Skip to main content

Posts

නාථ දෙවියන්ගේ සලුව යටින් ආසනික් හරහා මාකටින් !

නාථ හා විපස්සක දෙවි හාමුදුරුවරුන්ගේ පිහිටෙන් කෘෂි රසායන වල තිබෙන ආසනික් හෙවත් පාසානම් හොයා ගත් පින්බර පුවත මේ සුපින්වතුන් දන්නවා ඇතිනේ . සමහර අය තමන්ගේ බටහිර විරෝධී මතය ප්‍රචාරණය කොරගන්න , සටන් පාට නැතුව , හතුරෙක් නැතුව පාලුවේ හිටිය දේශප්‍රේමීන්ට අලුත් සටන් පාට අරන් දෙන්න විතරක් නෙවෙයි අපි වගේ විජාතික ඉත්තන් වෙච්ච බ්ලොග් කරුවන්ට ආතල් එකක් ගන්න අවස්ථාවකුත් මේ ආසනික් කෙලියෙන් ලැබුනාය කියලත් කියන්නම ඕනි . මේ කථාව කරලියට ගෙනාපු අය දිගින් දිගටම දේශීය විද්‍යාවක් ගැන පාර්ම් බාත්දි  රජය නම් කිව්වේ ආසනික් නෑම කියල තමයි . මතක ඇතිනෙ දිණමිනෙන් දීපූ නෝන්ඩිය . අගමැති තුමා දක්වා ගිහින් අග්‍රමාත්‍ය කාර්යාලෙන් ආපු නිවේදනේකිනුත් ආසනික් නැතෝ බය නැතුව හිටපියෝ ! කියල කිව්වට සාමාන්‍ය ජනතාව අතරට ගිහින් තිබුන මතය (ගොඩක් වෙලාවට විකෘති වෙච්ච අදහස් ) නම් වෙනස් වුනේ නැ . ලංකාවේ වැඩ සිද්ද වෙන හැටියට රජයවත් කොම්පැනි කාරයින්වත් සත පහකට වත් විශ්වාස කරන්න බැරි නිසා එක අතකින් ජනතාව වැරදියි කියන්න බැ . තමන්ගේ අඩු පාඩු වහගන්න රජයම ගෙනාපු බිල්ලෙක් ය කියල චෝදනාවට ලක්වුන ආසනික් කතන්දරේ තවමත්  නිසි විසඳුමක් රජයෙන...

කරූ පක්ෂ නායකත්වයට , සජිත් ජනපති අපේක්ෂක - එජාපයට හා රටට බලපාන අයුරු

කාලයක් තිස්සේ  අන්තයටම කුජීත වීමත් එක්ක සෝබරව ඉන්න එජාප පාක්ෂිකයින්ට චුට්ටක් විතර සුභ දායක පුවතක අද වාර්තා වෙනවා . මෙච්චර කාලයක් එජාපයේ වැඩ කටයුතු සිද්ද වුන දිහා බැලුවාම යමක් සිදුවෙලා අවසාන වෙනකන් බලාපොරොත්තු තියන්න බැරි උනත් ,කැපුවත් කොල එජාප පාක්ෂිකයින්ට නම් සුභ දායක යමක් ඇහුනත් ප්‍රිති ප්‍රමෝදයට පත්වෙන බ්ව පහුගිය කාලෙ අපි දැක්කා . සිදුවීම එජාපයේ නායකත්වයට කරු ජයසුරිය මහතා පත්කිරීම . එජාපයට සුභ දායකයි  කියල හිතෙන මේ වැඩෙ රටට බලපාන්නේ කොහොමද ???? එජාපයේ වැටීම දරුණුවට බලපාන්නේ පාක්ෂිකයාට උනත් , සාමාන්‍ය ජනතාවට හා රට වැසියාටත් එහි බලපැමක් තියනව . මූලිකම  විපාකය විපක්ෂය ඉතා දුර්වල වුනාම රජය පිස්සු නටන්න පටන් ගන්න එක . අමුතුවෙන් විග්‍රහ නොකලට අපිට ඒ දේ ඇස් පනා පිටම පේනවනේ . ඊලඟ අහිතකර බලපැම තමයි මිනිස්සුන්ට විකල්පයක් නොමැතිවීම හා විකල්ප්යක් නොපෙනීම . රජයක් කොච්චර පිස්සු නැටුවත් අන්තිමේදී යන්නේ ජනතාව ලඟට . ඒ වෙලාවේදී රජයට දැනෙන්න යමක් කරන්න ජනතාවට තියන  ක්‍රමය තමයි විපක්ෂ බලවේග වලට ඡන්දය භාවිතා කිරීම නමුත්  විපක්ෂය දුර්වල තත්වයේ පවතින කොට ජනතාවට විකල්පයක් විදිහට ...

අහෝ දෙවියනේ මට වුනු වියෝයා.... බුද්ධෙ අයිය මහ පුටුවට ගියෝයා - මීට විකාරවංශ

අද ලියපු පල්වෙනි ලිපියත් ඡන්දෙ ගැන , මේකත් ඒ ගැනම තමයි .හැබැයි මේ සුදානම් වෙන්නේ බ්ලොග් ඉතිහාසයේ දෙවෙනි වතාවට හොඳවයින් හූවක් තියන්න . කලින් පාර හූ කිව්වේ පබා පැන්න වෙලාවෙ පබාට ඡන්දෙ දුන්න ඇයින්ට සහ විපක්ෂනායක තුමාට .මේ පාර නම් හූ කියන්නෙ එසේ මෙසේ පොරකට නෙවෙයි . මහා දේශප්‍රේමී ,උපවාස විශාරද , කොන්ඩම් පති, ලෙමන් පෆ් මුදියන්සෙලාගේ විකාරවංශට තමයි මේ පාර හූව , තමන්ගේ අමාත්‍යාංශයේ සම්පත් , බලතල සියල්ල භාවිතා කරල , ගිරිය කඩාගෙන කැගහල දීපු බුදු ගේම සත පහකට වැඩක් නැතිවෙලා , දේශප්‍රේමී තුමාගේ අපේක්ෂකයට වඩා දහස් ගානක් වැඩි මනාප බුද්ධදාසට හම්බ වෙලා . ඇමති තුමාගේ පරාජය ගැන බුද්ධදාස මහත්තයගෙ අදහස් වලට පස්සෙ මේ පිලිබඳ විමල් වීරවංශ මහතාගෙන් විමසූ විට ඔහු පිලිතුරු දීම ප්‍රතික්ෂේප කලා කියල අද දෙරණෙ චතුර කියපු වෙලාවේ මට දැනුන සතුට නම් කියල නිම කරන්න බැ . විමල් තුමා ඇතුලු දේශප්‍රේමීන් හිතාන ඉන්න විදිහට රජයේ ප්‍රභල බලවේගය ඔවුන් නොවේය කියන දේ ඔප්පු වීම ඉතාම වැදගත් කාරණයක් . බුද්ධදාස කියන පුද්ගල චරිතයේ අඩු පාඩු තිබුනා උනත් කොයි තරම් දැඟලුවත්  විකාර වංශලාට නිදහස් පක්ෂය ඉක්මවා යන්න බැය කියන එක ඉතාම සු...

කාගෙද ඩෝ බලවේගේ???? රජතුමාගේ බලවේගේ .........

ඕං පුංචි චන්දයේ දෙවෙනි අදියරත් ඉවරයි , ඡන්දෙට කලින් ලියපු ලිපියෙදි කිව්වා වගේම දේශප්‍රේමී ජනතාවට ස්තුතිය ඡන්දෙට කලින්ම කරල හිටියත් අවුලක් නෑ කියල නැවතත් වතාවක් ඔප්පු වෙලා තියනව . තිස්ස මහත්තය කොහොම හරි ප්‍රගතියක් පෙන්නුවත් එජාපය තවත් සුපුරුදු තැනමයි කියලයි පේන්නේ . ජවිපෙ නම් ඉතින් විජේවීර සහෝදරය ගිය දිහාවටම  නොනවතින ගමණක් ආරම්ඹ කරල නේ තියෙන්නෙ කොහොමටත් හැමදාම ප්‍රතිඵලය මේ වගේ වෙන්නෙ ඇයි? පහුගිය කාලේ කරපු වැඩ ගොඩකින් හත්පොලේ ගාගෙනත් රජය ඉතාම ඉහලින් දිනන්නේ ඇයි ? මෙගා සමයම් නිසා අයිටීන් එකෙන් පිට ලෝකයක් මිනිස්සු නොදකින නිසාද,රජයට විකල්පයක් විපක්ෂයෙන් නොදකින නිසාද , මේ මැතිවරණයෙන් කල හැකි යමක් නොහැකි නිසාද , එහෙමත් නැත්නම් එජාප පාක්ෂිකයින් කලකිරීමෙන් ඉන්න නිසාද .. නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද ? මට වැටහෙන විදිහට නම් ඔය කිව්ව කාරණා හැම එකකම බලපැම සුලුවශෙයෙන් හරි මේ තත්වයට බලපාල තියනව . ඉස්සර රාජ්‍ය මාධ්‍ය වලට යොමුවුන පිරිසට වඩා ඉතා වැඩි පිරිසක් ඒ වටා ගොනු කරගන්න මෙගා නාට්‍ය සමත් වෙලා තියනව . විශේෂයෙන්ම කාන්තා පාර්ශවය . ඒ ඉන්න බහුතරයක් දෙනා ආශ්චර්යට ඔන්න මෙන්න තියන ශ්‍රි ලංකාව ...

මැත කාලීන මැතිවරණ වල පොදු ලක්ෂන

ඡන්දයක් ලඟ එනවාය කියල අඳුන ගන්න එක ලංකාවේ අපිට නම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. පාට කොඩි වැල් , දත් බේත් ඇඩ් වගේ පෝස්ටර් මග තොටේ දකින කොට දේශපාලන ලෝකෙ ගැන මෙලෝ උනන්දුවක් නැති කෙනෙකුට උනත් ඡන්දයක් කිට්ටුයි කියල තේරුම් යනව .මීට අමතරව මෑත කාලයේදී එකතු වුන අංග කිහිපයකුත් තියනව ඡන්දයක් කිට්ටුයි කියන එක අපිට දැනගන්න . ඊට අමතරව ඡන්දයක් ඉවර උනාට පස්සෙත් මේ වගේම ලක්ෂන කිහිපයක් තියනව. මැතිවරණයට පෙර ටිවි එකේ රසකථා මැතිවරණයක් එන කොට දේශපාලන වේදිකා වල කෙරෙන කථා බහ නම් බොහොමයිනේ . හැබැයි ඉතින්  ඉස්සර නම් මාධ්‍යවල අවධානය යොමුවුනේ පක්ෂ නායකාරකාදීන්ගෙ කථා බහට විතරයි .අනික් කථා ඒ වෙලාවෙ අහගෙන ඉන්න අයට තමා . මැත කාලීනව මේ තත්වය  සහමුලින්ම වෙනස් වෙලා පොඩි පොඩි රැස්වීම් වල  කියන රසබර කථා බහ ඔක්කොම විකාශය කරන තත්වයක් ඇති වෙනව. මාධ්‍ය අතර තරඟකාරීත්වයත් එක්ක පටන් ගත්ත වැඩෙ මිනිස්සුන්ගෙත් හිතට අල්ලල ගිය නිසා දේශපාලකයොත් රූපවාහින්යෙ පෙන්නන ජාතියේ කථා  කියන්නම වැඩියෙන් උනන්දු වුන බවකුත් පේන්න තිබුනා . විශේෂයෙන්ම සාමාන්‍යයෙන් රූපවාහිනි නාලිකාවක මූණ පෙන්න ගන්න ඉඩ කඩ ලැබෙන්නෙ නැති ප්‍රාදේශ...

එෆ් එම් දෙරණ අවකාශ සින්ඩිය බය සුද්දන්ගෙ හෙලුවටද ? දේශප්‍රේමීන්ටද ?

මගේ බ්ලොගයෙ අන්තිමට ලියපු මේ ලිපිය මේ පැත්තෙ යන එන අය කියවන්න ඇතිනේ . එෆ්. එම් දෙරණේ අවකාශ සින්ඩියෙ ලිපි ලියන්න ලියා පදිංචි වෙලා ඉන්න නිසා ඒ ලිපිය එතනටත් එකතු කලා .  හැබැයි ඉතින් දවස් කීපයක් යන කම් ලිපිය පලවුනේ නැති නිසා අවකාශයේ ඇඩ්මින් තුමාව සම්බඳ කලා . බොහොම සංවර විදිහට ඒ ගැන සොයා බලන්න කියල ඉල්ලීමකුත් කලා . අද බලන කොට එතුමා උත්තරයකුත් එවල තියනව මෙන්න මෙහෙම අපගේ නීති හා රෙගුලාසි වලට අනුව මෙවැනි ලිපි පලකල නොහැක ඔය පහලින් තියෙන්නෙ ඒ අයගේ කොන්දේසි http://www.fmderana.lk/blog/?page_id=4444 එයින් අවසන් එක ඇරුණාම ඒ කියන්නේ පරිපාලකයාගේ තීරණය කියන එක ඇරුණාම වෙන එකම කොන්දේසියක්වත්  මගේ ලිපියෙන් කඩ වෙලාය කියල මම හිතන්නේ නැ . (කියවන ඔබතුමාලත් කල්පනා කරල බලන්නකො ) . ඒ නිසා මම මෙහෙම පිලිතුරක් එතුමාට යැවුවා ඔබ විසින් ඔබගේ වෙබ් අඩවියේ පල කර ඇති රෙගුලාසි වලට අනුව මාගේ ලිපියේ වරදක් මා නොදකින මුත් ඔබගේ තීරණයට යටත් වීමට සිදුවේ . මා ඉදිරියටත්  ලිවීමට බලාපොරොත්තුවෙන්නෙ මෙවන් ලිපි  පමණක් නිසා මගේ බ්ලොග් අඩවිය දුරටත් අවකාශ සින්ඩියේ දිස් වීමේ අවශ්‍යතාවක්  නොමැති අතර . මා ල...

සුද්දන් සමඟ හෙලුවෙන් දේශප්‍රේමීන්

දේශප්‍රේමී ගවයින්ගේ ගොන් පාට් එකක් ගැන ලියා අත අහකට ගත්තා විතරය , දේශප්‍රේමීන්ට  තමන්ගේ ගොන් කම් පෙන්විය හැකි තවත් දෙයක් ගැනක් ලිවීමේ අවස්ථාව උදාවී ඇත . ඒ කලුතර වෙරලාශ්‍රිතව   දැමීමට යනවාය කියනා නිරුවත් වෙරල තීරයක් ගැනය . මා උපුටා ඇත්තේ ගොසිප්9 වෙබ් අඩවියේ ලිපිය වුවත් දේශප්‍රේමීන් ගේ අඩවියේද එලෙසිම සිද්ධිය වාර්ථා කර තිබූ බවක් දක්නට ලැබුනි . http://www.gossip9.com/2011/07/blog-post_10.html මෙම සිද්ධිය  දේශප්‍රේමීන්ට ගොන් පාට් සිරිස් එකක්ම දැමීමට හේතු විය හැකි බව බැලුබැල්මට පෙනෙන්නට තිබේ . ලෙමන් පෆ් උපවාස, "වි කොන්ඩම් සුද්දන්ගෙ හෙලුව" වැනි  පුවරු රැගත් පෙලපාලි. හෙලුවෙන් සිටිමේ ආදීනව පිලිබඳ සම්‍යක් දෘශ්ටික දෙවි කෙනෙකුගෙන් ගත් උපදේශ ,හෙලුව වැසීමේ අදිශ්ටාන පූජා , 84,000හේ පහන් පූජා ,  සිවුර කරටගෙන පාරට බසිනා හාමුදුරුවරුන් ආගම්  බේද අතහැර එයට එකතුවෙන ලෙබ්බෙලා, ෆාදර්ලා, ස්වාමීලා ආදි දේශප්‍රේමී රැඟුම්  දැස් ඉදිරියෙ මැවී පෙනේ . මෙවන් දෙයක් සැබවින්ම අරඹන්නේ නම් ඒ පිලිබඳ අවස්න් තීරණය ජනපතිතූමාගෙ වීම වැලැක්විය නොහැක . එනිසා මාගේ අවධානය මූලිකවම යොමු වන්නේ ඒ ද...