ලෝක කුසලාන ඉතිහාසයෙ පලවෙනි වතාවට ආසියාතිකයින් දෙපිරිසක් අවසන් තරඟයට සුදුසු කම් ලබමින් අවසන් පූර්ව වටය නිම උනා . ඒ වටය ගැන බුවා කියපු අනාවැකිත් හරි ගියා කියන එකත් මතක් කරන්න කැමතියි.ශ්‍රි ලංකාව හා නවසිලන්තය අතර නම් ලොකු තරඟයකට ඉඩක් තිබුනේම නැ , නමුත් අපේ පසුපෙල පිතිකරුවන් ( චාමර හා තිලාන් ) ඒක ගේමක් කරගත්තා . ඒත් ඉන්දියානු - පකිස්ථාන තරඟය නම් බලාපොරොත්තු උන විදිහටම ඉතාම උණුසුම් උනා . පාකිස්ථානුවන්ගේ අතිශයින්ම දුර්වල පන්දු රැකීමත් , ඉතාම මෝඩ තීරණත් , සචින්ගේ වාසනාවත්, පන්දු යැවීමේදී හා රැකීමෙදි ඉන්දියානුවන් දක්වපු සුපිරි දක්ෂතාත් , දෝනිගේ බුද්ධිමත් නායකත්වයත් මීට හේතු උනා කියන්න පුලුවන් . ඉන්දියානුවන්ගෙ පන්දු යැවීම දෙකේ කොලේට දාල කතා කරපු වසීම් අක්‍රම්ට, පුහු ඉන්දියානු විරෝධය නිසා පකිස්ථානයට කඩේ ගිය ජාතික පුවත්පත්(එහෙම කියා ගන්නා ) වල ක්‍රිඩා වාර්ථාකරුවන්ට , ඉන්දියාවට ගැහුවොත් එකාට ඉඩම් අක්කර 25 ගානෙ දනාවය කිව්ව පකිස්ථානෙ ජනාධිපතිට , ආගමක් මුල් කරගෙන පකිස්ථානෙට ආවඩපු අපේ රටේ එක්තරා ජන කොට්ටාශෙකට ( හැමෝම නෙවෙයි ) පකිස්ථානේ ඉන්දියානු පන්දු යවන්නන් ගෙන් දුවන්න කන කොට මොනව හිතුනද දන්න...