Skip to main content

සජිත් මහත්තයා පාර්ලිමේන්තුවේදී අසන ප්‍රශ්න .

මේ පොඩි පොස්ට් එක ලියන්න හිතුනේ අද අනුර කුමාර උන්නැහෙ කියපු කතාවක් දැකලා( JVP කට්ටිය කියන එවා මම එච්චර අනුමත නොකලට මේ කතාව නම් එල )
කථාව තමයි ගොඩ දෙනෙක් අනාගත එජාප නායකත්වය විදිහට දකින සජිත් මහත්තයා පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න වල ස්වභාවය. මට අනුර කුමාර කියපු විදිහටම මතක නැ .  මේක තමා දල අදහස

" තිස්සමහරාම ආසනයේ_ _ _ _ _ _ _ කොට්ටාශේ පදිංචි සීලවති මැණිකේගේ වත්තට හරක් දෙන්නෙක් පැනල මිරිස් පැල වගයක් කාල.. මිරිස් පැල කීයක් කාලද? එකට වන්දි දෙන්නේ කවදාද?"

ඔන්න ඔහොම ඒවලු සජිත් මහත්තය අහන්නේ .... බලාගෙන ගියාම ඇත්ත තමා . රටේ මිනිස්සුන්ට , රටට බලපාන වැදගත් කාරණා පසක තිබියදී එයා අහන්නේ ඔය වගේ ප්‍රශ්න තමා .
ඉතින් ගැටලුව තියෙන්නෙ ගොඩක් දෙනා බලා ඉන්න විදිහට මෙයා එජාපයේ නායකත්වයට සුදුසුද කියන එකයි. මේ ප්‍රශ්න වලට අමතරව එයාගෙ කතා විලාසය , කතා කරන දේවල් ,ප්‍රතිපත්ති ඇතුලු තවත් බොහෝ දේ දැක්කම මට නම් හිතෙන්නෙ එජාප නායකත්වයට මෙයා තවම නම් සුදුසු කම් පෙන්වා නැති බවයි.නිකමට වගේ හැමෝගෙන්ම බැනුම් අහන රනිල්,නිදිමත කරු,සජිත් ගෙ ටයි කෝට් කතාව නිසා රෙද්දට බැස්ස
රවි( බූරු  කතා නොකියා ඉන්න ව නම්),එතකොට රෝසි නෝනා වගේ අයත් එක්ක මෙයාව සංසන්දනය කරල බලන්න . මෙයාගෙ හැසිරීම් රටාව නායකත්වයකට කොච්චර නොගැලපෙනවද කියල පෙනෙයි.
ඊලඟට මෙයාට තරඟ වදින්න වෙන මහරජතුමා,බැසිල් ,මෛත්‍රිපාල වගෙ අයත් එක්කත් සංසන්දනය කරල බලන්න .
ඒ විතරක් නෙවෙයි පාර්ලිමෙන්තුවට අද ඊයෙ ආපු නාමල් ,දිලුම් වගෙ චරිතත් මෙයාට වඩා හොඳ දේශපාලන කතිකාවක ඉන්නවා..
කොහොම වෙතත් එජාප නායකයව ඒ අය තෝර ගනියි නෙ. නමුත් අපිට වැදගත් වෙන රටේ නායකත්වය ගැන සැලකුවාම නම් ,මහ රජතුමාට හෝ පිස්සු කෙලින ඇමතිලට හෝ විකල්පයක් වෙන්න පුලුවන් බවක් නම් සජිත් තාම පෙන්නලා නෑ කියන එකයි මගේ මතය!

Comments

  1. එහෙනම් අනුර කුමාරත් සජිත්ට දෙවෙනි නැ නේද?

    ReplyDelete
  2. සජිත් නායකත්වයට තාම ගැලපෙන්නේ නෑ තමා...අනික නායකත්වය කියන එක බලෙන් ගන්න බෑ.ඉන්න නායකයට බැනල ගන්නත් බෑ.තමන් හරිනම් ඒක තමන් ළඟට ගෙන්න ගන්න පුළුවන්.ඒත් සජිත් කියන්නේ තමන්ගේ පාක්ෂිකයෙක් පක්ෂය සම්බන්ධ තම මතය වෙනුවෙන් මැරුණම මළ ගෙදරටවත් ගියෙ නැති කෙනෙක්.අනික දේශපාල‍නේ කියන්නේ "හම්බන්තොට"ම නෙමේ.

    ReplyDelete
  3. බුවා,
    මෙතන තියෙන්නෙ ජනතාවට දැනෙන දේ පිළිබඳ ගැටළුවක්. ලංකාවෙ සිස්ටම් එකේ හැටියට ජනතාව වෙනුවෙන් වැඩකරනවා කියන්නෙ පුද්ගලානුබද්ද දේවල් පුම්බනවා කියන එකයි.
    මේක හොඳටම තේරුම් අරන් හිටියෙ සජිත්ගෙ තාත්තා. එයා රැස්වීමකට යන්න කලින් එයාගෙ කට්ටිය ගිහින් අනිත් අයට බලපෑමක් කරන්න පුළුවන් පිරිස ගැන තොරතුරු හොයල එයාට කියනවළු. "අර අහවලා ඩිංගිරි බණ්ඩා. එයාගෙ දුව ලොකු ළමයෙක් වුණේ පෙරේදා" වගේ දේවල්. ඉතින් අගමැතිතුමත් රැස්වීම ඉවරවෙලා යන ගමන් ඩිංගිරි බංඩට කථාකරනවළු, " හා ඩිංගිරිබණ්ඩෙ, දුව සනීපෙන් නේද? අපේ සුබ පැතුම්" වගේ. දැන් මුළු ගමම දන්නව අගමැතිතුමා මොන තරම් ජනතාවට සමීපද කියලා.

    අනිත් කෙනා තමයි රජතුමා. පහුගිය දවස්වල එතුමා රජගෙදර කන්න දෙනකාලෙ මිනිස්සු කිව්වෙ "තියෙන නිහතමානීකමනෙ. මේසෙ ලඟටම ඈවිල්ල කන් කන්න කියල වදේ! රනිල එහෙම හිටියනම් ඔහොම කරයිද?" කියල.

    ඉතින් සජිතුත් යන්නෙ අන්න ඒ ශ්‍රී ලාංකික මාවතේ කියලයි මටත් හිතෙන්නෙ.

    ReplyDelete
  4. @ඇටමැස්සා ,ඔබගේ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත .වැඩේ තියෙන්නෙ අපිට එක රජ තුමෙක් ඇතිනේ . එයාව එපා උන දවසට ඔනි වෙන්නෙ විකලපයක් මිසක ඒවගේම කෙනෙක් නෙවයි නේ,අනික සජිත්ගෙ දැනට තියන ආර්ථික ප්‍රතිපත්ති ගොඩාක් අන්තගාමියි එජාපයේ තිබිය යුතු ලිබරල් බව එත්න පේන්න නැහැ ..දැනට තියන හැටියට නම් රජතුමා මෙයාට වඩා හොඳයි වගේ.අනේ මන්දා............ජනතාවට සමීප නැතත් රනිල් ගෙන් සජිත්ට වඩා වැඩ කොටසක් රටට සිදුකර ගන්න පුලුවන් .මට හිතෙන හැටියට

    ReplyDelete
  5. මාත් එතන ඉන්නවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ තව කීදෙනෙක් ඔය විදිහට හිතනවද කියන එකයි. ඒකයි මං ලිව්වෙ "ශ්‍රී ලාංකික මාවතේ" කියල.

    ReplyDelete
  6. හම් ඒක ඇත්ත " ශ්‍රී ලාංකික මාවත " අපේ රටටම ආවේණික අමුතුම එකක් නේ , මොනව කරන්නද ? බලමුකො පහු වෙල හරි අපෙ උන්ට යන්තමින් හරි තේරුම් යයි ද කියල

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

අපි නොදන්න අවුරුදු ක්‍රිඩා

2012  සිංහල -හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ පැය කිහිපයකි . සියලුම සිංහලයන්වත් සියලුම හින්දුන්වත් මේ උත්සවය සමරන්නේ නැති වුවත්  අලුතින් නම් සොයනවාට වඩා පහසු නිසා  පොදු භාවිතයම යොදා ගැනීම  වඩා හොඳය . මුණු පොතේ එක එකා ටැග් කරන ෆොටෝ වල ටැග් ගැලවීමත් , බතික් සරම් ගහගෙන ගැමි කම ගැන පොර ටෝක් දෙන "විද්වතුන්ගේ" බයිලා අසා සිටීමත් එපා වී ඇති නිසා මේ ලියා තබන්නට සැරසෙන්නේ අවුරුදු උත්සවය හා බැඳි ඇති  අවුරුදු ක්‍රිඩා කිහිපයක්  අවුරුද්දේ පමණක් නොව මුලු වසර පුරාම මේ ආශ්චර්ය්‍යද්වීපයේ දකින්නට ලැබෙනා හැටි ගැනය සැඟවුනු අමුත්තා  සැඟවුනු අමුත්තා බොහෝ අවුරුදු උත්සවයන්හි දක්නට ඇති තරඟයකි . ක්‍රිඩාවක්ම නොවුනත් පුංචි පහේ වින්දනයක් ඇති වැඩකි . මෙහි ඇති අපූර්වත්වය නම්  'සැඟවුනු අමුත්තා' යැයි කිවාට අදාල අමුත්තා හැංගි මුත්තං කෙලියකදි මෙන්  සැබවින්ම සැඟවී සිටින්නේ නැති වීමය . ඔහු අවුරුදු උත්සවයට සහභාගිවන  අනෙකුත් පිරිස අතරම  රැඳි සිටින , එවැන්නෙක් සිටිනවා යැයි කවුරුත්  දන්නා චරිතයකි . එනම් ඉන්න බව දන්න , ඉන්න තැන දන්න ඒත් අල්ලා ගැනීමට අපහසු චරිතයකි මේ ආකාරයේ සැඟවුනු අමුත්තන් අවු

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව