Skip to main content

Posts

Showing posts from June, 2012

උසස් අධ්‍යාපන ඇමතිගේ රෙදි ගැලවූ අධිකරණයට අපේ ප්‍රණාමය !

ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක්  කරන්නට ගිය ශ්‍රි ලංකාවේ උසස් පෙල ප්‍රථිපල ටික හෝ නිසි ආකාරව ලබා දීමට නොහැකි බව විශ්ව විද්‍යාල උපාධිදාරින් වූ  අධ්‍යාපන ඇමති හා උසස් අධ්‍යාපන ඇමතිවරයාත් උසස් අධ්‍යාපන අමාත්‍ය වරයාත් පසුගිය කාලයේ මැනවින් සනාථ කලහ .සැහෙන තරම් ප්‍රමාද වී , දෝෂ සහිත ප්‍රතිඵල නිකුත් කර ඒය සාධාරණී කරනය කරන්නට ගොස් හත් පොලේ ගාගත් උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා  ඔහු විසින්ම සොයා ගත් ජ්‍යාමිතිය සුත්‍රයකින්  Z ලකුණු එක් කර එයත් සාධාරණී කරනය කලේ Z ලකුණු ක්‍රමය ශ්‍රි ලංකාවේ විභාග ක්‍රමය සඳහා හඳුන්වා දුන්නේයැයි පැවසෙන  විද්වතාණන්ද එම ක්‍රමය ප්‍රතික්ශේප කර තිබියදීය . සිසුන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් අධිකරණයට ගිය ගුරු සංගම් සහ සිසුන්ගේ උත්සාහය ඵල දරා ඇත . අධි මාන්නයෙන් යුතු ඇමතිවරුන්ගේ මාන්නය දෙපරංශයෙන් විසි වෙන තීන්දුවක් ශේෂ්ඨාධි කරණයෙන් ලබා දී ඇත , එනම් ඇමතිවරයාගේ "ජ්‍යාමිතික " සුත්‍රය වැරදි බවත් පැරණි  හා අලුත් විෂය නිර්දේශයන් යටතේ විභාගයට පෙනි සිටි සිසුන් වෙනුවෙන් වෙන වෙනම  Z අගයන් ගණනය කල යුතු බවත්ය . අධි කරණයේ ස්වාධිපත්‍යය පිලිබඳව පවා ප්‍රශ්න කෙරෙමින් තිබෙනා යුගයක ශ්‍ර

කැමතිම ක්‍රිකට් ක්‍රිඩකයින් ගැන (2S , 6M, 3P , 3S , 1D)

ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලීන්ට සතුටු දායක කාල වකවානුවක් ගෙවීගෙන යන වෙලාවක ආයෙමත් ක්‍රිකට් ගැන ලිපියකටයි මේ සුදානම් . අද කථා කරන්න හදන්නේ මම කැමතිම ක්‍රිකට් ක්‍රිඩයින් ගැන . සමාන්‍යයෙන් ජාත්‍යන්තර තරඟ බලත්දි රට වෙනුවෙන් සහයෝගය දුන්නත් ක්‍රිඩා විලාශය , පෞර්ශය , හැසිරීම් රටාව ආදි නොයෙකුත් හේතුන් නිසා අපේ කැමැත්ත හිමි වෙන ක්‍රිඩකයින් ඉන්නවා . මම සටහන් කරන්න හදන්නේ ඒ අතරින් මම  කැමතිම 15 දෙනා ගැන , සහ මම එහෙම කැමති වෙන්න හේතූන් ගැන . ඔබටත් මේ අය ගැනත් ඔඅබ කැමති වෙනත් ක්‍රිඩයින් ගැන අදහසුත් කමෙන්ටු තීරය හරහා එකතු කරන්න පුලුවන් . ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ ඡායාරූප අමුතුවෙන් පල නොකලට ඕනි කෙනෙක්  නම කියු පමණින් දන්නා නිසා අදාල ක්‍රිඩයින් සම්බන්ධ විඩියෝ  කණ්ඩයන් තමයි ලිපියට එකතු කරල තියෙන්නේ 01) S anath Jayasuriya සනත් ජයසුරිය ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද , ශ්‍රි ලාංකික ක්‍රිඩා ලෝලින් බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම ක්‍රිඩකයා වුනු සනා තමයි එදත් , අදත් මගේ ප්‍රියතම ක්‍රිඩකයින් ලයිස්තුවේ ඉහලින්ම ඉන්නේ . වේගවත් ආවෙණික පන්දුවට පහර දීමේ රටාව තමයි සනාට බොහෝ  ක්‍රිඩා ලෝලින්ගෙ වගේම මගෙත් ආදරය හිමි වෙන්න හේතු

සනා අය්යගේ නැටුම්,සල්ලි වලට ක්‍රිකට්,ඉරාන තෙල් ,ජනපතිවරයාගෙ බ්‍රිතාන්‍ය සංචාරය ,ආගමික නායකයින්ට දේශපාලනය තහනම්

කාර්ය බහුල බවත් එක්ක බ්ලොග් කරණය සැහෙන දුරට අතපසු වෙලා ගිහින් , කොහොම වුනත් ලැබුනු පොඩි විවේකය යොදාගෙන මේ සටහන් කරන්න යන්නේ මේ දවස් වල කථා බහට ලක්වෙන කාරණා කිහිපයක් ගැන . ඔය මාතෘකාවේ තියෙන්නේ අදාල කාරණා ටික තමයි සනා අය්යගේ නැටුම් සනත් ජයසුරිය කියන පුද්ගලයා ක්‍රිකට් නොබලන කෙනෙකුට වුනත් අමුතුවෙන් කියා දීමක් අවශ්‍ය වෙන්නේ නැති තරමට සුවිශේෂි චරිතයක් . ස්වාභාවයෙන්ම වේගවත් පිතිකරණ රටාවන්ට ආදරය කරන ක්‍රිකට් ක්‍රිඩා ලෝලියෙක් විදිහට  එදාත් අදත් මගේ ප්‍රියතම ක්‍රිඩකයා වෙන්නේ සනා තමයි . සනාගේ දේශපානයත් එක්ක බොහෝ දෙනෙක් ඔහුව විවේචනය කලත් , කැමති දේශපාලනයක් කිරීමේ සනාට ඇති අයිතියට ගරු කිරීමත් , ඔහු තරම් වත් දේශපාලනයේ හයක් හතරක නොදත් මිනිසුන් දේශපාලනය කරන නිසාත් සනාගේ දේශපාලනය ඔහු තුල  සිටින ක්‍රිඩකයාට ආදරය කිරීම වලක්වන තරම් ප්‍රභල වුනේ නෑ . දේශපාලනයට ඒම නිසා විවේචනයට ලක්වුනු සනා මේ දවස් වල ශ්‍රි ලාංකිකයින්ගේ දරුණු වීවේචනයට ලක්වෙලා තියෙන්නෙ ඔහු සහභාගි වෙන ඉන්දියානු නර්ථන තරඟයක් නිසා . ක්‍රිකට් ගැසීමේ හැකියාව සහ නර්තනය අතර කිසිම සම්බන්ධයක් නැති නිසා වගේම සනාගේ ඇගේ නර්තන රිද්මයන් පිහිටලා නැ