Skip to main content

වර්ල්ඩ් කප් එක ඉවරයි දැන් බලමු IPL - IPL තරඟාවලියේ පෙරවදන

ඉගෙන ගන්න කට්ටිය ක්ලාස්/ලෙක්චර්ස් කට් කරගෙන , ජොබ් කරන අය ෂෝට් ලීව් දාගෙන බලපු ලෝක කුසලානෙ නම් ඉවරයි ඕං. දැන් ඉතින් රු 10 ක් වැඩියෙන් බයිසිකලේට තෙල් ගහගෙන රුපියල් දෙසිය ගානකින් වැඩිඋන ගැස් ගෙන්න යන්න තමයි තියෙන්නෙ . ඒ එන අතර මඟදි කිරි පිටි පැකට් දෙක තුනකුත් ගන්න වෙයි ගාන වැඩි වෙන්න කලින්  , හැබැයි ඉතින් ක්‍රිකට් ම බලන්න ඕනිය කියල හිතෙනව නම් ඒ අයට පුලුවන් අප්‍රේල් 8 වෙනිද ඉඳන් IPL තරඟාවලිය බලන්න . IPL තරඟාවලිය ගැන පෙරවදනක් විදිහට තමයි මේ ලිපිය ලියවෙන්නෙ

ලෝක කුසලානය නිසා බැලුවට , ලිපි ලිව්වට මගේ ප්‍රියතම ක්‍රිකට් තරඟ මාදිලිය තමයි T20 කියන්නේ , මිනිස්සුන්ගෙ කාලෙ කන්නෙ නැති , පැය ගාණක් කොට කොට ඉන්නෙ නැති, බොහෝ වෙලාවට අන්තිම ඕවරෙ දක්වා ගේම දික්ගැස්සෙන බොහොම උද්වේගකර ක්‍රිකට් ක්‍රිඩා මාදිලියක් විදිහට තමයි මම නම් T20 .දකින්නෙ , T 20 ලෝක කුසලානය ඇරුණාම ප්‍රේක්ෂක අවධානය වැඩියෙන්ම දිනාගත් T20 මාදිලියේ තරඟාවලිය තමයි IPL  . මෙවර තරඟාවලියට අලුතෙන් කණ්ඩායම් එකතුවෙලා තියන නිසාත් සියලුම කණ්ඩායම් වල ක්‍රිඩකයන් එහාට මෙහාට මාරුවෙලා තියන නිසාත් ,, මෙවර තරඟ වදින කණ්ඩායම් ගැනත් ඒවයෙ ප්‍රධාන ක්‍රිඩකයින් ගැනත් හොයා බලමු

01)Mumbai Indians 

තරඟාවලියේ මුල ඉඳලම මගේ සහය තිබුනේ මේ අයත් එක්ක , ඒකට මූලිකම හේතුව අපේ සුපිරි ක්‍රිකට් තරුව සනත් අය්යා තමයි . ඒ වගේම සචින්ගේ පිතිහරඹයටත් , මාලිංගගේ පන්දු යැවිමටත් , පොලාර්ඩ් ගේ නෙලිල්ල ටත්  සැහෙන්න ආසයි  . ඒ නිසා සනත් නැතත් මේ පාරත් මගේ සප් එක මේ ගොල්ලන්ටමයි . මම කලින් කිව්ව ක්‍රිඩකයින් තුන්දෙනාම මෙවරත් ක්‍රිඩා කරනව . ඊට අමතරව කලින් වතාවල වගේම හරිබජාන් සිං හා අපේ දිල්හාරත් ක්‍රිඩා කරනව . ඒත් එක්කම  මුනාෆ් පටේල් , රොහිත් ෂර්මා හා ඇන්ඩෘ සයිමන්සුත් මේ පාර එකතු වෙලා ඉන්නවා . ඉතාම ප්‍රභල කණ්ඩායමක් .ඒත් කණ්ඩායමේ නායකයාත් ප්‍රධාන පන්දු යවන්නන් 3 දෙනාමත් ලෝක කුසලානයේ අවසන් තරඟය තෙක් ක්‍රිඩා කරපු අය නිසා ඒ අයගෙ විඩාබර ගතියක් තියෙන්න පුලුවන් , මුම්බායි කණ්ඩායම අයිති කවුරුත් දන්න කියන අම්බානි මහත්තයට . පහල තියෙන්නේ නිල වෙබ් අඩවියට යන්න ලින්ක් එක

http://www.themumbaiindians.com/

02) Kings XI Punjab
ප්‍රිති සින්ටා නෝනගේ ටීම් එක . කලින් නම් අපේ මහේලත් සංගත් දෙන්නම හිටිය . හැබැයි මේ පාර නැ . මේ ක්‍රිඩකයින් තෝරගත්තෙ ලෝක කුසලානෙට කලින්,  දැන් නම් ප්‍රති නෝනට දුක ඇති අම්බානක . මොකද කලින් එයාගෙ ටීම් එකේ හිටිය සංගා , මහෙල දෙන්න ම ලෝක කුසලානෙදි සාර්ථකයි , ඒ විතරක්යැ මේ පාර කණ්ඩායමෙන් ඉවත් කරපු යුවරාජ් ලොක කුසලාන තරඟාවලියේ වීරයා . 


මේ පාර කණ්ඩායමට ගිල්ක්‍රිස්ට්, ශෝන් මාශ්, ස්ටුවට් බ්‍රොඩ්, දිනෙශ් කත්‍රික් , අභිශේක් නායර්,ඩෙවිඩ් හසි , ඇතුලු පිරිසක් අයත් වෙනව . සින්ටා නෝන උම්ම දුන්නට කලින් ටීම් එක නම් තමන්ගේ ධාරිතාවේ හැටියට දක්ෂතාවයක් පෙන්නුවෙ නැ , බලමුකො මේ පාරවත් .... පහලින් තියෙන්නෙ නිල වෙබ් අඩවියට ලින්ක් එක 
http://www.kxip.in/


03)Kochi Tuskers Kerala


මේ අපේ මහේල අය්ය නායකය වෙලා ඉන්න කණ්ඩායම . අලුතෙන් තමයි තරඟාවලියට එකතු වුනේ , මහේල ඇරුණාම තිසරත් , මුරලිත් මේ කණ්ඩායමට ක්‍රිඩා කරනවා , තව දන්න කියන දෙතුන් දෙනෙක් හිටියත් කලින් කණ්ඩායම් තරම් ප්‍රභල බවක් පේන්න නැ (මම නොදන්න පොරවල් ඉන්නවද දන්නෙ නම් නැ ) මුරලිගේ ආබධ තත්වය නිසා ක්‍රිඩා කරන්න බැරි උනොත් ඒක ලොකු පාඩුවක් වෙයි . නායකත්ව අත්දැකීම තියන මහේලගෙ නායකත්වය නම් කණ්ඩායමට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි , මේකෙ හිමිකාරිත්වය තියෙන්නෙ කොචි ක්‍රිකට් සමාගමට . පහල ලින්ක් එකෙන් නිල වෙබ් අඩවියට පිවිසෙන්න පුලුවන්
http://www.kochituskerskerala.com/



04) Royal Challengers Bangalore
මේ කණ්ඩායම අයිති විජය මලයා ට , ඒ කියන්නෙ අර අමුතු කැලැන්ඩර් ගහන කිංෆිශර් සමාගමෙ අයිතිකාරයාට , මේ පාර කණ්ඩායමෙ නායකත්වය දරන්නෙ  ඩැනියෙල් විටොරි , ඔහුගේ පලපුරුදු නායකත්වය කණ්ඩායමට ලොකු වාසියක් වේවි  , විටොරිට අමතරව දිල්ශාන් , ඩිවිලියර්ස්, සහීර් ඛාන්,විරාත් කෝලි වගේ ප්‍රභල ක්‍රිඩකයොත් කණ්ඩායමෙ ඉන්නව , පහල ලින්ක් එකෙන් නිල වෙබ් අඩවියට පිවිසෙන්න පුලුවන්http://www.royalchallengers.com/









05)Deccan Chargers
මේ අපේ සංග නායකත්වය දරන කණ්ඩායම , සංගාගේ පලපුරුදු නායකත්වයේ දායකත්වය කණ්ඩායමට වැදගත් වෙයි , සංගාට අමතරව කෙවින් පීටර්සන්, ඩුමිනි, ශිකාර් ඩ්වාන් , ඉශාන්ත් ශර්මා වගෙ අය මේ කණ්ඩායමෙ ඉන්නවා.පහලින් තියෙන්නෙ නිල වෙබ් අඩවියට ලින්ක් එකhttp://www.deccanchargers.com/






06)Delhi Daredevils
ශෙවාග් තමයි කණ්ඩායමෙ නායකත්වය දරන්නෙ , ඒත් කලින් හිටපු දිල්ශාන්, ගෞතම්, ඩිවිලියර්ස්, කාත්‍රික් වගෙ ප්‍රභල ක්‍රිඩකයො නම් මේ පාර නැ , හිමිකාරිත්වය දරන්නෙ GMR  ගෘප් කියන අය , ගොඩක් ක්‍රිඩකයො ඉන්නව මට ඩයල් නැති , නිල වෙබ් අඩවියට ගිහිල්ල බලන්නකො දන්න අය ඉන්නවද කියලhttp://www.delhidaredevils.com/



07)Kolkata Knight Riders


ෂාරුක් අන්කල්ගේ ටීම් එක , එයා සින්දු හදාගෙන ඇඩ් හදාගෙන දැඟලුවට හැමදාම පරදින්න හදපු ටීම් එකක් වෙලයි තිබුනේ , ඒත් ඔන්න මේ පාර නම් කණ්ඩායම ටිකක් ප්‍රභලයි . නායකය ගෞතම්  ඊට අමතරව බ්‍රැඩ් හැඩින් , ජැක් කලිස් , බ්‍රෙට් ලි, ශකි බුල් හසන් , ඉයන් මෝගන් , යුසුෆ් පතන් , මනෝජ් තිවාරි වගේ සෙට් එකක් ඉන්නව , යමක් කරන්න පුලුවන් වෙයි . නිල වෙබ් අඩවිය - http://www.kkr.in/





08)Rajasthan Royals
මට නම් පෙන්නන්ම බැරි  කණ්ඩායම , ශේන් වොන් මදිවට ශෝන් ටෙටුත් සෙට් උනාම ඉතින්......  , රොස් ටේලර්, රහුල් ඩ්‍රාවිඩ් , ශේන් වොට්සන්, පෝල් කොලින්වුඩ්  වගෙ කට්ටියක් ඉන්නව , නායකය ශේන් වෝන් .නායකය විතරක් නෙවෙයි පුහුනු කරුවත් පොරම තාමා , හිමිකාරිත්වය එමර්ජ් මෙඩියා සහ ශිල්පා ශෙට්ටි , නිල වෙබ් අඩවිය  http://www.rajasthanroyals.com/









09)Pune Warriors India


යුවරාජ් නායකත්වය දරන කණ්ඩායම මේක , තවත් අලුතෙන් බිහිවුන කණ්ඩායමක්. යුවීට අමතරව නෙතන් මැකලම් , ග්‍රැහැම් ස්මිත්,රොබින් උත්තප්ප , ජෙසි ර්යිඩර් වගෙ අය ක්‍රිඩා කරනව . පුනේ කණ්ඩායමට තරඟ කරන්න වෙන්නේ තමන්ගේ ප්‍රභල සමාජිකයින් දෙන්නෙක් නැතුව ඒ ඇන්ජලෝ මැතිව්ස් සහ අශිශ් නේරා , හිමිකාරිත්වය සහරා සමාගම , නිල වෙබ් අඩවිය නම් තාම වැඩ නැත




10) Chennai Super Kings 
දෝනි ගෙ නායකත්වයෙන් ගිය වතාවෙ ශූරතාවය ලබපු කණ්ඩායම. දෝනි ගෙ නායකත්වයත් පිතිකරනයත් ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ ඊට අමතරව සුරෙශ් රෙයිනා , මයිකල් හසී, මුරලි විජේ , බද්‍රිනාත් ,ස්කොට් ස්ටයිරිස් ,  මෝර්කල් , සුරාජ් රන්දිව්,ඩ්ව්යන් බ්‍රාවො,කුලසෙකර , අශ්වින් ඇතුලු කට්ටිය ගොඩයි , අතිශයින්ම ප්‍රභල කණ්ඩායමක් මේ පාරත් ශූරතාවයට යන්න හොනද ඉඩ කඩක් තියනව , හිමිකාරිත්වය ඉන්දියා සිමෙන්ට් . නිල වෙබ් අඩවිය http://www.chennaisuperkings.com/








මොකද කියන්නෙ කට්ටිය මේ පාර IPL බලනවද? බලනව නම් කාටද සප් එක ??


UPDATE - ඉන්දියාවෙ ජේෂ්ට ක්‍රිඩකයින්  සති 2 ක IPL  විරාමයක් ඉල්ලල තියනවලු , හැබැයි තමන්ගේ කණ්ඩායම් වල හිමිකරුවන්ගෙන් නෙවෙයි BCCI එකෙන්, ඒ නිසා ගොඩක් දුරට හම්බවෙයි . ඒ උනත් අපේ අයට නම් සෙල්ලම් කරන්න වෙයි . අපේ කණ්ඩායමෙ සියලුම ප්‍රභ්ල ක්‍රිඩකයින් මෙහෙම එක දිගට සෙල්ලම් කරන එක ඊලඟ තරඟාවලියට නරක විදිහට බලපාන්න ඉඩ තියනව 

Comments

  1. එල එල....8 වෙනිදා වෙනකල් ඉන්නේ ඊලගට..
    අපේ උන්ට දැන් වර්ල්ඩ් කප් අමතකයි..එහෙමයි ලංකාවේ උන්

    ReplyDelete
  2. නැතුව බන් ගිය දේ ගියාවේ.....ලබන සැරේ අපි දෙමුකො බැටේ

    ReplyDelete
  3. RCB Captain කෝලි නෙමේ මචං විටෝරි මම දන්න විදියට

    ReplyDelete
  4. @ රංග - මගේ ලෝකය - වැරද්ද නිවරදි කලා ස්තුතියි සහෝ, ඔය ගැන කතා බහක් තිබුනා RCB නායකය කව්ද කියල(විටොරිද ? සහීර්ද ? කොහ්ලිද ? කියල) , මම විකි පිඩියා එකේ ලනුවක් කාල තමයි ඔහොම දැම්මෙ :D

    ReplyDelete
  5. ෂා.. නියමයි.. හොඳ ලිපියක් මචං

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව