Skip to main content

කට නිසා නහින්නේ මාලුද ? නැත්නම් UNP කාරයින්ද?

මාලුවා නහින්නේ කට නිසා යන්න පැරණි කියමනකි .පැරැණ්නන්  එසේ කියා ඇත්තෙත් කට කසනවාට ම නොවේ. බොහෝ විපත් වලට හේතුවිය හැකි "කට" පරිස්සමෙන් තබාගත යුතු නිසාය  . නමුත් දැන් දැන් කාරණා සිදුවෙන හැටියට නම් අපට ඒ කියමන වෙනස් කල හැකිය .ඒ " UNPය නහින්නෙත් කට නිසා " ලෙසටය
මට මතක එජාප ඉතිහාසයේ කට වරද්දා ගැනීමේ ප්‍රමුඛයා රනිල් වික්‍රමසිංහ මහතාය . දේශපාලන ලොකයේ ඉතිහාසගතවන තරමට එතුමා ගොන් කතා කියා ඇත

නංගිලාට බ්‍රේස්ලට් . බුලත් විට - චුයින්ගම් . චන්ද්‍රිකාව කොටියට භාර දීම
පස් දුන් රට, ඊසාන දිග මෝසම.තොප්පිගල කැලයක් . SMS වෙනුවට Ringtones  ,පාලම් හදන්නෙ ලමයි ඟඟට දාන්න.පොලොන්නරුවට වරායක්.... etc  ඇතුලු ගොන් කථා රාශියක් නිසා එතුමා කට වරද්දා ගැනීමට කප් ගසා ඇත


ඊලඟට කට වරද්දා ගන්නේ එවකට එජාපයේ ජාතික සංවිධයක වූ එස්.බී දිසානායක මහතාය , ඒ අධිකරණ තීන්දුවක් විවේචනය කරමිනි. ඔහුට නම්  එයට පිලිතුරු ලෙස වැලිකඩ බෝඩිමේ නිවාඩුවක් නොමිලේම ලැබුණ අතර අන්තිමට නතර උනේ සන්ධානයේය.

 එජාපයේ ඔලමොට්ටලම කතා සීරීස් එක දෙන්නේ රවී කරුණානයක මහතාය . යුධ සමයේ ඔහු කියූ අලිමංකඩ පාමංකඩ හා මැදවච්චි කිලිනොච්චි කතා නිසා අදටත් එජාපය චාටර් වනවා පමණක් නොව පක්ෂය තුලත් ඔහුට විරුද්ධව මතවාදයන් ගොඩ නැඟී ඇත .

එජාප සමාජිකයන් පමණක් නොව ජනපතිවරණයේදී එජාපය සහය දැකිවූ ෆොන්සේකා මහතාත් හත්පොලේ ගාගන්නේ කට නිසාය .

එජාපයේ කට වරද්දා ගැනීම් වල අලුත්ම සටහන කරු ජයසූරිය මහතා විසින් තබා ඇත .ඒ යුධ අපරාධ චෝදනා පිලිබඳ පරීක්ෂණයක් අවශ්‍ය යැයි පවසමිනි .ඇතැම් විට ඔහුගේ අදහස වෙන යමක් වන්නට ඇති මුත් දැන් නම් එය පරිවර්ථනය වී ඇත්තේ ඔහුගේ මන්ත්‍රි ධූරයටත් කෙලවෙන තැනටය .වගකිව යුතු දේශපාලඥයෙක් අදහස් ප්‍රකාශ කිරීමේදී මීට වඩා පරිස්සම් විය යුතු බව දැන්නම් ඔහුට වැටහී ඇතුවා නිසැකය.
 ඒත් ප්‍රමාද වැඩිය  ( කරූ,. රනිල් මෙන් ගොන් කතා කියන්නේ නැතැයි පෝස්ටයක ලියා මාසයක් වත් නැත ඒක ලිවාවට මටත් දැන් ලැජ්ජය)

 එජාපයේ සජිත් බලකායේ කිසිවෙකුත් තවම කට වරද්දා ගෙන නැත . ඉදිරියටත් එසේම වේවායි අපි ප්‍රාර්ථානා කරමු . ඒ ප්‍රජාතන්ත්‍රවාදය නාමිකව හෝ පැවතීමට නම් රටේ පක්ෂ දෙකක් පැවතිය යුතු නිසාය

Comments

  1. " ඇතැම් විට ඔහුගේ අදහස වෙන යමක් වන්නට ඇති මුත් දැන් නම් එය පරිවර්ථනය වී ඇත්තේ ඔහුගේ මන්ත්‍රි ධූරයටත් කෙලවෙන තැනටය ."

    මමනම් හිතන්නෙ තමතම්න්ට තේරෙන විදියට තමන්ම පරිවර්ථනය ක‍ර ගත්තනම් හ‍රි එක එක ඔලමොට්ටලයො පරිවර්ථනය ක‍රල දෙන ඒව ඔලුවට ගන්නෙ නැතුව

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. මේ රට ගැන කියනු ලබන්නේ උදේ සිට සවස දක්වා ආගම වපුරුවනු ලබන රටක් හැටියටය.බුද්ධාගමෙන් හිංසනයට කිසිම ඉඩක් නැත. එසේ නම් පසු ගිය සිවිල් යුධ සමය තුල සිදුවූ දේ එකඟ වන්නේ මොන ආගමික මතවාදයටද?
    1.බස් වලින් මඟින් එලියට ඇද වෙඩි තබා ඝාතනය කිරීම.
    2.බස් කෝච්චිවල බෝම්බ පුපුරුවා මඟින් ඝාතනය කිරීම.
    3.සිවිල් ගම් වැසියන් නිදි පැදුරේදීම ඝාතනය කිරීම.
    4. ප්‍රති විරුද්ධ පාර්ශවයන් විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයන් ඝාතනය වීම.
    කවුරු මොනවා කීවත් බූවා විසින් දැන ගත යුතු කරුනු කිහිපයක් ඇත.කාට හෝ කටට ආ පලියට අරය මෙයා යුධ අපරාධ කලාය කියා උඩ පැන්නාට කල බල විය යුතු නැත.ඕන අයෙකුට ඕනෑම දෙයක් කීමට නිදහස තිබේ.නමුත් ඒවා ඔප්පු කල යුතුය. කරුනු ඔප්පු කරන තුරු චුදිතයන් නිදහස්ය.
    පොඩි උදාහාරනයක් ගනිමු.බිසෝ මැනිකාගේ අහවල් දේට අහවල් දේ අසවල් අය විසින් කලාය කියා ලිඳ ලඟ සංගමයේදී ප්‍රකාශ කළාට වැඩක් නැත.ඒවා ගැන කටයුතු කිරීමට උසාවිය හා පොලිසි ඇත.එසේත් නැතිව සරම උස්සාගෙන චන්ඩි පාට් දාමාගෙන සිටියොත් සිදුවන්නේ බිසෝ මැනිකාව ඉස්පිරිතාලයට ඇඩ්මිට් කිරීම පමනි!මෙහිදී කරුණු 02 ක් සිදු විය හැක. බිසෝගේ තුවාල වලට ප්‍රතිකාර ලැබේ. දෙවනුව බිසෝ අම්මා කෙනෙකු විය හැක.!
    පසු ගිය සිවිල් යුධ සමය තුල සිදුවූ සියළුම ක්‍රියාවන් වලින් පීඩාවට පත්වූයේ මෙරට ශ්‍රී ලාංකීක පුරවැසියන්ය.උන් සිංහලද දෙමලද යෝනකද ලංදේසිද බෞද්ධද ක්‍රිස්තියානිද හින්දුන්ද ආගම නොඅදහන්නන්ද යන්න වැදගත් නොවේ.මෙහිදී සලකා බැලිය යුත්තේ පොදුවේ ශ්‍රී ලාංකීක ප්‍රජාවට සිදුවූ අතවරයන් පිළිබඳවය.
    අපේ ජාතිවාදි අමනයන් දැන්වත් මෙම තත්වය පිළිගත යුතුව ඇත.
    මට මතක හැටියට මෙරට උසාවි වල සන්නධ ප්‍රහාර පිළිබඳව නඩු රාශියක් දැනටමත් ගොනු කොට ඇත.තව දුරටත් උම්බෑ කියමින් සිටිය හොත් සිදු වන්නේ බිසෝ මැනිකාට සිදු වූ 02 කාර්යයි. එනම් ලමයා ලැබීමයි.
    යු එන් පී ය 'දෙකඩ වීම ගැන' එතරම් කලබල විය යුතු නැත. එයින් ලැබෙන වාසිද ඇත. එකක් කුනු කන්දල් එලියට විසිවී පක්ෂය පිරිසිදුවීමයි. මෙයට කලින් සිටි විවේචකයන් දැන් සිටිනුයේ කොහේ දැයි කවුරුත් දනිති!
    තවද තව කරුනක් කිවයුතුය.යූ එන් පී ය ඉදිරි මැතිවරනයකදී කිසිම පක්ෂයක් හා සංධාන ගතවී ඉදිරිපත් නොවිය යුතුය. දැන් මුස්ලිම් කොන්ග්‍රස් කාරයා සිටින්නේ ආංඩුවේය. මේවා යු එන් පී යට හොඳ පාඩම්ය!! ඔවුනට ඉදිරි පළාත් පාලන මැතිවරනයේදී ආංඩුවේ සංධානය යටතේ තරඟ කල හැක.කවර හේතුවක් නිසාවත් අලියාගේ පිටේ යාමට සූදානම් නොවිය යුතුය.chukka
    චුක්ක

    ReplyDelete
  4. @ Malith ඔබ අදහස් කර ඇති දෙය මට ඩයල් නැත. ඔබ උපුටා දක්වා ඇති කොටස ගැන කියනවා නම් මම එයින් අදහස් කලේ කරු ජයසූරිය මහතා කියූ දෙය ඔහුගේ මන්ත්‍රිධූරය අහිමිවන තැනට පත් වී ඇති බවය , පරිවර්ථනය යන වචනය භාවිතයෙන් අදහස විකෘති වී ඇත්නම් සමාවන්න

    ReplyDelete
  5. @Anonymous - "කාට හෝ කටට ආ පලියට අරය මෙයා යුධ අපරාධ කලාය කියා උඩ පැන්නාට කල බල විය යුතු නැත "

    රට පැත්තෙන් ගත්තොත් ඔය ආණ්ඩුව කියනව වගෙ අවධානමක් කරු මහත්තයගෙ කතාව නිසා ඇතිවෙන්නෙ නැ තමයි නමුත් එජාපයට නම් ලොකු හානියක් වෙනවා . ඒ කථාව ගොන් වෙන්නෙ ඒ නිසයි .

    "යු එන් පී ය 'දෙකඩ වීම ගැන' එතරම් කලබල විය යුතු නැත. එයින් ලැබෙන වාසිද ඇත. එකක් කුනු කන්දල් එලියට විසිවී පක්ෂය පිරිසිදුවීමයි. මෙයට කලින් සිටි විවේචකයන් දැන් සිටිනුයේ කොහේ දැයි කවුරුත් දනිති! "

    එජාපය දෙකඩ වෙනවා නම් එහි ගුණාගුන විවේචනයට කල් වැඩි බව මගෙත් අදහසයි . මෙහි සජිත් ගැන ලියුවේ ඔහු මේ දක්වා එජාපයේ ඡන්ද පදනමට හානිකර විය හැකි ප්‍රකාශ කර නැති නිසායි

    "යූ එන් පී ය ඉදිරි මැතිවරනයකදී කිසිම පක්ෂයක් හා සංධාන ගතවී ඉදිරිපත් නොවිය යුතුය"

    100% එකඟයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ ...

මුස්ලිම් අන්තවාදය මගේ මතය සහ යොජිත විසඳුම් - සිරාගේ කාමරයට පිලිතුරක්

ඉස්ලාම් අන්තවාදය පිලිබඳ අන්තර්ජාල කතිකාව බොහොම තදබල විදිහට සිදුවෙන බවක් මේ වෙනකොට දකින්න තියනවා . අන්තර්ජාලයෙන් බැහැර සමාජය තුලටත් මේ මතවාදයන් කාන්දු වෙන්න පටන් අරන් බොදු බලසේනා වගේ සංවිධාන වල බිහිවීමත් එක්ක . මේ සම්බන්ධව අන්තර්ජාලය තුල මතුවු නොයෙක් කතිකාවන් වලදි අදහස් දක්වලා තිබුනත් ඒවා අදාල ලිපියේ සමස්ථ අදහසත් එක්ක බැඳෙන නිසා  බ්ලොග් කරුවෙකු වශයෙන්  මගේ ස්ථාවරය පැහැදිලි කලයුතුයි කියල හිතෙනවා . මේ ලිපිය සිරාගේ කාමරය බ්ලොග් අඩවියේ පලවු පහත සඳහන් ලිපිය  වෙනුවෙන් මගේ ප්‍රතිචාරය විදිහටත් සලකන්න පුලුවන් http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html සංවාදයක් ආකාරයෙන් පහත මතු කරල තියෙන්නේ ඒ පිලිබඳ මගේ සම්පූර්‍න ස්ථාවරය මුස්ලිමුන් අන්තවාදියිද - මේ පිලිබඳ මූලික සාකච්ඡාවක් කලින් ලිපියක සඳහන් කරලා තියනවා . මුස්ලිම් ජාතිකයින් කුරානය හෝ ඉස්ලාම් ධර්මය ආගමික අන්තාවාදයට රුකුල් නොදෙන බවට තර්කයන් ගෙනාඅවත් , කුරානයේ සඳහන් ඇතැම් වාක්‍ය ආගමික අන්තාවාදීන්ට අවශ්‍ය ආකාරයෙන් විග්‍රහ කරගත හැකිවීමට තියන සම්භාවිතාව පිලිබඳ සාර්ථක පිලිතුරක් ගොනුවෙන්නේ නෑ . ඒ වගේම මුස්ලිම් බහුතරය...

පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය

රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා  විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක  තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන විවාදය පිලිබඳ යමක් සටහන් කල යුතුය . උක්ත විවාදය කෙලවරක් නොමැතිව දිවෙන්නක් වුවත් ඒ පිලිබඳ මාගේ පැහැදිලි අදහස ඉදිරිපත් කර තැබීම වැදගත්ය . පෞද්ගලික විශ්ව විද්‍යාල සහ/හෝ  මුදලට රාජ්‍ය අංශය විසින් සපයන උසස් අධ්‍යාපනය යන සංකල්පය මා සම්පූර්නයෙන්ම එකඟය . එනිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා විරෝධය පලකරන්නන්ගේ සමහරක්  තර්කයන්ට පිලිතුරු සැපයීම මාගේ ස්ථාවරයට හේතුන් පාඨකයාට අවබෝධ වීමෙහිලා උපකාරි වනු ඇත . දුප්පත් සිසුනට සිදු කරනා අසාධාරණයක් - යම් පිරිසකට අසාධාරණයක් සිදුවන බව සැබැය . නමුත් වර්ථමානයේ පවතින්නාවු ක්‍රමය තුලද තත්වය ඒසේමය . දිස්ත්‍රික් පදනම නිසා විභාගයේදී වැඩි දක්ෂතාවයන් දැක්වූ සිසුනට  බලාපොරොත්තු වන...