංචි චන්දේ ඒ කියන්නේ තමන්ගෙ ගම ආස්චර් රෙට ගෙනියන චන්දේ. SBU එකෙන් බුවාව දාල තියෙන්නෙ දේශපාලන බ්ලොග්ග ගොඩට ඉතින් එහෙව් එකේ ජනතා පරමාධිපත්‍ය්යේ උච්ච ඵල ලබන හෙවත්   අපි විසින් අපිටම කෙලවා ගැනීමේ සොඳුරු දවසක දේශපාලන බ්ලොග්ග කරුවෙක් හැටියට මොකුත් නොලියා ඉන්න් එක හොඳ නැනේ.  පලවෙනිම දේ ක්‍රිකට් ගහනව තියා ජිවිතේට ක්‍රිකට් පිට්ටනියක් හදන්න හිතන්නෙවත් නැති පළාතක් තියන බුවාලගේ මහ නගර සභාවට "ලෝක කුසලාන තරඟ " නිසා චන්දෙ නැහැ . ඒ නිසා බුවාට නම් මේ පාර කෙලෝගැනීමේ හැකියාව නැ. ඒ විතරක් යැ මොකක්ද සුවාදීන කට්ටියක්ගෙද කොහෙද නම් අප්සැට් ගහල අර නගරෙ නමම තියන ප්‍රාදේශී සභාවටත් චන්දෙ නැ . කොටින්ම කියනව නම් බුවාලගෙ ගෙවල් අහල ගම් හරුවක චන්දෙ නැ . ඒ නිසා මේ ලිපිය ලියන්නෙ බ්ලොග්ග ලියන හුදී ජන ලාම්පු සංවේගය උදෙසා මහ නඟර සභාව වගෙ නෙවෙයි පරාදේශීය සභාවෙ චන්දෙ කෙල උනේ පස්සෙනේ. ඒනිසා අපේ ගම රට හදන්න ඇප කැප උන අභීත පුතුන් ගේ වැඩ කැලි මුල් දවස් වල සැහෙන්න තිබුනා. එයින් සමහරක් ඇයින්ට තමන්ගේ බල ප්‍රදේශෙ අඳුර ගන්නත් බැහැ නම් දීල යන දවසෙ නඟර සභා සීමාවෙ උන්ගෙනුත් සහය

කලාව තුල හණමිටි වාදය - ලෝකයා සහ අපි (සරල උදාහරණයක් )

හණිමිටි කාරයන්  හෙවත් අන්ත සාම්ප්‍රදායික අදහස් දරන්නන් කියන්නේ අපේ රටට ආගන්තුක දෙයක් නෙවෙයි . අපිට විතරක් නෙවෙයි පැරණි ඉතිහාසයක් හා අනෙන්‍ය සංස්කෘතියක් තියන බොහෝ රටවලට මේක පොදු දෙයක්.ලංකාව සැලකුවාම දේශපාකයින්, මාධ්‍ය වේදීන් , සිවිල් සංවිධාන , කලාකරුවො විතරක් නෙවෙයි විකල්ප මාධ්‍ය ලෙස සැලකෙන වෙබ් අඩවි හා බ්ලොග් තුලත් මේ හණමිටි අදහස් පිරිල තියනව . කලාව තුල හා කලාකරුවන්ගේ සාම්ප්‍රදායික අදහස් මේ අතරින් සුවිශේෂයි ඒ ඇයි ??? ලෝක ඉතිහාසය පුරාවටම මේ සාම්ප්‍රදායිකත්වය බිඳගෙන යාම සිදුකරල තියෙන්නේ කලාකරුවන්. අතීතයෙදි ගද්‍ය හෝ පද්‍ය සාහිත‍යට , චිත්‍ර කලාවට , නර්ථනයට වගේම වර්ථමානයෙදි සිනමාව ඇතුලු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන්ට හා මාධ්‍ය කරුවන්ට මේ සාම්ප්‍රදායිකත්ව සීමාවන් බිඳගෙන යාමේ හැකියාව ලැබිල තියනව. අන්න ඒ  නිසයි කලාකරුවන්ගේ සාම්ප්‍රදායිකත්වය ගැන කතා කිරීම වඩා  වැදගත් වෙන්නේ . ලංකාව තුලත් මේ සාම්ප්‍රදායික බව බිඳහෙලීම අරඹන්නෙ කලා කරුවන් අතින්. සමහර සාහිත්‍ය නිර්මාන , සිනමා නිර්මාන , ටෙලි නිර්මාන ගීත හා සංගීත නිර්මාන හා වර්ථමානය වන විට ගීත රූප රචනාත් සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා ගිහින් තියනව . මේ

ලෝක කුසලානය අභියස ශ්‍රි ලංකාව හා ඉන්දියාව - බුවාගේ විවරණය

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙ ආරම්ඹයත් එක්කම කුසලානය සඳහා වැඩියෙන්ම කියවුනු රටවල් 4න් දෙකක් තමයි ශ්‍රි ලංකාව හා ඉන්දියාව . ශ්‍රේණි ගත කිරීම වල ඉහලින් රැඳී සිටීම හා තමන්ගේ කලාපය තුලම තරඟ පැවැත්වීම කියන කාරනා මේ සඳහා වැඩියෙන් බලපෑව කියල කියන්න පුලුවන් . තරඟාවලියෙ පලමු වටයේ අවසාන භාගයට ලංවුනාටත් පස්සෙ ඇයි මේ ගැන කතා කරන්නෙ ? මේ සඳහා හේතු කිහිපයක් තියනව 01) මේ වෙන කොට කණ්ඩායම් දෙකම ඊලඟ වටයට සුදුසු කම් ලබා තිබීම 02)දැනට ලබා ගෙන තිබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සමාන වීම 03) කණ්ඩායම් දෙකටම තමන්ගේ කාණ්ඩ වල පෙරමුන ගැනීමට නොහැකි තත්වයක් පෙන්නුම් කිරීම 04) කන්ඩායම් දෙකම බලාපොරොත්තු උන දක්ෂතා පෙන්නුම් නොකිරීම 05) ශ්‍රි ලාංකිකයින් ඉන්දියානු කණ්ඩායම කෙරෙහි දක්වන ප්‍රතිචාර දැන් මේ කරුනු පොඩ්ඩක් විමසල බලමු 01)/02) කණ්ඩායම් දෙකම දැන් ඊලඟ වටයට සුදුසු කම් ලබල .ඒ තරඟ පහකින් 3ක් ජය අරන් 1 පරාජය වෙල එකකට සම ලකුනු ලැබිලා . කණ්ඩායම් දෙකේම ප්‍රසාද ලකුණු ගනන 7ක් , ඒ කියන්නේ මේ දේවල් සමානයි . ඒත් ශ්‍රි ලංකා කණ්ඩායම දල වෙගය අතින් ඉදිරියෙන් (+2.7) 03) ඊලඟ වටයට තේරුණත් තමන්ගේ කාන්ඩවල පෙරමුන ගැනීමෙ හැකියා

මම වෙමිද - නොවෙමිද - නොවෙමි -බ්ලොග් අන්තවාදයට ශ්‍රේෂ්ට ලේඛකයෙකුගෙන් අදහසක්

මම වෙමිද -  නොවෙමිද -  නොවෙමි  මම බැතිමතෙක්ද නොවෙමි,මිසදෙටුවෙක්ද නොවෙමි මම සික පද අනුව හෝ මගේ බුද්ධිය අනුව හෝ ජීවත් නොවෙමි මම දේශකයෙක්ද ශ්‍රාවකයෙක්ද නොවෙමි මම ස්වාමියෙක්ද සේවකයෙක්ද නොවෙමි මම නිදහස් ද නොනිදහස් ද නොවෙමි මම කිසිවෙකුගෙන් දුරස්තර හෝ කිසිවෙකුට ලං ද නොවෙමි මම දෙව්ලොවටද අපායටද නොයන්නෙමි මම සියලු කාර්යයන්හි ව්‍යාවෘත වන අතර සියලු කාර්යය කින්ම පිටස්තර වෙමි මා වටහා ගන්නන් නැති තරම් ය මා වටහා ගන්නා තැනැත්තේ සාමය භජනය කරන්නේය                                                                                                                    - රබීන්ද්‍රනාථ ඨාකූර්                                                                                            පර්වර්ථනය - මඩවල පංඤ්ඤාවංශ හිමි උපුටුනය - ගෝරා නවකතාව(රවීන්ද්‍රනාථ් ඨාකූර් ) සිංහල පරිවර්ථනය - චින්තා ලක්ෂිමි සිංහාරච්චි ------------------------------------------------------------------------------------------------------------- ජීවිතය ගැන අපුරු විවරනයක් ඉදිරිපත් කරන ග්‍රන්ථයක් උන ගෝරා නව කතාවෙ සිංහල පරිවර්තනයේ කතාවට කලින් මේ කවි

බොහෝ දේ උගත හැකි ඉන්දු-අයර්ලන්ත ක්‍රිකට් තරඟය

ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාවත් අයර්ලන්තයත් අතර තරඟය ඊයෙ දිනයෙදි පැවැත්වුනා , කලින් තරඟයේදි එංගලන්තය එක්ක නූලෙන් ටයි කරගත්ත ඉන්දියාවත් , ලකුණු තුන්සිය ගනනක් හඹාගොස් එංගලන්තය  පරාජයට පත් කල අයර්ලන්තයත් තරඟ වදින නිසා සමහරක් දෙනෙක් ගේ උනන්දුව ඒ තරඟය ට යොමු වෙලා තිබුනා , ඒ හේතුවත් ඉන්දියානු කණ්ඩායම බුවාගේ ප්‍රියතම කණ්ඩායමක් නිසාත් බුවත් මැච් එක බලන්න සෙට් උනා.ක්‍රිකට් ලෝකෙ දැවැන්තයින් දෙන්නෙක් උන එංගලන්තය හ දකුනු අප්‍රිකාව අතර තරඟයත් අත හැරල මේ තරඟ්ය බැලුවත් මම ඒ එකෙන් ඉතා හොඳ වින්දනයක් ලැබුවයි කියන්න පුලුවන්, මේ සූදානම් වෙන්නේ ඒ ඇත්දැකීම අනික් අයත් එක්ක බෙදාහදා ගන්න . මොකද මට හිතෙනව ඒ තරඟය තුලින් අපේ ක්‍රිකට් කණ්ඩායමට , ක්‍රිකට් ලොක්කන්ට වගේම අපි වගේ ක්‍රිකට් රසිකයින්ටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් හියනවයි කියල . තරඟයේ කාසිය වාසිය දිනා ගත්ත දෝනි අයර්ලන්තයට පිතිකරනයට ආරාධනා කලා . මේකත් එක්තරා විදිහක අභියෝගාත්මක තීන්දුවක් , මොකද දකුණු ආසියානු කලාපයෙ ක්‍රිඩාංගන වලදි රාත්‍රි කාලයේ හඹා යාමකින් කරන ජයග්‍රනයන් විරල නිසා . කොහොම උනත් දෝනි ගේ මේ තීරනයට හේතු උනේ බෙන්ග්ලුරු ක්‍රිඩාංගනයේ කලින් තරඟ දෙකේදී

ආශ්චර්යයේ ජාතික නාලිකාවෙන් ලෝකයාට කියා දෙන "බ්‍රේකින් නිවුස්" පාඩම

දිනය පහුගිය සිකුරාදාය,වේලාව රාත්‍රි නවයට ආසන්නය .සුපුරුදු පරිද්දෙන් බුවා ජංජාලය තුලය, නිවැසියන් මෝඩ පෙට්ටිය තුලය . රටෙ වැදගත් යමක් සිදුනොවූ දිනක නම් ඡන්ද කතා වලට වඩා වැඩි දෙයක් බුවා බලන්නේ නැත , කොහොමටත් මැතක සිට ලංකාවෙ කිසිදු නාලිකවක බලන්න්ට දෙයක් නැතිම තරම්ය . "මෙන්න බ්‍රේකින් නිවුස් ඒකා..ක්" නිවැසියන් කැ   ගසයි . අම්මට හුඩු තවත් කෆීර් එකක් වත් පතබැවිලා වත් ද ?  බුවා සරමත් කරට අරන් දිව්වේය . බ්‍රේකින් නිවුස් බලපොරොත්තු වන්නටයි කියා යටින් වැටී තිබේ . සරමත් එකතු පහදු කරගෙන වාඩි උනාය .ටික වේලාවක් ගත උනි , තාම මොකුත් නැත . සිදුවී ඇත්තේ කුමක්දැයි සිතා ගත නොහැක . මීට වසර දෙකකට විතර කලින් නම් එය බෝම්බයක් , සාර්ථක වූ මෙහෙයුමක් වැනි දෙයක් විය හැක ඒත් දැන්???? සද්ද බද්ද කෝටියක් දමා බ්‍රෙකින් නිවුසය පටන් ගති. කිව්ව විදිහ නම් මතක නැත , ඒත් නිවුසය වලස්මුල්ලෙ සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා සහභාගී වු එජාප රැස්වීමකට ගිය වාර්ථාකරුවෙක් ගුටි කැමය තූ...නොදකින්!! . එවෙලෙ මතක් ඌ කුනුහරුප ටික පිටකරගන්නත් බැරි නිසා හිතින් බැන බැන කාමරයට පැමිනියෙමි  , එදා කතාව එතනින් ඉවරය , ඊයෙ උදයේ පුවත් ව

කරටි කඩමු, හකු පන්නමු [part2] - මෙහෙම ගියොත් නම් කරටි කැඩෙන්නෙ අපේය

කලින් කිව්ව ආතල් ටයිම් එක ඇවිල්ලාය . ඒත් තව පොඩ්ඩෙන් පොලිස් පති තුමා අපෙ ආතල් කුඩු කරනවාය. එ කිව්ව විදිහට මැච බලන්න ගියා නම් අපිටත් වෙන්නේ උන්නැහේ වගේම නිදාගන්නය   . දැන් යන්තම් ගෙනියන්න දෙන්නෙ නැත්තේ බොතල් විතරය. බෝතලයක්වත් නැතුව වැඩෙ ටිකක් අස්පැට් උනත් කලින් කිව්වාට නම් වඩා ශේප්ය .සෙට් එක හිටියේ අම්බානක බය වෙලාය , ඒ බුදු දුකක් විඳලා ගත්ත ටිකට් අපරාදෙ කියාය මෙලෝ රහක් නැතුව මැච් බලලා වැඩක් නැය . ඒ සල්ලි ටික එකතු කරලා අමු මිරිස් කිලෝවක් වත් ගන්න තිබුනා කියා අපේ උන් ඇඬුවාය . අන්තිමට ඇමතිතුමා ගේමට බැස්ස නිසා ගොඩ ගියාය .එතුමාට බොහොම ස්තුතුයිය... මේ ටෝක් දුන්නාට මට ස්ටේඩියම් යන්න දුන්නෙ නැය , තුනේ ඉඳන් නැගිටල ගිහින් ගත්ත ටිකට් එක අපරාදේය . අපේ මස්සිනාට ස්විප් එකක් ඇදිලාය , ඌ ඒකෙන් දාර සයිස් ටිවි එකක් ගෙනල්ලාය , ඉතින් අපෙ අක්කා මට ස්ටේඩියම් යන්න දුන්නෙත් නැය  " මැච් බලන්න එන ගැනුන්ගෙ _ _වල් බලන්න යන්නෙ නැතුව , ඔන්න ඔයෙ හිටු . ඉටෙඩියං එකේ හූණු බිජ්ජ වගෙ බලන්න ඔනිද  මේ තියන්නෙ පිචැර් හෝල් එකෙ වගෙ "        කියා අක්කා සත්තමක්  දැම්මාය .මමත් ඉතින් පොඩි චරුචුරු වක් දැම්මාය .  &