ආදරණීය කෝලි කුට්ටු අය්යේ, අය්යා සැපෙන් ඉන්නවා කියා හිතනවාය . චැම්පියන්ස් ත්‍රෝපියත් උස්සපු නිසා දුකෙන් ඉන්න හේතුවක් නැය . හැබැයි ඉතින් ඒ අය්යාගේ ගැන්ගම් වර්ශන් එක ගැන ගේල් අය්යට තද වෙලා කණ පැලෙන්න දීලා නැත්නම්ය . අය්යා සතුටින් හිටියාට ලංකාවේ නම් ගොඩක් එවුන් ඉන්නේ දුකෙන්ය ,ඒ හැමදාම අය්යලාගෙන් කන නිසාය , ඊටත් හපන් අය්යා අවුට් ඔෆ් ෆෝර්ම් ඉඳලත් අපිට ගහලා ෆොර්ම් වෙන නිසාය . අවුරුදු 5ට මැච් 54ක් ගහලත් තාමත් අපිටත් අය්යලාටත් ඇතිවෙලා නැති පාටය , ආයෙත් කොන් තුනක් ගහන්න පටන් අරන්ය . මැච් තියන කාලෙට අපේ එවුන්ට හිනෙනුත් පෙන්නේ අය්යාවම නිසා මෙහෙම ලියුමක් වත් ලියලා පොඩි උපදෙසක් දෙන්නට හිතුණාය . ක්‍රිකට් නැතත් රටේ අනික් එවුනත් කථා කරන්නේ අය්යලාගේ රට ගැනමය , ඒ 13ය කියල මකබාවක් නිසාය . මට නම් ඒ මොකක්ද කියා තෙරේන්නේ නැය , හැබැයි අපේ දේශප්‍රේමී අම්මා නම් 13 වැඩේ නිසා අය්යලාත් එක්ක තරහා වෙලාය . ඉස්සර බුදුන් උපන් දේශය කියලා මැච් වලදී අය්යලාට සපෝට් කලාට , නිදි මරාගෙන ෆයිනල් බලන ගමන් කිවේම එංගල්නය දිනපන් , එංගලන්තය දිනපන් කියලාමය ,ඒ අපේ දේශප්‍රේමි පචවංශ අන්කල්ගේ කථා අහල...