පෙරමුණේ රාල බ්ලොග් අඩවියේ පුරන් අප්පු අද මහා හෙලි දරව්වක් කරල තිබු න , ඒ තමයි මේ දවස් වල ලංකාවේ ග්රාහකයින්ට ඇක්සස් කොරන්න බැරි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තමන්වම බැන් කරගෙන , අනුකම්පාව ලබා ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවාය කියන එක . ටිවි චැනල් තමන්ම ගිනි තියාගන්න රටේ , මාධ්ය වේදියෝ තමන්වම මරා ගන්න රටේ මේකත් ඇත්ත වෙන්න ඇති කියල මටත් හිතුනා . ඊට පස්සේ ඒ අය කරල තිබුන පරීක්ෂාවම කරල බැලුව ටෙලිකොම් සබඳතාවයකින් , වැඩේ ඇත්ත වගේ තමයි . හැබැයි ඩයලොග් සබඳතාවයදී ආවේ වෙන කතන්දරයක් . ඊට පස්සෙ මම කලේ ඊ නිවුසියට අදාල අයිපි ඇඩ්රස් එක කෙලින්ම ටයිප් කරල වෙබ් අඩවියට යන්න හදපු එක . එතන්දිත් ටෙලිකොම් වැඩ ඩයලොග් වැඩ නැ . ඊට පස්සේ මම අන්තර්ජාලෙ කරක් ගැහුවා මේකට උත්තරයක් හොයාගෙන . ඒ අනුව මට තේරුණා මේ උඩ පැනිල්ලේ අඩු පාඩු කම් කිහිපයකුත් තියනව කියල . මෙන්න මෙහෙමයි කතන්දරේ අන්තර්ජාලයේ සෙවුමක් කරල බලන ඕනි කෙනෙකුට දැකගන්න පුලුවන් දෙයක් තමයි , වෙබ් අඩවි බ්ලොක් කිරීම සහ ඒවට විසඳුම් අඩංගු ලිපි රාශියක් තියනවාය කියන එක . මේ ලිපි අනුව යම් කිසි වෙබ් අඩවියක් බ්ලොක් කිරීමට අනුගමනය කරන මූලිකම ක්රම දෙකක් තියනව Ex -...