පොඩි පොඩි දේවල් කිහිපයක් ගැන කෙටියෙන් ලියල දාන්නයි සූදානම පටන් ගමු අධිවේගයෙන් , ලංකාවේ පලමු අධිවේගී මාරගය අද ඉඳන් ජනතාවට විවෘතයි . මේ ගැන කථා ගොඩක් තිබුනත් දේශප්‍රේමී ශ්‍රි ලාංකික ජනතාව නම් අද ෆුල් හැපි එකේ ඉන්න දවසක් , අද විතරක් නම් මොකෝ තව සතියක් දෙකක් යන කන් ටිවි චැනල් වලත් එක එක කෝණ වලින් අධිවේගයම පෙන්වන නිසා ජනතාවට මුලු කාලය පුරාවටම පස්වනක් ප්‍රිතියෙන් ඉපිලෙමින් ඉන්න පුලුවන් කම තියනව . ඒ විතරක් නෙවෙයි කඩේ යනවට අමතරව යමක් කරගන්න පුලුවන් චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් ඉන්නව නම් අධිවේගයේ ලුහුබැඳීම් එහෙම අඩංගු "ඇක්ෂන්" චිත්‍රපටියක් හදලා ඊලඟ ඡන්දය කාලෙට රිලිස් කරල නැවතවතාවක් ජනතාවට අධිවේගී ආතල් එකක් ලබාදීමේ හැකියාව තියෙයි . අධිවේගී හදන කන් අනික් පාරවල් හැදුවම මොකෝ, ඕකට ආශ්චර්යයේ පිවිසුමය කියන්නෙ ආශ්චර්යය තියෙන්නේ ගාල්ලේද ? , ණය සහ කොමිස් , ප්‍රමිතියක් නැ , වංගු වැඩියි ...ආදී නොයෙකුත් චෝදනා සියල්ලම අමතක කරලා මාත් අධිවේගය වෙනුවෙන් පොඩි අත්පුඩියක් ගහන්න කැමතියි . ඒ අධිවේගී මාර්ග කියන සංකල්පයට මාත් එකඟ නිසා (ප්රමුඛතාවය්න් තමයි වෙනස් වෙන්න ඕනි ) ,හැබැයි ඉතින් අද ...