ලංකා ඉතිහාසයෙ පලමු වතාවට පක්ෂයක් වෙනුවෙන් මිනිසෙක් සිය දිවි හානි කරගත්තේය.නෛතිකව බැලූ විට ඔහුගේ ක්‍රියාව වරදක් වුවත් ඔහු එමගින් සිය පක්ෂයට දුන් පණිවුඩය එජාපයට මෙන්ම රටටද ඉතා වැදගත් ය .
දිගින් දිගටම අන්ත පරාජයන්ට පත්වූ එජාපයට ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව තදින්ම තිබුනත් ප්‍රතිසංවිධානය නමින් මේ වන විට සිදුවෙමින් පවතින්නේ කල්ලි බෙදී එකිනෙකාට බැන ගැනීමත් නායකත්වය වෙනස් කිරීමට දරන් උත්සහයත් , වර්ථමාන නායකත්වය ඉන් බේරීමට කට්ටි පැනීමත්ය .පසු ගිය කාලය පුරාවට රටේ උද්ගතවූ දේශපාලනමය අවස්ථාවන් හිදී එජාපයෙන් පරස්පර අදහස් කිහිපයක් ඉදිරි පත්වීම එජාපයේ බෙදීමට කදිම නිදසුනකි.එක්ව මිස වෙන් වෙන් ව හිඳ ලැබිය හැකි ජයක් නොමැතිය යන හෝඩි පන්තියේ සිද්ධාන්තය තම පක්ෂයේ වග කිවයුතු නායකයින්ට නොවැටහීම රියෙන්සි අල්ගම මහතා කලකිරවන්නට ඇත.
එජාපය බෙදී වෙන් වී යැම රජයට නම් සතුටට කරුණක් වන මුත් රටේ සාමාන්‍ය ජනතාවට නම් එය සුභවාදී කාර්ණයක් නොවේ , මන්ද යත් විකල්ප බලවේගයක් නොමැති තැන ඕනිම රජයක් පිස්සු කෙලිනා බැවිනි.නමුත් රජයට විකල්පයක් වනව තබා එක මතයක් දැරීමට තරම් වත් එකඟතාවයක් එජාපය තුල නොමැති වීම සැබවින්ම කණගාටුවට කරුණකි .
බොහෝ එජාප පාක්ෂික යින් මෙන්ම සාමාන්‍ය ජනතාවත් එජාපයේ අර්බුදයට විසඳුම ලෙස දකින්නේ වර්ථමාන නායකයා එලවා දමා නව නායකත් වයක් පත් කර ගැනීමයි. වර්ථමාන එජාප නායකයාගේ බොහෝ අඩුපාඩු ඇතත් ඔහු වෙනුවට බොහෝ දෙනා සිතන විකල්පය එජාපයේ නායකත්වයට හෝ රටේ නායකත්වයට කෙතරම් සුදුසු කමක් මේ වන විට දක්වා ඇතිද යන්න ගැඹුරින් සිතා බැලිය යුතු කරුණකි . හම්බන්තොට කැඩුනු පාරකට වඩා වැඩි දෙයක් රජයෙන් විමසීමට නොහැකි/උනන්දුවක් නොමැති ඔහු ජාත්‍යන්තර කටයුතු මෙන්ම එජාපයේ හදවත බඳු දක්ෂිණාන්ශික ආර්ථික ප්‍රතිපත්තිය පිලිබඳ දරන මතය එජාප රජයකින් ජනතාව බලාපොරොත්තු වන හා ජනතාවට ලැබිය යුතු වාසීන් නොලැබී යාමට හේතුවක් විය හැකිය. මෙම තත්වය වඩාත් බරපතල වන්නේ මේ වන විටත් එජාපයේ අත්දැකීම් බහුල බොහෝ දෙනෙක් රජය සමඟ එකතු වී සිටීම නිසයි.රනිල් හා කරු ඉවත්ව ගිය පසු ඉතිරි වන්නේ තරුණ කණ්ඩායමක් සමඟ මුසුවු රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් අඩු ජේෂ්ටයින් පිරිසකි.
සැබවින්ම එය ආධුනික කණ්ඩායමක් හා පලාත් කණ්ඩායම් වල ක්‍රිඩකයින් පිරිසක්, ආධුනික නායකත්වයක් යටතේ ලෝක කුසලාන තරගයකට යැව්වා හා සමාන විය හැක.සහජ දක්ෂතාවක් හෝ,කනා පල්ලමක් හරි ගියොත් විනා එවන් කණ්ඩයමක් සාර්ථකත්වයට පත් වීමට ඇති ඉඩ අල්පය. නමුත් රට,ජනතාව මෙන්ම එජාපයත් එවන් අවධානමකට ලක් කල යුතු නැත . සියලු දෙනා එක්වී තම පක්ෂය ගොඩනඟා ගැනීම, තම තමන් ගේ අඩු පාඩු කම් සකස් කර ගැනීම පක්ෂය වෙනුවෙන් මිය ගිය රියෙන්සි මහතාගේ මෙන්ම තිස් ලක්ෂයකට අධික එජාප පාක්ෂිකයින්ගේ බලාපොරොත්තු ඉටුකරලීමක් වන අතර රටේ බහුතර ජනතාවකගේ හිත සුව පිනිසද හේතු වනු ඇත.එසෙත් නොමැතිව දශක දෙකකට පෙර අවසන් වු, අදට කිසිසේත් නොගැලපෙන ප්‍රේමදාස යුගයක් යලි ගෙන එන්නට තැත් කිරීම රටට වත් එජාපයටවත් වැඩදායක නෝවේ !

Comments
Post a Comment