Skip to main content

කරූ පක්ෂ නායකත්වයට , සජිත් ජනපති අපේක්ෂක - එජාපයට හා රටට බලපාන අයුරු

කාලයක් තිස්සේ  අන්තයටම කුජීත වීමත් එක්ක සෝබරව ඉන්න එජාප පාක්ෂිකයින්ට චුට්ටක් විතර සුභ දායක පුවතක අද වාර්තා වෙනවා . මෙච්චර කාලයක් එජාපයේ වැඩ කටයුතු සිද්ද වුන දිහා බැලුවාම යමක් සිදුවෙලා අවසාන වෙනකන් බලාපොරොත්තු තියන්න බැරි උනත් ,කැපුවත් කොල එජාප පාක්ෂිකයින්ට නම් සුභ දායක යමක් ඇහුනත් ප්‍රිති ප්‍රමෝදයට පත්වෙන බ්ව පහුගිය කාලෙ අපි දැක්කා . සිදුවීම එජාපයේ නායකත්වයට කරු ජයසුරිය මහතා පත්කිරීම . එජාපයට සුභ දායකයි  කියල හිතෙන මේ වැඩෙ රටට බලපාන්නේ කොහොමද ????


එජාපයේ වැටීම දරුණුවට බලපාන්නේ පාක්ෂිකයාට උනත් , සාමාන්‍ය ජනතාවට හා රට වැසියාටත් එහි බලපැමක් තියනව . මූලිකම  විපාකය විපක්ෂය ඉතා දුර්වල වුනාම රජය පිස්සු නටන්න පටන් ගන්න එක . අමුතුවෙන් විග්‍රහ නොකලට අපිට ඒ දේ ඇස් පනා පිටම පේනවනේ . ඊලඟ අහිතකර බලපැම තමයි මිනිස්සුන්ට විකල්පයක් නොමැතිවීම හා විකල්ප්යක් නොපෙනීම . රජයක් කොච්චර පිස්සු නැටුවත් අන්තිමේදී යන්නේ ජනතාව ලඟට . ඒ වෙලාවේදී රජයට දැනෙන්න යමක් කරන්න ජනතාවට තියන  ක්‍රමය තමයි විපක්ෂ බලවේග වලට ඡන්දය භාවිතා කිරීම නමුත්  විපක්ෂය දුර්වල තත්වයේ පවතින කොට ජනතාවට විකල්පයක් විදිහට  විපක්ෂය පෙන්නේ නැ . ටික දෙනෙක් එහෙම දැක්කත්  ලංකාවේ පවතින ක්‍රමයත් එක්ක ජනතාව රජය ගැන තරම් වත් පැහැදීමක් විපක්ෂය ගැන නැ . ඉතින් ජනතාව පීස්සු කෙලිමින් ඉන්න රජයකට නැවතත් බලය ලබා  දුන්නාම ඒ රජය  තමන්ගෙ අඩුපාඩු හදාගන්නේ නැ , එහෙම උත්සහයක්වත් දරන්නේ නැ . මේක  ඉතාම අහිතකර තත්වයක් . විපක්ෂය දුර්වල වීමත් එක්ක ලංකාවේ ඇතිවන ඊලඟ තත්වය තමයි ඒකාධිපති පාලකයින් බිහිවීම . විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක තියන බලතල වල දුර්විපාක රාශියකට ජනතාවට මුහුණ දෙන්න ජනතාවට සිද්ද වෙන්නේ තමන්ට හිතුමතේ වැඩ කරගෙන යන්න පුලුවන්ය කියල අදාල බලතල තියන පුද්ගලයින්ට දැනුනාම . ඒහෙම තත්වයක් ඇතිවෙන්නේත් විපක්ෂය දුර්වල වීමත් එක්ක තමයි . ලංකාවේ ජනතාව වර්ථමානයේදී පලමු වෙනි දුර්විපාක 2ම විඳිමින් තුන්වෙනි  එකට ලඟවෙමින් ඉන්න බව පැහැදිලියි . අන්න ඒ නිසා තමයි විපක්ෂය ශක්තිමත් වීම රටේ ජනතාවට වැදගත් වෙන්නේ


රනිල් - සජිත් ගැටුමෙන් සජිත් පාර්ශවය දිනාවිය කියල බොහෝ එජාප පාක්ෂිකයින් බලාපොරොත්තු වුනෙත් තමන්ගෙ පක්ෂය ශක්තිමත් වේය කියන බලාපොරොත්තුවෙන් . පලාත් පාලන මැතිවර්ණයේ කලින් වටයේදී එජාපයේ  ඡන්ද පදනමේ  ප්‍රබෝධයක් දකින්න ලැබුනෙත් ඒ නිසා . හැබැයි ඉතින්   පාක්ෂිකයො බලාපොරොත්තු වුන දෙ ඉටු කරන්න තරම් ශක්‍යතාවක් සජිත් පාර්ශවයට තිබුනේ නැ . ඒ නිසා එජාපය තුල කිසිම වෙනසක් සිද්ද වුනෙත් නැ .  ඒ සිදුවීම්  වලට එජාප පාක්ෂිකයින් කලකීරිමට පත්වුන ස්වාභාවය  තමයි අපි මේ පාර මැතිවරණයේදි දැක්කේ .

බොරු දේශප්‍රේමී කණ්ණාඩි වලින් නොබලන කෙනෙක් නම් රනිල් වික්‍රම සිංහ  මහතා කියන්නේ ඉතාම  හොඳ දැක්මක් ,  අත්දැකීම් සහ ජාත්‍යන්තර සබඳතා තියන පුදගලයෙක් බව  දකිනව ඇති (මම නම් දකින්නෙ එහෙමයි ) . ඒ උනත් ප්‍රායෝගික තලයේ දේශපාලනය තුලදි එතුමා දිගින් දිගටම අසාර්ථකයි .  එජාපයේ වර්ථමාන තත්වයට පූර්ණ වශෙයෙන් වගකිව යුත්තා ඔහු නොවුනත් එහි සැහෙන බරක් ඔහු සතුයි . මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දැක්මට  වෙනස් විකල්පයක් ජනතාවට තෝරගන්න අව්ශ්‍ය නම් ඒ සඳහා තියන හොඳම  දැක්ම  රනිල් මහතාගේ  උනත් ජනතාව ඒකට සූදානම් බවක් පෙන්න නැ . තමන්ගේ මතය හරියාකාරයෙන් ජනතාව අතරට ගෙනියන්න බැරි වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් , පක්ෂ නායකයා අනවශ්‍ය විදිහට හැල්ලු කිරීම සම්බන්ධයෙන් එජාප දේශපාලකයොත් ඊට වගකිව යුතුයි . කොහොම උනත් මේ වන විට තත්වය අනුව නම් එජාපයට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරි ගමනක් යැම ඉතාම අසීරු තත්වයක් තමයි දකින්න තියෙන්නෙ . විකල්ප දේශපාලන දැක්ම කියන කාරණයට ඉදිරියෙන් විපක්ෂය අධික ලෙස දුර්වල වීම තුල සිදුවන අහිතකර බලපැම් සැලකිය යුතුවෙන නිසා එජාපයේ නායකත්වයේ වෙනසකට යායුතුය කියන කාර්ණයට එකඟ වීමට සිදුවෙනවා.

නායකත්වය ලබා ගැනීමට දරපු උත්සහය තමන්ම නෝන්ඩි වීමෙන් අවසාන කරගත්ත සජිත් ප්‍රේමදාස මහතා  වෙනත් යෝජනාවක් එක්ක රටහමුවට ඇවිත් ඉන්නවා . ඒ කරු ජයසුරිය මහතා නායකත්වයට පත් කරන්නත් තමන් ඊලඟ ජනාධිපති අපේක්ෂක තමන් වෙන්නත්බ්(නොනිල වාර්තා අනුව සහ මටත් හිතෙන විදිහට ).
http://www.adaderana.lk/news.php?nid=14318
http://www.adaderana.lk/news.php?mode=head&nid=921
http://www.adaderana.lk/news.php?nid=14307

 රනිල් වික්‍රමසිංහගේ නායකත්වයක් යටතේ ඊලඟ වතාවේ කිසිසේත්ම  ලබාගන්න බැරි ජනාධිපති අපේක්ෂක කමට  තියන  තන්හාවෙන්   ගෙනාපු යෝජනාවක් බව පේන්න තිබුනත් (කරු ජයසූරිය මහතා තනතුරුවලට කැදර පුද්ගලයෙකු නොවන නිසා ජනප්ති අපේක්ෂකම සජිත් මහතාට නිතරගයෙන්ම ලබා දීමට බොහෝ දුරට ඉඩ කඩ පවතී ) මේ වෙලාවේ හැටියට ගත යුත්තක තියන යෝජනාවක් කියල කියන්න පුලුවන් , මොකද  මේ විදිහට  දිගටම කටයුතු සිද්ද වුනොත් ඊලඟ ජනාධිපතිවරණය කියල දෙයක් තියන්න අවශ්‍ය නොවෙන්නත් ඉඩ තියන නිසා .

පක්ෂ මාරු කිරීමේ අමන ක්‍රියාව ඇරුණාම සැහෙන තරම් වැදගත් , අත්දැකීම් බහුල දේශපාලඥ්යෙක් වුනු කරු ජයසුරිය මහතා එජාප නායකත්වයට ඉතාම සුදුසු පුද්ගලයෙක් කියල කියන්න පුලුවන් . ජාතික තලයේ දේශපාලනයට නොමේරූ ලදරුවෙන් වුනු  සජිත් ප්‍රේමදාස මහතාට වඩා  සැහෙන සුදුසු කම් ප්‍රමාණයක් කරු ජයසූරිය මහතා සතුව තියනව . ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාට  ආමන්ත්‍රණය කරන්න බැරි එජාපයේ බිම් මට්ටමේ පාක්ෂිකයින්ට වගේම ලංකාවේ  ග්‍රාමීයව වෙසෙන පාවෙන ඡන්ද වලටත් ආමන්ත්‍රණය කරන්න එතුමාට පුලුවන් . විශේෂයෙන්ම දෙකඩ වෙලා ඉන්න සහ කලකිරිල ඉන්න එජාප දේශපාලන නායකයින් , ප්‍රාදේශීය නායකයින් එකතු පහදු කරගන්නත් ඔහුට පුලුවන් . හරියාකාරව කටයුතු කලොත් එජාපයට වාසි දායක ස්වාභාවයක් තියන මහ නගර සභා ඇතුලත් මැතිවරණයේ බහුතර ආයතන ප්‍රමාණයක් ජයග්‍රනය කරල රජයට දැනෙන යමක් කරන්න වුනත් බැරි කමක් නැ .

මේ ක්‍රියාවලිය නිසා වඩාත්ම වාසි ලබන පුද්ගල සජිත් ප්‍රේමදාස මහත්තය තමයි බොහෝ දුරට . මොකද විකල්ප බලය ගොඩ නැඟීම හරහා රජය පිස්සු කෙලීම අවසන් උනත් මේ යන ක්‍රියා පටිපාටියත් එක්ක ඊලඟ ජනාධිපතිවරණයෙදි ජනතාව අලුත් නායකත්වයක් බලාපොරොත්තු වීමට ඉඩ ඇති නිසා . සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන දැක්ම රටට වැඩ දායකද ? වත්මන් ජනපතිතුමාට විකල්පයක් වෙන්න ඔහුට පුලුවන්ද කියන කාරණා  තවමත් ප්‍රශ්න කාරී තත්වයක තිබුනා උනත් විපක්ෂය මුලුමනින් දියවී යාම නිසා ජනතාවට , රටට වෙන්න පුලුවන් හානිය වැලැක්වීම  ඊට වඩා වැදගත් . ඒ අතරම සජිත්  ප්‍රේම දාස මහතා වෙනුවට කරු ජයසූරිය  වගේ  ජේෂ්ටයෙන් නායකත්වයට පත් වීමත්   හොඳයි . මොකද ජාතික දේශපාලනයේ අත්දැකීම් බහුල පුද්ගල්කයෙක් එක්ක ක්‍රියා කාරීව වැඩ කිරීමේ අවස්ථාවක් ලැබුනට පස්සෙ සජිත් ප්‍රේමදාස මහතා  රටට කියන දේවල් මොනව උනත් අඩුම තරමේ අභ්‍යන්තරයෙන් හරි වෙනස් වෙන්න ඉඩ තියන නිසා

 මේ එජාපයට හොඳ ඇරඹුමක් ගන්න පුලුවන් යෝජනාවක් ඉතා පැහැදිලිවම (සජිත් මහත්තය ජනාධිපති වෙනව නම් එජාප පාක්ෂිකයො ඒකටත් කැමතියිනේ ) , ඒ අතරම රටට හා සාමාන්‍ය න් ජනතාවටත් සැහෙන තරම් සුභ දායක තත්වයක් . හැබැයි පුතෝ ඔය කෝකටත් කලින් රනිල් මහත්තයව අයින් කරගෙන ඉන්න ඕනි . ඒක කරගන්න පුලුවන්ද ????

Comments

  1. එජාපයේ බිදවැටීමට එක හේතුවක් තමයි බුවා කියනවා වගේ පාවෙන් ජන්ද ගන්න බැරි එක.කැපුවත් කොළ අය / කැපුවත් නිල් අය ආයි ඉතීන් ලෝකේ අනිත් පැත්තට පෙරලුනත් වෙනස් වෙන්නේ නැහැ..එජපායට පාවෙන් ජන්ද මිස් වෙන එක ගොඩක් දැනෙන්න ඇත්තේ 2005 දී වෙන්න ඕනෑ..ප්‍රජාතන්ත්‍රවාදය තහවරු වෙන්න නම් හොද ප්‍රභල විපක්ෂයක් තියෙන්නම ඕනෑම.කරූ නායකයා වීමෙන් වත් ප්‍රභල විපක්ෂයක් කියන ඩේ ඇති උනොත් හොදයි..

    බුවා අන්තීමට අහපු ප්‍රශ්නෙට නම් පිළිතුරක් නැත..හිකිස්‌..

    ReplyDelete
  2. බුවා ඔබ හීන දකින්න කැමති කෙනෙක්ද?
    එජාපයේ පදනම ලොකු කොම්පැනි කාරයන්යය, බටහිරය, පංතියට අයත් බව, වුර්තීය අයිතිවාසිකම් වලට එරෙහි කම, එය රකින්න රනිල්ට වැඩියේ සුදුස්සෙක් කොහිද, රනිල්/කරූ පෙන්වන ලිබරල් ගතිය මහින්ද ඒ අයට වඩා හොඳටම කරගෙන යනවා. සජිත්ට තව කල් ඉන්න වෙනවා.
    හැබැයි මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් නෑ කියලත් පිලිගන්නවා

    ReplyDelete
  3. @දයාල් බතී - හීනයක් නම් තමයි......බලමුකො . මහින්දගෙ තියෙන්නෙ ලිබරල් භාගයයි . රනිල්වගෙ සම්පූර්ණ ලිබරල් වාදියෙක් නෙවෙයි . සජිත් නම් තව කල් ඉන්න එක හොඳයි . නමුත් ලිබරල් වාදියෙක් උනත් එහෙම නොවේය කියල එජාපයට ඡන්දෙ දෙන පහලම පන්තියේ මිනිස්සුන්ට ඒත්තු ගැන වීමේ හැකියාව කරූට තියනව

    @Chamma ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  4. ඔබ තේරුමක් ඇතුව යමක් කියන කෙනෙක්, ඒක ඇත්ත, සම්පූර්න ලිබරල් අය මං හිතන්නේ දූශනයට විරුද්දයි, නීතියට ගරු කරනවා, කවුරු කලත් වැරැද්ද වැරදියි, රෙද්ද අස්සෙ මහත්තුරු නොවෙයි, නියම මහත්තුරු! කිව් දේ කරනව, කල දේ කියනව.
    අපි ඔක්කොම බලන් ඉන්නේ ඒ වගේ කාලයක් එනකන්!

    ReplyDelete
  5. @Dhayal - ඒ ලක්ෂණ සැහෙන දුරකට තියන මනුස්සයෙක්ය කියලයි මම නම් කරූව දකින්නේ .. . රනිල් දූෂණ වලට සම්බන්ධ නැති උනත් තමන්ගේ යටතේ සිද්ද වුනේ දූෂණ ක්‍රියා වලක්වන්න සමත් වුනේත් නැහැ . ( ඒක සහ තවත් කාරණා දෙක තුනක් ඇරුණාම නම් හොඳ ලිබරල් වාදියෙක්ය කියන්න පුලුවන් ) .

    කොහොම උනත් තව අවුරුදු ගාණකට අපි බලාපොරොත්තුවෙන විදිහේ නායකත්වයක් නම් රටේ පාලනයට එන පාටක් නැ . අඩු තරමින් ආසන්න කෙනෙක්වත්. මොකද කරු එජාපයේ නායකය උනත් ජනාධිපති කමට ඉල්ලන්නේ සජිත් මහත්තය නිසා දැනට පේන විදිහට නම්

    සජිත් <= මහින්ද තමයි

    ReplyDelete
  6. මම හිතනවා බුවා කිව් විදිය හරි. මොකද මමත් මහින්ද දකින්නේ ලිබරල් ඇදුම ඇදගත්ත කෙනෙක් ලෙස විතරයි. ඒක ගලෝල විසි කරන්න ඕනෙ වෙලාවක ලෑස්තියි. හැබැයි රනිල් එහෙම නෙමේ. මම හිතනවා රනිල් තමයි විපක්ෂයට ඉන්න එකම නායකය. ඒ නායකය විනාශ කලේ ඔබ නිවැරදිව කිව් ලෙස පක්ෂයේම නායකයින් වෙන්න ඉන්න අය. තව කෙනෙක් ඉන්නවා එයාට දිට්ට ධම්ම වේදනීය කම්ම ඵල දීල. ඒ තමයි මංගල. රනිල්ව විකටයෙක් කලේ ද්‍රෝහියෙක් කලේ මංගල. හැබැයි සජිත් ගැනනම් කථා කරලා වැඩක් නැහැ. කාලේ නාස්තියක් විතරයි.

    මේඔක්කොටම කලින් මහින්දව පරද්දන්න ඔනේ??????

    ReplyDelete
  7. @වෙද ගෙදර මහ වෙදනා - ස්තුතියි ප්‍රතිචාරයට ... ඔය අදහස් වලට මාත් එකඟයි . මහින්දව පරද්දනවාය කියන එක ලේසි වැඩක් නෙවෙයි . ඊට කලින් එජාපය අඩුම තරමේ එජාප පාක්ෂිකයින්ගෙවත් විශ්වාසය දිනාගෙන ඉන්න ඕනි . රනිල් ට දැන් නම් ඒ හැකියාව නැ , අන්න එතනට යි කරු ජයසූරියවත් අවශ්‍ය වෙන්නේ . මංගලට නම් ගැලපෙනම නම අවමංගල තමයි

    ReplyDelete
  8. මේ හැම කතාවක් ම සිද්ධවෙන්නේ රනිල් මහතා රටේ නැති අතරේ නේද?එයා ආවහම ආයෙක් මොකක් හරි ගැටයක් ගහල තමන්ගේ තැන රැක ගනී කියල තමයි හිතෙන්නේ.
    ඊලග ජනපතිවරණය ගැන මගේ අදහස නම් මේකයි.අනුන්ගේ ලනු කාල හදිස්සි නොවී පසුගිය ජනපතිවරණයට නො ඉල්ලා ඉවසලා හිටියනම් මීලග ජනාපතිවරණය දිනන්න සරත් ෆොන්සේකා මහතාට හොදටම අවස්ථාව තිබ්බා.

    ReplyDelete
  9. අනේ දැන් ජෙප්පොයි යූඇන්පී කාරයොයි ස්ටේජ් නැගලා පැයක් දෙකක් මොර දෙනවට වඩා සරත් ෆොන්සේකා නඩුවකට ගිහින් එද්දි තත්පර තිහකදි කියන වචන ගැන මිනිස්සු කතා වෙනවා..
    ඒ මනුස්සයට දැන් ගොඩක් උන් ආදරෙයි...හිරේ දැම්ම එක ජෙනරාල්ව නියම දේශපාලකයෙක් කරන්න සෑහෙන්න බලපෑවා

    ReplyDelete
  10. මේ පාරත් වෙන කෙනෙකුව ජනාදිපති අපේක්ශකය කරන්න රනිල් උඩින් කැමති වෙයි!
    හැබැයි එකක් ඉර හඳ සේ පැහැදිලියි, දිනන පාරට තව අවුරුදු 10 කින් වෙන්න පුලුවන් නමුත් ඒ දිනන ජනාධිපති රනිල්.

    තව එකක් තියෙනව;

    උතුරු නැගෙනගිර ඡන්ද ටික නැවතත් මර්කට් එකේ!

    ඒ ටික ඊලඟ වර යු එන් පියට! ඒව රනිල්ගෙ ඡන්ද, ඒ අනුව මීලඟ unp නායකයා.....

    ඒ වෙලාවට තමයි ප්‍රභා හිටිය නම් කියල තේරෙන්නෙ!

    එතකොට ඒ පැත්තෙ චන්දෙ cancel කරන්න තිබුන.

    ReplyDelete
  11. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දුර්වලකම තමයි එතුමා ලංකාවේ ඡන්දදායකයාගැනත් හිතන්නේ ඇමරිකාවේ නැත්නම් එංගලන්ත ඡන්දදායකයාගේ මට්ටමෙන්. නමුත් ලංකාවේ ඡන්දදායකයා පරිනතබ‍ව ලබපු කෙනෙක් නෙමෙයි ඡන්දේ ඉල්ලන පක්‍ෂය හෝ අපේක්‍ෂකයාගැන බුද්ධිමත්ව හිතන්න තරම්. ඉතින් අඩුම තර‍මේ බලය ලබා ගෙන ස්ථාවර තත්වයට එනකම්වත් තාවකාලිකවවත් ලංකාවේ ඡන්දදායකයාගේ ඇතුලාන්තය සියුම්ව ග්‍රහණය කරගන්නා තාක් කල් සූක්‍ෂම වැඩ කලොත් පමණයි නැවත එජාපෙට දිනන්න හා බලය රැකගන්න පුළුවන් කියලා පෙනෙන්නේ...

    ReplyDelete
  12. කරූ..........
    ලොක්ක ආවම...
    පෙනෙයි...
    තරූ...

    ReplyDelete
  13. @ජයශ්‍රී - පිස්සුද එහෙම හිටිය නම් අපේ මිනිස්සුන්ට ෆොන්සේකෙක් ගැන මතකයක් වත් නැ

    @රත්ගමයා - ජෙනරාල් පොරක් උනේ හිරේ ගියාට පස්සෙ තමා ... මල්ලි ජෙනරාල් තුමාට ගොඩක් ආදරෙයි වගේ

    @දයාල් බතී - මටත් හිතෙනවා ඔබ කියන දේ වෙයි කියල , රනිල් ලොක්කා ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයිනේ , බොහොම ස්තුතියි හරවත් ප්‍රතිඔචාර මාලාවටම

    @දිනේෂ් - එකඟයි සහෝ

    @මාතලන් -කාටද අපිටද ? මහින්ද බොසාටද? සජිත් අය්යටද ?

    ReplyDelete
  14. සජිත් ජනාධිපති වෙනවට පාක්ෂිකයෝ කැමති වෙන්න පුළුවන්. ඒත් සජිත් ගේ තියෙන සුදුසුකම මොකක්ද ඒ තනතුරට, රනිල් වගේ ජාත්‍යන්තර අත්දැකීම් තියෙනවද, නැත්නම් මහින්ද වගේ දේශපාලන කපටිකමත් ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවද එහෙමත් නැත්නම් චන්ද්‍රිකා වගේ නිර්භිතකම තියෙනවද? මම නම් හිතන්නේ සජිත් කියන්නේ නිකම්ම නිකං චරිතයක්. හම්බන්තොට පැත්තේ කීප දෙනෙකුට මැෂින් බෙදලා දීමෙනුත්, යටි ගිරියෙන් මෙලෝ රහක් නැති දේවල් කියවන එකෙන්වත් කොහොමද ජනාධිපති කමට සුදුසු වෙන්නේ?

    ReplyDelete
  15. සජිත් ගැන ඔබතුමාගේ ස්ථාවරේ තමයි මමත් ඉන්නේ රනිල් දේශපාලන අත්දැකීම් හා බුද්ධිය අතින් සැහෙන ඉදිරියෙන් ඉන්නේ , නමුත් ලංකාවේ මිනිස්සු දිගින් දිගටම රනිල්ව ප්‍රතික්ෂේප කරනවා නම් මොකො කරන්නේ . ඉස්සරහටත් එජාපය තවත් පහලට වැටුණොත් ලංකාව ඒක පාක්ෂික රාජ්‍යක් වෙන එක වලක්වන්න බැ . ඒ නිසා තමයි මොකක් හරි විකල්පයක් ඕනි වෙන්නේ , මම ලිපියේත් ඒ ගැන කියල තියනව . රනිල් වෙනුවට ඉන්න සුදුස්සා කරු තමයි , නමුත් සජිත් කරූට ජනාධිපතිකමට නම් ඉල්ලන්න ලේසියෙන් දෙන එකක් නැ . කරු රනිල් වගේ බදාගෙන ඉන්නේත් නැති නිසා සජිත් ජනප්ති අපේක්ෂක කම ගනියි .රනිල් දිගටම ඉඳන් එජාපයට ගොඩ ඒමක් තියනව නම් හොඳයි . ඒත් එහෙම වෙන පාටක් නැ

    ReplyDelete
  16. රනිල්ට කොන්ද නෑ කිය කිය රනිල් නැති වෙලාවේ වත් තමන් ඉදිරිපත් වෙලා නායක කම ගන්න බැරුව ඒකටත් වෙන කෙනෙක් ව දාන සජිත්ට කොන්දක් තියනවද කියන එකත් ප්‍රශ්නයක්. මම නම් කියන්නේ සජිත් එලවල දැම්මත් කමක් නෑ. මොකද මේ යකාට දැක්මක් නෑ.

    මම කියන්නෙ නෑ රනිල් දිගටම ඉන්න ඕනේ කියල නමුත් රනිල් වෙනුවට දාන්නේ දේශපාලනික වශයෙන් නපුංසකයෙක් වෙන සජිත් නම්. ඊට වඩා රනිල් මැරෙනකම් හිටියත් කමක් නෑ. අනික් එක කරූ දාලත් තේරුමක් නැතිබව හොදටම තේරෙනවනේ. මොකෝ සජියා කරූව මුට්ටිය විදියට පාවිච්චි කරන්නේ.

    ReplyDelete
  17. සජිත්ගේ මුට්ටිය හැටියට උනත් කරු එන එකෙන් මේ තියන තත්වයට වඩා යමක් වෙයි කියල මට හිතෙනව

    ReplyDelete
  18. මට නම් එජාපය හා රනිල් මතක - හමුදාව‍ට පමණක් - "සටන් විරාම" ගිවිසුම අත්සන් කළ රාජ්‍ය නායකයා හා ඔහුගේ පක්‍ෂය ලෙස පමණි. ඒ හරහා නෝවේට, ජපානයට, ඇමරිකාවට මෙහාට හොම්බ දාන්‍ට නිල අවසර ලබා දුන් පුද්ගලයා ලෙස පමණි. ඒ මතකය අහෝසි කරන්න පුළුවන් හොඳ වැඩක් ඊ‍ට පස්සෙ කෙරිල නෑ නොව.

    ReplyDelete
  19. @budhajeewa -සටන් විරාමය ගැන ඔබ ඉන්න මතය ගැන කණ්ගාටුයි හැබැයි පුදුම වෙන්නේ නැ... මොකද යුඑන්පියේ නායක මට්ටමේ ඉන්න උන්ටවත් සටන් විරාමය ගැන තියෙන්නෙ ඔය මතයමයි

    මට නම් සටන් විරාමය ගැන තියෙන්නෙ අසුභ වාදී මතයක් නෙවෙයි , දැන් වැදගත් කමක් නැති දෙයක් නිසා ඒ ගැන අදහස් පල කරන්නෙ නැ

    මේ කාරනේට ආවොත් .... බුධා කියන්නේ එජාපය සහ මුලින්ම වැරදි තැනක සිටිය නිසා (අවස්න් එජාප රජයේදී ) , එජාපය සම්පූර්ණයෙන්ම නැතිවෙලා රටට විපක්ෂයකුත් නැති උනාට කමක් නැ කියලද ? විපක්ෂයක අවශ්‍යතාවක් නැති තරමට අපේ රටේ ආණ්ඩුව හොඳින් වැඩ කරගෙන යනවද

    ReplyDelete
  20. @buwa: මම දරන මතයට එරෙහි මතයක්, තමන් ගත්තු තීරණේ ගත්තෙ මේ නිසා කියල පැහැදිළි කිරීමක් එජා‍පයෙන් ඉදිරිපත් වෙලා නැති නිසා මට ඒ මතේම රැඳී ඉන්න වෙනවා. තමන්ගෙ ක්‍රියාවක් ගැන මිනිස්සු වැරදි විදියට හිතනවනං ඒක තමන්ට අවාසියක් බව ඔවුන් තේරුං අරං මිනිස්සු දැනුවත් කරන්න වැඩ කරන්නෙ නැත්නම් ඒක ඒ පක්‍ෂයේ දුර්වල කම.

    [quote]
    මේ කාරනේට ආවොත් .... බුධා කියන්නේ එජාපය සහ මුලින්ම වැරදි තැනක සිටිය නිසා (අවස්න් එජාප රජයේදී ) , එජාපය සම්පූර්ණයෙන්ම නැතිවෙලා රටට විපක්ෂයකුත් නැති උනාට කමක් නැ කියලද ?
    [/quote]

    හෆොයි නැහැ. මටත් උවමනාවක් තියනවා මේ රටේ ශක්තිමත් විපක්‍ෂයක් ඇති වෙනවා දකින්න. නමුත් එය සඳහා සුදුසු පක්‍ෂයක් මේ රටේ නම් නෑ. බලමු ඔය කරනවයි කියපු වෙනස් කම් හරහා එජාපෙ ඒ තත්වෙට ගේන්න පුළුවං වෙයිද කියලා.

    මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නෙ ගැළපෙන නායකත්වයට නොවේ. එහෙම එකක් කවදාවත් මෙහේ තිබුනද කියල මම දන්නෙ නෑ. මිනිස්සු කලේ හුදෙක් අවම හානිය කරාවි කියල හිතෙන අයට බලේ දීම.

    ReplyDelete
  21. ගැලපෙන අය අපේ රටේ නැ කියන එකට මාත් සම්පූර්ණයෙන්ම එකඟයි ,අවම හානිය සහිත විපක්ෂය විදිහට හරි ඉන්නේ එජාපය තමයි (ජෙප්පන්ට වඩා හානිය අවම කියලවත් ). මාත් කරන්නේ බලා ඉන්න එකන් තමයි. වෙනද වගේම මොකුත් නොවී තියෙන්නත් ඉඩ තියෙයි

    ReplyDelete
  22. මෙ ප්‍රශ්නෙ දි, නායකයොත් 1යි, විචාරකයිත් 1යි....
    මේක හොඳට කැටගරි කරල බලමු.
    මගේ අදහස:-
    සජිත්: දේශපාලනිකව නම් ගොන් තඩියා, හබැයි පෙනී සිටීමට නො1යි(මහින්ද සේම)
    කරූ: පතෝල වගේ මොකටවත් හොඳත් නැ, නරකත් නෑ
    රනිල්: නායකයෙක් නම් වෙන්නම බෑ, හබැයි පක්ශෙ දේශපලනය නම් රනිල්ම තමයි.
    රනිල්ට නායකකම දීල, කරු නියෝජ්ය නායකයා කරල. සජිත්ට ඊලඟ ජනාධිපති අපේක්ෂක කම දුන්න නම්...
    මම හිතන්නෙ හම පාර්ශවයක්ම සතුටුත් වෙයි. ගැටලුවත් විසඳෙයි???

    ReplyDelete
  23. මේ ප්‍රශ්නෙදි නායකයොත් 1යි, විචරකයොත් 1යි. කාටවත් තවම බැරි උන හරියන ඩෙයක් කියන්න.
    මගේ අදහස:-
    සජිත්: දේශපලනිකව නම් ගොන් තඩිය. හැබයි නායකයෙක් කියල පෙනී සිටීමට නම් මහින්දට සමානයි.
    කරූ: පතොල වගේ, හොඳත් නෑ, නරකත් නෑ.
    රනිල්: ස්ටේජ් 1 ට නැගල වචන 10ක් කිව්වොත් ඉවරයි, හබැයි යූඑන්පී දෙශපලනය නම් දැනට ඉන්නෙ එච්චරයි...

    ඉතින්,
    1. මීලඟ ජනධිපති අපෙක්ෂකයා සජිත්,
    2. පක්ෂෙ නායකයා රනිල්,
    3. නියෝජ්්ය නායකයා කරූ

    මම හිතන්නෙ හැම පාර්ශවයක්ම සතුටුත් වෙයි. ගැටලුවත් විසඳෙයි???

    ReplyDelete
  24. @anjana - ජනාධිපත් අපේක්ෂක කම සජිත්ට දීල අත පිහිද ගන්න කැමති නම් , රනිල් මහත්තයා නායකකම උනත් මෙලහට දීලා . පොතේ හැටියට ඊලඟ වතාවෙදි ආණ්ඩුව මාරුවෙන බව රනිල් මහත්තය දන්නව(සන්ධාන රජය ඇත්තම ආශ්චර්යක් නොකලොත් ). ඒ නිසයි නායකකම නොදී ඉන්නේ . ප්‍රශ්නේ තියෙන්නේ වර්ථමාන තත්වයත් එක්ක ඊලඟ ඡන්දය වෙනකන් යුඇන්පියට සාමාන්‍ය මට්ටමෙන් වත් රැකිල ඉන්න පුලුවන්ද කියන එක

    ReplyDelete
  25. මහාරාජා ඔර්ගනයිශේෂන් ආයතනය විසින් පවත්වාගෙන යන "සිරස" නාලිකාව තමන්ට දිගින් දිගටම පහරදෙන්නේ පෞද්ගලික හේතුවක් නිසා බව එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියි. පසුගිය මහ මැතිවරණයේදී තම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූර 2 ක් සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු වන රාජ් රාජාමහේන්ද්‍රන් මහතා විසින් ඉල්ලා සිටි බවත්, එය නුදුන් නිසා තමාට සහ පක්‍ෂයට එරෙහිව පහර ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කල බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    කොළඹ දී අද පැවති එම පක්‍ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එ.ජා.ප. නායකවරයා එසේ පැවසිය. එක්සත් ජාතික පක්‍ෂය යනු ජනතාවට අයත් පක්‍ෂයක් බවත්, එය කිසිවෙකුටත් මිලදී ගත නොහැකි බවත් විපක්‍ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

    ReplyDelete
  26. අහක ඉන්න මහරාජල රෙද්ද අස්සෙ දාගෙන කනෝ කියල කැගහනව කියන්නෙ ඕකට තමයි

    ReplyDelete
  27. UNP eka adin iwarai...!!!

    ReplyDelete
  28. මටත් කියන්න තියෙන්නේ දිනේශ් දීපාල් සහෝදරයා කියපු ටිකම තමයි.. හැබැයි ඉතින් ලංකාවේ ජන්ද දායකයෝ කවද පරිනත බව ලබයිද කියන එක නම් සැකයි :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව