Skip to main content

ගල් වෙනුවට මල්! .......බුවාගෙන් දෙරණට මල් මිටක්

දේශපාලන හෝ සමාජීය බ්ලොග් ලියන බොහෝ දෙනා , බොහෝ විට ලියන්නේ අඩු පාඩු හෝ විවේචනයි සැබවින්ම බොහෝ දේවල් කණපිට ගසා ඇති රටක වෙන ලියන්නට දෙයක්ද නොමැත . බුවාගේ කෙටි කාලීන බ්ලොග් ජීවිතය තුලත් එක් පෝස්ටයක් හැරුණු විට සියල්ලම ලියා ඇත්තේ විවේචනයි.


නමුත් අද ලියන්නට යන්නේ නම් එවැන්නක් නොවේ . මිට කලින් පෝස්ටය ලියුවේ මාධ්‍ය ආයතනයක තකතීරු කමක් ගැනයි අද ලියන්නට යන්නේ මාධ්‍ය ආයතනයක් විසින් පැවැත්වූ අපූරු වැඩසටහනක් ගැනයි


ඒ Derana Music Video Awards 2010 වැඩසටහනයි.සරලම කතන්දරය නම් ප්‍රේක්ෂකයින්ගේ ඇස කණ  පිනවීමේ කාර්ය්‍යය ඉතා මැනවින්  ඉටු කිරීමට දෙරණට හැකිවු බවයි. සැබවින්ම රූපවාහිනි වැඩසටහනක කාර්යය ද එය වන අතර කලාව අනුභව නොකර හා ප්‍රේක්ෂක බුද්ධියට නිගා නොකර එය සිදු කිරීමද ඉතා වැදගත්ය . ඒ අයුරින් බලන විට මේ වැඩසටන අතිශයින් සාර්ථක වුවක් බව මගේ හැඟීමයි . රතු පලස් වැඩසටහනේ ආරම්භක අවස්ථාවේ නිවේදිකාව දැක්වූ දුර්වලතාවයන් හා ඇතැම් සුලු තාක්ෂණික දෝශත් වේදිකාවේ ප්‍රමාණයත් හැරුණු විට ජාත්‍යන්තර මට්ටමේ සම්මාන ප්‍රධානෝත්සවයක දක්නට ලැබෙන අංග රාශියක් මෙහි විය . වේදිකාව තරමක් ප්‍රමාණයෙන් කුඩා වුවත් විශිෂ්ට නිර්මාණයක් වූ අතර ආලෝකකරණයද සුවිශේෂීය . විනිශ්චය මණ්ඩලය සැබවින්ම ඒ සඳහා වඩාත්ම සුදුස්සන් වු බව ඔවුනගේ නිර්මාණ හා ක්ෂේත්‍රයේ අත්දැකීම වලින් පමණක් නොව මෙහිදි ලබා දුන් විනිශ්චයන්ගෙන්ද මනාව පැහැදිලිවේ.වරින් වර එකතුව තිබු නාට්‍යමය අංග ( ආරම්භයේ ගැටුම , ඉරාජ් ගෙ ගීතය අතර සිද්ධිය .....ආදී) ත් , තීරණ ප්‍රකාශයට පත් කිරීමට පැමිනි අයගේ භූමිකාවනුත් වැඩසටහනට අපූර්වත්වයක් එක් කලේය .
ජනප්‍රියම වීඩියෝව සඳහා කවුරුත් ගල් මුල් නොගැසූ අතර වැඩසටහන හොදින් නිමා විය .සිතට මිහිරක් ගෙනදුන් වැඩසටහනක් වෙනුවෙන් දෙරණ ස්තුතිවන්ත වන අතරම අනාගතය සඳහා සුභ පතන්නටද බුවා කැමතිය . නමුත් කණගාටුවට කරුණක් ඇත ඒ මිට වඩා බොහෝ අලංකාරවත්ව කල හැකි ලංකාවේ සිනමා හා ටෙලි සම්මාන උලෙල වල් මෙහි අහලකටවත් ගත හැකි තත්වයක නොපැවතීමයි . අවසාන වශයෙන් අනර්කලි ආකර්ෂා ගේ භූමිකාවක් තැනට ගැලපෙන ලෙස යෙදුනු මා දුටු පලමු අවස්ථාව මෙය බවද කිව යුතුමය

Comments

  1. එල ලිපියක් සහෝ....හැබැයි ඕක බලන්න බැරිවුනා....ආයේ කවදද දන්නේ නෑ නේද යන්නේ.....

    ReplyDelete
  2. @෴ හසියා ෴ චන්දයක් තියන කොට හරි අවුරුද්ද අන්තිමට හරි යයි
    එතකොට බලමු

    ReplyDelete
  3. දෙරණ සයිට් එකට ගිහින් බලන්න අයියා.................

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " ....

ආගමික ප්‍රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින  කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී  නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න " සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ අදහස් කියල ලිපියක් එකතු කරලා තියන නිසා කාන්තාවගේ වස්ත්‍රයන් සම්බන්ධව ඉස්ලාමයේ තියන මතය පිලිබඳ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන එකක් නෑ . ඒ වගේම මගේ බ්ලොග් අඩව්යේ පාඨකයින් සාතිශය බහුතරකට  පිරිමින්ගේ වලත්ත කම් වලට කාන්තාව වැසීමේ අයුක්තිසහගත නිතියේ ගෝත්‍රික ස්වාභාවය පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකකුත් නෑ . මේ පිලිබඳ මගේ මතය ඉතාම සංෂිප්තව කියනවා නම් "කාන්තාවගේ ඇඳුම පිලිබඳ පූර්ණ අයිතිය  කාන්තාව සතුයි " කියන එක .  ඒ මතවාදය තුල නොඉන්නවා නම් කාන්තාවන්ගේ ඇඳුමට ආගමික හෝ වෙනත්  බාහිර තහංචි අවැසියයි සිතනවා නම් .කාන්තාවන්ට සිදුවෙන අතවරයන් වලක්වා ගන්න ඇයව ආවරණය කල යුතුයැ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

ඕං අවුරුදු දෙකයි !

බ්ලොග් කරණයට එකතු වෙලා  අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට  මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , කමෙන්ට් කරපු සියලු දෙනාටමත් සින්ඩිකේටර හිමිකරුවන්ට සහ තමන්ගේ බ්ලොග් රෝල වලට එකතු කල බ්ලොග් කරුවන්ටත්  මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්නේ මේ කාර්යයේ සාර්ථකත්වයට ප්‍රභලතම හේතුව ඔවුන් නිසා . 2010/7/8 වෙනිදා ඉඳන් අද දක්වා ලියවිලා තියන මුලු ලිපි සංඛ්‍යාව 145 කියල සටහන් වුනත් , මේ වගේ සැමරුම් , නිවේදන ආදී ලිපි ඉවත් කලාම වැදගත් (හෝ මම වැදගත්ය කියලා හිතාන ඉන්න ) ලිපි ගණන 135-140 අතර ගණනක් වෙන්න පුලුවන් . දැනට බ්ලොග් අඩවියේ  සටහන් වෙලා තියන මුලු පිවිසුම් සංඛ්‍යාව 85402 ක් . මගේ ප්‍රතිචාරත් ඇතුලුව මුලු ප්‍රතිචාර සංඛ්‍යාව 2812ක් .  2010 වසරේ පටන් ගත්ත බ්ලොග් කරණය වඩාත් සාර්ථක වුනේ 2011 වසරේදි ,  මම ලියපු ජනප්‍රිය...