Skip to main content

Posts

Showing posts from September, 2012

මෙවර මැතිවරණයෙන් ජනතාව දෙන පණිවුඩය

ඒ ඡන්දයත් අහවරය , ප්‍රතිඵලය වෙනදා වගේමය. ඡන්දය ගැන විස්තරාත්මක කථාවක් කලින් ලිපියේ කල නිසා වැඩි විස්තර ලිවීමේ අවශ්‍යතාවයක් නැත . ඒ නිසා මේ මැතිවරණයෙන් ජනතාව දුන් පණිවුඩයන් පහත අයුරින් සාරංශ  ගත කල හැක 01) ඡන්ද දායකයින්ගෙන් බහුතරයකට සිය මාසික වියදම සඳහා රු 2500ක් සැහේ 02)රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කිසි සේත් වැඩි නොකල යුතුය ,  අවැසි මෙවර අයවැයෙන් දැනට ලබා දී ඇති දීමනාද කප්පාදු කල හැක 03) විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැටුප්ද වැඩි කල යුතු නැත , ඔවුන්ට වර්ජනය එපා වු දිනෙක කැමති නම් ඉගැන්විය හැක 04) උසස් පෙල ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්ථමෙන්තුවේ ගබඩා කර තැබීම සැහේ , ආචාර්ය හා ගුරු සංගම් වර්ජනය අත්හැරි  දිනක පරීක්ෂා කල හැක 05) දෙවන වර ඇගයීමේ එසෙඩ් අගයන් මත පමනක් විශ්ව විද්‍යාල සිසුන් බඳවාගත යුතුය 06) විභාග ප්‍රශ්න පත්‍ර වල නිවැරදි තාවය පිලිබඳ විශේෂයෙන් සැලකිලි මත්විය යුතු නැත , වැරදි ඇත්නම් ළමුන් ඒවා නිවැරදි කරගෙන පිලිතුරු සපයනු ඇත 07) නියං සහනාධාර හෝ ගොවි ණය කප්පාදු කිරීම් අවශ්‍ය නොවේ 08) ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර වලට සම්බන්ධ දේශපාලකයින් ට නීතිය ක්‍රියාත්මක කිරීම

ආශ්චර්‍ය්ද්වීපයේ පලාත් සභා ඡන්දය

ආශ්චර්‍ය්ද්වීපයේ තවත් ඡන්දයක් අත ලඟය. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකටම නැති පක්ෂත් තම තමන්ට ඡන්දය දිය යුතු හේතු බොහෝ දුරට කියා අවසන්ය . මේ දවස් දෙකට අලුතෙන් මොකුත් කියන්නට ඉඩක් නැති නිසා මේ සුදානම ඒවා ගැනත් ඡන්ද ප්‍රථිපලයේ බලපැම පිලිබඳවත්  මදක් විමසා බැලීමටය . ආණ්ඩුව මූලික සටන් පාඨ දෙකක් හරහා තම මැතිවරණ මෙහෙයවනා බවක් මැති ඇමති වරුන්ගේ ප්‍රකාශ සහ රාජ්‍ය මාධ්‍ය වල ප්‍රකාශයන් හරහා  නීරීක්ෂය කල හැක . ඉන් පලමු වැන්න නම් රජය ගෙනියන සංවර්ධන ක්‍රියා දාමය ඉදිරියට ගෙන ගොස් රට ආශ්චර්යයක් කීරීම සඳහා පලාත් සභා බලය ලබා දීමය . දෙවැන්න ජාත්‍යන්තර ප්‍රජාවට සහ දෙමල ඩයස්පෝරාවට පණිවුඩයක් දීමය . මින් පලමු වැන්න තාර්කික මැතිවරණ සටන් පාඨයකි .  බලයේ පවත්නා රජයක් හැටියට තමන් ගෙනයන ක්‍රියාදාමය අනුමත කරනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සීටීම යුක්ති සහගත වන අතර තමන් එය අනුමත් කරන්නේ නම් රජය වෙනුවන් ඡන්දය භාවිතා කිරීමේ හැකියාව ජනතාව සතුය . දෙවන සටන් පාඨය න්‍යායික වශයෙන් නැගෙනහිර පලාත් සභාව වෙනුවෙන් අදාල වුවත් එහි කිසිදු ප්‍රයෝගික  සත්‍යතාවයක් නොමැත . එදා මෙදා  තුර දෙමල ඩයස්පෝරාවේ හැසිරීම ශ්‍රි ලංකා රජයට තිබු ජන ප්‍රසාදය අනුව තී