Skip to main content

එෆ් එම් දෙරණ අවකාශ සින්ඩිය බය සුද්දන්ගෙ හෙලුවටද ? දේශප්‍රේමීන්ටද ?

මගේ බ්ලොගයෙ අන්තිමට ලියපු මේ ලිපිය මේ පැත්තෙ යන එන අය කියවන්න ඇතිනේ . එෆ්. එම් දෙරණේ අවකාශ සින්ඩියෙ ලිපි ලියන්න ලියා පදිංචි වෙලා ඉන්න නිසා ඒ ලිපිය එතනටත් එකතු කලා .  හැබැයි ඉතින් දවස් කීපයක් යන කම් ලිපිය පලවුනේ නැති නිසා අවකාශයේ ඇඩ්මින් තුමාව සම්බඳ කලා . බොහොම සංවර විදිහට ඒ ගැන සොයා බලන්න කියල ඉල්ලීමකුත් කලා . අද බලන කොට එතුමා උත්තරයකුත් එවල තියනව මෙන්න මෙහෙම

අපගේ නීති හා රෙගුලාසි වලට අනුව මෙවැනි ලිපි පලකල නොහැක

ඔය පහලින් තියෙන්නෙ ඒ අයගේ කොන්දේසි

http://www.fmderana.lk/blog/?page_id=4444

එයින් අවසන් එක ඇරුණාම ඒ කියන්නේ පරිපාලකයාගේ තීරණය කියන එක ඇරුණාම වෙන එකම කොන්දේසියක්වත්  මගේ ලිපියෙන් කඩ වෙලාය කියල මම හිතන්නේ නැ . (කියවන ඔබතුමාලත් කල්පනා කරල බලන්නකො ) . ඒ නිසා මම මෙහෙම පිලිතුරක් එතුමාට යැවුවා

ඔබ විසින් ඔබගේ වෙබ් අඩවියේ පල කර ඇති රෙගුලාසි වලට අනුව මාගේ ලිපියේ වරදක් මා නොදකින මුත් ඔබගේ තීරණයට යටත් වීමට සිදුවේ . මා ඉදිරියටත්  ලිවීමට බලාපොරොත්තුවෙන්නෙ මෙවන් ලිපි  පමණක් නිසා මගේ බ්ලොග් අඩවිය දුරටත් අවකාශ සින්ඩියේ දිස් වීමේ අවශ්‍යතාවක්  නොමැති අතර . මා ලබා ගත් සමාජිකත්වයේද අවශ්‍යතාවක් නොමැත . එනිසා  මාගේ බ්ලොග් අඩවිය අවකාශයෙන් ඉවත් කර සමාජිකත්වයද අත්සිටුවන ලෙසට ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි . අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට ගරු නොකිරීම පිලිගත් මාධ්‍ය ආයතනයකින් සිදු වීම අතිශයින් කණගාටුදායකය ."

අවකාශ පරිපාලක වරයගෙ  ප්‍රතිචාරය මොකක් උනත්  අවකාශය සමඟ මගේ ගණුදෙනු මෙතනින් අහවරයි . මේ ලිපිය ලියන්නේ අවකාශය හරහා මෙහාට ආපු මගේ පාඨකයෙක් ඉන්නව නම් ඒ ගැන දැනුම් දෙන්න . ඒ වගේම මේ  ගැන  අනෙක් බ්ලොග් කරුවනුත් දැනුවත් කරන එකත් තව අරමුණක් . පිලිගත් මාධ්‍ය ආයතනයක් බ්ලොග් කරණය වෙනුවෙන්  යමක් කරන එක ගැන මම  සතුටු  වුනත් ඒ නිසාම ඒකට එකතු වුනත් . අනුන්ගෙ අදහස් වලට ගරු කිරීමේ මාධ්‍යක් සතු විය යුතු ගුණාංගය මොවුන් තුල නැහැය කියන එක ලස්සනට ඔප්පු කරල තියනව . තමන්ගේ මාධ්‍ය  භාවිතාවේ තියන බයාදු පක්ෂපාතීත්වයට වඩා දෙයක් බ්ලොග් කරුවෙකු අතින් ලියවුනාම ඒක පල කරන්න අකමැති කමෙන් පේන්නේ  මාධ්‍ය නිදහස ගැන , පිලිගත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල සදාචාරය ගැන පොර ටෝක් දෙන අපේ රටේ මාධ්‍ය කරුවන්ට මාධ්‍ය ආයතනයක තිබිය යුතු මූලිකම ලක්ෂනත් අමතකයි කියන එක . මහ ලොකු මාධ්‍ය කාරයින් නොවෙන එහෙත් සදාචාරයක් ඇති මිනිසුන් විසින් පවත්වාගෙන යන අනික් කිසිම සින්ඩියක් මගේ අදහස් වාරනය කරන්න කටයුතු කරල නැති නිසා . අවකාශය හරහා මගේ ලිපියක් පල නොවීම මහ ලොකු දෙයක් නම් නොවෙයි  . ඒත් වැරදි තැනක තවදුරටත් රැඳීමේ අවශ්‍යතාවක් නැති නිසා බුවා එතනින් ඉවත් වෙනව . මේ අත්දැකීම අනෙකුත් බ්ලොග් කරුවන්ටත් හිතන්න දෙයක් ඉතුරු කරාවි

අවසන් වශයෙන් අහන්න තියෙන්නෙ එෆ් එම් දෙරණ අවකාශ සින්ඩිය බය සුද්දන්ගෙ හෙලුවටද ? දේශප්‍රේමීන්ටද ?

Comments

  1. හ්ම්ම්.. බුවාට තියෙන්නේ ඔය එක එක ඒවයෙ ලියන්න යන්නේ නැතුව තමන්ට කැමති තමන්ට ඕන දේ ලියන්න පුලුවන් තමන්ගේ බ්ලොග් එකේ ලියන එක..

    අනිත් අයගේ අඩවි වල ලියන්න ගියාම වෙන්නේ ඔය එක එක ඇඩ්මින්ලාගේ දර්ශනය කියන කතුරට අපි ලියන ලිපි කැපී යාම.

    උඹට කැමති දෙවල් උඹේ බ්ලොග් එකේ ලියාපන්, කට්ටිය හොයාන ඇවිත් කියවාවි. මම සාමාන්‍යයෙන් බුවා ලියපු ඔක්කොම ලිපි වගේ කියවලා තියෙනවා.. දිගටම ලියපන්... කාටවත් කිච වෙන්න යන්න එපා.

    ReplyDelete
  2. තොට හොඳම වැඩේ..
    දෙරණ - ලස්සනටම කඩේ යන චැනල් එක..
    ඒක අප්පිරිය වෙන්නෙ නැතුව කරනව...
    සෝමා අක්කගේ කක්කවාහිණියට වැඩියේ..

    උඹ ලියපන්.. අවශ්‍ය ඒවුන් ඉන්විටේසොන් එවල දාගන්නේ...

    ReplyDelete
  3. ආයේ අහලා..ඔය සිංඩියේ පරිපාලකතුමා මගේ යාලුවෙක්.මම මැසේජ් එකක් දාලා බලන්නම් සීන් එක මොකක්ද කියලා...
    පොර කියයිද දන්නේ නෑ ඉහලින් එන ඕඩර් කියලා...
    ප්‍රජාතන්ත්‍රවාදී කියලා කෑ ගැහුවට එහෙම රටක් නෙමේ නේ මේක...
    ඒක නිසා බුවා ලියාගෙන යන්නයි තියෙන්නේ..එලිපිට කියවන උන් කියවාවි..අනිත් උන් හොරෙන් ඇවිල්ලා කියවාවි...
    බුවාව ගස් බදින්න ගියොත් ගස් බැන්දේ නෑ ගස් බදින්න කිව්වේ මමමයි කියලා ශේප් වෙලා එන්න පුලුවන් නේ....

    ReplyDelete
  4. මම නම් කියන්නේ සහෝ.... ඔය වගේ දේවල් වලට සැලෙන්න එපා... ඔයා කියන දේවල් පිලිගන්න ඔයාගේ බ්ලොග් එක බලන්න එන පිරිසක් ඔයාට ඉන්නවා.... ඔයාම ඔයාගේ බ්ලොග් එකේ ස්ටේට්ස් වලට ගිහින් බලන්න ඔතනින් කොයි තරම් ඇවිත් තියනවද කියලා.... එතකොට මෙහෙම පොස්ට් එකක්වත් ඒ ගැන කියන්න දෙයක් නැනේ කියලා හිතෙයි...

    කොහොමත් මොනවා උනත් හැමදාම අපි ඔයා ලියන ඒවා කියවනවා

    ජය වේවා

    ReplyDelete
  5. @sameerausa - අවවාදෙට ස්තුතියි

    @මාතලන් - මටම දොස් කියහන් :D

    @රත්ගම - අපෝ ඕනි නැ බන් .... ඕක නැය කියල මට පාඩුවක් නැ (මුලු කාලෙටම ඔනි නම් 50/60 ක් ඇවිත් ඇති ඕකෙන් ) අනික් කට්ටියට දැනගන්නත් එක්කලා ලිව්වෙ

    ReplyDelete
  6. "අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් සුදුසු අන්තර්ගතයක් සහිත ලිපි ඇතුළත් නොකෙරේ" ලෙස කොන්දේසියක් එහි තිබු බව අමතකද? ප්‍රසිද්ධ වගකීමක් සහිත මාධ්‍ය ආයතනයක් ලෙස එවැනි පින්තූර සහිත ලිපි නිර්මාණ පළකිරීම කිසිසේත්ම සදාචාරාත්මක නොවේ. ඒ නිසා එම ලිපිය පල නොකිරීම මාගේ තනි තීරණයකි. ඒ සඳහා කිසිඳු දේශපාලනික බලපෑමක් නොමැත. ලිපියක ගුණාත්මකභාවය තීරණය වන්නේ එහි අන්තර්ගතය තුල වුවත්, අන්තර්ගතයේ එක් අඩුපාඩුවක් වුවත් ලිපිය නොසලකාහැරීමට හේතුවක් විය හැක.

    FM Derana Web Administrator

    ReplyDelete
  7. එහෙම එකක් තියෙනව කියල දන්නෙත් අදනෙ හැබෑට.....

    ReplyDelete
  8. සෑර්ට තේරෙන්නෙ නැද්ද?

    "සිවුවන පරම්පරාවේ යථාර්ථවාදී බ්ලොග්කරනය" නේ

    ඒකයි ඒ!

    ReplyDelete
  9. @දේවා ගේ අඩවිය - Thanks macho

    @outsider - එහෙමද ??

    @සූස්ති ගුණේ - සිවුවෙනි පරම්පරාව කියල කියාගන්නෙ වාරණය කිරීම නම් ඊලඟ පරම්පරාවල ඒව හැදුනාම ගෙදරටම ඇවිත් නෙලලා යයි

    ReplyDelete
  10. @FM Derana Web Administrator - මා ඔබ අඩ්වියේ පලකල(ලියූ) ලිපියට කිසිදු ඡායාරූපයක් එක් කර නොමැත ,ඡායාරූපය ඇත්තේ මගේ බ්ලොගය තුලය . ඔබ කතාකරන්නෙ එය සින්ඩිකේට් නොවීම පිලිබඳ විය යුතුය . ගැහැනියකුගෙ හා මිනිසෙකුගේ පිටුපස නිරුවත් දර්ශන අසභ්‍ය හෝ වැඩිහිටි ලෙසට ලොකෙයේ කොහේවත් සලකන්නෙ නැත (ආසියාවේ ආශ්චර්ය නිසා මෙහෙ නම් එහෙමද කියා දන්නෙ නැත ) එසේ නිරුවත් පිටුපස අසභ්‍ය ලෙස සලකන වා නම් මිස්ට බීන් , හා ජැකි චැන් රඟන ඇතැම් චිත්‍රපට ඇතුලු කලා නිර්මාණ රාශියක් වැඩිහිටි හෝ අසභ්‍ය ලෙස නම් කල යුතුය .මතවාදීමය වශයෙන් ගල්යුගයේ සිටිනා අරාබීන් නම් එවැනි දේ කරන බැව් මා අසා ඇත . තීරණය ගත්තේ කවුරුන් වුවත් එයට බලපැවේ ඡායාරූපය නම් ඔහු සිටින්නේත් එවන් තැනකය

    ReplyDelete
  11. බුවා කරපු දේ එකෙන්ම හරි.ජය වේවා clap

    ReplyDelete
  12. දෙරණ බොග් එකේ 18+ කියලා category යක් හදලා තියෙන්නේ මොකට ද?
    හරි උත්තරයක් දෙන කෙනාට ඉරානයට යාමට නොමිලේ ගුවන් ටිකට් පතක් දෙනු ලැබේ.

    ReplyDelete
  13. @නිකමා - Thanks macho

    @radicaladahas - අප්පද බොලේ එහෙම එකකුත් තියනව නේන්නම් මම දැන් දැක්කේ ඒක ... හෙහ් හෙහ් ඔය කැටගරියට අදාලව ලිපිත් තියෙන්නෙ . තැන්කු මේක පෙන්නල දුන්නට . උඹේ තැග්ගට අමතරව මගෙනුත් ලිබියාවට යන්න ටිකට් එකක් දෙනව

    ReplyDelete
  14. අප ප්‍රසිද්ද මාධ්‍ය ආයතනයක් විදියට ඔබ අපේ අඩවියට බොරු කට කතා ප්‍රචාර ගෙන යෑම පිලිබදව අපිට ඔබට විරුද්දව නඩු පැවරීමට පුලුවන්. ඔබ ලියා තිබුනේ අසභ්‍ය ලිපියකි. (අප ආයතනය විනාශ කිරිමේ අරමුනෙන් වෙන්න පුලුවන්) ඇත්ත පිළි අරන් මෙම ලිපිය මකලා වැරද්ද පිලි නොගතත් මට සිද්ද වෙනවා අපේ ඉහල අංශ වල නිලධරින්ට ඔබ ගැන පැමනිලි කරන්න.

    FM Derana Web Administrator

    ReplyDelete
  15. @ano July 14, 2011 6:29 PM - ආතල් එකක් ගන්න ලියපු කමෙන්ටුවක් වගෙයි පේන්නේ , ඇත්තම ඇඩ්මින් තුමා නම් කලින් විදිහට ඊයකිනුත් දන්වලා එවයි නොවැ . එහෙම ඊයකින් ආවොත් උත්තර දෙන්නම් කො !

    ReplyDelete
  16. ඔය සිංඩි වලට ඕන කරන විදිහට බ්ලොග් ලියන්න යන්න එපා. තමන්ට හරියි කියලා හිතෙන දේවල් ලියන්න. සිංඩි වල දාන නොදාන එක එයාලගේ කැමැත්ත.

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. @Ano - July 14, 2011 7:00 PM - මෙම සිද්ධියට කිසි සේත් අදාල නොවන පුද්ගලයෙකුට එරෙහිව කුණුහරුපයෙන් කරන ලද බැන වැදීමක් වන ඔබගේ කමෙන්ටුව මැකීමට සිදුවිය ඒ පිලිබඳ සමාවෙන්න . ඔබගේ අදහස වෙනත් වචන වලින් එකතු කර තිබුනා නම් එය එකතු කරන්නට ඉඩ තිබුනු (අදාල පුද්ගලයා පිලිබඳ වුවත් ) බවද කිව යුතුය

    ReplyDelete
  19. සුද්දෙක්ගෙ පුක වෙනුවට අපේ එකෙක්ගේ පුකක් දැම්මානම් හරි.

    ReplyDelete
  20. කෝ බං 18+ කිව්වට ඒකේ වැඩකට ඇති දෙයක් නෑ නේ. අයියෝ අපරාදේ මමත් උඩ දාගෙන ගියා බලන්න. :P

    ReplyDelete
  21. අනේ බෝල. උඹේ චු බ්ලොග් එක වගේද මගේ බ්ලොග් එක. register කරගන්න දාපු request වලට reply එකක් වත් නැහැ.register කරපුව කියනවා මගේ බ්ලොගේ rss feed වැඩ කරන්නේ නැහැ කියල. මට තාම google account එකෙන් ලොග් වෙලා කමෙන්ට් කරන්නත් බැහැ.මෙහෙම බ්ලොග් ලියනවට වඩා හොඳයි ඩෝ කොලවල ලියල පාරේ මිනිස්සුන්ට බෙදනවා.

    -මොතා

    ReplyDelete
  22. @JHOTHISHALANKA - ඔව් නේ දේශීය විදිහට එහෙම තමා කරන්න තිබුනේ , කොහොමටත් ඕක මම ගොසිප්9 එකේ ලිපියත් එක්කමයි ගත්තේ

    @ප්‍රභාත් චාමික - ඔව් ඇති දෙයක් නම් නැ , මම දැක්කා නිකන් හින්දි ෆිල්ම් එකක කුත් ඒ කැටගරියට දාල තියනව

    @@මොතා - ෆීඩ් වැඩ කරන්නෙ නැත්නම් ටෙම්ප්ලේට් එක වෙනස් කරල එහෙම පොඩි ට්‍රයි කරල බලන්න වෙයි ,SBU එකෙන් නම් අලුත් බ්ලොග් බඳව ගන්නෙ නැ මම හිතන්නේ .උඹ කොයි සින්ඩියෙද දැන් ඉන්නේ ?

    ReplyDelete
  23. උඹ ලියන ස්ටයිල් එකට ම ලියපන් බන් . . .

    සින්ඩි වල තිබ්බා නැතා . .

    උඹේ බ්ලොග් එකට කැමති උන්ගේ බ්ලොග් රෝල් වල එහෙමත් දාලා තියෙන නිසා කියවන්න කැමති අය ඇවිත් කියවන්නේ නැතැයි . . .

    අනික hits බලාගෙන ලියනවා නෙමෙයිනේ . .

    හිතේ තියෙන අදහස් හිතට බරක් නිසා එලියට දාන්න බ්ලොග් එකේ ලියන්නේ . . .

    ඒක නිසා ඒ අදහස් වලින් යමක් ගන්න ඕන කියලා හිතෙන අය කියවයි. නැති උන් කොහොම කලත් මුනින් නවපු කලයක් වගේ නේ . .

    ReplyDelete
  24. @බුවා

    අඹ ගහ යටයි ,සින්ඩියෙයි. අඹගහ යට එකෙන් කිව්වා ෆීඩ් වල ප්‍රශ්නයක් නිසා පොස්ට් වැටෙන්නේ නැහැ කියල. සින්ඩියෙත් හැම පොස්ට් එකකටම අලුතෙන් rss feed url එක දීල update කරන්න ඕනේ.

    කොහොම උනත් මේ ප්‍රශ්න තියාගෙන මට සති දෙකකින් හිට්ස් 1000 ගන්න පුළුවන් උනා. sindicator වලට දාගන්න පුළුවන් නම් තව හිට්ස් ගන්න පුළුවන්.

    -මොතා

    ReplyDelete
  25. @දුකා -ස්තුතියි දිරිමත් කිරීම ගැන , දැනුවත් කිරීමක් විදිහට විතරයි මේ ලිපිය ලිව්වේ . මාව අයින් කරන්නය මම ම ඉල්ලුවෙත් අදහස් වලට ඉඩක් නැති තැනක ඉන්න තව දුරටත් ඕනි නැති නිසා

    @මොතා- ලාංකීය සිතුවිලි ටක් ගාල බ්ලොග් ඇතුල් කරගන්නවනේ , මට නම් කොත්තු සින්ඩියටත් පටස් ගාල සෙට් වෙන්න ලැබුන මතක විදිහට . (ඒ දෙකෙන් තමයි සින්ඩිකේටර හරහා එන බහුතරය එන්නෙ ) . කොත්තු ටිකක් පමා උනත් ලාංකීය එක නම් ඉක්මනට හරි යන්න ඕනි අයෙමත් ඇඩ් කරල බලහන්

    ReplyDelete
  26. අනේ ගනම් ගන්න එපා දිගටම ලියන්න. ලංකාවේ හොද සිංඩිකේටර් ටිකක් තියෙදි යන්න එපා ඔය වගේ කින්ඩි වල එල්ලිලලා නොන්ඩි වෙන්න. මට සිංඩියක් තියෙනවා ‍ඔබ කියන සිංඩියට මගේ බ්ලොග් මම ඉල්ලුම් කලා වැදගත් ආයතනයක සිංඩියක් නිසා. එත් කොහෙද එකතු කරලා නෑ. මෙයාලත් අර සිංහල බ්ලොග් කියවනයේ විදියට යන්නේ

    ReplyDelete
  27. ""මා ඉදිරියටත් ලිවීමට බලාපොරොත්තුවෙන්නෙ මෙවන් ලිපි පමණක් නිසා මගේ බ්ලොග් අඩවිය දුරටත් අවකාශ සින්ඩියේ දිස් වීමේ අවශ්‍යතාවක් නොමැති අතර . මා ලබා ගත් සමාජිකත්වයේද අවශ්‍යතාවක් නොමැත . එනිසා මාගේ බ්ලොග් අඩවිය අවකාශයෙන් ඉවත් කර සමාජිකත්වයද අත්සිටුවන ලෙසට ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි .""

    WOW

    බුවා මචන්, ඔයාගේ කොන්දේ හයිය ගැන සතුටුයි.
    ඒක දිගටම තියා ගන්න (හැබැයි මොළෙන් වැඩ කරන්න)

    ReplyDelete
  28. ඔය කොහෙවත් යන කෙහෙල්මල් හුචක්කු වැඩක්නෑ බන්. මම උබේ බ්ලොග් එකට ආවේ වෙන බ්ලොග් එකක ලින්ක් එකකින්. දැන් මගේ ෆීඩ් රීඩර් එකට ඇඩ් කරලා තියෙන්නේ

    ReplyDelete
  29. @nadun - පිලිගත් ආයතනයක් නිසා තමයි මමත් එකතු වුනේ , අනෙක් සින්ඩි එකකින් වත් මට කිසිම කරදරයක් වෙලා නැ මෙතුවක් කාලෙට . මොකක්ද ඔයා කරන සින්ඩීය

    @malan - බොහොම ස්තුතියි

    @ඇනෝ - බොහොම ස්තුතියි

    ReplyDelete
  30. buwa @ මගේ සිංඩිය www.lankeeya.info කලින් තිබු http://syndi.lankablogger.info අඩවියයමයි. ඔබේ අඩවිය තියෙනවා.

    ReplyDelete
  31. " අවකාශය යනු ඔබගේ නිර්මාණාත්මක, ගුණාත්මක ලිපි නිර්මාණ වලට හිමි සයිබර් අවකාශයයි.

    ලිපි නිර්මාණ (Post) පළ කිරීම සඳහා ඔබ පළමුව අවකාශයෙහි ලියා පදිංචි විය යුතුය. ලියාපදිංචි වීම සඳහා පැතිමෙනුවෙහි (Sidebar) ඇති Register යන්න ක්ලික් කරන්න. එවිට ලැබෙන ෆෝරමයේ ඔබගේ නම සහ ඊමේල් ලිපිනය සටහන් කරන්න. අනතුරුව ඔබ සඳහන් කල ඊමේල් ලිපිනයට ඔබගේ මුරපදය (Password) දැනුම්දෙනු ලැබේ. ලියාපදිංචි වූ විට ලැබෙන මුරපදය (Password) යොදාගෙන අවකාශයට ලිපි පළකිරීමට ඔබට හැකියාව ලැබේ. ඔබ විසින් සටහන් කරනු ලබන ලිපි නිර්මාණ වෙබ් අඩවි පරිපාලකවරයාගේ නිරීක්ෂණයෙන් අනතුරුව අවකාශය වෙබ් අඩවියේ පලවනු ඇත‍."

    මේක මම ගත්තේ අවකාශය site එකෙන්. ඒකේ කොහේවත් සින්ඩිකේටරයක් කියලා නෑනේ. මේක සිතුවිලි පවුර වගේ ගොඩක් බ්ලොග්ර්ස්ලා එකතුකරන් ලියවෙන එකක්.

    ReplyDelete
  32. @Ano - අවකාශය මුලින් සින්ඩිකේටරයක් විදිහට ක්‍රියා කලා . ඊට පස්සෙ ලිපි ලියන්න අවස්ථාව සහ සින්ඩිකේට් කිරීම දෙකම සිදු කලා . දැන් සමුහ බ්ලොග් අඩවියක් විදිහට විතරක් කටයුතු කරනවා වෙන්න ඇති . මම ඔය ආකාර දෙකටම ලිපිය පල නොමීම ගැන තමයි කථා කලේ , මෙතනින් එහාට අවකාශය සින්ඩියක්ද , සමූහ බ්ලොගයක්ද කියන එක මට වැදගත් නැ . මම ආකාර දෙකෙන් එක විදිහකටවත් සම්බන්ධ නොවෙන නිසා

    ReplyDelete
  33. අනේ මන්ද බං බුවා. උඹේ පැත්තෙන් උඹ සාධාරණයි. අනෙක් පැත්තෙන් දෙරණ එකේ ඇඩ්මින් තුමා එක පාරක් අකුලගෙනනේ ඉන්නේ. ඉතින් ආයිත් අකුලගෙන කුජීතම වෙන්න වෙයි කියලා බයකුත් ඇති. දැන් දෙරණ අවකාශය සින්ඩියක් නෙවෙයි. දහඅටපට්ටම් තුමාගේ දික්කසාද හුටපටයක් ද කොහෙද කියවලා උන්දෑ අවකාශෙට ගෝරනාඩු දැම්මයි කියනවනේ. ඉතින් බං මාධ්‍ය ආයතන අතරත් මාධ්‍ය සදාචාරයක් නැත්තන් උඹලට අපිට ඒවා දෙයිද... උඹ මෙන්න මේක ලියාගෙන පාඩුවේ ඉඳහන්... බලන එකා බලයි!!!

    ReplyDelete
  34. @chathuranga - ඒ මොකක්ද බන් ඒ සීන් එක ...... මම එහෙම එකක් දන්නෙවත් නැනේ

    ReplyDelete
  35. ඔබේ ලිපි මොතාගමනය බ්ලොග් අඩවියේ පලකරගන්න.

    Email - mothawetha@gmail.com

    mothagamanaya.wordpress.com

    -මොතා

    ReplyDelete
  36. @මොතා - මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි

    ReplyDelete
  37. මචං උඹ සැලෙන්න එපා, සින්ඩිවලින් විතරක් නෙමේ බං මිනිස්සු බ්ලොග් එකට එන්නෙ, උඹ ලියපන් අපි එනවා ........

    ඔන්න මම උඹේ බොලොක්කෙ මගේ බ්ලොග් රෝලට දානවා ......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව