Skip to main content

"Smart "වෙලා වඩේ හපන් එන්න!! ... අත උස්සලා " උපහාරය " දෙන්න.!!.අනේ මෙහෙව් නිල ගීත.

ක්‍රිකට් ලෝක කුසලානය අත ලඟය. ශ්‍රි ලංකාව ඇතුලු දකුණු ආසියානු කලාපයෙ තරඟ පැවැත්වෙන නිසාත්, ශ්‍රි ලංකාව කලින් කුසලානය දිනා ගත්තේ මේ කලාපය තුල පැවැත්වූ තරඟාවලියකදි නිසාත් ශ්‍රි ලාංකිකයින් බොහෝ දෙනෙක් මෙවර තරඟාවලිය ගැන උනන්දුය . ඒ නිසා රූපවාහිනි තරඟ , ක්‍රිකට් බෝල වල අත් සලකුණු කිරීම්, ක්‍රිකට් ගීත නිකුත් කිරීම් වැනි කතන්දර ගොඩකි . ඒ අතරේ පහත ආකාරයේ ක්‍රිකට් නිල ගීතයක්ද නිකුත් විය .

" පලමුව විසිල් පාරකි..ඊලඟට හූවකි . වඩේ හපන්, චට්නි හදන්, කනුත් වහන් මැච් බැලීමට ආරාධනයකි .එතනින් එහාට කරටි කැඩේ, බඩු පෙරලේ , හිම දියවේ , හකු පැන්වේ, බජිරි කැවේ වැඩ ගොඩකි..".

සින්දුවේ ආතල් එකක් නම් ඇත , පොඩි ගතියකුත් ඇත නමුත් ගැටලුව ඇත්තේ "නිල ගීතය" කියන්නේත් මේකට වීමය .

බජව් තාලයට ගැයෙන අහුලාගත් වචන වලින් ලියැවුන ගීතයක් "නිල ගීතය" වේ  නම් නොනිල ගීත යා යුත්තේ කොතනටද?

ඇඟට දැනෙන නිල ගීතයක් හැදීමට ඇත්තේ බජව් තාලයක් විතරමද?
පද මාලාවේ හිස් තැන් පුරවන්න තියෙන්නේ වඩේ , ටොනික්, හෝ චට්නිද පමණද ?

මෙහෙව් මගුලකට නිල ගීතය කියන්නට ලැජ්ජා නැතිද?

අඩුම තරමේ "නිල ගීතයේ පද මාලාවට අනුග්‍රාහක සමාගමේ පැකේජ වල නම් නොදා සිටීමටවත් මොලයක් නැතිද?

Comments

  1. ඇත්තමයි මටත් හිතුනෙ ඕකමයි, ඕක මහ බලු ගීතයක්.

    ReplyDelete
  2. සහතික ඇත්ත.

    ReplyDelete
  3. හදපු උන්ගෙ කරටි කඩමු එන්න.
    රොත්ත පිටින් ඩප්පි අරන් එන්න. එන්න එන්න
    මුඛ වාඩම් අරන් වරෙන් කටේ බඳින්න.
    smart වෙලා කනෙන් ඇදන් එන්න....

    ReplyDelete
  4. ඇත්තටම නිල ගීතය මේකද? මම නම් හිතුවෙ බොරුවට කියලා..මල ජරාවක්නෙ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව