Skip to main content

සුදු කොඩි තීන්දුවේ සමාජිය බලපැම

බොහෝ දෙනා අවධානයෙන් බලාසිටි දිනයක් අවසන් වෙමින් පවති . දිනයේ වැදගත් කමට හේතුවු තීන්දුවද ප්‍රකාශයට පත්වී අවසන්ය . එය ඊට වඩා වෙනසක් වේයැයි කවුරුත් බලාපොරොත්තු නොවූ මුත් සියලු දෙනා ඒ ගැන කථා කරති , ඉදිරි දින කිහිපයෙත් කථා කරනු ඇති . නමුත් බොහෝ දෙනෙකුට ටික  දිනකින් සියල්ල අමතක වනු ඇත . සමහරෙක් අධිවේගී මාර්ගයේ අසිරියෙන් කුල්මත් වනු ඇත , තවත් අයෙක් සුපුරුදු ජීවන තරඟයේ සිරවනු ඇත . තවත් සමහරුන් නිහඬව සුසුම් ලමින් ශ්‍රි ලංකාවෙන් පිටවී යැමේ මාර්ගයක්  ගැන සිහින දකිමින් තම සුපුරුදු රිද්මයට එකතු වනු ඇත . නමුත් අදාල සිදුවීමෙන් ශ්‍රි ලාංකීය සමාජයට , ඉහත කී සියලුම වර්ගයේ ජනයාට  සිදුවන බලපැමේ ප්‍රභලත්වය නිසා ඒ පිලිබඳ කතිකාවක් ඇති කිරීම  අවශ්‍යය .මේ ඒ  උදේසා ආරම්භයක් ලෙස සටහන් කරන ඉතාමත් කෙටි සටහනකි

පෙර කී පරිද්දෙන්ම  අදාල තීන්දුව බලාපොරොත්තු නොවූ පුදුම සහගත එකක් නොවේ . දිනය නියම වූ දා පටන් ඒ ගැන කථා බස් කල සියලු දෙනා බලාපොරොත්තු තීන්දුව වූයේ මෙයයි , එනම් ශ්‍රි ලංකාවේ වර්ථමානයේ පවත්නා තත්වය තුල නීතිය  පිලිබඳ වූ විශ්වාසයක් ජනතාව තුල ඇත්තේ නැත . ඒ සඳහා අතිශයින් සාධාරන හෙතුන් රාශියක් ජනතාව  අත්විඳ ඇත . ෆොන්සේකා මහතා වරද කරුවා යැයි විශ්වාස නොකරන්නන් පවා දේශපාලනික හේතුන් මත අධිකරණයේ තීරණ රඳාපවතින්නේ යැයි අනාවැකි පලකරන්නේ අධිකරණ ක්‍රියාදාමයන් පිලිබඳ ඔවුනගේ විශ්වාසය බිඳ වැටී ඇති  නිසා වෙනි .

රටේ ඕනැම පුද්ගලයෙකුට සිදුවන අසාධාරනයක් වෙනුවෙන් ඇති අවසන් පිහිට වූ අධිකරනය පිලිබඳ  විශ්වාසය බිඳ වැටුනු තැන  ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රාමුවට සිදුවන හානිය ඉමහත්ය , ජනතාව විසින් නීතිය අතට ගන්නෙත් , ඒ හරහා ශිෂ්ට සමාජයට නොගැලපෙන ක්‍රියාවන් සමුදායක් සිදුවන්නෙත් ඒ තුලය .නමුත්  යතාර්තය ඊටත් බරපතලය . ජනතාව විසින් ඇති කරගන්නා සැකයන් තහවුරු  කරනා තැනට අධිකරනය පත්වී ඇත .


විනිසුරුවරුන් තුල අනිවාර්යයෙන් තිබිය යුතු පක්ශග්‍රාහී නොවීමේ ගුනයන්   ඇතැම් විනිසුරු වරුන් විසින් ප්‍රසිද්ධියේ කඩ කරමින්  එක් පාර්ශවයකට හිතවත් කම් දැක්වීම් මෙන්ම ඉරුණු සටහන් පොත් , හා සංස්කරනය කල විඩියෝ වැනි සාක්ෂි  වලට වලංගු භාවයන් ලබා දීමත්  ඇතුලු  අධිකරනය පිලිබඳ ජනතාවගේ සැකයන් තහවුරු වන ක්‍රියා මාර්ගයන් මේ සිදුවීම තුල ඇත . ජනතාව නීතිය පිලිබඳ විශ්වාසය අත්හරිත්දී , අධිකරනය එය සනාථ කරමින් සිටින්නේ නම් රට යන්නෙ ආශ්චර්යකට නොව ඒකාධිපතිවාදයකට බැව් පැහැදිලිය .  සරත් ෆොන්සේකා යන පුද්ගල චරිතය අමතක කලත් මේ  සිදුවීම තුලින් ලබාදෙන රතුඑලිය පිලිබඳ ජනතාව විසින් අවධානය යොමුකල යුතු බැව්  මෙසේ සටහන් කර තබන්නට කැමත්තෙමි !

  ඉහත විස්තර කල සමාජීය කාරණාව පසුපස ඇති දේශපාලනය බොහෝ දෙනෙකුට පැහැදිලිය (රෙදි නැතිව කඩේ යන්නන්ට හැර ) , ඒ ගැන දුකා සහ සබිත් ගෙ ලිපි සමඟින් එකතු වෙන්නේ ෆොන්සේකා මහතාගේ දේශපාලනය අනුමත කරනා නිසා නොව ඔහුට දේශපාලන මතයක් දැරීමේ අයිතියට ගරු කරන නිසාය . මේ සිදුවීමෙන් ලාංකීය දේශපාලනය තුල  සිදුවන්නේ මොනවාදැයි අවධානයෙන් බලා සිටීම ඒ පිලිබඳ උනන්දුවක් දක්වනා අයට වැදගත් වනු ඇත

ප.ලි -

 1) නිරුවතින් කඩේ යන්නන් මේ සිදුවීම තුල  මහජනයා වශයෙන් තමාට ඇති බලපැම දකින්නෙ නැත , ඔවුනට නිතියෙ දෙව් දුව දැස් බැඳි රෙදිකඩ පමනක් නොව ඇඳිවතද උනා දැම්මාට ඔවුන්ට කමක් නැත , දේශප්‍රේමී වෙබ් අඩවි වල (ලියාපදිංචි කල වෙබ් අඩවි ) මෙවන් පුද්ගලයින්ගේ කමෙන්ට් ඇති තරම් දක්නට ඇත 


2)අධිකරණයෙන් දුන් උපන් දින තැග්ග හෝ අවුරුද්දක් දිග මෙගා දන්සැල් අනුමත  නොකරත් ජනපති තුමට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කිරීමට කැමතිය

Comments

  1. මහ දවල් මිනීමැරුමට චෝදිත දුමින්ද සිල්වා රට ගොස් ඇත...
    බොරු සාක්ෂි දුන් කෙනෙක් වූ ෆෙඩ්රිකා රට යැවී ඇත..
    ඔප්පු නොකල වරදකට කෙනෙක් සිරගත වී ඇත..
    කුමරන් පද්මනාදන් ඔප්පු කල වරදවල් සහිතවම එලියේ ඇත...
    මා සිතන්නේ නීතියේ යුවතිය දැන් සුරතාන්තයට ලඟා වි ඇත...
    සියලු ආන්ඩු හිතවාදීන් එකතුවව්...යුක්තිය ඉදිරියේ වස්ත්‍ර උණා දමන්නට සැරසෙව්...

    ReplyDelete
  2. අනුමත කරමි.
    ගරු අධිකරනයට ගල් ගැසීම සහ උගත් නීතිඥ මහතුන් ටීන්දුවට අධිකරන භූමියේදීම විරෝධය දැක් වීමම මහා අනාගත ව්‍යසනයක පෙර නිමිති ගෙනෙනවා නේද?

    ReplyDelete
  3. වෙද මහත්තයා කීවා වගේම මේක මහා වියසනයක පෙරලකුනු,ප්‍රජාත්‍රන්තවාදය නොමෑති තෑන ඇත්තේ එකාදිපති වාදයයි,යුද්දය නිමවු අලුත මම වර ලිපියක දෑපු දෙයක් මතක් වෙනවා,ජනදිපති තුමා එම අවස්තාවේ සිටි ජනතාප්‍රසාදය්ත් එක්ක ඔහුට නෙල්සන් මෑන්ඩෙලා හෝ ඉඩි-අමීන් කෙනෙක් විය හෑකි බව එය රදාපවතින්නේ ඔහු ඉදිරියේදි ගන්නා ක්‍රියාමර්ගත් සමග බව.නමුත් දෑන් පවතින තත්වය දිහා බෑලුවාම නම් ඔහු යන අත අපි කාටත් පෑහෑදිලි කියලා මටනම් හිතෙන්නේ.
    තව කාරනාවක් තියන්වා කෙදිනක හෝ සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් වන්නේ මුහුකුරා ගිය දෙශපාලන දෑනුමක් සමග අති විශාල ජනතා ප්‍රසාදයක් සමග,ඔහු තවත් නෙල්සන් මෑන්ඩෙලා කෙනෙක් වීමට ඇති ඉඩ වෑඩි කියලා මට නම් හිතෙන්නේ

    ReplyDelete
  4. අද රටම ජනාධිපතිවරයගේ උපන්දිනේ ජයටම සමරලා කේක් කනවා. රටට මෙහෙම නිදහසක් ගෙනත් දීපු හමුදා රණවිරුවා හිරබත් කනවා !!!!

    මරු නේද ?

    ReplyDelete
  5. කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්....

    ReplyDelete
  6. what goes around...comes around...
    එය සදාම්ලා,හොස්නිමුබාරක්ලා,සදාම් හුසේන්ලා,මුවම්මර් ගඩාපිලා දෑස් පනාපිට ඔප්පුකර පෙන්වා හමාර නිසා ගින්දර එක්ක සෙල්ලම් කරන උදවිය පරිස්සම් වීම යෙහෙකිය..මන්ද තැලෙන පීඩිත ජනයා නැගී සිටීමට බොහෝ කල් ගනු ඇත..නමුත් නැගිටිනදාට නැගිටින්නේ සිතාගත නොහැකි ලෙසට බවයාදාල පුද්ගලයින් මතක තබාගත යුතුය..
    ස්තුතියි බුවා ලිපිය ගැන සඳහන් කලාට!

    ReplyDelete
  7. ජනරාල් කිසි ලෙසකවත් දේශපාලනයට සුදුසු පුද්ගලයකු නොවේ. නමුත් මේ රට අවුරුදු 30ක් විඳි කාළකන්නි යුද්ධය දිනා දුන් තිදෙනාගෙන් කෙනෙකි. මෙමගින් අප තවමත් ගෝත්‍රික සමාජයක් බව ලොවට හඬගා කීවෙමු.

    ReplyDelete
  8. ප්‍රජාතාන්ත්‍රික රටක ඇප මුදල දැරීමට හැකි සහ නීතියෙන් වරදකාරියෙක් නොවූ ආදී කොන්දේසි වලින් යටත්ව ඕනෑම අයෙක්ට ජනාධිපති අපේක්ෂයෙක් විය හැකි නමුත් එසේ ජනාධිපති අපේක්ෂකයෙක් වී පවතින රජයට අභීයෝගයක් එල්ල පමනින් ඔහු වැරදිකාරයෙක් කර දඬුවම් ලබා දෙන්න පවතින පාලනය කැසකවන්නේ නම් ඒ රටේ ඇති "ප්‍රජාතාන්ත්‍රවාදයේ" තරම ඕනෑම අයෙක්ට සිතා ගත හැකිය.

    එසේ තිබියදී විරුද්ධ පක්ෂයේ ලනු කෑම නිසා සහ සුද්දාට රට පාවා දෙන්න කුමන්ත්‍රණය කල නිසා ආදී ලෙස ජෝක් ටෝක්ක් දමන්නවුන් තමන්ගේ අමනකම සහ දීන පක්ෂක්ග්‍රාහී බව වසන් කොට මගේ ලිපියේ කිව් ලෙස "ශිෂ්නය හංගා වෘෂනකෝෂ වලින් සංසර්ගයේ" යෙදෙන්නෝ මිස වෙන කවුරුන්ද?

    එදා එජාප ආන්ඩුවේ මාධ්‍යකරුවන්, විරුද්ධ පාක්ෂිකයින් ඝාතනය කරමින්, මර්ධනය කරමින්; ඉඩම් අක්කරේ රුපියල් සීයට පාක්ෂිකයින්ට බෙදමින් කල දූෂිත දාහත් වසරක් සාපය නිමා කරන්න චන්දය දුන් දූෂණයට භීෂනයට එරෙහි වූවෝ අද දූෂණය භීෂණය සාධාරණීය කරන්න කෑ ගැසීම දෛවයේ සරදමක්ද?

    දූෂණයෙන් භීෂණයෙන් සපිරි දාහත්වසරක් රටකල වුන් ම අදත් පාට පක්ෂ මාරු කරගෙන විත් සුපුරුදු දූෂණය භීෂණය තවදුරටත් ඉදිරියට කරගෙන යෑම පාරාදීසයක් වන් සුන්දර ශ්‍රී ලාංකාවේ වෙසෙන බහුතර සාමකාමී මිනිසුන් වෙනුවෙන් දෛවය කල සාපයක්ද?

    ReplyDelete
  9. "මම ඕකව එල්ලනව" යැයි තම හිටපු හමුදාපතිවරයා ගැන බීබීසියට කියු කතාව අන්න සුද්දෝ පට්ට ගසති! මෙය ගැටඹේට කම්බිගසා ජවිපෙ තහනම් කර එදා මුත්තා ගිය පාර යලි ඇරීමෙ එක පියවරක් පමණි.

    ReplyDelete
  10. SF JanadiPathi Unanm Ma rata Hamuda Palnyak anava. Ubalta taranna ne. eta Pasa hamudava Un avilla Ubalga amalta Nangiltai Akaltai Hukala yankam Ubalta balan inna vai.

    I'am සොහොනා

    ReplyDelete
  11. රට නිදහස් කරන්න පුරෝගාමියෙක් වුණු ඒත් දැන් තමන්ගේ පුද්ගලික නිදහස සීමා වුණු ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට ජනාධිපති සමාවක් හිමිවෙලා නැවතත් සුපුරුදු පරිදි නිදහස් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා එක සිතින් මම ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම ඒ තීරණය ගන්න ජනාධිපතිතුමා යොමුවේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

    ඒ වෙනුවෙන් තබන මේ බ්ලොග් සටහන ඉතාමත් කුඩා එකක් වෙන්න පුළුවන් ඒත් කුඩා බිංදු එකතු වෙලා මහා සාගරයක් හැදෙනවා කියන එක මතක් කරන්න කැමතියි.

    http://aagiyakatha.blogspot.com/2011/11/blog-post_19.html

    ReplyDelete
  12. සරත් ආවේගයට දේශපාලනේට ආපු කෙනෙක්. පලපුරුදු කාරයින්ට හොඳට ඉත්ත කර ගන්න පුලුවන්. කෙසේ වෙතත් 'පංතිය' එතරම් නරක් නැත. පොඩි පරිවාස කාල සීමාවක් දීල බලනව. සරත් ෆොන්සේකා මහත්තය ඒ කාලය සම්පතක් ලෙස පාවිච්චි කලොත්, ඊලඟ වාරේ එජාපයේ නිල නොවන උපනායක තනතුර, සෝමවංශ මහත්තයගෙන්, මට වැරදිලා නෑ සෝමවංශ මහත්තයගෙන් ගන්න පුලුවන් වේවි.

    අප බොහෝ දෙනෙකුට 'නිදහස' ලබාදුන් සරත් මහතාගේ නිදහස සීමා වීම ගැන සිහි බුද්දිය තියෙන කෙනෙකුට සතුටු වෙන්න බෑ. ඒත් තුන් වෙනි බලවේග ගොඩනැගීම බෝම භයානක වැඩක්, ඇත්ත ඒකයි! (මුල්ලේරියාව හංදිය... නෑ ඒව ඕන නෑ)

    ඒ මහත්තයට තනියක් දැනෙන එකක් නෑ, සිය පවුල, යම් ජනකායක් එතුමා පසු පස ඉන්න නිසා, එය හයියක් වේවි.
    ඇපෑලකුත් දමන බවක් කියනවා.

    ReplyDelete
  13. අමිල චතුරංගගෙ මේ කියමන අගෙයි

    'මා සිතන්නේ නීතියේ යුවතිය දැන් සුරතාන්තයට ලඟා වි ඇත...'

    ReplyDelete
  14. මට මතක් වෙන්නේ නන්දා මාලනී එදා ගැයූ මේ ගීතයයි.

    දන්සල් දොරෙහි නැත යදියෝ - සල්පිල් වලය පුර වැසියෝ

    පන්සිල් රකිති මැරවරයෝ - මේ කේතුමතී නුවරයි

    මේ ගීතය වඩාත් හොඳින් ගැලපෙන්නේ එදාටද අදටද?

    ReplyDelete
  15. එක් විනිසුරුවරයෙකු හෝ යුක්තියට පිටු නොපෑම සුභවාදී නොවේද?

    ReplyDelete
  16. මේකයි ගොඩක් අය සිහින දකින විදියෙ මහජන නැගිටීම් ගැන නම් සිහින දකින එක මෝඩකමක්. මොකද අපේ මිනිස්සු ගැන නියම මනෝවිද්‍යාත්මක ප්‍රකාශය කලේ ප්‍රභාකරනුයි. ඒ සිංහලයන්නට සතියකින් දෙකකින් ඕනි එකක් අමතක වීම සාමාන්‍ය දෙයක් කියන එක.
    ඒත් මේ සිර දඩුවම් කාලය සරත්‍ පොන්සේකා මහතාට තවත් පරිනත වීමට අවශ්‍ය හුදෙකලාව ලබා දෙයි.(ඔහු තවම මේ රටට සැබෑ නිදහස ලබා දෙන්න තරම් පරිනත නැතිව ඇති. මොකද මේ රජය සමගම මානව හිමිකම් ඇලජික් වෙලා වියරුවෙන් කතා කරපු කාලයෙන් ඔබ්බට තවම ඔහු අවුරුදු තුනකට වඩා ඇවිත් නෑ. මානව හිමිකම් වල වටිනාකම, නීතියේ සාධාරණත්වයේ වටිනාකම ගැන ඔහුටම සිතා බැලීමට මේ කාලය වැදගත් වෙයි)
    ඒ වගේම සිරගත කාලය තුළ නැවතත් ටිකෙන් ටික වීරයාගේ ඇඳුම අන්ඳවයි. මුළින් අන්ඳල තිබිල පස්සෙ ඒක ගලවගෙන ‍ද්‍රෝහියාගෙ ඇඳුම ඇන්දෙව්වනෙ. ඉතින් මේ ගෙවෙන කාලය ඔහුට ආශිර්වාදයකි. සමහර විට මේ අවස්ථාවේ නිදහස ලැබීම ඔහුට ජිවිතය පවා අහිමිවීමට හේතුවිය හැකි බැවිනි. මොකද භාරතල වැනි බලය වපුරපු සද්දන්තයෝත් මරා දැමෙන වටපිටාවක සරත් පොන්සෙකා කවුද මේ වෙලාවෙ.

    ReplyDelete
  17. සුදු කොඩි කතාවට දැන් නීතිමය තත්වයක් ලැබී අවසානයි. හෙට අනිද්දා වන විට ඇනෝනිමල්ස් ආතල් කැඩෙන්නටද ඉඩ තිබේ. අනුන්නට කැපූ වළවල් වල තමන්ද වැටෙන්නට පුළුවන් බව තේරෙන විට කල්ගියා වැඩි වන්නටද පුළුවන. ජෑන්ස් අක්කා කාට කාටත් ආයෙත් සුදු කොඩි වනන්නට පුළුවන. අමතක කරන්න එපා. ජෑන්ස් නෝනාගේ එක ඉලක්කයක් තමයි ආරක්ෂක ලේකම් තුමා. එයා ගල ගැහැව්වේ එක ගලින් කුරැල්ලෝ දෙන්නෙක්ම බිම හෙළන්න. පළවෙනි කොටස ආණ්ඩුවේ අතිශය සහයෝගයත් සමගම සාර්ථකව අවසන් වුනා. ඕස්ට්‍රේලියාව පැත්තේ ඉදලා දෙවන කොටස මෑතකදීම අරඹනු ඇති බවයි මගේ හැගීම.

    ආතල් ගන්න අයගේ ආතල් කැඩෙන්න ඉඩ තියෙනවා... බලාගෙන..

    ReplyDelete
  18. හිත හදාගන්නට අමාරු තරමට බිඳී ගියේ යැයි සිතුණි.. ඒත් සිතු දේ නොම වෙයි නොසිතු දේම වෙයි..

    ReplyDelete
  19. අසාධාරණයට විරුද්ධව හඬ නොනගන්න . . .
    කම් නැත
    එහෙත් අසාධාරණය සාධාරණීයකරනය කරන්න හඬ නොනගන්න

    ReplyDelete
  20. යම් දිනක මේ සිදුවීමම අනිත් අතට සිදුවීමට ඉඩ ඇත.එවිට අද පීඩකයා එදා පීඩිතයා වෙනු ඇත

    ReplyDelete
  21. අනේ පලයන් දුකෝ යන්න පොන්සේකට *ක දෙන්නේ නැතුව. පොන්සේක හිරේ ඉන්නෙ කියපු කුප්ප කතා වලට මිසක්ක ජනාධිපති අපේකෂක උණාට නෙවෙයි. හරි විදියට නීතිය ක්‍රියාත්මක වෙනව නම් ඇමෙරිකාවේ වගේ) මූට වෙඩි තියල මරල දාල මෙලහකට. උගෙන්ම අහල බලපන් උස්දු කොඩි කතාව වගේ කුප්ප කතාවක් කියන එක උඹේ මනු ධර්මෙටද මොකද්ද එකට අනුකූලද කියල. උඹ තමයි පොන්සේකට සට්ටම් රාල.

    ReplyDelete
  22. @ තිසර:

    [ජෑන්ස් අක්කා කාට කාටත් ආයෙත් සුදු කොඩි වනන්නට පුළුවන. අමතක කරන්න එපා. ජෑන්ස් නෝනාගේ එක ඉලක්කයක් තමයි ආරක්ෂක ලේකම් තුමා. එයා ගල ගැහැව්වේ එක ගලින් කුරැල්ලෝ දෙන්නෙක්ම බිම හෙළන්න.]

    ජෑන්ස් නෝනා ඔස්ට්‍රේලියාවේදී වාහනේක හැපිලා අවසන් ගමන් යනවා. මොනවද කැට?

    ReplyDelete
  23. බුවා සිතනා ආකාරයට

    1. සුදු කොඩි කතාව වෙනුවෙන්
    2. ඩොලර් වංචාව වෙනුවෙන්
    3. හමුදා සේවයෙන් පැන ගිය සෙබළුන් සේවයේ යොදවා ගනීම සම්බන්ධයෙන්

    සරත් ෆොන්සේකා මහතාට දඬුවම් හිමි විය යුතුද? වැල්වටාරම් නොමැතිව උත්තර දෙනු ඇතැයි අපේක්ෂා කරමි.

    ReplyDelete
  24. සුදු කොඩි - ෆොන්සේකා ජැන්ස් නෝනා සමඟ කී සැබැ කථාව ඔබ දන්නේද ? මා දන්නෙ දෙරණ විඩියෝ ක්ල්ප් එකේ ඇහුණු ටිකය , එහිදි ෆොන්සේකා කියන්නේ ආරක්ෂක ලේකම් වරයා එවනි උපදෙසක් දුන් බවක් මාධ්‍ය වේදීන්ට ඇසී ඇතිබවය . පුර්වැසියෙකුට එවන් ප්‍රකාශයක් කිරීමේ නෛතික අයිතියක් තිබේ එහි දඬුවම් කිරීමට දෙයක් නැත , වගකිව යුතු නිලයක් දැරු කෙනෙක් වශයෙන් අදාල ප්‍රකාශයේ සදාචාරාත්මක ගැටලුවක් ඇත . එයට ජනතාව මැතිවරණයෙදී පිලිතුරු දී ඇත ,

    ඩොලර් වංචාව - මේ මොකක්ද මේ සීන් එක ?

    පැනගිය සෙබලු - පැන ගිය සෙබලුන් බව දැන දැනත් කුමන හෝ සේවයකට යොදා ගත්තා නම් වරදකි , එවැන්නක් තවම්ත් ඔප්පු වී නැත , සුදු කොඩි නඩුවේ මෙන් විකාර සාක්ෂි වලින් ඔප්පු කිරීමටද බැරි නැත


    මා ඔබෙන් අහන්නෙ , රටේ සිටින එකම දූෂිත නිලධරයා ෆොන්සෙකා පමණද ? රටේ සියලු අංශ වල දූෂණයන් වංචාවන් ඉතුරුව තිබියදී , රජයේ මන්ත්‍රි වරුන් පාතාල සමාජිකයින් සේවයෙ තබා ගෙන සිටියදී ෆොන්සේකාගෙ පමණක් ව්ංචා දූෂන හා පැන ගිය සෙබලුන් සේවයට යොදා ගැනීම් හොයන්නෙ ඇයි ?

    අනික් අය කලාම හරි ෆොන්සේකා කලාම විතරක් වැරදියි එහෙමද ?

    ReplyDelete
  25. එස්.එ‍‍‍ෆ් කිසිසේත් දේශපාලනයට‍ සුදුසු පුද්ගලයෙක් නෙමේ.උසාවි ගෙනාවම කැමරාවට ඇගිල්ල උස්සලා හිපොප් අයිටම් දාද්දි මට දුක හිතෙනවා.කොහොම උනත් ඔහු හොද රණවිරුවෙක්.මං ඔහුට ගරු කරනවා.

    මේ යන විදියට ගියොත් සන්ධාන ආණ්ඩුවේ අවසානය වැඩි ඈතක නැ.ඉට පස්සේ යු.න්.පි 1 බලයට එයි.උනුත් මේ දේවල්ම කරයි.නිතිය බල්ලට යයි.අසාධාරණය රජ වෙයි.අතට අහුවෙන හැම දෙයක්ම විකුණයි.එතකෝට මේ විදියෙම සටහන් යු.න්.පි ආණ්ඩුවට විරුද්දව ලියවෙයි.දේශප්‍රේමී සටන්පාඨ මතුවෙයි.උන්ගේ ආණ්ඩුව පෙරලෙයි.උන් යයි.මුන් එයි.එකම දේ වෙයි.ඉතිහාසයේ ඉදන්ම අපි මේ චක්‍රයේ හිරවෙලා.

    'රටක දේශපාලනය රටේ ජනතාවගේ පිලිබුබුවක්‌'යැයි කියමනකි.ලංකාව දිහා බැලුවම මේකේ ලොකු අත්තක් තියෙනවා.මට කියන්න තියෙන්නේ "අපි පව්" කියලා විතරයි.

    ReplyDelete
  26. @බුවා

    [සුදු කොඩි - ෆොන්සේකා ජැන්ස් නෝනා සමඟ කී සැබැ කථාව ඔබ දන්නේද ? මා දන්නෙ දෙරණ විඩියෝ ක්ල්ප් එකේ ඇහුණු ටිකය , එහිදි ෆොන්සේකා කියන්නේ ආරක්ෂක ලේකම් වරයා එවනි උපදෙසක් දුන් බවක් මාධ්‍ය වේදීන්ට ඇසී ඇතිබවය]

    ඒ කතාවම නැවත සරත් ෆොන්සේකා විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේදීත් පවසන ලදී. "හියර් සේ" කතාවක් සාමාන්‍ය කෙනෙක් කීවාට එයට වැදගත්කමක් නැත. නමුත් හමුදාපති එසේ කී විට එය්ට වැදගත්කමක් ලැබේ. එක්කෝ මෙය කියන ලද්දේ කාගේ හෝ වුවමනාවකටය. එසේත් නැතිනම් හැකර කමටය. මේ කොයි ආකාරයෙන් කීවත්, එය ශ්‍රී ලංකාවට ගෙන දුන්නේ මහත්ම අපකීර්තියකි. මෙයට සමාන වරදි වලට ඇමෙරිකානු රටවල දන්ඬුවම වෙඩි තබා මැරීමයි. එසේම හමුදා නිළධාරීන්ට සහ ඉටපු හමුදා නිළධාරීන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යුධ හමුදා නීතිය මගින් තීරණය වේ. එසේ බලන විට යුධ නීතිය අනුව ෆොන්සේකා කර ඇත්තේ වරදකි. එයට දඬුවම් ලැබිය යුතු වේ.

    [පුර්වැසියෙකුට එවන් ප්‍රකාශයක් කිරීමේ නෛතික අයිතියක් තිබේ එහි දඬුවම් කිරීමට දෙයක් නැත , වගකිව යුතු නිලයක් දැරු කෙනෙක් වශයෙන් අදාල ප්‍රකාශයේ සදාචාරාත්මක ගැටලුවක් ඇත . එයට ජනතාව මැතිවරණයෙදී පිලිතුරු දී ඇත]

    හිටපු හමුදාපති පුරවැසියකු දක්වා ලඝු කිරීම විහිළුවකි. හමුදා සේවෙන් ඉවත් වූ පසු පවා නිලය හා කල කාර්‍යය අනුව අදහස් ප්‍රක්කශ් කිරීමේ පුරවසි අයිතිය හමුදා නිළධාරීන්ට යම් කාලයක් යන තුරු නොලැබේ.

    [ඩොලර් වංචාව - මේ මොකක්ද මේ සීන් එක ?]

    සීල් වත් නොගැසූ නැවුම් ඩොලර් 750,000ක් සේප්පුවේ තිබී හමුවීම? සේප්පුව අයිති කරු දනූන තිලකරත්නගේ මව ය. ඈ කියන්නේ මුදල් ෆොන්සේකාගේ බවයි. ඇමෙරිකානු මහ බැංකුව මගින් කෙළින්ම නිකුත් කල අනුක්‍රමික අංක සහිත ඩූලර් නෝට්ටු ෆොන්සේකාට ලැබුණේ කෙසේද? (ඇමෙරිකාව මේ මුද නොදුන් බව ප්‍රකාශ කරයි.)

    [පැනගිය සෙබලු - පැන ගිය සෙබලුන් බව දැන දැනත් කුමන හෝ සේවයකට යොදා ගත්තා නම් වරදකි , එවැන්නක් තවම්ත් ඔප්පු වී නැත , සුදු කොඩි නඩුවේ මෙන් විකාර සාක්ෂි වලින් ඔප්පු කිරීමටද බැරි නැත]

    ලඟදීම එය ඔප්පු වනු ඇතා. ෆොන්සේකා සමහ හෝටලයේ සිටි අයවලුන්ගෙන් බහුතරය හමුදාවෙන් පැන ගිය අය බව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පැවසිණි. කතාව වැරදි නම් ඒ පුද්ගලයන් මාධ්‍යයට නඩු දමා තිබිය යුතුය.


    [මා ඔබෙන් අහන්නෙ , රටේ සිටින එකම දූෂිත නිලධරයා ෆොන්සෙකා පමණද ? රටේ සියලු අංශ වල දූෂණයන් වංචාවන් ඉතුරුව තිබියදී , රජයේ මන්ත්‍රි වරුන් පාතාල සමාජිකයින් සේවයෙ තබා ගෙන සිටියදී ෆොන්සේකාගෙ පමණක් ව්ංචා දූෂන හා පැන ගිය සෙබලුන් සේවයට යොදා ගැනීම් හොයන්නෙ ඇයි ?]

    ඔය උත්තරය අවසානයේ එන බව දැන සිටියෙමි. ඔබ කියන්නේ අනෙක් අයත් දූෂණ සහිත නම් ෆොන්සේකාත් නිකම්ම අරින්නට කියාද? ඔබේ උටෝපියානු ස්ටෑන්ඩර්ඩ්ස් වලට ෆොන්සේකා ගැන කතා කිරීමේදී සිඩු වූයේ කුමක්ද?

    [අනික් අය කලාම හරි ෆොන්සේකා කලාම විතරක් වැරදියි එහෙමද ? ]

    අනික් අයගේ වැරදි හරි නම් ෆොන්සේකාගේත් වරදි හරි විය යුතුද?

    ReplyDelete
  27. ඩොලර් නෝට්ටු ෆොන්සේකාගේ යැයි දනුනගේ මව කිවා කියා ඒ වෙනුවෙන් ෆොන්සේකා වගකිව යුතු නොවේ , මා ලඟ කුඩු පැකට්ටුවක් තිබී අසුවුවහොත් එය අල්ලපු ගෙදර එකාගේ කීම සැහේද ?

    පැනගිය සෙබලුන් පිලිබඳ නඩුවකුත් ඉදිරියේදී ඇහෙන නිසා ඒගැන බලමු

    සුදු කොඩි කථාව නිසා රජය හා මෙරට මාධ්‍ය මවා පැ තරම් දෙයක් සිදුවූයේ නැත , සුදු කොඩි රැගෙන භාර වීමට පැමිණියා යන්න මුලින්ම කිවේ ෆොන්සේකා නොවේ කියාද මාද්‍ය වල පලවුනු බවක් මතකය . කෙසේ හෝ ඔබ තර්ක කරන්නේ හමුදා නිතිය තුලින් ෆොන්සේකාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වන බව සහ ඒ අනුව ඔහුගේ ප්‍රකාශය හමුදා නිතියෙන් වැරදි බවයි , නමුත් ඔහුගේ සුදු කොඩි නඩුව විභාග කෙරුනේ මහාධිකරනයේ මිස යුධාධිකරනයේ නොවේ , එනම් නඩු විභාගය කලේ සිවිල් පුරවැසියෙක් ලෙස සලකාගෙනය . මා කථා කරන්නෙත් සරත් ෆොන්සේකා නම් ශ්‍රි ලාංකික පුරවැසියාට ඇති අයිතිය ගැනයි , ඔබ කියනා පරිදි හමුදා නිතියට අනුව නම් ෆොන්සේකාගෙ ප්‍රකාශ තීරනය කෙරෙන්නෙ ඇයි මහාධිකරනයේ නඩු පැවරුවේ කියල ඔබතුමාගේ ආණ්ඩුවෙන්ම අහල බලන්න වෙයි

    අනික් අයගේ දූෂන සහ ෆොන්සේකා ගැන කථාව ගත්තොත් ෆොන්සේකාට විතරක් නීතිය ක්‍රියාත්මක කරල අනික් උන්ට නොකරන්නේ ඇයි ? ෆොන්සේකාගේ හොරකම් වලට කලින් කෝප් වාර්ථාවකින් සැහෙන දූෂන ප්‍රමානයක් එලියට ආවා කෝ නීතිය ක්‍රියාත්මක කලාද ? ඊලඟට ෆොන්සේක කතන්දරයට පස්සේ නිතිපති නඩු කීයක් ඉල්ලා අස් කරගත්තද ? එතකොට ක්‍රිකට් බෝඩ් එකේ ගැහිලි ගැන මොනවද කලේ ? ... ෆොන්සේකාගෙ සිදුවීමෙන් පස්සේ දිගටම දූෂන වංචා නතර කලා නම් ඔන්න අතනින් පටන් ගත්තාය කියලවත් කියන්න තිබුනා , ඒත් එහෙම එකක් නැ , ෆොන්සේකට කලිනුයි පස්සෙයි ඔක්කොම හොරු එලියේ ෆොන්සේකා විතරක් ඇතුලේ , ආන්න එතකොට ඒක පැහැදිලි දේශපාලන පලිගැනීමක් වෙනව . අනික් අයත් වැරදියි ෆොන්සේකත් වැරදියි ඒ නිසා ෆොන්සේකා හිරේ නොදා ඉන්න හේතුවක් නැ කියන තර්කය අනුව ෆොන්සේකා හිරේ ඉන්න එක නිවෑරදියි කියල කියමුකො . දේශපාලන පලිගැනීමකුත් නැ කියමුකො , ඒ කියන්නෙ ෆොන්සේකා ගැන ආණ්ඩුව නිවැරදියි .

    හැබැයි එහෙම නම් කියන්න වෙන්නෙ ආණ්ඩුව තෝරාගත් දූෂිතයින් රකිනව කියලයි , ඒ කියන්නෙ රජයට ඒ දූෂිතයින්ගෙ සම්බන්ධයක් තියනව කියන එකයි . ඒ කියන්නේ මේ රජය දූෂනයට අනුබල දෙනවා කියන එකයි , ෆොන්සේකා හිරේම හිටියත් ආණ්ඩුවක් දූෂනයට අනුබල දෙන එක රටට හොඳ නැ නේද මහත්තයෝ

    ReplyDelete
  28. ප්‍රසිද්ධ රැස්වීමක් දී ෆොන්සේකා සුදු කොඩි කතාව වරක් ප්‍රකාශ කරනවා මාත් අහලා තියෙනවා. ඒත් ඔය නඩුව ගියේ ඊට අදාළව නෙවෙයි. නඩුවට පාදක වුණේ ලීඩර් පුවත්පතට මේ ප්‍රකාශය කිරීම කළා යැයි කියමිනුයි. කොහොමවුණත් ඔය ප්‍රකාශය මහ ඉහළින් උලුප්පලා ගත්තේ නම් රජයේ මාධ්‍ය විසින් තමයි. මේ අතරම ඔය ප්‍රකාශය සිදු කළ සමයේ දී DBS Jeyaraj නම් ලේඛකයා විසින් සුදු කොඩි සිදුවීම වඩා සවිස්තරාත්මකව තම වෙබ් අඩවියේ පල කළ ලිපියක් හරහා ඉදිරිපත් කළ අතර අදාළ ලිපියේ සිංහල පරිවර්තනයක් මෙරට ජාතික පුවත්පතක ද පල වූ බව මතකය. මේ අනුව බලද්දී සුදු කොඩි කතාව මෙරට මෙන්ම අන්තර්ජාතික සමාජය තුළට ද ගෙන යාමට බොහෝ අය ක්‍රියා කර ඇති බවක් හඳුනාගන්න පුළුවන්.

    ReplyDelete
  29. @බුවා: අල්ලපු ගෙදර සිටින්නේ එක්මනින් ධනවත් වූ, කරන ව්‍යාපාරයක් ගැන සිත ගත නොහැකි නිතර රට යන එන බුවා ගේ බෑනා නම් එසේ කීමත් සැලකිය යුතුය. කෙසේ වුවත් එම චෝදනාව මග නතර වේ. මන්දයත් මේ සල්ලි තැන්පත් කලේ ධනනු නිසාය (ඔහු රටේ නැත. ෆොන්සේකා මහතා අධිකරණයේ දොරකදෙදි කි පරිදි ඔහුව හොරෙන් රට පන්නවා ඇත.ඔහු මේ සල්ලි සොයා ගන්නට ඇත්තේද ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට වියදම් කිරීමට නොවේ.). එනිසා ධනනු එන තුරු ඒ කතාව එතන නතර වී ඇත.

    පැනගිය හමුදා සෙබළුන් පිලිබඳ නඩුව ගැන බුවාට සැක ඇති බව පෙනේ.

    සුදු කොඩි ගැන ෆොන්සේකා මහතා මුලින්ම කිවේ ඔහු CDS කාලයේ පවතී උපහාර උළෙලකට සහබාගි වෙමිනි. නමුත් නියෝගය දුන් අය එකල වෙනස් වී තිබුණි. ඒ කතාව ගැනද ෆොන්සේකා මහතා කිවේ තමන්ව වැරදියට වටහා ගෙන හෝ වැරදියට පල කර ඇති බවය (misquoted) (මෙය ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් සුලභ සිද්ධියකි.). මේ ගැන මට සිතුනේ එක්කෝ ෆොන්සේකා මහතාට මාධ්‍ය වේදීන්ට තේරෙන්නට යමක් කියන්නට බැරිය. නැතහොත් මාධ්‍යවේදීන්ට ෆොන්සේකා මහතා කියන දෙයක් තේරුම් ගත නොහැක කියාය. ඇරත් කියන දේ වෙනස් කිරීම සම්බන්ධයෙන් දේශපාලනයට ආ මාස දෙක තුල ෆොන්සේකා මහතා නම් දරාපු පුද්ගලයකු බවට පත් විය. DBS ජෙයරජ් බොහෝ දේ ගැන බොහෝ දේ ලියා ඇති අයෙකි.එයින් කොපමණ දෙයක් විශ්වාසයට ගත යුතු දැයි ඔබේ වැඩකි. එසේම ඔහුට බොහෝ උදව් දුන් අය අතර හිටපු ඉන්දියානු බුද්ධි නිලදරියකුද වේ (බොහෝ ප්‍රභල බුද්ධි සේවා වල විශ්‍රාමික කියා දෙයක් නැත. ලංකාවේ වුවද සටන් විරාම සමයේ කරුණා වෙන් වී රජය කරුණට උදව් කිරීම ප්‍රතික්ෂේප කල විට උදව් හිටපු හමුදා නිලධාරීන් ලබා දුන්හ). එසේම යුද්ධය යන අතර මගේ ඔහුත් දැරුවේ මෙය දිනිය නොහැකි යුද්ධයක් බවය (ඉන්දියානු මතයමය). ඊටත් වඩා මේ සිද්ධි වන විට ලංකාවේ නොසිටි මාධ්‍ය වේදියකු බ්ලොගයක ලියු දෙයත් එම කාලයේ සිටි හමුදාපතිවරයා කියන දේත් අතර විශාල වෙනසක් ඇත.

    මේ ප්‍රකාශය නිසා මහා බලපෑමක් සිදු වුණාදැයි දන්නේ පිටරට LTTE කණ්ඩායම් සමග සම්බන්ධතා ඇති හා සමහර තානාපති සේවා ආදිය සමග සම්බන්ධතා ඇති අයය.බුවා මේ ගොඩවල් දෙකින් එකකටවත් අයත් දැයි මා සිතන්නේ නැත. එනිසා මේ ගැන බුවාගේ මතයට ඇත්තේ අඩු වටිනාකමකි.

    "ෆොන්සේකාට විතරක් නීතිය ක්‍රියාත්මක කරල අනික් උන්ට නොකරන්නේ ඇයි ?" යන ප්‍රශ්නයට පිළිතුර ලෙස මේ ප්‍රශ්නය ඇසිය හැක, "කලින් ෆොන්සේකා මහතා යුධ හමුදාපතිවරයා සිටි කාලයේ එල්ලවූ චෝදනා වලට නිතිය ක්‍රියාත්මක නොවුනේ ඇයිද?". හේතුව තමන්ගේ පැත්තේ අයට එරිහිව මහරජා නිතිය ක්‍රියාත්මක නොකරන නිසාය. මහරජා තබා සෙන්පති (හිටපු) සෙන්පති තුමවත් එසේ නොකරන නිසාය. ඒ හැර එසේ කරති සිතිය හැකි දේශපාලකයෙකු ගැන මට සිතිය නොහැක. ඒ නිසා දුෂණයට අනුබල නොදෙන නැතහොත් දුෂිතයන් නොසිටින ආණ්ඩු බලන්නට චිත්‍රපටයක්ම බැලිය යුතුය.

    චන්දය යනු මගේ මතය අනුව හොද මිනිසුන් තේරීමක් නොව නරක අඩු මිනිස්සු තේරීමය. දැන් මහින්දට චන්දය දුන්නේ ඇයිදැයි ඇසුවහොත් මම (සහ බොහෝ දෙනෙක්) ඔය කියනා ආකාරයේ සර්ව සාධාරණ අදුෂිත පාලනයක් ගැන බලාපොරොත්තු තබා සිටියේ නැත. එවැනි බලාපොරොත්තු තිබුනේ විශ්වසනීය වෙනසක් (ඔබාමාගෙන් ණයට නැතහොත් පැහැර ගත්) කරන්නට ආ මහත් වරුන්ටය. ඇරත් මේ ආණ්ඩුව දුෂිත කියා ආණ්ඩුව බාර දෙන්නට කියනේද මෙවැනිම තක්කඩි රැලකටය.

    මගේ කතාව

    ReplyDelete
  30. අදහස් දක්වපු සියලු දෙනාටම බොහොම ස්තුතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව