C නිවුස් කතුවරුන් කුඹුරට , මාරයා එලවලු හිටවයි , මහාචාර්යතුමා විද්‍යාවේ තවත් වරදක් පිටුපස .මෙවර උදව් වෙනත් දෙවි කෙනෙක්ගෙන්
ඉස්සර නම් වයර් පූට්ටු වැඩ කරපු පොරවල් වලට කිව්වෙ දෙය්යන්ගෙ හාල් කැවිලා කියල , ඒත් දැන් කතන්දරෙ නාථ දෙයියන්ගෙ ආසනික් හාල් කැවිලාය කියන තැනට පත්වෙලා . මේ කතන්දරේ ආරම්භ වෙන්නේ ජාතියේ පිනට ඵල වුන "දේශ්ප්‍රේමී", "දේශහිතෛශී" "දේශමාමක" මහ ඇදුරු තුමාගේ පරීක්ෂනයකුත් එක්ක . ඉතිහාසයේ පලවෙනි වතාවට දෙවිකෙනෙකුගෙ සහයත් ඇතුව කරපු මේ මාහැඟි පාරික්ෂනයට අනුව රජරට වකුගඩු රෝගයට හෙතුව ආසනික් කියලත් ලංකාවේ තියන බොහෝ කෘෂි රසායන වල ආසනික් තියනව කියලත් අන්තිමේදි ලංකාවේ භාවිතයට ගන්න සහල් වල ආසනික් තියනව කියලත් ඔප්පු වෙලා තිබුනා . ඒ වගේම ඊයෙ වෙනකොට ඩෙංගු ඇතුලු තවත් රෝග ගණනාවකට ආසනික් වල තියන බලපැම හඳුනා ගන්න මේ උදාරතර පරීක්ෂකයින්ට හැකියාව ලැබුනා .
පරීක්ෂකයින්ටම ගැලපෙන දේශපාලන මතවාදයක ඉන්න ලංකා C නිවුස් තමයි මේ ආසනික් කතාවට මූලිකම ප්‍රචාරනය ලබා දුන්නේ , කොටින්ම වෙනම තීරයකුත් වෙන් කරගෙන් මේ ගැන ලිපි පලකලා . මේ ලේඛකයින්ගෙත් මහ ඇදුරු තුමාගෙත් මතය උනේ මේතනින් බටහිර විද්‍යාව අවසාන වෙන බවත් මින් එහාට ස්වාභාවික විදිහට , දේශීය විදිහට අපේ කටයුතු කරගන්න ඕනැය කියන එකත් .
මේ ආසනික් කථාවට තටු ලැබෙන්නෙ රේගුවෙ නිලධාරීන් පිරිසක් ආසනික් අඩංගු කෘෂි රසායන බහලුම් තොගයක් අතඩංගුවට ගත්තාය කියන එකත් ඒ සඳහා ජනපතිවරයාගෙ මැදිහත් වීමක් තිබුනාය කියන කතාවත් නිසා . පත්තර පිටු ගනන් ලියවෙන්න වගේම රටේ බොහෝ දෙනෙක් අතර එදිනෙදා කතාබහට මෙ දේවල් ලක්වෙන්නත් හේතු වුනේ ඔය සිද්දිය තමයි
මේකත් එක්කම සිංහල බ්ලොග් අවකාශයේ මහා දේශ්ප්‍රේමී බ්ලොග් කරු මාරයාත් වැඩේට බහිනව , ඒ ආසනික් නැතුව බත් ටිකක් කන්න තියන ආසාව නිසාම විතරක් නෙවෙයි , තමන් කඩේ යනවාය කියල ආඩම්භරයෙන් කියා ගන්න ජනපතිතුමාගෙ මැදිහත් වීමකුත් මෙතනට තියනවාය කියන විශ්වාසෙනුත් වෙන්න පුලුවන්
මාර තුමා සිද්ධිය ගැන මෙලෝ අවබෝධයකින් තොරව බාගෙන නාන්න යනව දැක්ක නිසා මම මෙන්න මේ අදහස එතනදි පල කලා
"ඔය c නිවුසියත් , නලින් ගොය්යගෙ පරීක්ෂනත් ඒ හරහා උන් ගන්න හදන දේශපාලන වසියත් ප්‍රමෝට් කරනවට වඩා නම් අපිට වැඩ තියනව . අර ලොකු ටෝකක් දුන්නේ මේ වගෙ ගොන්පාට් ලියන්නද ? මම හිතුව මේ රටේ අනන්තවත් සිද්ධවෙන අසාධාරනකම් දූෂන වංචා ගැන ලියන්න හදනව කියල . පරීක්ෂන නිවැරදි නම් එක පැන් පාරේන් ඔය සමාගම් වල නිෂ්පාදන විකිණීමත් තහන්ම් කරල , මෙච්චර කල් නීති විරෝධී නිශ්පාදන විකිණුවාට හා එයින් ජනතාවගෙ ජීවිත වලට කරපු හානි වලට ත් රජයට සිදුවූ හානියටත් එරෙහිව නඩු පවරල වන්දිත් අරගෙන . ඒ කොම්පැනිවල අදාල අංශ වහලම දාන්නත් පුලුවන්"
ඒකට මාර තුමා උත්තර දුන්නෙ මෙහෙම
@බුවා...
ලොකු ටෝකත් මගේනේ බුවා..ගොන් පාටුත් මගේම තමා...ඒ වගේම මේ බ්ලොග් එකත් මගේ නෙව..ඉතිං ඊට වඩා දෙයක් ගැන හිතන්න එපා..
අනිත් දේ තමා බුවා දකින දේ බුවාගේ බ්ලොග් එකේ බුවාට ඕන හැටියට ලියලා යනවා වගේ..මමත් මට පේන දේ මගේ ගොන් පාට් එකේ හැටියට ලියනවා...
මොකද ඕනවට වඩා ගොන් පාට් නැතිව ලියන්න ගත්තොත් අනිතිමට මාව කඩේ අරින්නේ වෙනම කට්ටියක්..මොන දේ කලත් එහෙම කඩේ යන තැනට වැටෙන්නේ නං නැහැ...
මොකද මං අපේ මිනිස්සුන්ව හොදට අදුරනවා..ඒ අයගේ වැඩ කිඩත් හොදට දන්නවා...1 2 කියන්න යන කොට මට එක පාරට 100ට යන්න කතා කලාට මං හොදටම දන්නවා ඒක කරන්නත් බැහැ..ප්‍රායෝගිකත් නැහැ..
ඒ හින්දා මං කොනක ඉඳලා මගේ තාලෙට එන්නං..මං ඉල්ලුවේ ඒකට තමන් දන්න තොරතුරුවලින් උදව් කරන්න කියලයි...
එහෙම නැතිව මාව වෙන අයගේ අරමුණු වලට කඩේ අරින්න ලෑස්ති වෙන්න කියලා නෙවෙයි...
අපේ අරමුණු වෙනස්නේ බුවා..ඒ හින්දා සමා වෙන්ට ඕන..මේ මගේ විදිය..ඒක ගොන්පාට් එකක් වෙන්න පුළුවන්..ඒත් ඒ ගොන් පාට් එකෙන්ම මම යන්නං...
මොකද මීට කලිනුත් මම ලියාගෙන ආව පන්සල් කතාවත් මම නවත්තලා දැම්මේ මාව කඩේ අරින්න ලෑස්ති වෙච්ච දෙතුන් දෙනෙක් හින්දම තමා..ඒ හින්දා මං දන්නවා ගොනා හැරෙන්නේ කොහාටද කියලා...
ඒ හින්දා මට උවමනා නැහැ අනවශ්‍ය වාදයක් ඇදගෙන අරමුණ වෙන අතක ගෙනියන්න..ඔබට කැමතිනං දායක වෙන්න පුළුවන් නැතිනං අල්ලලා දාලා නිකා ඉන්න පුළුවන්..අර ලංකා සී නිව්ස් එක ගැන කිව්වා වගේ...
හඳ පෙන්නද්දී ඇගිල්ල දිහා බලන්නත් ඕන වෙලාවල් තියෙනවා තමා..ඒත් ඒක හද බැලීමට වඩා වැදගත්නං විතරයි...
බ්ලොග් අවකාශයේ ප්රවින්නයෙක් ඔහොම කිවාම මං වගේ හිමිච්චෙක් මක්කොරන්නද කියල මාත් ඉතින් නිකා හිටියා
http://www.dinamina.lk/2011/06/14/_art.asp?fn=n1106142
ඊයේ දවසෙදි දිනමිණ පත්තරේට අනුව රජයේ නිල ප්‍රකාශය ආවේ ඔන්න ඔය විදිහට (ඉහල ලින්ක් එක ) . ඒ වගේම අද දිනමිණ කියන්නේ මෙහෙම .
http://www.dinamina.lk/2011/06/15/_art.asp?fn=n1106151
මේ දැක්කාම මහ ඇදුරු තුමාගේ බටහිර විද්‍යාව බොරු කිරීමෙ සිහිනයත් , ආසනික් නැතිව බත් කැමේ C නිවුස් හා මාර සිහිනයත් බොඳ වෙන්න ඇති . මොකද රජය මේ ආසනික් කථාව ඉතාම ප්‍රභල විදිහට ප්‍රතික්ෂේප කරල තියනව , ඒ විතරක් නෙවෙයි මාරයා ආදරයෙන් කඩෙ යන ජනාධිපති තුමාම සහල් වල ආසනික් නැ කියල ජනතාව දැනුවත් කරන්නය කියල කියල තියනව . කෘෂි කර්ම ඇමති වරායාගේම වචන වලින්
"අද්භූත බලවේග ගැන නොව විශ්වාස කළ යුත්තේ නවීන තාක්ෂණයන් යටතේ විද්‍යාගාරවල පරීක්ෂණයන්ගෙන් ලැබුණු නිගමන බවද ඒ මහතා කීවේය."
ඔහොමමත් කියල තියනව
දැන් මොකෝ කරන්නෙ ??? මහ ඇදුරු තුමා නම් බටහිර විද්‍යාවෙ වෙනත් අඩුපාඩුවක් පසුපස පන්නන්න පටන් ගනියි , මේ පාර නාථ දෙය්යන්ගෙ වැඩේ කිච උන නිසා වෙන දෙවි කෙනෙක්ගෙ සහය ගන්නත් ඉඩ තියනව. ඒ වගේම දේශ්ප්‍රේමී රජය අපහසුතාවයට පත්නොවෙන , බත් වගෙ ජනතාවට අතිශයින් සංවේදී දෙයක් නොවෙන , "දේශද්‍රෝහී" රනිල්ගේ පාලන කාලය තුලදි සිද්ද වෙච්ච වගේ දෙයක් ගැන එතුමා අවධානය යොමු කරන්නත් ඉඩ තියනව . ආසනික් වස ගැන සැහෙන බයකින් ඉන්න C නිවුස් කතුවරුන්ට තාවකාලිකව බත් කැම අතැරල දාලා ආසනික් වලින් තොර දේශීය කුඹුරු කෙටීමකට යන්නත් පුලුවන් . මේ සඳහා ඒ අඩවියේ කමෙන්ට් වලින් දායක වුන දෙශප්‍රේමී බලවේගත් එකතු වෙයි . C නිවුසියේ කටයුතු වලට සැහෙන සප් එකක් දීපූ මාර තුමාට තමන්ගෙ අනුගාමිකයිනුත් එක්ක ආසනික් රහිත එලවලු හා පලතුරු වගාවට බහින්න පුලුවන් .මාර අඩ්වියේ සහ තවත් තැන් වල චූටි චූටි කමෙන්ට් වලින් දායක වුන සහෝදර සහෝදරියන් පිරිසකුත් හිටිය . ඒ අයට ආසනික් රහිත විසිතුරු මල්පැල වගාව වගෙ දේකට යන්න පුලුවන් .
මේ කතන්දරේ ගැන හොඳ ලිපියක් ඇට මැස්සාගෙ අඩවියෙ තියනව , තාම කියෙව්වෙ නැත්නක් ගිහින් කියවන්න (කමෙන්ට් ටිකත් එක්කම ) .
http://gadflyzone.wordpress.com/2011/06/14/1375/
කිතිකවාගෙන වගෙ හිනාවෙන්න පුලුවන් මගේ කලින් කතන්දර ලිපියට මෙතනින් යන්න කැමති නම්

මාරයා ගෙ පොර ටෝක ට අනුව අපි කල යැතැව තිබුනෙ ඕන දෙයක් කියා ගන්නට දී කට වහගෙන සිටීමය. ඛඔහොම වුනත් අන්තිමේදී කිච වුනු විට සද්ද නැතිව සිටී. ජනාධිපති තුමා ඹෙක් කියා සිතා සිටින ඒ අහිංසකයන්ගෙ සිඟිති ආතල් වලට අපි මොකටද උදැල්ල දාන්නෙ
ReplyDeleteමාරයා කුජීතයි.ඌ වටේ එකතුවෙලා ඉන්න ලාමක ටින් ටින්ලා හින්දා ඌ හිතාගෙන හිටියේ ඌ මාර පොර කියල.දැන් හූම් සද්ධයක් නැතුව ඉන්නවා.මට මතක් වෙන්නේ කටුස්සාගේ ගෙලේ රන් බැන්ද කතාව.හාහ් හාහ් හා..
ReplyDeleteඕක තමයි දුර දිග නොබලා කඩේ යෑමේ අනිසංස.
ReplyDeleteමහාචාර්ය ආසනික් ද සිල්ව මහත්තයයි මාර පුත්‍රයි දෙන්නම හිතුවෙ තමන් මහරජතුමාට කඩේ යනව කියල. අන්තිමේදි මහරජතුමාගෙ පත්තරෙන්ම උන් දෙන්නව බටහිර බහුජාතික සමාගම් වල නියෝජිතයො කළා!
හපොයි මට හෙම මෙහෙමෙ උනා නම් ආසනික් කාල මැරෙනව!
එදා වේල ටුවර්ස්. චැනල් ෆො සුදුකොඩි බැන්කිමූන්, බුද්ද ජයන්තිය, නායක්ත්ව පුහුනුව පෙන්ෂන්, ආසනික්, චැනල් ෆෝ2, බැන්කිමූන්2 හරහා ටෙම්පල් ට්‍රීස් වෙත.
ReplyDeleteඅපේ එවුනුත් වේලක් කන්න නැතිවුනත් මහ රජායි උගේ අපත සෙට් එකෙයි ආතල් දිහා බල බලා රත්තරන්වාහිනියෙ මිනි ගනන් කර කර ඔය ටුවර් එක යනව.
මාත් දෙවැනි ඇනෝට එකඟයි.
ReplyDeleteකටුස්සගෙ කරේ රන් බැන්ද එක තමයි දෙන්න පුළුවන් හොඳම උදාහරණය.
මාරයාට හොඳට ලියන්න පුළුවන් කමක් තියෙනව. ඒ වගේම ලියන්න වෙන කාටවත් නැති අපුරු අත්දැකීම් තොගේකුත් තිබුණ. කාලයක් හොඳ අපූරුවට ලියාගෙනත් ආව. ඒත් ඉතින් කටුස්සම තමයි. නංගිල මල්ලිලා ටික හුරේ දැම්ම විතරයි හිතුව තමන් තරම් පොරක් වෙන නෑ කියල. බුවාට දීපු උත්තරේ පොඩ්ඩක් බලන්න. හරි වැරද්ද කියල දෙන්න ගිය කෙනෙකුට මේ වගේ ගෙම්බර් එකක් දාන්න කෙනෙකුට කොයිතරම් මානයක් තියෙන්න ඕනැද? මානයක් තිබුනට කමක් නෑ ඒක පවත්වාගන්න පුළුවන් නම්. දැන් ඉතින් කුජීත වෙලා ඇනුනා හොම්බම බිම!
ඕනැවට වඩා ඉදිමෙන්න යන හැම බ්ලොග්කරුවකුටම/කාරියකටම මාරයා තමන්ම කුජීත වෙලා දුන්නු ආදර්ශය ඉතාම වැදගත්!
හික් හික්..මමත් ඔය දෙබස දැක්කා...
ReplyDeleteඅනේ අපි නම් ඕවා ගැන කතා කොරන්න යන්නේ නෑ....
moko ban me anola wahi wahala meke??
ReplyDeleteමල්ලිලා ඔයාල හිතන් ඉන්නව බ්ලොග් එකේ කොමෙන්ට් වැඩි උනාම...හිට් ගාන වැඩි උනාම ඒ යකා පොරක් කියල..
ReplyDeleteලංකාවෙ වැඩියෙන්ම අලවි වුන පොත සුජීවගෙ එකක් එතනින් කියවෙන්නෙ නෑ සුජීව ප්‍රසන්න ආරචිචි කියන්නෙ හොඳ ලේකඛයෙක් කියල...එයා නිකම්ම නිකං පාඨකපිරිසක් ඉන්න මුදලාලි කෙනෙක් විතරයි..
මාර සෙට් එක කරන්නෙ සෙට් වෙලා පිට කසා ගැනීම..
ඒ අයට සංවේදි අය..සංවේදි කතා සංවේදි සිද්දි ගොඩයි...
ඒක ඒ අයගෙ ආතල් එක...
අපි කරන්න ඕනි නිකම් ඒ අයගෙ මෝඩ ආතල් එයාලට ගන්න කියල අපේ ට්‍රෙන්ඩ් එකක් හදාගන්න එක....
මාරයියාගේ කමෙන්ටුවක් -
ReplyDelete//මේ ආන්ඩුව ඇතුලෙම කොයි තරං හොරු ඉන්නවද කියන එක මම හොදටම දන්නවා..ඒත් එක පාරෙන් පුකට පයින් ගහලා උන්ව එළියට දැම්මොත් උන් ගිහින් නවතින්නේ කොතනද කියලා මංගල සමරවීර දිහා බැළුවම හිතා ගත්තෑකි..එහෙම එකා දෙන්නා හලනකොට මහින්දට ආණ්ඩුවක් තියේවිද..?
උඹට මතකද ප්‍රේමදාස උන්නැහේට වෙච්ච දේ..?
පාන්දර හතරට නැගිටගෙන වැඩ කරන මිනිහෙක් එක්ක වැඩ කරන්න කැමතිද අපේ රජයේ සේවකයෝ...ලේසිම දේ එහෙම කරන එකාව නැති කරලා දාන එකයි.උන්නැහේට උනේ ඒකයි.
අද මහින්ද ගාව ඉන්න උනුත් ඔහොමම තමයි..ඒත් මං එකක් විස්වාස කරනවා..සාමාන්‍ය ජනතාව හැටියට අපි ඒ එක එක්කෙනාගේ වැරදි ගැන සාක්කි ඇතුව පිළීවෙලකට සමාජයම දැනුවත් කරගෙන යනවනං..හෙට මහින්දට එහෙම කෙනෙක්ට අත තියන්න ඒක හයියක් වෙනවා.මොකද එහෙම එහෙකුට ගහලා එළියට දාපු ගමන් ඒ මිනිහා සමාජයේ යම් තරමකටවත් අවලංගු කාසියක් බවට පත් වෙනවනම් ඒ හරහා ආණ්ඩුවට බලපෑමක් කරන්න අර එළියට පන්නපු එකාට ඇති අවස්ථාව අඩු වෙන නිසා//
මගේ උත්තරය
පුලස්ති said...
//අද මහින්ද ගාව ඉන්න උනුත් ඔහොමම තමයි..ඒත් මං එකක් විස්වාස කරනවා..සාමාන්‍ය ජනතාව හැටියට අපි ඒ එක එක්කෙනාගේ වැරදි ගැන සාක්කි ඇතුව පිළීවෙලකට සමාජයම දැනුවත් කරගෙන යනවනං..හෙට මහින්දට එහෙම කෙනෙක්ට අත තියන්න ඒක හයියක් වෙනවා//
අපි මර්වින් සිල්වාගෙන් පටන් ගමුද?ඇයි එයාව හෙලිදරවු වුනේ නැද්ද?ඔය ඕන තරම් සාක්කි තියෙන්නෙ?එස්එම් චන්ද්‍රසේන මාවිල්ආරු වන්දි මුදල් ගසා කාපු එක ගැන ඕනෙ තරම් රිපෝට් පත්තරවල ගියෙ?සද්ගුණවත් මහින්ද මහත්තයා තාම මුකුත් කරල නැහැනේද?ඇයි මර්වින් සිල්වාවා යවන්න අමාරුද?මිනිහව යැව්ව කියල ආණ්ඩුව කඩන් වැටෙනවද?තව තුනෙන් දෙකක්ම තියෙන්නෙ ඔය?එතකොට චන්දන කත්රිආරච්චිගේ මිනීමැරුම් චෝදනා නීතිපති ඉල්ලා අස්කරගත්තේ ජනාධිපති දන්නෙ නැතිව වෙන්න ඇති නේද?අබ්දුල් කාදර්?අර යූඑන් පී එකේ ඉදල ඊයෙ පෙරේද පැනපු හාදයා.උගෙ සමෘද්ධී අරමුදල් වංචා නඩුව පැන්න ගමන් අහක් කරගත්තා.ජනාධිපති දන්නෙම නැතිව ඇති නේද?දුම්න්ද සිල්වාගෙ නඩුව?ඊයෙ පෙරේදා ටවුන් හෝල් උද්ඝෝෂනය වෙලාවෙ දුමින්ද ගෙ පොලු හමුදාව කැරකි කැරකි හිටපු හැටි.ජනාධිපති අහිංසකය.වටේ ඉන්න අය තමයි නරක.නරක අයගෙ නරක ගැන ජනාධිපති දන්නෙ නැහැ.එයා බබා.මේ බයිලාව ගිහින් කීවනම් හොද කොණ්ඩෙ බැන්ද චීනෙක්ට නෙමෙයිද?වංචා දූෂන හෙලිදරවු කරන වැඩක් නම් හොදයි.ඒකට මේ වෙන වෙන දේශපාලන ලයින් අන්දන එක නම් චාටර්.මෙච්චර කල් දේශපාලකයො හොරකම් කලේ මහ එවුන්ගේ අනුදැනුම ඇතිව.ඒවට මහ එවුනුත් වග කියන්න ඕනෙ.තව එකක් කියන්නද?පීබි ජයසුන්දර කියන්නෙ භාන්ඩාගාර් ගිල්ල මිනිහ.උසාවියෙන් වැරදි කාරයා කරල ආයෙ රජයේ තනතුරක් ගන්න එපා කියල කිවා. ඒ වගේ හොරෙක්ව ආයෙ වඩම්මලා හිතවත්කමට භාණ්ඩාගාරේ බාර කලේ කවුද?සද්ගුණවත් මහින්ද මහත්තයාම තමයි.මහින්ද මහත්තයා ස්වාධීන අල්ලස් හා දූසන විමර්සනන කොමිසම අහෝසි කල එක වගේ සිරා කතා නොකියා කාට කාටත් තේරෙන උදාහරණ ටිකක් දුන්නෙ මේවත් එක්ක ලොක්කන්ගේ තියෙන සම්බන්ධකම පෙන්වන්න.මේව මාරයාට පේන් නැද්ද?නැත්තං මාරයා මේව දැක්කෙ නැහැ වගේ ඉන්නවද?අනේ ජනාධිපති ඕව දන්නෙ නැහැ කියල කියන එක (අපි චන්දෙ දීපු පොරනෙ.මිනිහ වැරදි කියල පිලිගත්තොත් අපිටත් ලැජ්ජයි වගේ නේ) හිත රවට්ට ගැන්මීක් හා අනුන්වත් රැවටීමක් නේද කියල ඉතාම සද්භාවයෙන් අහන්න කැමතියි
පසු සටහන - අපරාදෙ කියන්න බැහැ මේක දාල දැන් දවස් දෙකක් තුනක් වෙච්චි. හැමදාම කොමෙන්ටුවලට උත්තර බදින මාරයියා නෝ රිප්ලයි තාම.ආසනික් කැවිලද මන්ද
දැන් ඉතින් නාථ දෙයියොංගේ ඉඳලා දේශප්‍රේමී හැමෝටම, රෝස්පාං, ඥානකතා, ගල් බනිස්, පුස්ලෝඩං වගේ දේශීය ආහාර වලින් සප්පායම් වෙන්ට පුලුහං නේ. මාරයා සෑර් මේ දවස්වල ඉස්පංචියක් හප හප ඉන්නවයි කියලයි ආරංචි.
ReplyDeleteAdd your blog to අඹ ගහ යට sindicator
http://ambagaha.blogspot.com/
@සියලු ඇනෝලා - බොහොම ස්තුතියි ප්‍රතිචාර වලට , දක්වල තියන අදහස් වලට මාත් එකඟයි
ReplyDelete@රත්ගමයා - ඇයි මල්ලි මාරයියාට බයයිද ? හි හි
@indi - අදහසට ස්තුතියි
@දිලීප - ඒ මම ඇනෝලාගේ අදහස් වලට ගරු කරන නිසා
@පුලස්ති - මම දැක්කා ඔය වැඩෙ ඔය ප්‍රශ්න ටිකට මාරයා විතරක් නෙවෙයි නාථ දෙය්යොත් කොර වෙනව . මම හිතන්නේ නැ මාරයට තියා කඩේ යන එක්කෙනෙකුටවත් පිලිගත හැකි උත්තර ටිකක් දීගන්න පුලුවන් වෙයි කියල
@සූස්ති ගුණේ -ඔය මුලින් තියන දේශීය ආහාර හදන්නේත් පාන් පිටි වලින් නේද .. ආපෝ දේශ්ප්රේමියො ඕව කන්නෙ නැ නෙව , තණකොල , කොස් කොල වගේ දේශීය කැම නම් ඔය දේශප්‍රේමී සෙට් එකට ගැලපෙනව
ReplyDeleteඇඩ් එකටත් ස්තුතියි , මොකද මම අඹ ගහයට සින්ඩිකේටරයේ නැහැ
මාරයාට ඔය මවා පෙන්නන තරමෙ "මාර" ජනප්‍රියතාවයක් නෑ. 2009 නොවැම්බර් ඉඳලා අවුරුදු දෙකහමාරකට වැඩිය කාලයක් තිස්සෙ ඇවිල්ලා තියෙන්නෙ (අද මම අන්තිමට බලනකොට) 129,228. ඒ පෝස්ට් 387කට. ඒ කියනේ පෝස්ට් එකකට 300කට ටිකක් වැඩි ගණනක්. මේක මහ ලොකු ගාණක් නෙවෙයි, අළුත් බ්ලොග් එකකට වුණත් ලේසියෙන් ගන්න පුළුවන් හිට්ස් ගානක්. ඔන්න ජනප්‍රිය බ්ලොග් වලට උදාහරණ ඕනැ නම් කතන්දර (දැනට හිට්ස් 400,000) හරි W3ලංකා හරි ගන්න (දැනට හිට්ස් 800,000). බියොන්ඩ් ෆ්රේමුත් හැක් වෙනකොට 338,000ක් අරන් තියෙනවා. මේව එක්ක බලන කොට මාරය නිකං කජ්ජෙක් විතරයි.
ReplyDeleteමාරයාගෙ බ්ලොග් එකේ ඉන්නෙ එකම සුළු පිරිස ඔහුව ගොනාට අන්දගෙන මුරුංගා අත්තේ තියමින් "අනේ චෝයි මාරයියේ" කියකියා මෝඩ චූන් එකක් දීම විතරයි. ඉතින් මාරයියාටත් චූන් වෙලා පිස්සු කෙළිනවා. ඇයි කවද කාපු චීස්ද?
මාරයා සුජීව ප්‍රසන්න ආරච්චිට සමාන කරලා ඒ මනුස්සයාට අපහාස කරන්න එපා. අඩු ගානෙ සුජීව ප්‍රසන්න ආරච්චිට හොඳ මාකට් එකක් තියෙනවා. මාරයියට එහෙම මාකට් එකක් නෑ.
ආසනික් කා විස වූවායින් පසුව මාරයා සෑර්ට හොඳටම රිදී තිබෙන සැටියක් පෙනේ. ඔන්න දැන් ඇස්ටි හැලෙන්න රිටර්න් එකක් දී ඇත. අළුත් දෙයක් නොවේ හැමදාම කියන බයිලාවයි. අනේ මට ඉගෙන ගන්න ලැබුනේ නෑ, ඔහේල වගේ මම පොහොසතෙක් නෙවෙයි (අනේද කියන්නෙ, බ්ලොග් ලියන වැඩි දෙනාට මාරයා සෑර්ට මෙන් කඩ නැත!), මම ඉතින් මහින්දට කඩේ යන කොට කියලනෙ යන්නෙ...මේ තර්ක වලට අනුව ඔහු ඉගෙන ගෙන නැති නිසා, ඔහු මහින්දට ප්‍රසිද්ධියේ කඩේ යන නිසා ඉතිරි හැමෝමත් මහින්දට කඩේ යා යුතුය. වෙන කාටවත් විරුද්ධ අදහසක් දැරීමේ අයිතිය නැත.
ReplyDeleteමාරයා සෑර්ගේ මාර ලොජික්ය. එකම දේ මේ තර්ක පාවිච්චි කරන එකම තුමා එතුමා නොවීමයි. මර්වින් ද සිල්වා කියන්නේද මීට සමාන කතාවකි. මර්වින් සිල්වාද මාරයා සෑර් සේම ඉගෙන ගෙන නැත. මර්වින් සිල්වාද මාරයාසෑර් වගේම මහින්ද මාමාට ප්‍රසිද්ධියේ කඩේ යයි. හිට්ලර් සේම මර්වින් සිල්වාද මාරයා සෑර්ට වීරයකුද යන්න නොදනිමු. එසේ වුවත් පුදුම නොවෙමු. මාරයා සෑර් මර්වින් සිල්වාට ඒ තරමටම සමීපය.
@අන්තිම ඇනෝ - මාරයා ජනප්‍රියම කෙනා නොවුනත් ආවේණික පාඨක පිරිසක් ඉන්න ජනප්‍රිය බ්ලොග් කරුවෙක් කියලයි මම නම් හිතන්නෙ
ReplyDelete@මාරගහ -මාත් ඔය ලිපිය දැක්කා, මාරතුමාගෙ තියෙන්නෙ නම් අමුතුම ලොජික් තමා ,එයා විවේචනය වෙන්න අකමැති නම් පුරුදු ශෛලියෙ ඒව ලියාගෙන හිටිය නම් හරි
මේ විදියට පිල් බෙදීම හරි නෑ කියලයි මට නං හිතෙන්නෙ. මේ පොඩි රටේ විතරයි මේ අපි ලියන බාසාව පාවිච්චිකරන්නෙ. ඉතිං එයිනුත් අල්පයයි බ්ලොග් ලියන්නෙ. ඊට ටිකක් වැඩි ප්‍රමානයක් කියවන අය ඇති. අඟිලිවලින් ගනින්න පුලුවන් ප්‍රමානයක් විදේශ වල ඉඳලත් බ්ලොග් ලියනවා. මේ බෙදීම් හොඳකට නොවෙයි.
ReplyDeleteප්‍රතිචාරයටත් , අදහසටත් බොහොම ස්තුතියි සහෝදරී ..... මම නම් පිල් බෙදෙන්න උත්සහ කලෙ නැහැ . විරුද්ද අදහසක් ඉදිරිපත් කලා විතරයි . ඒකට ලැබුණු ප්‍රතිචාරේ නිසා තමයි මේ ලිපිය ලියවුනේ . කොමටත් පිල් බෙදෙන එක හොඳ සංවාදයක් පැත්තට ඇති වෙන එක නම් හොඳයි . අර ටික දවසකට කලින් උනා වගෙ (හැකින් නාඩගම ) මඩ නාගෙන මරාග්න්න තැනකට වැටෙන්නෙ නැතුව
ReplyDeleteඅර ආසනික් ගැන සී නිවුස් වල දාල තිබ්බ , මාරයා ප්‍රචාරය දීපු පළවෙනි ලිපියෙ පොල්ගෙඩි අකුරෙන් බෝල්ඩ් කරල තිබ්බා නෙ
ReplyDeleteජනාධිපති තුමා, ජනාධිපති තුමා කිය කිය. ඒකයි ඒක ප්‍රචාරය කළේ. ඊට පස්සෙ ඒ කන්ටේනර් නිදහස් කරපු එක ගැන ලිපිවල ජනාධිපති තුමා කෑල්ලක් නැහැනෙ.
ආයෙ තව ටික කාලෙකින් ආසනික් ගැන වැරදි මතයක් පතුරවල ජනතාව කලබල කිරීම ගැන අදාල රේගු නිළධාරීන්ට විරුද්ධව තදින්ම කටයුතු කරන්න කියල ජනාධිපති තුමා උපදෙස් දුන්නා කියල ලිපියක් පළ වුනාම ආයෙමත් පෙරට පයක් තියන්න පුළුවන්.
අතීසාරෙ හැදුනම අමුඩ ගහල නවත්තන්න බෑ නෙව
ReplyDelete