දශක තුනක් තිස්සේ දිගහැරුණු කොටි ත්‍රස්තවාදය විනාශ කරල අදට අවුරුදු 2යි . ජනවාර්ගික ප්‍රශ්නයකින් පටන් අරගෙන ලෝකයේ දරුණුතම ත්රස්තවාදියා හා ත්‍රස්තවාදී සංවිධානය   දක්වා ගිය  එල්ටිටියෙ විනාශය සනිටුහන් කරල අවුරුදු දෙකක් ගතවෙන වෙලාවෙ ඒ ගැන පොඩ්ඩක් කතා කලොත් හොඳයි කියල මම හිතුව . මොකද මම යුද්ධය පැවතුණු කාලේ බ්ලොග් කරනයේ සිටියෙ නැති  නිසා මේ ගැන  මීට කලින් කතා කරලාත් නැහැ   කොටි සංවිධානය විනාශ කරන්න වගේම ප්‍රශ්නයෙ මූලික ගැටලුව විසඳන්න සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් තමයි " හොඳම " ක්‍රමය විදිහට මම දැක්කේ . ජවිපයත් චන්ද්‍රිකාත් එකතුවෙලා  එජාප රජය බිඳ නොවැට්ටුවා නම් සටන් විරාමය හරහා උපක්‍රම ශීලිව එල්ටිටිය බිඳ දාන්නත් , ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ගේන්නත් හැකියාව තිබුනයි කියන  එකයි මගේ පුද්ගලික මතය   (Note - මම මෙහෙම කිව්වාම බොහොම දෙනෙක් මට විරෝධය පල කරන්න ඉඩ තියනව . ඒත් මේ වෙන කොට පිලිණු වෙච්ච මාතෘකාවක්  වන  " සටන් විරාමය "  හෝ ඒ ගැන මගේ මතය සම්බඳයෙන් නොනවතින විවාදයකට පැටලෙන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ )    කොහොම උනත් චන්ද්‍රිකා නෝන  වගේ...