Skip to main content

මැත කාලීන මැතිවරණ වල පොදු ලක්ෂන

ඡන්දයක් ලඟ එනවාය කියල අඳුන ගන්න එක ලංකාවේ අපිට නම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. පාට කොඩි වැල් , දත් බේත් ඇඩ් වගේ පෝස්ටර් මග තොටේ දකින කොට දේශපාලන ලෝකෙ ගැන මෙලෝ උනන්දුවක් නැති කෙනෙකුට උනත් ඡන්දයක් කිට්ටුයි කියල තේරුම් යනව .මීට අමතරව මෑත කාලයේදී එකතු වුන අංග කිහිපයකුත් තියනව ඡන්දයක් කිට්ටුයි කියන එක අපිට දැනගන්න . ඊට අමතරව ඡන්දයක් ඉවර උනාට පස්සෙත් මේ වගේම ලක්ෂන කිහිපයක් තියනව.



මැතිවරණයට පෙර


ටිවි එකේ රසකථා



මැතිවරණයක් එන කොට දේශපාලන වේදිකා වල කෙරෙන කථා බහ නම් බොහොමයිනේ . හැබැයි ඉතින්  ඉස්සර නම් මාධ්‍යවල අවධානය යොමුවුනේ පක්ෂ නායකාරකාදීන්ගෙ කථා බහට විතරයි .අනික් කථා ඒ වෙලාවෙ අහගෙන ඉන්න අයට තමා . මැත කාලීනව මේ තත්වය  සහමුලින්ම වෙනස් වෙලා පොඩි පොඩි රැස්වීම් වල  කියන රසබර කථා බහ ඔක්කොම විකාශය කරන තත්වයක් ඇති වෙනව. මාධ්‍ය අතර තරඟකාරීත්වයත් එක්ක පටන් ගත්ත වැඩෙ මිනිස්සුන්ගෙත් හිතට අල්ලල ගිය නිසා දේශපාලකයොත්
රූපවාහින්යෙ පෙන්නන ජාතියේ කථා  කියන්නම වැඩියෙන් උනන්දු වුන බවකුත් පේන්න තිබුනා . විශේෂයෙන්ම සාමාන්‍යයෙන් රූපවාහිනි නාලිකාවක මූණ පෙන්න ගන්න ඉඩ කඩ ලැබෙන්නෙ නැති ප්‍රාදේශීය දේශපාලඥයො මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගත්ත බවකුත් පහුගිය කාලේ පේන්න තිබුනා . දේශපාලන වෙදිකා හරහා කරන විවාද , ගැටුම් , අභියෝග වගේම රටේ ජනප්‍රිය ප්‍රතිවිරුද්ධ දේශපාලඥයෙක් අල්ලගෙන වාදයකට පැටලීම වගේ දේවල් ඔය අතර තිබුනා . තාමත් තියනව

ජනපති ජනහමු


මේ පාර නම් තාම දකින්න ලැබුනෙ නැතත් පහුගිය ඡන්ද වලදි නම් අනිවාර්යයෙන්ම දකින්න ලැබුන අංගයක් තමයි මේක . ජනපතිතුමා තමන්ගේ පිරිවර සේනාවත් එක්ක ලංකාවේ තෝර ගත්ත තැන් කිහිපයක ජනතාව එක්ක සජීවීව සම්බන්ධ වෙලා ප්‍රශ්න කථා කරල රියල් ටයිම් ප්‍රශ්න විසඳන ආකාරයේ "ෂෝ" එකක් තමයි ඒක . හැම චැනල් එකේම පෙන්නන නිසා  කඩේ යන පස්ස උඩ දාගෙන බලන්නත් අනික් උන ටිවි එක වහල දාල නිදාගන්න තැනටත් ඒ වැඩසටහන නිසා කටයුතු යෙදුන කිව්වොත් නිවැරදියි.මේ පාර  නම් උතුරේ ගේමට බැහැල නිසා ඒ ෂෝ  එක දකින්න ලැබෙන එකක් නැහැ

රාජ්‍ය දේපල අයතා ලෙස පරිහරණය ගැන එජාපයේ  චෝදනා 



රාජ්‍ය දේපල අයථා විදිහට පරිහරනවාය කියන චෝදනාව , පහුගිය කාලේ තිබුන හැම මැතිවරනයකදිම ඉදිරිපත් වුනා . එජාපය වෙනුවෙන් බොහෝ වෙලාවට කරු ජයසූරිය මහත්තයත්, තිස්ස අත්තනායක මහත්තයත් තමයි මේ චෝදනාව ඉදිරිපත් කලේ .තමන් කොයි තරම් කිව්වත් වෙනස් වෙන්නේ නැ කියල දැනගෙනත් , තමන් බලයේ හිටියා නම් කරන්නෙත් ඔය දේම බව දැනගෙනත් හැමදාම එකම චෝදනාව මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියන එක එක්තරා විදිහක ජෝක් එකක් කියලයි මට නම් පේන්නෙ


මැතිවරණ කොමසාරිස් සහ පක්ෂ ලේකම් වරුන් අතර හමුව


මේකත් අර කලින් ජෝක් එකේම දිගුවක් විදිහට හඳුන්වන්න පුලුවන් , වෙන්සකට තියෙන්නෙ හැම පක්ෂෙම කට්ටිය සහභාගී වෙන එක .  කලින් කිව්ව රාජ්‍ය දේපල අයතා විදිහට පරිහරණය ඇතුලු මැතිවර අක්‍රමිකතා ගනනාවක් ගැන මෙතනදි විපක්ෂෙ කට්ටිය මැතිවරන කොමසාරිස් තුමාව දැනුවත් කරනව , එතුමාත් ඒවා පිලිගෙන මාධ්‍ය නිවේදනත් දානවා , එලියට ඇවිත් මැතිවරන කොමසාරිස් තුමා පොරොන්දු උනු ඒවා ගැන විපක්ෂෙ කට්ටියත් රටට කියන වා . හැබැයි ඒ වෙනකන් තිබුන තත්වයේ දශමයක වෙනසක්වත් වෙන්නේ නැ . කිසිම වැඩක් නැ කියල දැන දැනත් ඔය  වැඩේ හැමදාම කරනවා

මැතිවරණයෙන් පසු


දේශප්‍රේමී ජනතාවට ස්තුතියි


පහුගිය කාලේ තිබුන හැම මැතිවරනෙකට පස්සෙම රජය කිව්වේ ඕක. ඇත්තටම ඉතින් වෙන මොනව කියන්නද ? .මේ ප්‍රකාශය ඡන්දෙට කලින්ම කිව්වත් ගැටලුවක් නැතිවෙන තත්වයක් තමයි තියෙන්නේ

මැතිවරණ නිතී උල්ලංඝනය කිරීම් රාශියක් මැද  පැවැත්වූ මැතිවරණයක් වුවත් අපගේ ඡන්ද ප්‍රමාණයේ /ප්‍රතිශතයේ වැඩී වීමක් දකින්නට ලැබෙනවා - තිස්ස අත්තනායක 


හැම චන්දෙකටම පස්සෙ තිස්ස අත්තනායක මහත්තය කියන්නේ වර්ධනයක් තියනවා කියල තමයි .දවසෙන් දවස විපක්ෂය දියාරු වෙනවාය අපිට පෙනුනත් , අත්තනායක මහත්තය නම් මොකක් හරි මැතිවරණයක් අරගෙන ඊට සාපේක්ෂව වර්ධනයක් තිය්නවාය කියල ඔප්පු කරනව . අන්තිමට තිබුන පලාත් පලාන මැතිවරණයෙදි නම් ඕං යාන්තමට විතර එහෙම එකක් තිබුනාය කියල කියන්න පුලුව්න්

සමස්ථ ඡන්ද දායකයාගෙන් රජය ලබාගත් ප්‍රතිශතය - 


මේකත් බොහෝ වෙලාවට ගැටලුවක් වෙන්නෙ එජාපයට , එයිනුත් බොහෝ වෙලාවට මංගල සමරවීර මහත්තයට . ආණ්ඩුව දිනුවාය කිව්වට සමස්ථ ඡන්ද දායකයා අරන් බැලුවා රජයට පක්ෂ 30% විතර අඩු ගානක් කියල එතුමා සංඛ්‍යා ලේඛන එක්කම ඔප්පු කරල පෙන්නනවා . හැබැයි ඉති රජයට කැමති 30% නම් තමන්ට කැමති මුලු ඡන්ද දායකයින්ගෙන් කී දෙනාද කියල නම් මංගල මහත්තයාට කල්පනා වෙන්නේ නැ

මොනව උනත්   දිනුවේ අපි - ජවිපේ


ජවිපේ කට්ටිය නම් කොහොමත් මරු මරු කථා කියන අයනේ , තියන තියන හැම ඡන්දෙකදිම අන්තයටම කුජීත වෙලා ගියත් ඒ හැම ඡන්දෙකටම පස්සෙ මෙයාල කියන්නේ එයාල දිනුම් කියල . ඒ ගොල්ල ඒහෙම  දිනුම්ය කියන්න භාවිතා කරන ගණිතය සුද්දගෙ විද්‍යාවට තියා නාථ - විපස්සක දේශීය විද්‍යාවටවත් අනුගත එකක් නම් නෙවෙයි

ඕව තමයි ඉතින් මතක් වෙන්නේ , තව තියනවා නම් පහලින් එකතු කරන්නකො  .


Comments

  1. අම්මෝ ඔය සේරම කරන්නේ මැතිවරනේ අපේ ඡන්ද ටික ගන්නකන් විතරයි. ඡන්ද ටික ගත්තට පස්සේ උන්නද මලාද කියලා නෑ. මැතිවරණේට කලින් පාරවල් සේරම හදනවා. ගොඩනැගිලි බස් නැවතුම්පොලවල් එහෙම අලුත්වැඩියා කරනවා.

    එහෙමහරි කමක් නෑ මහජනතාවට වැඩක් කෙරෙනවා නම්. :)
    එච්චරයිනේ අපට ඕනේ.

    ReplyDelete
  2. ඔය අස්සෙ අලුත්ම ප්‍රචාරණ ක්‍රමය තමයි දුරකථන ඇමතුම් දෙන එක. ඉස්සර නම් පක්ෂෙක නායකයා වගේ ඉහළ නිලධාරියෙක් ගෑන විතරයි ඇමතුම් ආවෙ. දැන් නම් හැමෝම වගේ කතා කරනවා

    ReplyDelete
  3. මතක හැටියට මොරගොඩතුමා තමා හලෝ එකෙන් ප්‍රචාරක වැඩේ හඳුන්වාදුන්නෙ.

    බුවාකොලුවගෙ අලුත් තීම් එකත් හොඳා.

    ReplyDelete
  4. හි... හි... ඒ වුණාට අපි අහුවෙයි ඕවට! ;-)

    ReplyDelete
  5. හික් පට්ටයි...අපි අහුවෙයි නෙමේ...අපි අහු වෙනවා...
    සංවේදී කම කියන්නේ ඕකයි...සංවේදී නායකයෝ සංවේදි කලාකරුවෝ ඉන්න තැනක දේශපාලුවෙක් පඩයක් ඇරියත් ඒ ගදට අපිත් සංවේදි වෙනවා

    ReplyDelete
  6. @මධුරංග -ඒ හදන සමහර පාරවල් වැස්සෙන් දෙකෙන් හේදිලා යනව (සමහර වෙලාවට ඡ්න්දෙටත් කලින් ) .

    @විසිතුරු - ඒක නම් වාතයක් තමයි , කොහේ හරි ඉඳන් දුවගෙන ඇවිත් පෝන් එක ගත්තාම මොකෙක් හරි ගස් බල්ලෙක් ඡන්දේ ඉල්ලුවාම සුද්ද සිංහල තමයි මතක වෙන්නේ . ඒත් මතක් උනාය කියල ඔවුන්ට බනින්නවත් පුලුවන්යැ

    @පොඩිගමයා - එහෙමද , හැබැයි මේ පාර නම් මොරගොඩ තුමාට හලෝ කෙලියෙන් වැඩක් උනේ නැ නේ ?

    තීම් එක ගැන අදහසට ස්තුතියි

    ReplyDelete
  7. @hare- අපි දැන දැනත් අහුවෙනවනේ බන්

    @රත්ගමයා- ස්තුතියි,ඔව් ඔව් අපි බොහොම හොඳ සංවේදී පොරවල්නේ කොහොමටත් (හැබැයි නමට විතරයි රටේ සිද්ද වෙන දේවල් ගැන ලාදුරු ලප වගේ තමා )

    ReplyDelete
  8. හැබැයි අන්තිමට තිබ්බ මැතිවරණයෙන් තමන් පැරදුන බව ජවිපෙ අවංකවම පිලිගත්තා නිර්මාණශීලී විදියකට.ඔවුන් කියුවා පැරදුනේ අප නොවේ ජනතාවයි කියල.දැන් දැන් සිද්ද වෙන දෙවල් වල හැටියට මට හිතෙන්නේ ඒකතාව හරියට ම හරි කියලා.

    ReplyDelete
  9. @ජයශ්‍රී - ඔව් , එතනත් ඉතින් ජනතාව පැරදුනා කිව්වා මිසක් තමන්ගේ තියන කඩා වැ ටීම පිලිගන්නෙ නැනේ ,

    "දැන් දැන් සිද්ද වෙන දෙවල් වල හැටියට මට හිතෙන්නේ ඒකතාව හරියට ම හරි කියලා."

    මේ කියන්නේ ජයශ්‍රිමද කියලත් සැකයි (මම ප්‍රොෆිල් එක ක්ලික් කරලත් බැලූවා ශුවර් නැති නිසා ) ..හි හි

    ReplyDelete
  10. අන්තිම කතාව නං පට්ටයි...!! කවදාවත් පරදින්නෙ නැති කට්ටියක්නේ...

    ReplyDelete
  11. @ බුවා, හි.. හි... ඇයි දැක්කේ නැත්ද? ජයශ්‍රී මේ දවස් වල තරාදියක් තියාගෙන කිරනවා.

    ReplyDelete
  12. ඡන්දේ ඩිනනකන් විතරක් ඕන බටර් පාරක් ගානවා බං... දින්නට පස්සේ මිනිස්සුන්ව බලු බල්ලෙක්ට ගනන් ගන්නේ නැහැ..අපේ උන්ටත් ලැජ්ජාවක් නැතිව ඊලඟ පාරත් ඌටම කතිරෙ ගහනවනෙ....

    ReplyDelete
  13. මම නම් ජීවිතේටම එක පාරයි ඡන්දේ දැම්මෙ. ආයෙත් නම් දාන්නෙත් නෑ. මට නම් ඡන්ද තිත්තයි...! අප්‍රසන්නයි. අපේ පැත්තෙන් කරන්න තියෙන හොඳම වැඩේ ඡන්ද පොලට ගිහින් කුණුහරුපෙන් බැනලා ලියලා හරි කමක් නෑ ඡන්ද පත්‍රිකාව අවලංගු කරලා දාන එක. නොදා හිටියොත් මුන් ඒකත් ගසා ගයි. හපොයි...! මාතෘකාව ලංකාව... තහනම් වචනය ඡන්ද... වෙන දෙයක් ගැන විචාරයක් ලියපන්කෝ බං... ඉලව්ව !!!

    ReplyDelete
  14. මොරගොඩතුමා ගැන විස්ලේසණයක් වගේ කරන්න මගේ මතකෙ දුරුවලයි. උන්නැහෙට තැනක් නැත්තෙ ජනතාව අතරට නොගිය නිසාය කියල හිතෙනවා. උන්නැහෙ නිකන් "මහත්මා දේසපාලනේ"(ඒක මොකක් උණත්) නේද කොරන්න තනන්නෙ?

    ReplyDelete
  15. @ගයන්ත - ස්තුතියි ..

    @ජයශ්‍රි - ඔය කිව්වාම තමයි දැක්කේ , මගෙනුත් අදහසක් එකතු කරල ඇති

    @අපරාජිතයා - හි.. හි

    @චතුරංග - මම නම් ඡ්න්දේ දානවා , අවස්ථාකූලව කිරල මැනලා . ඡ්න්දය කුරුටු ගාන එකත් එක්තරා ඡ්න්දයක් තමයි

    @පොඩිගමයා- උන්නැහෙගේ නම හොරකම් සහ අයතා ගනුදෙනු සම්බන්ධයෙන් කියවෙන නිසා මහත්මා දේශපාලනේම ඉන්නවද කියන එක ප්‍රශ්නාර්ථයක් . කොහ්ම උනත් හොඳ දේශපාලන දර්ශනයක ඉන්න කෙනෙක් . අලියා පිටේම හිටිය නම් ඔය ඉන්න විදිහටම ඉඳලත් මේ පාර චන්දෙනුත් දියවන්නා යා ගන්න තිබුනා

    ReplyDelete
  16. ඇත්ත මටත් හිතුණ අලිය පිටේම ගියා නම් ගොඩයන්න තිබුණාය කියල. උන්නැහෙ පාට මාරු කලත් එක්ක දේසපාලන පතිරූපෙ වෙනසක් කලේ නෑනෙ. ඒක කොළඹ රටේ උගත් යූඇන්පී ජනතාවට ටාර්ගට් කෙරෙන තේමාවක් වගේ කියන එකයි මට හිතුනෙ.

    ReplyDelete
  17. දැන් දැන් ජන්දය කියන එක Reality TV Show එකක් නෙ..හැබැයි මොනවා උනත් ලන්කාවෙ කරපු හොදම ජන්ද Campaign එක කරේ 2004...රට පෙරට එක [පුද්ගලික අදහසක් :D ]..ජන්ද දැන්වීම් ව්ලට අලුත් ආකර්ශනය්ක් එහෙම දුන්නා මතකනේ..

    මචො මෙ සින්හල පොඩ්ඩක් අවුල්...ලිනක්ස් මැශින් එකකින් කලබලේට කෙටුවෙ..

    ReplyDelete
  18. නැව් ගිල්ලා, ඔස්ට්‍රේලියාවෙ ඇපල් වතු ගත්තා, එංගලන්තෙ මාලිගා ගත්තා, බිලියන - ට්‍රිලියන ගනන් ගැහුවා ආදී චෝදනා එල්ල වෙන්නෙත් මේ කාලවල් වලදි නෙ. සාමාන්‍ය ජනතාවට හිතාගන්නත් බැරි තරම් ලොකු ලොකු වංචා ගැන කතා කරන එක විලාසිතාවක් වෙලා. චන්දෙන් පස්සෙ ඔක්කොම අමතකයි.

    ReplyDelete
  19. @chamma - මට නම් හොඳම එක 2005 ජනාධිපතිවරණය

    @radicaladahas - අන්තිමට ඉතින් කොටි ආවෝ වගෙ තමයි වෙන්නේ

    ReplyDelete
  20. බඩගෝස්තරවාදී දේශපාලනේ .........
    මෙලෝ රහක් නැති දෙයක් තමා .......
    හැබැයි ඉතිං නැතුවත් බැහැ ඇතුවත් බැහැ .......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව