Skip to main content

බස් කථා බස් - part 01

බස් මගීන්ගේ ආදරණීය ගැමුණු අංකල් කැඳවපු බස් වර්ජනය අන්තිමේදි  අත්  හිටෙව්වා නොවැ . මේ ඔහොම සන්තැසියක් උන (අ)පරාජිත කීවෙනි වතාවද කියල මට මතක නැති උනත් මැතක ඉඳන් ගැමුණු ලොක්කගෙ ස්ට්‍රයික් ඔක්කොම හබක් වෙන බව නම් පේනව . බස් මගීන්ගෙ හිතට ලොකු සහනයක් වුන ඒ කාරණාව ගැන නම් නෙවෙයි මම මේ කථා කරන්න සුදානම් වෙන්නෙ . බස් ඩ්‍රැයිවර මහත්තුරුන් සහ කොන්දොස්ත්‍ර මහත්තුරුන් ගැන මගෙ අත්දැකීම්  කිහිපයක ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි මේ  ලැස්තිය

ඉල්ලං කිච උන කොන්දොස්තර


මේ සිදුවීම උනේ අපේ ගම් පලාතේ ඉඳන් කොලඹ එන බස් රථයක . වෙලාව දහවල් 12 ට විතර ඇති . මේ වෙලාවට කොලඹ එන පිරිස්  ඉතාම අඩු නිසා බස් එකේ දහ පහලොස් දෙනෙකුට වඩා නැහැ . ඉතින් කොන්දොස්තරගෙ ට්‍රයි එක ලඟ ලඟ නගර වලට  යන සෙනඟ හරි පටව ගන එක . ප්‍රධාන  පාරට වැටෙන කම් බස් නැවතුම් පල වටේට යන ගමන ඇවිදිනවටත් වඩා හෙමින් කරපු බස් එකේ දොරේ ඉඳන් කොන්දෝසතර උන්නැහේ  පාරෙ ඉන්න අයගෙන් අහනව කොහේටද ? කොහේටද  ? කියල . සාමාන්‍යෙන් ඉතින් ලඟට යන අය දුර බස් වලට ගන්නෙ නැති නිසා නොනැග හිටපු මිනිස්සුත් කොන්දෝස්තර ගේ මේ වැඩෙ හින්ද බස් එකට ගොඩ උනා . දැන් බස් එක බස් නැවතුම් පොල ලඟින් ඉවත් වෙන්න ආසන්නම තැන තියාගේන මේය සෙනග ගෙන් අහ අහ ප්ටව ගන්නව . ඔතන කණුවකට හේත්තුවෙල ටිකක් මහත ඩයල් එකක් ඉන්නව . පොර වෙන පාරවල බස් ආවත් නගින්නෙ නැතුව බලාන ඉන්න නිසා කොන්ද හිතන්න ඇති තවත්  කැල්ලක් කියල (කොන් දොස්ත්‍ර භාෂාව අනුව ) . පොර ඇහුව අර මනුස්සයගෙන් අය්යේ කොහාටද කියල . ඒ මනුස්සය එතකොට නගරෙට කිලෝමීටර තුන හතරක්  එහා තැනක් කිව්වා . ඒ කියපු ගමන් කොන්ද කියපි ආ එහෙනම් නගින්න එපා කියල (අර ම්නුස්සය යැ  නගින්න ඇහුවෙ  ) . ඒ මනුස්සයට තද වෙල කොන්දගෙන් ඇහුව කව්ද _ _ _ _ පුතෝ නගින්න ඇහුවේ  කියල . කොන්ද දඩස් ගාල බස් එක ඇතුලේ, ඩ්‍රැයිවරත් විනාඩි 5කට වඩා හිටපු ඉඳිල්ල නතර  කරල බස් එක ඇද්දුව . ඊට පස්සෙත්  කොන්දොස්තර හෝල්ට් ගනනාවකදිම සෙනග පටව ගත්තා. හැබැයි ඉන්න මිනිස්සුන්ගෙන් යන්නෙ කොහෙටද කියල නම් ඇහුවෙම නැ . බස් එක නතර කරන නගරවල නම් විතරයි කිව්වෙ

මතට තිත තැබූ කොන්දෝස්තර
මේකත් කොලඹ ඉඳන් අපෙ ගම් පලාතට එන බස් රථයක සිද්ධ වුන සිදුවීමක් .  හවස 7න් විතර පස්සෙ අපේ නගරෙට  ඉඳන් ලඟාවෙන මේ බස් රථ වල පොදු ලක්ෂනය තමයි හදිස්සිය . අශ්ප වේගෙන් පාර පුරා යනවට අමතරව  අතරමග බහින මිනිස්සු වෙනුවෙන් තත්පර පහක් බස් එක නතර කරගෙන ඉන්නවත් මේ අය කැමති නැ . මිනිස්සුන්ව තල්ලු නොකරනවා විතරයි . මගේ කථාවට අදාල බස් රථයත් අපේ නගරෙට ලඟාවෙන්නෙ හවස 7.30ට විතර මේ බස් රථයෙ කොන්දෝස්තර මහත්තයත් අර ජාතියෙම තමා .  ඔන්න දවසක් මම ඔය බස් රථේ එනව කොළඹ ඉඳන් . අර කොන්දොස්තර මහත්තය වෙනුවට එදා ටිකට් කඩන්න හිටියෙත් වෙන පොරක් . ගමනේ භාගයක් දුර ආවට පස්සෙ සුපුරුදු කොන්ද මහත්තය බස් එකට නැග්ග . පොර ටිකට් පොත අතට ගත්තෙ නැතත් සෙනග පටවන වැඩවලට එහෙම උදව් කලා . ඒ වගේම වෙනද නැති පුදුමාකාර හැසිරීමක් තමයි මේ මනුස්සයගෙ එදා තිබුනේ . මෙන්න පොරගේ එදා  දවසෙ හැසිරීම කිහිපයක්


සෙනග පැටවීම -  නගින්න නගින්න _ _ _ _ _(අපේ ප්‍රදේශයේ නම ) . අය්යේ පොඩ්ඩක් ඉඳහන් මේ මාමා ගොඩ වෙනකන් , (වයසක මනුස්සයෙක් අල්ලාගෙන සීට් එක ලඟටම් ඇරලවයි ) 


සෙනග බහින අවස්ථා (1) - අක්කේ කෝ දෙන්න ඔය  බැග් එක . (කාන්තාවගෙ බැගය අතට ගනී ) . පුතේ එන්නකෝ (කුඩා දරුවාගේ අතින් අල්ලා බසයෙන් බස්සවයි) . ආ අක්කේ බැග් එක (කාන්තාව බසයෙන් බැස්ස පසු බැගය අතට දෙයි ) 


සෙනග බහින අවස්ථා (2) - (ක්ලාස් ගොස් එන ලමයෙකුට ) මල්ලි පුට් බොඩ් එකට බහින්න එපා , මේ යන වේගෙට වැටුනොත් කුඩු සංසාර වෙලා නවතින්නෙ . අය්යේ (ඩ්‍රැයිවරට ) මේ මල්ලිගේ ගේ ගාවින්ම දාල යං . මල්ලි නතර කරන කන් ඉඳල බැහැපන් , ඉස්සරහ පුට් බෝඩ් එකෙන්  පනින එක ඩේන්ජර් 


මේ මට මතක  හැසිරීම් දෙකතුනක් විතරයි තව ගොඩක් තිබුනා , බස් එකෙන් බහින වෙලාවෙ  පොර ලඟින් ආපු ගඳෙන් තමයි මේ වෙනසට හේතුව හරියටම මීටර් උනේ (කලින් ම සැක හිතිලා තිබුනත් ) . මේ ගැන හිත හිත බස් එකෙන් බහින වෙලාවේ පොර කලේ බස් එකෙන් බහින හැමෝටම ඇහෙන්න " එහෙනම් බුදු සරණයි , ඉක්මනින් ගෙවල් වලට යාගන්න වැස්සක් එන්න ලඟයි " කියල සුභ පතපු එක

නොහික්මුනු රියදුරා නිසා මල පැන්න ඩ්‍රැයිවර අන්කල් 

මේ මම ඉස්කෝලේ යන කාලෙ සිද්ද වුන දෙයක් . සීසන් කතන්දරේ නිසා සිටිබි ඩ්‍රැය්වරලා යුනිෆෝම් ලමයින්ට කෙනෙහෙලි කම් කරන එක සාමාන්‍ය් දෙයක් නේ . අපේ ගෙවල් පාරෙ බහුතර  ඩ්‍රැයිවර මහත්තුරු සංඛ්‍යාවක් එහෙම උනත් පාසල්  ලමයින්ට ආදරෙන් සලකපු ඩ්‍රැයිවර අන්කල් කෙනෙකුත් මේ අතර හිටිය .අපේ අම්මල ඉස්කෝලෙ යන කාලෙත් රියදුරෙක් විදිහට වැඩ කරල තියන මෙයා මේ කියන දවස් වෙන කොට වැඩ කලේ කොන්ත්‍රාත් පදනටම . පාර දිගේ ඉන්න හැම පාසල්  ලමයම බස් රථයට නග්ග ගන්න මේ ඩ්‍රැයිවර අංකල් කිසිම හදිසියක් නැතුව බොහොම ආරක්ෂිතව බස් රථය පදවන එක්කෙනෙක් . ඒ වගේම ළමයෙකුටවත් වෙනත් මගියෙකුටවත් කැකෝ ගහන කෙනෙකුත් නෙවෙයි . පිටිපස්සෙන් වාහන 10 විතර හෝන් ගහත්දිත් පාරෙ හිටපු බලු පැටව් ටිකක් බැල්ලිත් , කොන්දෝස්තර මහත්තයත්  එකතු වෙලා ආරක්ෂිත තැනකින් තියන කන් බස් එක පාර මැද නතර කරගෙන ඉන්න තරම් මනුස්සකමකුත් මේ ඩ්‍රැයිවර මහත්තයට තිබුනා

අපේ ගෙවල් පාර නගරය කෙලවරලදි ප්‍රධාන මාර්ගයට එකතු වෙනවා . ගොඩ දෙනෙක් බස් එකෙන් බහින්නෙ නගරය මැද උනත්  අපේ පාර ප්‍රධාන පාරට වැටුන  තැන ඉඳන් ඒ තැනත් අතර තවත් බස් හෝල්ට් දෙකකුත් තියනව . මේ කියන දවසෙත්  අපේ පාරෙන් ප්‍රධාන පාරට ඔය කියන බස් එක දැම්මා . වෙනද වගේම දෙපැත්තම බලලා සිග්නල් එහෙම දාල තමයි (උදේට වාහන ඒ තරම් නැනෙ ඔහොමත් ) . හැබැයි බස් එක සම්පූර්ණයෙන් හරව ගන්න කලින්   පිඹගෙන ආපු දුර ගමන් බස් එකක් දැම්මා අපෙ බස් එකට ඉස්සරහින් . අපේ ඩ්‍රැයිවර මහත්තය දඩස් ගාල  බ්‍රේක් නොගැහුව නම්  බස් දෙක වදිනවා . අනික් අතට  ෆුට් බෝඩ්  එකේ හිටපු සෙනගෙ හැටියට (වැඩිපුරම  ලමයි ) ඒ පැත්තෙන් අර බස් එක වැදුනා නම් සැහ්න ගානකට  ඩැමෙජ් වෙනවා .

එක පාරටම බ්‍රේක් කරපු නිසා බස් එක පාර මැද හිටිය . දෙතුන් පාරක් ට්‍රයි කරල බස් එක  ස්ටාර්ට්  කරගත්ත අපේ ඩ්‍රැය්වර අංකල් නම් සැහෙන්න මල පැනල හිටියේ . බස් එක පාරට දාගත්ත ගමන්  ජීවිතේ කවදාවත්ම කරල නැති  විදිහේ වේගයකින් බස් එක යන්න පටන් ගත්ත . කවදාවත් බනින්නෙ නැති මනුස්ස්ය බැනල ඉස්සරහ ෆුට් බෝඩ් එකේ සෙට් එකත් ඇතුලට දාගත්තා . අලුත ගත්ත ලේලන්ඩ් බස් එකක් උන දුර ගමන් බස් රථය පස්සෙන්  එලෝගෙන ගියත් අපේ බස් එක , කසි කබල් ටාටා කටුවක් . ඒත් අපේ ඩ්‍රැයිවර මහත්තය නම් ගේම අතැරියේ නැ .අර මග හෝල්ට් වල බහින්න මිනිස්සු බෙල් ගහත්දිත්  ඒව සත පහකට වත් මායිම් නොකරපු මෙයා අන්තිමේදී අර බස් එක  අල්ලගත්තා . උගේ ඉස්සරහට බස් එක  කපල නතර කරල , බස් එකෙන් බැහැල් ගිහින් අර ඒ ඩ්‍රැය්වර්ට කියපු දේවල් ටික නම් අපේ ඩ්‍රැයිවර මහත්තයගෙ කටින් කවදාවත් පිට වෙයි කියල හිතන්න බැරි තරම්

කොන්දා බස් එක පසුපස 


මේකත් සිද්ද වුනෙ දුර ගමන් බස් රථයක . මේ බස් එක අපේ ගම් පලාතටත් එහා යන බස් එකක් . අතර මැදනගර  වලදි විතරයි මේ වගෙ බස් සාමාන්‍ය්යෙන් නතර කරන්නෙ . ඔන්න එහෙම තැනක  බස් එක නතර කරල පිටත් උනා . නගරෙන් එලිය්ට ආපු ගමන්  ආයෙමත් සුපුරු වේවගයෙන් බස් එක යනව . ඔහොම ටික් වෙලාවක් යන කොට . පිටි පස්සෙ තවත්  දුර බස් එකක් පිඹගෙන එනව . එහෙම එකක් දැක්කාම අපේ ප්‍රයිවට් බස් ඩ්‍රැයිවර මහත්තුරු  කරන වැඩෙ දන්නවනෙව ඉතින් . ඕං දැන් බස් දෙක හෝ ගාලා තරඟේ හැබැයි අර පිටිපස්සෙන් එන බස් එක දිගින් දිගටම ලයිට් ගහනව හෝන් ගහනව අපිට පේනව . අපේ ඩ්‍රැයිවර මහත්තයත් ඒ මොකුත් බලන්නෙ නැතුව හිටු කියල පාගනව . ඔහොම යනකොට  ඊලඟට සෙනග බහින්න ඉන්න හන්දිය කිට්ටු වුනා . එතන බහින්න හිටපු නංගි  කෙනෙක් ඉතුරු සල්ලි ගන්න  කියල කොන්දොස්තරව හොයනව . ම්හු කෝ නැනේ බස් එකේ කට්ටියට එතකොට තමයි ඩයල් උනේ කොන්ද මිසින් කියල . කට්ටියම ඒ පාර ඩ්‍රැයිවරට ඒ ගැන කිව්වා . "හත්තිලව්වයි එහෙනම්  ඌ  එන නිසා තමයි අරූ කෙලගෙන එනව ඇත්තේ "කියල කියල බස් එක නතර කලා . එතකොට අර හන්දියටම  ඇවිත් . අනික් බස් එකෙන් බැහැල් ආපු කොන්දොස්තර අර නංගිගෙ ඉතුරු සල්ලිත් බේරලා බස් එකට නැග්ගා ඩ්‍රැයිවරට හොඳ කුණුහරුපෙකුත් කියාගෙන . හැබැයි  ඔය කෙලිඅස්සේ අර කොන්දව අරන් ආපු බස් එක විතරක් නෙවෙයි තවත් සිටිබියකුත් ඉස්සර කරගෙන ගියා . බස් එකට වැඩේ පාඩුයි .  ඒකට මුල ඩ්‍රැයිවර මහත්තයා . කොන්ද නගින කන් ඉන්නෙ නැතුව කඩි මුඩියේ බස් එක ඇද්ද එක . අනික  ප්‍රධාන පාරටත් " නෝ නෙට්වර්ක් " සිම් එකක් පාවිච්චි කරපු එක  

තවත් අත්දැකීම් ගොඩක් තියනවා . ලිපිය දිග වැඩි වෙන නිසා ඒ  ටික පසුවට කල් තිබ්බා

Comments

  1. මරු සීන් ටික..කොන්දා පස්සෙන් එන එකනම් අපෙත් වෙනවා ඉදලා හිටලා........

    ReplyDelete
  2. ලිපිය නම් පට්ටයි . . .

    සමහර තැන් කියෙව්වේ පන යනකම් හිනා වෙවී . .

    සමහර තැන් කියෙව්වේ දත් කූරු කකා කේන්තියෙන් . .

    නියම ලිපියක් . . .

    එලටම ලියලා තිබේ ..

    ජය

    ReplyDelete
  3. මෙතෙක් අදහස් දක්වපු තුන් දෙනාටම බොහොම ස්තුතියි

    ReplyDelete
  4. හරි අපුරුයි...

    ReplyDelete
  5. ඉල්ලං කිච උන කොන්දොස

    මේ කතාව නම් එල .......

    ReplyDelete
  6. අපේ ගමේ ඉන්න කොන්දලා සෙට් එක නම් නියමයි උං එදා ඉඳන් අපිත් එක්ක ඉස්කෝලේ ගිහිල්ලා අපිත් එක්ක ජොලි කරලා පිස්සු කෙලලා හිටපු කොල්ලෝ වගයක් . අපේ ගමට වැඩිය බස් ඇත්තෙත් නෑ . තියන බස් ඔක්කෝගෙම ඉන්නේ අපි දන්න කියන ඩ්‍රයිවර් සහ කොන්දොස්තරලා විතරමයි ..

    පෝස්ට් එක නම් පට්ටයිලු .."නොහික්මුනු රියදුරා නිසා මල පැන්න ඩ්‍රැයිවර අන්කල් " ඒ කතාව පට්ටම පට්ටයි

    ReplyDelete
  7. @bindi.පන්සල් හංදිය - Thanks

    @හිස් අහස - Thanks
    ගම්මාන වලට යන බස් එහෙම තමා මචන් . අපි නම් ඉන්නේ නගරෙට ටිකක් කිට්ටුව නිසා අපේ ගමට කියල බස් එකක් නැ . වෙන් ගම් වලට යන බස් තමා තියෙන්නෙ . ත්‍රිවීල් භාවිතය සුලභ වෙන්න කලින් ගම් වල මනුස්ස්යෙක් රෑක අසනීප උනාම ඉස්පිරිතාලේට ගේන්න භාවිතා උනේත් ලංගම බස් රථය තමා (එහෙම ප්‍රදේශ තාමත් ඉඳහිට තියනව ) . නගර අතර හෝ නගර තුල දුවන බස් රථ තමයි මිනිස්සුන්ව කැලි ගානට සලකල නින්දිත වෙලඳාමක නිරත වෙන්නෙ

    ReplyDelete
  8. නියම මාර්තෘකාව.ජයශ්‍රීටත් තියෙනව බෙදාහදාගන්න ඔය සම්බන්ද අත්දැකීම් එමට.වෙලාව තියෙන විදියට බලමු.අද නම් හොදටම Busy.

    ReplyDelete
  9. හොඳ කොන්දල අඩු ඇයි?

    ReplyDelete
  10. නියම කථා ටික බුවා... වෙනදා වගේම බුවා ස්පෙෂල්... හොඳටම වැදුනා බං. අන්තිම කථාව නම් එළ!!!

    ReplyDelete
  11. @ජයශ්‍රී - බස් වල හුදී ජනතාවට පොදු අත්දැකිම් තමයි මේව නේ ?

    @dhayaal - අනේ මන්ද

    @Chathu - Thanks

    ReplyDelete
  12. සිරා සීන් ටික...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව