Skip to main content

සංගලාගේ ඉවත් වීම , අලුත් නායකත්වය, ලංකාවෙ ක්‍රිකට් අනාගතය සමඟින් දිල්ශාන් සහ ඇන්ජලෝ

අපේ සංගක්කාර නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් එක්ක , ශ්‍රි ලාංකීය ක්‍රිකට් ලෝලීන් ට ප්‍රශ්න ගනනාවක් පැණ නැගුනා . ඇයි සංගා අයින් උනේ? කවුරු හරි බල කරලද ? තේරීම් කමිටුවත් එක්ක වලියක් ද ? ඇතැම් ප්‍රෙක්ෂකයො තරඟෙ පැරදීම එක ගැන කරපු චෝදනාද ? නැත්නම් අපි නොදන්න වෙනම හේතුවක්ද ? සංග ගියොත් ඊලඟ නායකය කව්ද ? දිල්ශාන් ද ? ඇන්ජලෝද?  ...... ඔය ප්‍රශ්න වලට   උත්තරයක් විදිහට සංගා නම් කිව්වෙ මේක තමන් ගොඩ කාලෙක ඉඳන් හිතාන හිටපු දෙයක් මිසක් හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි කියල . ඒ අතරම මහේල ජයවර්ධන ත් අද උප නායකකමෙන් ඉල්ලා අස්වෙන්න ලිපිය්ක් බාර දීල තියනව . මේ දෙන්නා තනතුරුවලින් ඉවත් වෙන්නේ ඇයි කියන කාරනය ගැන ඒ අය කියන දේවල් ගැන පමණක් විශවාසය තිබ්බත් ක්‍රිඩා ලෝලීන්ට මතුවන ගැටලු කිහිපයක්ම තියනව , මේ සිදුවීමත් එක්ක ලංකාවෙ ක්‍රිකට් අනාගතය මොන වගේ වේවිද ? ඊලඟ නයකය කව්ද ? 2012 විස්සයි විස්ස කප් එකට මොකද වෙන්නෙ ? 2015 ට මුහුන දෙන්නෙ කොහොමද ? ඔය ආදී වශයෙන් , සංග ත් මහේලත් අයින් වුනේ ඇයි කියන එක ගැන  සුලු වශයෙනුත් ඉතුරු කාරණා ගැන ටිකක් විස්තර වශෙයෙනුත් හොයා බලමු

සංගා හා මහේල ගේ ඉවත් වීම 
බොරු කට කතා චෝදනා රශියක් එක්ක බැඳෙන මාතෘකාවක් , මොකද ලෝක කුසලාන පරාජයක් අවසානයෙදී මේ ඉල්ලා අස්වීම සිදුවන නිසා , ඒත් සංගා නම් කියන්නෙ තමන්ගේ තීරණය තරඟාවලියට කලින් ගත්ත එකක් සහ 2015 ලෝක කුසලානය වෙනුවෙන් නව නායකත්වයකට ඉඩ හසර ලබා දීම කලයුතුයි කියල . මේ කතාවෙත් ඇත්තක් තියනව ඒත් මේ තරම් ඉක්මනට 2015 නායකත්වය ගැන හිතන්න ඕනිද එතකොට සංගා ගියාට නායක කම කරන්න කවුරු වත්  ඉන්නවද වගේ ප්‍රශ්න ත් එක්ක සංගා නොකියන දෙයකුත් මෙතන සැඟවිලා ඇති කියල සමහරු හිතනව . සමහර විට දේශපාලන හේතුවක් එහෙමත් නැතනම් ක්‍රිකට් පරිපාලනය එක්ක ඇති වුන ගැටුමක් මේ පිටුපස තියෙන්න පුලුවන් කියල හිතෙන එකත් අසාධාරනම නැහැ ( මොකද ලංකාවට ඒ වගේ  දේවල් ආගංතුක නැ ) , ඒ වගේම ගෙවල් ගිනි තිය්න ඉන්දියානුවන්ට හිනා වෙන , අපි එහෙම නැය කියාල පොර ටෝක් දෙන  ප්‍රේක්ෂකයින් අතරිනුත් සමහර අයගේ  මහා දරුණු අදහස් මාධ්‍ය වල පලවෙලා තිබුනා සංග ලාගෙ තීරණයට ඒවත් බල පැවද කියලත් හිතෙනව . මොකද ඒ වගෙ පාහර අදහස් දැක්කාම මුන්වෙනුවෙන් ක්‍රිකට් නායකත්වයක් කරල වැඩක් නැය කියල කෙනෙකුට හිතෙන එක සාධාරණයි . කොහොම උනත් මේ උත්තර නැති ප්‍රශ්න වලට හරි උත්තර දැන ගන්න කාලයට ඉඩ දෙන්න වෙනවා , ඒ නිසා අපි සංගා හා මහේල තනතුරුවලින් ඉවත් උනොත් ඇතිවන තත්වය ගැන කතා බහ කරමු

2015 ලෝක කුසලානයට නව කණ්ඩායමක් ?? 
2015 ලෝක කුසලානය වෙනුවෙන් විශේෂයෙන්ම කණ්ඩායමක් පිලියෙල කරන්න ලංකාවට සිද්ධ වෙනවා. මොකද  මුරලි , සංගා , මහේල , මාලිංග , දිල්ශාන් , තිලාන්  වගේ කණ්ඩායමේ ප්‍රභලම ක්‍රිඩකයින් බොහෝ දෙනෙකුට ඒකට තරඟ කරන්න වෙන්නෙ නැ ( මේ කිව්ව අය අතරින් දිල්ශාන් සමහර විට තරඟ කරයි , මාලිංගට වයස තිබුනත් ඔහු ක්‍රිඩා කරන්නෙ නැය කියල ප්‍රකාශ කරල තියනව ) ,මේ තත්වයත් එක්ක ලොකුම අභියෝගයකට මුහුන දෙන්න ලංකාවට සිද්ධ වෙනව . මොකද  තරඟ පැවැත්වෙන ඔස්ට්‍රෙලියානු භූමිය ලංකිකයින්ට සුභ දායක තැනක් නෙවෙයි , ඒ අසීරු තත්වයට මුහුන දෙන්න වෙන්නෙ නවකයින් එක්ක අනිත් අතට ලෝකයෙ අනික් ප්‍රභල කණ්ඩායම් වලට අත්දැකීම් සහිත කණ්ඩායමක් එක්ක ක්‍රිඩා කරන එක ලංකාවට තරම් අභියෝගයක් නෙවෙයි.උදාහරනයක් විදිහට ලෝක ශූර ඉන්දියානු කණ්ඩායමෙන් සචින් ඇරුනාම අනික් සියලුම දෙනාට පාහේ ඊලඟ ලෝක කුසලානයට ක්‍රිඩා කරන්න පුලුවන් ( සමහර විට සහීර් ක්‍රිඩා කරන එකක් නැහැ ) , වේගවත් තණ්තීරු වලට ගැලපෙන පන්දු යවන්නන් හොයා ගැනීම ඇරුණාම ලොකු ප්‍රශ්නයක් දැනට පෙන්න නැ . ඕස්ට්‍රෙලියාව දැනටමත් නායකයෙක් පුරුදු කරගෙන ඉන්නේ , අනික ඕස්ට්‍රෙලියානු වන්ට ප්‍රාන්ත තරඟ හරහා හොඳ අත්දැකීම් තියන ක්‍රිඩකයින් කණ්ඩායමට එකතු කරගන්න පුලුවන් කියන එක ඔවුන් ඉතිහාසය පුරාවටම ඔප්පු කරල තියනව . පැයට කිලෝමීටර 140 ට අඩුවෙන් පන්දු යවන්නන් කණ්ඩායමට ගන්නෙ වත් නැ කියන පකිස්ථානයට මේ තණ්තිරු වලින් වාසි සහගතයි ,අනික ඔවුන්ට විකල්ප හොයන්න වෙන්නේ මිස්බා ට , රසාක් ට , හා යුනිස් ට විතරයි . කොහොමටත් මේ වෙනකොටත් පකිස්ථාන කණ්ඩායමෙ ඔය තුන්දෙනාට වඩා දක්ෂ ලෙස ක්‍රිඩා කරන අය ඉන්නව . ඒ තත්වය එහෙම තියෙත්දි තමන්ගේ ප්‍රභලම ක්‍රිඩකයින් අහිමි වෙන ලංකාව ට බරපතල අභියෝගයක් එල්ල වෙන එක අහන්නත් දෙයක් ද ?     මේ අභියෝගය තවත් බරපතල වෙන්නෙ අවස්ථා දෙක තුනක් ඇරුනාම අපි අලුත් ක්‍රිඩකයින් හොයා ගන්න , ඒ අයව දියුණු කරගන්න දක්වලා තියන දුර්වලතාවය නිසා . ඒත් 2015 දි ලෝක කුසලාන බලාපොරොත්තුව ඉටු කර ගන්න නම් අතිතයෙ උන දේවල් නැවත් නොවෙන්න අපි ඉතාම හොඳ අලුත් කණ්ඩායාමකට යා යුතු වෙනව.සමබරව අවංකව කාගෙවත් පැත්ත ගන්නෙ නැතුව කලොත් මේක මහා කාරියක් නෙවෙයි

අලුත් නායකත්වයක් !!


කොයි තරම් හොඳ කණ්ඩායමක් තෝග ගත්තත් ඒ කණ්ඩායම ජයග්‍රහනයට ගෙනියන්න හොඳ නායකත්වයක් අත්‍යාවශ‍යයි . සංගා කියන විදිහ්ට ඒ කෙනා දැන් ඉඳලාම ඒ සඳහා පන්නරය ලබන්න ඔනි . ඉතින් කව්ද මේ කෙනා??



දිල්ශාන්ද ? මැතිවුස්ද ?
අපේ අනාගත ක්‍රිකට් නායකත්වය ගැන කියවෙන නම් දෙක තමයි මේ , ඇත්තටම ඒ සඳහා ඉන්න සුදුස්සන් දෙන්නත් මේ අය තමයි , ඇන්ජලෝ එක්ක බලන කොට දිල්ශාන් සැහෙන්න තරම් ජේෂඨයෙක් උනත් පහුගිය කාලයේ ඇන්ලජලෝ දක්වපු කුසලතාවයන් නිසා ඔහුත් නායකත්වයට සුදුසුයි කියල කා අතරත් කතා බහක් තියනව . අපි බලමු මේ දෙන්න ගේ ගති ලක්ෂන වෙන වෙනම සලකල .

දිල්ශාන් කියන්නෙ අපිට ඉන්න පලපුරුදු ක්‍රිඩකයෙක් වගේම ආක්‍රමනශීලි පිතිකරුවෙක්, ඉහල තාක්ෂනික පිතිකරනයක් නොතිබුනත් තරඟයක තීරනය වෙනස් කරන්න පුලුවන් මට්ටමේ ඉනිමක් ක්‍රිඩා කරන්න දිල්ශාන්ට ඉතා හොඳ හැකියාවක් තියනව , අවශ්‍ය වෙලාවට පන්දුවෙනුත් දස්කම් දක්වන්න පුලුවන් දිල්ශාන් ඉතාම සුපිරි ගනයෙ පන්දු රකින්නෙක් , ඒ වගේම තරඟය පුරාම උද්යෝගයෙන් කටයුතු කරන එහෙමත් නැත්නම් බොක්කෙන්ම සෙල්ලම් කරන කොල්ලෙක් 


 මැතක්දී කණ්ඩායමට එකතුවුන ඇන්ජලෝ පන්දු යැවීමෙන් වගේම පිතිකරනයෙනුත් තමන්ගේ උපරිමය කණ්ඩායමට ලබා දුන්න ක්‍රිඩකයෙක් , මැදපෙල ඉතාම දුර්වල අපේ කන්ඩායමේ පසුපෙල ඉඳන් සමහර තරඟ වල සම්පූර්න බර කරට අරගෙන ක්‍රිඩා කරන්න ඇන්ජලෝ කිහිප අවස්ථාවකදීම සමත් උනා , උපක්‍රමශීලි පිතිකරනයට වගේම අවශ්‍ය වෙලාවක දැවැන්ත පහර වලට යන්නත් මොහුට මනා හැකියාවක් තියනව


එතකොට මේ දෙන්නගෙ නායකත්වයට හොඳ කව්ද ? ඇන්ජලෝගේ නායකත්වය ගැන අපිට අත්දැකීම් නැතත් දිල්ශාන් වතාවක් විස්සයි විස්ස තරඟයක නායකය විදිහට කටයුතු කලා (මට මතක මේ තරඟය විතරයි ) , මේ තරඟයෙදී දිල්ශාන් බොහොම කලබලයට් පත් උන , කැ ගහන , අසාර්ථක තීරන ගන්න " අෆ්‍රිඩි " මාදිලියේ නායකත්වයක් තමයි පෙන්නුවෙ . ඒ වගෙ කලබල කාරි කෙනෙක් නායකත්වයට ගැලපෙනවද කියන ප්‍රශ්නය එතකොට මතුවෙනව , දිල්ශාන් කොහොමටත් ටිකක් වලියට බර ආක්‍රමනශීලි චරිතයක් කියන එක අවසන් තරඟයේදී  කෝලිව දවාගත්ත වෙලාවෙත් , මීට පෙර අවස්ථා රාශියකත් අපි දැකල තියනව , සාමාන්‍ය ක්‍රිඩකයෙකු විදිහට ඒ ස්වාභාවය ගැටලුවක් නොවුනත් නායකයෙකුට ඒ ලක්ෂනය එතරම් හොඳ මදි 


අපේ ඊලඟ විකල්පය වෙන්නෙ ඇන්ජලෝ , ඇන්ජලෝ සාමාන්‍ය් ක්‍රිඩකයෙක් විදිහට ත් ඉතාම නිවුන ස්වාභාවයක ඉන්න කෙනෙක් . විශේෂයෙන්ම වේග පන්දු යවන්නෙක් විදිහට ඔහුගේ සංවරශි භාවය ඉතාම ඉහලයි , නායකත්වය ගැන අත්දැකීමක් අපි දැකල නැතත් පීඩන කාරි අවස්ථාවල්දි කලබල නොවී සංසුව තත්වය සමනය් කරගැනීමේ හැකියාවක් ඇන්ජලෝට තියනවාය කියන එක අපි දැකල  තියනව , ඒ කියන්නෙ නායකත්ව ගති ලක්ෂන අනුව දිල්ශාන්ට වඩා ඉදිර්යෙන් ඇන්ජලෝ ඉන්නව , ඒත් එහෙම කිව්වාමත් ප්‍රශ්න ගොඩයි . ඇන්ජලෝ නායකත්වයට තරුණ වැඩියි , වගකීමක් දරන්න වයස මදි , දිල්ශාන්ට අවස්ථාවක් දෙන්න ඕනි , පලපුරුද්ද ගොඩක් වැදගත් ,ජේෂ්ඨයො ගොඩක් ඉන්න කණ්ඩායමක එක පාරටම මේ වගෙ නවකයෙකුට වැඩ කරන්න බැ  , ..ඔය වගේ . අපි බලමු ඒ ගැනත් 


දෝනි වගේ නායකයෙක්   

මෙහෙම කිව්වාම අපේ ඉන්දියානු විරෝධි සෙට් එකට නම් මල පනින්න ඉඩ තියනව .ඒත් මැත කාලින් ක්‍රිකට් ලෝකය තුල තරුන නායකයෙක් ගෙ ගමන් මග ගැන ගන්න තියන  හොඳම උදාහරනය තමයි මහෙන්ද්‍ර සිං දෝනි  කියන්නෙ .ඉන්දීය කණ්ඩායමෙ නායකත්වයට පත්වෙන්න කලින් දිගට හරහට පොලඩි ගහන ක්‍රිඩකයෙක් වෙලා හිටිය දෝනි නායකත්වයත් එක්ක ඉතාම ඉවසිලිවන්ත ආදර්වත් නායකයෙක් උනා වගේම ස්ථාවර ලෙස ක්‍රිඩා කරන ලකුණු සාමාන්‍යය 45 කටත් වඩා වැඩි සුපිරි පිති කරුවෙක් බවටත් පත් වුනා , ඒ වගෙම විස්සයි විස්ස ලෝක කුසලානයත් , තමන්ට වඩා ජේෂ්ඨ ක්‍රිඩකයින් 5 දෙනෙක් ඉන්න කණ්ඩායමක් එක්ක වසර 28 කට පස්සෙ ලෝක කුසලානයත් තමන්ගෙ රටට අරන් දෙන්න ඔහු සමත් වුනා , තරුණ වයසෙදි මේ වගේ දක්ෂතා දක්වන්න ඔහුට පුලුවන් නම් අපේ ඇන්ජලෝට බැරිද ? ඇත්තටම මට නම් හිතෙන්නෙ නායකත්වයට කලින් දෝනි හිටියට වඩා හොඳ තැනක ඇන්ජලෝ ඉන්නව කියල , පිතිකරනයෙ තාක්ෂනික පැත්ත ගත්තත් , සමහර ඉනිම් වල ක්‍රිඩා කරපු විලාශය ගත්තත් ඇන්ජලෝ දෝනිට වඩා(නායකත්වයට කලින් දෝනිට වඩා ) වගකීම් සහගතයි . ඉතින් සුපිරි තරුන නාය්කයෙක් වෙන්න ඇනජලෝටත් ඉතා හොඳ හැකියාවක් තියනවාය කියලයි මම හිතන්නේ . දෝනි වගෙ " කූල්" චරිතයක් වෙන්න බැරි උනත් ( හැමෝම එක වගෙ වෙන්නෙ නැනෙ ) කලබල නැති , බොරුවට ඳගලන්නෙ නැති , කල්පනාකාරි නායකයෙක් වෙන්න ඇන්ජලෝට පුලුවන් වෙයි , අනික මුල් වකවානුවෙදි හැරුණාම ඇන්ජලෝට ජේෂ්ඨ ක්‍රිඩකයින් එක්ක ක්‍රිඩා කරන්න වෙන්නෙත් නැ , ඒ වගේම ජේෂ්ඨ ක්‍රිඩක්යින් ගෙන් හොඳ සහයක් ලබන්නත් ඇන්ජලෝට ඉඩ කඩ තියනව ,මොකද සංගත් මහෙලත් කැමැත්තෙන් ඉවත් වූ අය නිසා . ඉතින් තම්න්ගෙ ක්‍රිකට් ජීවිතයේ මුල් කාලය අත්දැකිම් බහුල ක්‍රිඩකයින්ගෙ සහයත් එක්ක කටයුතු කරන්නත් , අත්දැකීම් එකතු කරගෙන නව කණ්ඩායමක් එක්ක ලෝක කුසලානයට යන්නත් මේ තරුණ ක්‍රිඩකයාට පුලුවන් , 
දිල්ශාන් ට අවස්ථාවක් දිය යුතුය කියන දේට නම් කරන්න දෙයක් නැති වෙයි මොකද පුද්ගලයින් සතුටු කරනවට වඩා රට ගැන හිතන එක වඩා වැදගත්  


2010 T20


අලුත පත්වෙන නායකයාට තම්න්ගෙ දක්ෂතා පෙන්වන්න, වැඩිදියුනු කරගන්න  ඉතා හොඳ අවස්ථාවක් තියනව ඒ 2012 විස්සයි විස්ස ලෝක කුසලානය , අපේ රටේ පැවැත්වෙන මේ තරඟාවලියෙ වාසිය අපිට හරවා ගන්න එක අපහසු නැ , අත්දැකීම් පිරුන සංගා මහේල  වගේම දැන්වත් මෝඩ කම් අතැරල අනිවාර්යයෙන්ම කණ්ඩායමට එකතු කරගන්න ඕනි ජයසූරිය ගෙනුත් අලුත් නායකයාට ඉතා හොඳ සහයක් ලබා ගන්න පුලුවන් , තරඟ හාරසිය ගනනක් ක්‍රිඩා කරපු ක්‍රිඩකයෙක් ඇතුලු හිටපු නායකයින් 3 දෙනෙක් ඉන්න කණ්ඩායමක අලුතෙන් පත්වුන තරුන නායකත්වයකට තමන්ගෙ රටේදීම ලෝක මට්ටමේ තරඟාවලියකට් මුහුන දෙන එක තරම් තවත් හොඳ අවස්ථාවක් තියෙනවාද ? 


Comments

  1. මචන් මටනම් හිතෙනවා මොකක් හරි දේශපාලන බලපෑමක් කන්ඩායමට බලපෑවා කියලා.මුලින් නම් මට එහෙම හිතුන් නෑ ඒත් දෑන් එහෙම හිතෙනවා.අවසාන මොහොතේ ටීම් එකට රන්දිව්,වාස් කතා කරපු එක,අනික එකපාරටම රන්දීව් කන්ඩායමට දාපු එක,තේරිම් කමිටුව ඉල්ලා අස්වීම,වගේ හේතු නිසා.ක්‍රිඩාව දේශපාලිකරනය වුනාම ක්‍රීඩාවට වගේම ක්‍රිඩකයන්ටත් සිදුවෙන්නේ ලොකු පාඩුවක්...

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. මමත් හිතනවා මැතිව්ස් තමා හොදම තේරීම කියලා.නමුත් මේ නව මහේල නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්නත් හෙතු උන දෙශපාලන හස්තය සන්ගාටත් මේ තීරනේට හේතු උනා වෙන්න පුලුවන්.නමුත් දේශපාලන අත පෙවීම් නැතිවේයි කියලා හිතන්න පුලුවන්ද නව නායකයාටත්.

    ReplyDelete
  4. @අසංක - වෙන්න පුලුවන් මචන්, ලංකාවෙ කොතනද දේශපාලනය නැත්තේ , සනත් , වාස් , රංදිව් 15 දෙනා තුල ඉන්න ඕනි අය , චාමර සිල්වා , දිල්හාර , හා රංගන හේරත් වෙනුවට හැබැයි අන්තිම තරඟයට උඩින් ගෙනල්ල දාල වැඩක් නැහැ

    @උදිත - ඒක නම් ගැටලුවක් තමයි සහෝ ..මොනා කරන්නද සුභවාදීව හිතමු

    @gotabaya ගේ කමෙන්ටුව වැඩකට නැති කුණුහරුපයක් පමනක් නිසා ඉවත් කර ඇත

    ReplyDelete
  5. kawuda ane me radiv kiyanne?kage kawuda?

    ReplyDelete
  6. @ ano http://www.espncricinfo.com/srilanka/content/player/50438.html

    ඔය තියෙන්නෙ විස්තරේ ,හැබැයි ජයසූරිය , යුවරාජ් , අෆ්‍රිඩි , ඇන්ජලෝ, ඇන්ඩ්‍රිව් සයිමන්ඩ්ස් , ශේන් වොට්සන් වගේ අයටත් කියන්න්නෙ All rounders ල කියල , රන්දිව් ඒ ගොඩට වැටෙන්නෙ කොහොමද කියල නම් ප්‍රශ්නයක් තියනව බලමු ඉස්සරහට

    ReplyDelete
  7. මම නම් හිතන්නේ අපේ ටිම් එකට වාස් හා ජයසුරිය ඉන්නයි තිබුනේ. මොකද මොවුන් අත්දැකිම් බහුල ක්‍රිඩකයින්. අඩුම තරමින් ජයසුරියගේ බැටින් වැඩකරේ නැත්නම් බොලින් හරි වැඩකරනවා. මොකද ඔහු වාසනාව තියෙන ක්‍රිඩකයෙක් විදියට හඩුන්වන්න පුලුවන්. එහෙමත් නැතිනම් ප්‍රතිවාදි පිලට මානසිකව හරි පිඩනයක් එල්ල කරන්න තිබුනා. මොකද තරග 400ක් ක්‍රිඩා කරපු ක්‍රිඩකයෙක් මේ ටිම් එකේ ඉන්නවා නේද කියලා. ජයසුරිය කොයි මොහොතේ ක්‍රියාත්මක වේවි කියලා කියන්න බැ. අපරාදේ චාමර සිල්වයි, තිලාන්වයි අරන් ගියේ..........

    ReplyDelete
  8. @ano - මාත් එකඟයි, ජයසූරිය නැතුව ගිය එක හරියට ඉන්දියාව සචින්ව ගෙදර තියල සෙල්ලම් කලා වගේ වැඩක් , අනික තරඟාවලියෙ වැඩිය විකට් ගත්තේ අෆ්‍රිඩි ,යුවී, වගේ වෘත්තීය නොවන දඟපන්දුයවන්නන් නිසා ඔයා කියනව වගේ ඒතනිනුත් වාසියක් වෙන්න තිබුනා , චාමර සිල්වා ජයසූරියට වඩා හොඳයි කියල හිතුනෙ මොකාටද මන්ද ? කොහොම උනත් දැන් කරන්න තියෙන්න 2012 විස්සයි විස්ස එකටවත් ජයසූරියව ගන්න එක තමයි

    ReplyDelete
  9. eka thama machanla api mula idan kiwwa jayasuriyawa oya side ekata include karanna kiyala. eth deshapalana mathawada nisath sobana sangai,sobana mahelai kamathi na jayasuriya play karanawata. mokada ethakota eyalage popularity eka adu wena nisa. sachin awurudu 4k witara eka digata faill wechcha kalayak thibba. eth me world cup ekedi sachin koitharam watinawada kiyala wc win karapu welawe penuna. asian wala gahapu nisa aniwa jayasuriya play karanna thibba. machan uba kiyanawa wage karapu moda kam gon kam atharala sanawa gassuwoth samaharawita apita lesiyenma T20 2012 win karanna puluwan wei , nattham ekat Indiansla ussan yanakan apita bakan nilagena inna wei.....

    ReplyDelete
  10. අනිව මචන් ... T20 එකෙදී සචින් ඇරුණාම මේ මුලු ටීම් එකටම අපිට මුහුන දෙන්න වෙයි , ඊට අමතරව ප්‍රවීන් කුමාර් හෝ වෙනත් දක්ෂ පන්දු යවන්නෙකුත් , සචින් වෙනුවට රොහිත ශර්මා හෝ යුසුෆ් පතානුත් ඉඳියි , ඉන්දියාවට එලව එලව ගහපු සනා ඔනිම වෙනව ....

    ReplyDelete
  11. එකඟයි බුවා. මගෙත් තේරීම මැතිව්ස් තමයි. හැබැයි මම නම් කියන්නේ සංගා, මහේල, ඩිලී තුන්දෙනාටම 2015 දීත් සෙල්ලම් කරන්න පුළුවන් වෙයි. එයාලට තාම 32,33,34 යි. සංගා කීපීන් වලිනුත් අයින් වෙලා චන්දිමාල්ට කීපීන් දුන්නා නම් ෆිට්නස් තියාගෙන සංගාට සෙල්ලම් කරන්න පුළුවන් වේවි.

    ReplyDelete
  12. මට නම් ශුවර් නැ මචන්... මොකද දිලා තනිකරම ඇඟේ හය්යෙන් ගහන්නෙ , මහේල තාක්ෂනික පිතිකරුවෙක් වෙලත් 80 ගහනකොටත් හති අම්බානක , සංගට නම් ෆිට්නස් තියෙයි , උඹ කියනව වගෙ කීපින් අතැරියොත් නම් අවුලක් වෙන එකක් නැහැ , ඒත් සංග කියල තිබුන එයාට 2015 සෙල්ලම් කරන්න වෙන්නෙ නැ කියල

    ReplyDelete
  13. upul tharanga is good for captancy

    ReplyDelete
  14. මට අනිත් කිසිම දෙයක් ගැන කියන්න බැහැ.. ඒත් සංගා අයින් වුන එක ගැන දෙයක්කියන්න පුළුවන්.... ඈත්තටම දැන්ම ඉඳලම 1025 ලෝක කුසලානයට නායකයෙක් පුහුනු කරන්න තමන්ගේ තැන ලබාදෙන්න ගත්ත තීරනය ගොඩක් හොඳයි.

    ඇත්තටම ආදර්ශමත් නායකයෙක්.

    ReplyDelete
  15. හ්ම්...1025 ලෝක කුසලානය ???? හි හි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව