Skip to main content

අය වැය සහ ගුටිකෙලිය ගැන මගේ අදහස

තවත් අයවැයක් ඉවරයි . හැමදාම වගේ ඉතින් අයවැයක් අවසන් උනාම දකින්න තියෙන්නෙ ආණ්ඩුව සහ හිතවතුන් අයවැයේ ගුන කියත්දි විපක්ෂයේ කට්ටියට මොකක් හරි  කොනකින් වරදක් අල්ලන් කැගහන එක . කොහොම වුනත් මෙදා පාර අය වැය ගැන මගේ  අදහස නම් විශේෂ හොඳක් හෝ නරකක් නැති පතෝල වගේ එකක්ය කියන එකයි . අයවැය කියන්නෙ සහන මල්ලක්ය කියල හිතාන ඉන්න ජනතාව වගේම  තමන්ගෙ පාලන කාලවලදි නොකලත් විපක්ෂයත් අයවැය විග්‍රහ කරන්නෙත් "අය වැයෙන් ලැබුනු සහන " කියන තැන ඉඳන් . ඒ තැන ඉඳන්ම බැලුවොත්  දහ දාහත් එපා කියල 2500ට ඡන්දය දීපු රජයේ සේවකයින්ටත් සංවේදී  කලා කරුවන්ට හා ලොන්ඩරි රස්සාවේ කෙල පැමිණි මාධ්‍ය වේදීන්ටත් (එහෙම කියාගන්න ) ජනාධිපති තුමා යුතුකම් ඉටු කරල තියනව .  රාජ්‍ය සේවකයින්ගෙ 2500 යේ ටෝටල් එක මේපාර 1000ත් එක්ක සම්පූර්ණ වෙන්න ඇති මයේ හිතේ .ඒ සහන ගැන කතාව . හැබැයි අයවැයක තියන වැදගත් කම සහන  නෙවෙයි. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද සහ රජය ඊලඟ වර්ශය වෙනුවෙන් රජයේ ආදායම් හා වියදම් මොනවගේද කියන එකයි වැදගත් . මේ අතින් බැලුවාම රජය මේ දක්වා ගෙන ගිය වැඩ පිලිවෙලේම දිගුවක් විදිහට මෙ අය වැය හඳුවන්වන්න පුලුවන් කම තියනව . සුපුරුදු පරිදිම ආයෝජන ප්‍රවර්ධනයට හා සංචාරක කර්මාන්තයට වැඩි අවධානයක් යොමු කරල තියන බවත් පේන්න තියෙයි , නමුත් ගැටලුව තියෙන්නෙ රජය ගෙනියන වැඩ පිලිවෙල රට ආශ්චර්යය කරන්න එහෙමත් නැත්නම් ඉක්මනින් සංවර්ධිත රටක් බවට පත් කරන්න ප්‍රමාණවත්ද කියන එක

මම දකින විදිහට ඔය කියන ආකාරයේ ආශ්චර්යකට යන්න නම්  රැඩිකල් ආර්ථික තීරණ අරගන්න සිද්ධවෙනවා , නමුත් මේ අයවැය තුල ඒහෙම දෙයක් දකින්න නැ . ඒ වගේම ආර්ථික කාරණා වලට අමතරව රටේ දේශපාලනික සහ සමාජීය වටපිටාව  තුලත් මේ වෙනස් කම් සිද්ධ කරන්න වෙනව . උදාහරණයක් විදිහට විදේස් ආයෝජන  අරගත්තොත් ඉදිරි කාලයේදී ආයෝජකයින් ලබාගැනීම වෙනුවෙන් අපිට දැවැන්ත තරඟයක් තියනව අපේ අසල් වැසි "ලොකු අය්යා " එක්ක . විශාල සහ වර්ධනය වෙමින් පවතින වෙලඳ පොල , , ලාභ ශ්‍රමය සහ  ප්‍රධාන පක්ෂ දෙකම ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම (කොලේ වහල නෙවෙයි එලිපිට ) යන ආදී කාරණා නිසා ඉදිරි කාලයේදී ලෝකයේ  ආයෝජකයින් බොහොමයකගේ නවාතැන වීමට ඉඩ තියෙන්නෙ ඉන්දියාව . ඒ අතරින් අපේ රටට තියන අවස්ථා හඳුනාගෙන , අදාල අයෝජකයින් ආකර්ෂනය කරගන්න නම් ආර්ථික සහන වලට අමතරව රටේ ආර්තික , දේශපාලනික හා සමාජීය කාරනා තුල ආයෝකයින්ට හිතකර සහ  ආකර්ෂනීය වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන්න ඕනි . ඊලඟ කාරණය වෙන්නෙ ලංකාවේ බොහෝ වෙලාවට දකින්න තියන ගැටලුවක් වුනු සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම . අයවැයෙන් මොන ආකාරයෙන් මුදල් වෙන් කලත් ඒවා නිසි පරිදි අදාල අරමුණු සාක්ෂාත් කරගන්න වැය වෙනවාද කියන එක  නිරීක්ෂනය කරන්න , වාර්ථා කරන්න සහ නිවැරදි කරන්න ක්‍රමවේදයක් නැති තාක් කල්  කිසිම අයවැයක  නියම හරයන් රටට හෝ ජනතාවට ලැබෙන්නෙ නැහැ .

සංචාරක කර්මාන්තය  දිරිමත් කිරීම වෙනුවෙන් සංධාන රජය සාධනීය අවධානයක්  යොමු කරන බව පසුගිය කාලය පුරාවටම දකින්න තිබුනා .  මේ අයවැයෙනුත් ඒ පිලිබඳ අවධානය යොමු කරල තියන බව පේන්න තියනව . කොහොම උනත් මේ වෙනුවෙනුත් කල යුතු විපර්යාසයන් බොහොමයි .රටේ සමස්ථ ප්‍රතිරූපය ලෝකය තුල යහපත් එකක බවට පත්කරගැනීම වගේම වීවිධ ආකාරවල සංචාරකයින් මෙරටට ආකර්ෂනය කරගැනීම මේ  අතර ඉහලින්ම තියනව . සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න  කෙනෙක් වරක් සඳහන් කලා "ලංකාවට බහුලවම එන්නේ ඉන්දියාවේ සල්ලි කාරයින් සහ බ්‍රිතාන්‍යයේ (යුරෝපයේ )  මධ්‍යම පාන්තිකයින් " කියල . මේ කියමන කොයිතරම් දුරට නිවැරදිද කියල නම් මම දන්නෙ නැ ඒ වුනත් මැතකදි කියවපු ලිපියකට අනුව නම් ඔය රටවල් දෙකෙන් තමයි වැඩිම සංචාරකයින් ගානක් වාර්ථා වෙන්නෙ . ඒ වගේම ඒ ප්‍රකාශය සත්‍ය නම් ඉන්දියාවේ මධ්‍යම පාන්තිකයින්ගේ ඉඳන් යුරෝපයේ කෝටිපතියන් , ඇමරිකාවේ කෝටි පතියන් දක්වා සැම පරාසයකම සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන  සංචාරක කලාපයක්ල බවට ශ්‍රි ලංකාව පත් කිරිම තමයි ඒ අංශයෙන් තියන අභියෝගය . මේ කාරණයෙදිත් අයවැයකින් දෙන සහන වලට අමතරව ගුණාත්මක  වර්ධනයන් සඳහා නියාමනය කිරීමේ ක්‍රමවේදයන් සහ දැඩි ප්‍රතිපත්තිමය තීරණත් ගන්න අවශ්‍යයි

අයවැය තුල වඩාත්ම කථාබහට ලක්වුන  තීන්දුව වුනේ රුපියල අවප්‍රමාණය කිරීම . මේ ගැන වීවිධ  මත එල්ල වෙන බවක් දකින්න තියනව හොඳ නරක දෙයාකාරයෙන්ම . කොහොම උනත් රුපියලේ අගය නිදහසේ විචලනය වීමට ඉඩ හැරීම  වඩාත්ම හොඳ තත්වය  කියල විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ අදහස් මම අහල තියෙයි . ඒ අනුව පහුගිය කාලයේ රජය විසින් බලහත්කාරයෙන් ඉහල අගයක තියාගෙන තිබුන රුපියලේ අගය නියම වටිනාකම දක්වා අවප්‍රමාණය වෙන්නට ඉඩ හැරීම හොඳ දෙයක්ය කියල මට හිතෙනව .මේ පිලිබඳව ඉදිරියේදී ඇතිවන සංවාද වලදි මේ ගැන වැඩි යමක් දැනගන්නට ලැබේවි

අය වැය යෝජනා එක්ක මේ පාර මුලින්ම එලියට ආවේ අයවැයේදි සිදුවෙච්ච ගුටිකෙලිය . අයවැය  කථාව වත්  අහන්න පාර්ලිමේන්තුවේ හිටිය නැති එජාපය එලියට ඇවිත් තමන්ට ගහපු එක ගැන මාධ්‍යට කිව්වේ හරියට දෙක වසරේ ලමයි ඉස්කෝලෙදි ගහගෙන ගෙදර ඇවිත් අම්මලාට කියනව වගේ . අයවැය  කථාවට  පාර්ලිමේන්තු සම්ප්‍රදායෙ තියෙන්නෙ ඉහලම වටිනා කමක් , ඒක සාමාන්‍ය පනතක් ඉදිරිපත් කිරීමක් වගේ නොවෙයි . මේ කාර්ණය දැන දැනත් , විශේෂයෙන්ම රටේ මූල්‍ය පාලනය වෙනුවෙන් පාරිලිමෙන්තුවට ඇති අයිති වාසිකම් ගැන ප්‍රභලව කථා කරන විපක්ෂනායකවරයෙක් ඉත්දිත් එජාපය අයවැය කථාවට එකතු වුනු විදිහ අනුමත කරන්න හැකියාවක් නැ , අයවැයට  විපක්ෂයේ විරෝධතාවය දක්වන්න ඕනි තරම් අවස්ථා තියනව අයවැය කියෙව්වාට පස්සෙ , ඒ අවස්ථා වෙනකන් ඉන්නෙ නැතුව ජනපතිවරය පාර්ලිමෙන්තුවට එනකොටම බෝඩ් ලැලි උස්සගෙන ඉන්න එකෙන් අදහස් කරන්නෙ   අයවැය පාරිලෙන්තුවට ඉදිරිපත් කරන එකෙන් වැඩක් නැහැය කියන එකද ? කියල ප්‍රශ්නයක් මතුවෙනවා .හාමුදුරුවරුන්ගෙත් අහවල් එක මිරිකපු මිනිස්සු ඉන්න පාර්ලිමෙන්තුවක අය වගේ සිද්දියකින් ගැටුමක් ඇති වෙනවාය කියන එකත් , වැඩියෙන් පිරිස් බලය තියන අයගෙන් ගුටි කන්න වෙනවාය කියන එකත් එජාපය  දැනගත යුතුව තියෙන්නෙ ඕනි . මොක්ද එජාපයත් පාරිලිමෙන්තුවේ සරම් උස්සගෙන ගුටි ගහගත්ත නාඩගම් වලට ඉහලින්ම දායක වෙච්ච නිසා .

අනවශ්‍ය වැඩක් කරල  වලියක් දාගෙන එලියට  ආවට පස්සෙ එජාපය   කරන්න අවශ්‍ය වෙන්නෙ පාර්ලිමෙන්තුවෙදී තමන්ට පහර දීම ගැන ජනතාව දැනවත්  කිරීම වෙනුවෙන් කටයුතු කරන එක සහ රජය වෙනුවෙන් තමන් පල කරන විරෝධයේ එක් අංගයක් විදිහට ඒක එකතු කරගන්න එක ,  හැබැයි එජාපය මේ ගැන දාපු මූලිකම අදහස තමයි ජාත්‍යන්තරයට යනවාය කියන එක . රට තුල විසඳගන්න බැරි ප්‍රශ්නයකදි ජාත්‍යන්තර සහය ලබාගැනීම පිලිබඳ ගැටලුවක්  නැ , ඒත් හැම රෙද්දකට ම ජාත්‍යන්තරයක් පස්සෙ යන්නේ එජාපයේ නායකයින්ගෙ මොලවලට හුලං බහින නිසාද කියලයි මට හිතෙන්නෙ . කොහොමින් හරි රටේ ප්‍රධාන පුරවැසියන් 4 දෙනාම ඉදිරිපිට ඒ අයගේ  යටත් සමාජිකයින් අන්තිම අසික්කිත හැසිරීමක් පෙන්නුවේ විදේස් තානාපති වරුනුත් ගෙනත් තියාගෙනය කියලයි වාර්ථා වෙන්නෙ . මේ අයත් ඇතුලු සමස්ථ ජනතාවගෙම ආකල්ප  සහ චර්යා වල පැහැදිලි වෙනසක් වෙනකන් මොන අයවැයක් ගෙනාවත් රට එකම තැනයි කියල අවසන් වශයෙන් සඳහන් කරන්න කැමතියි

Image From - prattvillerevolution.wordpress.com

Comments

  1. Look at the budget : Good review, indeed

    ReplyDelete
  2. අයවැයෙන් ජනතාව මෙතරම් වත් වාසියක් ලැබීම පුදුමයකි, නැතහොත් ජනතාවට නොදීම බැරි නිසා දුන් සිනි බෝලයකි. මේ වන විට ලෝක ආර්ථිකය ඇති අවදානම් තත්වය ගැන සලකන විට ඇත්තටම අවශ්‍ය පටි තද කරනා (ආරක්ෂාකාරී) අයවැයකි. මේවා කරන්නට යාම නිසා ආණ්ඩු පෙරෙලන නිසා මේ option එක ගෙන ඇත. රුපියල අව ප්‍රමාණ කිරීම මේ ගැන කාලයක සිට අවධානයෙන් සිටි අයෙකුට පුදුමයක් නොවේ.

    ගුටි කෙල ගනිපු එක ගැන කියන්නේ දෙයක් නැනේ, ගොන් වැඩක්.

    "ලංකාවට බහුලවම එන්නේ ඉන්දියාවේ සල්ලි කාරයින් සහ බ්‍රිතාන්‍යයේ (යුරෝපයේ ) මධ්‍යම පාන්තිකයින් " මේ ඇත්ත මම හිතන විදිහට.මම එක සැරයක් සිතේ එකක දැක්ක සුද්දෙක් ලියල තියෙනවා උන්ට සල්ලි තියෙනවනම් ප්‍රංශය, ඉතාලිය,ග්‍රීසිය වගේ යනවා මිසක් මෙහෙ එන්නේ නැත කියල(මේක තිබ්බේ ආර්ථික අර්බුධයට කලින්).

    කොහොම උනත් ගිය වසරේ අයවැය ඉල්ලක්ක (අයවැය හිගය, වියදම් ආදිය) සැහෙන දුරට ඉටු කරගෙන තියෙනවා. ඒ අනුව මේ වසේරෙත් එසේ කරන්නේ ලැබෙයි කියල තම බලාපොරොත්තු වෙන්නේ. අයවැය හිගය සැහෙන පමණ අඩු කරගත් පසු දැනට තියෙන අවදානම අඩු වෙන වගේම අර කිව්වා වගේ රැඩිකල්තීරණ ගන්නත් පුළුවන් වේවි. රැඩිකල් තීරණ කිව්වහම මතක් උනේ, රැඩිකල් තීරණ වලින් එක්මනින් දියුණු වූ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සැහෙන අඩුයි කියල තමා මටනම් හිතෙන්නේ.

    මගේ කතාව

    ReplyDelete
  3. @මගේ කථාව - ස්තුතියි ප්‍රතිචාරයට , රැඩිකල් තීරණ ගන්න ප්‍රජාතන්ත්‍රවාදී රටවලට අපහසුවෙන මූලිකම කාරණය බලවත් විපක්ෂයක් ඒ අවස්ථාවෙන් රජය පෙරලන්න වුවත් පෙලඹෙන්න පුලුවන් නිසා කියලයි මම හිතන්නේ , ලංකාවේ මේ වෙනකොට තියන අතිශයින් ශක්තිමත් රජයට ඒ අවධානම නැතුව වැඩේ කරන්න පුලුවන් නේ , තව වසර 4ක් කියන්නේ අදාල තීරණ වල ප්‍රතිඵල ජනතාවට පේන්න තියන කාලයක් . කොහොම උනත් මම පෞද්ගලික අනුමත කරන්නේ හෙමින් හෝ ක්‍රමානූකූලව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල යන ගමනක් , නමුත් රජය ආසියාවේ ආශ්චර්යය කරන්න්නේ යන්නේ , එහෙම කරන්න නම් මෙහෙම අමාරුයි

    @ano 1 - Thanks

    ReplyDelete
  4. සංචාරක ව්‍යාපාරය ගැන කියපු කතාව හරියට හරි. ඒකෙන් අදහස් වෙන්නේ. මේකයි. ඔය කියපු සංචාරකයෝ එන්නේ පැකේජ් එකකට. එතනින් එහා කිසිම වියදමක් කරන්නේ නෑ. කොටින්ම දවල්ට කන්නේ නෑ. කඩේකින් බඩුවක් ගන්නේ නෑ. ගයිඩ්ලට ටිප් එකක් දෙන්නේ නෑ. ඉතින් මේ ව්‍යාපාරයෙන් යැපෙන හොඩක් පිරිසකගෙන් ටික දෙනයි වාසි ලබන්නේ. ලොකු කොම්පැනි 4-5 කුයි. ඒජන්ට්ස්ලා ටිකකුයි විතරයි. අනිත් එක ඒකේ හැ දේටම ආන්ඩුව ඇඟිලි ගහනවා. දැන් එක සුද්දෙක්වත් හික්කඩුවේ කොරල් පර බලන්න යන්නේ නෑ. එතන ගාන දාලා බෝඩ් දාලා. එතකොට ගයිඩ්ලා එතනට එක්කන් යන්නේ නෑ. කොටින්ම පැකේජ් එකේ නැත්නම් ටිකට් අරන් සීගිරිය බලන්නෙත් නෑ. කිසිම තැනක යන්නේ නෑ. සුපිරි සංචාරකයෝ එන්න තරම් අපේ හෝටල් සුපිරි නෑ. මම පිට රටත් මේ රටෙත් සංචාරක කර්මාන්තේ හිටිය නිසා මේක හොඳටම දන්නවා.

    ඩොලර් එක අවප්‍රමානය කරන එක බජට් එකෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක විදේශ සංචිත ප්‍රමාණය අනුව මහ බැංකුව මගින් කරන්න ඕන දෙයක්. ඒක කිසිසේතම් හොඳ දෙයක් නෙමෙයි. මොකෝ අපේ නිෂ්පාදන ආර්ථිකයක් නෙමෙයිනේ තියෙන්නේ. ඕකෙන් වෙන්නේ පොහොර කෘමි නාෂක තවත් ගනන් ගිහිල්ලා. එළවලු සහල් වගේ මෙහේ නිපදවන ඒවලත් ගාන වැඩිවෙනවා. ආයෝජකයෝ නම් කීයටවත් එන්නේ නෑ. හේතුව කවුරුත් දන්නවනේ. අනික ලෝකේ තියෙන වැඩිම විදුලි බිල තියෙන රටක ඉන්වෙස්ට් කරන්න සුද්දන්ට පිස්සු නෑ. ඔන්න ඉන්දියාව සුපර් මාක්ට් දාන්නත් ආයෝජකයන්ට ඉඩ දීලා.

    ReplyDelete
  5. මම මේ බලාන උන්නේ ඔබ අය වැය දකින්නේ කොහොමද කියලා දැන ගන්න. මමත් එකඟයි. මම දකිනවා බලෙන් රුපියල රඳවාගෙන සිටීම අපේ විනිමය සංචිතය නාස්ති කරන්නක් විදියට. කොහොමත් පාවෙන්න දෙන එක හොඳයි. ආයෝජකයන් ගැන සහ සංචාරකයන් ගැන නම් මම දකින්නේ මේ කර්මාන්ත දියුණු කර ගැනීමට නම් නීතියේ ආධිපත්‍යය රැක ගැනීම ඉතා වැදගත් වෙන බවයි.

    ReplyDelete
  6. උඹ හරි බං.. ආන්ඩුවටම හරියන විපක්ෂෙ

    ReplyDelete
  7. ලන්කාවෙ රිය අනතුරු වලින් දවසකට හය දෙනෙක් මිය යනවා අපිරිසිදු කම ඊට ඉහලයි අපිත් මාසෙකට ලන්කාවට ගිය වෙලාවෙ පාරෙ වාහන යන හැටි දැක්කම බය හිතෙනවා නීතිය බල්ලට ගිහිල්ල දන්න කියන කෙනෙකුටවත් ලන්කාවට නම් යන්න කියන්නෙ නැහැ

    ReplyDelete
  8. අපිටනම් හරිම ජොලි අනේ, මෙන්න මේක බලන්ඩකෝ.

    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete
  9. අයවැයේ වාසි අවාසි ගැන නොකා නොබී එකදිගට කෙස්පැලෙන තර්ක ගෙනහැර දැක්වියහැකිය. අයවැයට විරුද්ධව හෝ පක්ෂව කතාකිරීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව දුනහොත් එයද කල හැකිය. ඉතිහාසයේ ඕනෑම අයවැයක් සම්බන්ධයෙන් එම කරුණු වලංගු වන අතර මේ අයවැයේද වාසි-අවාසි අනාගතය විසින් තීන්දු කරනු ඇත. එහෙත් ප්‍රශ්නය එය නොවේ. අයවැයෙන් යෝජනා කරන ඉලක්ක කොතෙක් දුරට සපුරාගතහැකිද යන්න සහ ඒ සදහා වගකිවයුත්තන්ගේ කැපවීම කොතෙක්ද යන්නය. එසේ නොමැති වුවහොත්, වරක් අයවැය යෝජනාවකින් සම්මතවී එකතුකෙරුණු වැට්බදු මුදල් හොරපාරේ යාම වැනිදෑ වැලැක්විය හැකි නොවනු ඇත.

    ReplyDelete
  10. ලංකාවට එන සංචාරකයෝ ගැන විශේෂයෙන්ම සදහන් කරන්න ඕබ. ගොඩක එන්නේ අරාබි කාරයෝ, ඉනදියන් කාරයෝ. ඉතුරැ කෑ පිගානත් රෑම් එකට ගෙනියනවා. පිටින් බඩුවක් ගන්නේ නෑ. ගන්න ඉල්ලුවත් ඉල්ලන්නේ දාහේ එක පන්සීයට. අනිත එක මිනරල් වෝටර් බෝතලෙත් එන්නේ බස් එකේ. සංචාරකයෝ කොයිතරම් වැඩ් ප්‍රමාණයක් ආවත් ඒක ආර්ථිකේට නොදැනෙන්නේ ඒ නිසා.

    අනිත් එක සංචාරක ව්‍යාපාරේ ප්‍රවර්ධනය කරනවා කියලා අපි කරන්නේ මොකක්ද? කැසිනෝ අරින එක. නිරුවත් වෙරළ තීර අරින එක. අධිවේගී මාර්ග හදන එක. ඇත්තටම සංචාරකයනට මේවා මැජික් නෙවෙය. ලෝකේ ඕන තරම් අත්දැකපුවා. නමුත් අපිට පුළුවන් නම් හෙරිටේජ් ටුවරසම් වලට බහින්න. මීට වඩා ඵලදායි. සංචාරකයන්ට පෙන්නන්න දේවල් ඕන තරම් ලංකාවේ තියෙනවා. එයාලා කැමතියි එවා බලන්න. අධිවේගයට වඩා තියෙන මාර්ග ටික සංවර්ධනය කරලා අධිවේගයේදී මගහැරෙන තැන් ටික ලාභදායි ලෙස සංචාරක ව්‍යාපාරයට යොදා ගන්න පුළුවන්.

    රුපියල බාල්දු කිරීම කැතයි හොදේ. කළ යුතු දෙයක් වුවත් කඩිමුඩියේ අයවැයෙන් කිරීම තුළින් ආනයන භාණ්ඩ වලට නරක විදිහට බලපානවා. බිස්නස් කාරයන්ටත් හොද නෑ. හැබැයි මේකෙන් රැපියලේ නියම අගය මතුවෙනවා. ගහපු එක ගැන කියනවනම් මුන්ට ගහන්න තිබ්බේ හරක් ......

    ReplyDelete
  11. අය වැය ගැන විග්‍රහ කරන්නට නම් දැනුමක් නැහැ . සංචාරක කර්මාන්තය ගැන නම් යමක් කියන්න පුළුවන් . බොහෝ රටවලට වඩා ලංකාව ලාබයි සුද්දන්ට . ඕනෑම කෙනෙක් යන්නේ පැකේජ් වලට තමයි . බැක් පැකර්සලා විතරයි ඕන තැනක ඉන්න බලාගෙන හිතු තැන් වල යන්නේ. ඔඅනම රටකට යද්දී පැකේජ් එකක් අරන් නොගියොත් විශේෂයෙන් පලවෙනි පාර යද්දී අමාරුවේ වැටෙනවා .[ පැරිසිය වගේ නගර ඇර] . ඒවගේම තමයි අනික් පැත්ත බැංකොක් වලදී පැකේජ් එකක් අරන් ගිහින් ගයිඩ් කෙල්ලට බැනල අතරමගදී බැහැල යන්න ගියා . අන්තිමයි .

    හික්කඩුව බලන්න සල්ලි ගන්න එකේ වරදක් නැහැ . කිසිම රටක නොමිලේ බලන්න බැහැ කිසිම දෙයක් . පාරේ ආරක්ෂාව තමයි අපේ රටේ ලොකුම ප්‍රශ්නය . එකට නම් වහාම මොකක් හරි කරන්න ඕන . මගේ කයිවාරුව අහල ලංකාවට ගියපු සුද්දෙක් ඇවිත් කිව්වා දේ තමයි '' මග මැරෙයි කියන බය හැර අනික් සියල්ල හොඳයි '' කියන එක .

    ReplyDelete
  12. මාතලන් - අප්පට හුඩු මම දන්නේ නැනේ මාතලන් සහෝට සංචාරක ක්ෂේත්‍රයේ අත්දැකීම් තියනවාය කියල , ස්තුතියි අදහසට , රුපියලේ කතන්දරය නම් මම මේ වෙනකොට එක් එක්කෙනාගේ අදහස් ගැන බලා ඉන්න එක තමයි කරන්නේ

    මහවෙදනා -ස්තුතියි අදහසට

    චාමි - තකට තක !!!

    ඇනො (26 /01:26)- ලංකාවේ මාර්ග සහ ප්‍රවාහනය ගැන නම් ඔය අදහස මම කිහිප පොලකම කියෙව්වා මතකයි , ස්තුතියි අදහසට

    @ඇනෝ - ස්තුතියි සබැඳියට

    රාජ් - අය වැය ක්‍රියාත්මක වීම ගැන මගේ අදහසත් ඒකමයි

    @තිසර - මම හිතන්නේ හැම ආකාරකම සංචාරකයින්ට අවශ්‍ය දේවල් ඉතාම ඉහල මට්ටමකින් දෙන්න පුලුවන් නම් ඒක වරදක් නැ කියලයි , හෙරිටේජ් ටුවරිසම් වගේම විනෝද වෙන්න එන අයට කැසිනෝඅ , නිරුවත් වෙරල ආදිය තිබුනට කමක් නැ කියලයි මම හිතන්නේ . එක් පැත්තකින් ඓතිහාසික දේවල් නරඹන්නත් , තෙත් කලාපීය පරිසර ලක්ෂන , ලස්සන වෙරල තීර වගේ දේවල් නරඹන්නත් , අනික් පැත්තෙන් විනෝද වෙන්න දේවල් හොයන අයට එව්වත් එකම රටක් ඇතුලේ ලබාගන්න තියනව කියන එකෙන් සංචාරකයින් වැඩි ප්‍රමානයක් ආකර්ෂනය වෙයි කියලයි මම හිතන්නේ , මාර්ග පද්ධතිය ගැන නම් ඔබේ අදහසත් එක්ක සම්පූර්නයෙන්ම එකඟයි

    ReplyDelete
  13. @බින්දි - ස්තුතියි අත්දැකීම බෙදා හදා ගත්තට , උස බස් වල ගමන් යන සුද්දන්ටත් මරබය දැනෙන කොට , ත්‍රිවිල් මෝටර් සයිකල් වල යන අපි සැහෙන්න වීර කමක් කරන්නෙ නේ ?

    ReplyDelete
  14. විනිමය අනුපාත කෘතිමව ෙවනස් කරන ඒක ගැන ඒකඟ ෙවවන්න බෑ.3% න් අවප්‍රමාණය කරපු නිසා බඩුමිල නම් ඉහල යනවා.
    රජෙය් ෙස්වකයන්ට වැඩිවූ 10% මූලික වැටුපට ඒක් වුණා නම් තමයි නිවැරදි.
    සරසවි අාචාර්ය වරු ව නම් පැහැදිලිවම රවටලා.
    (පුද්ගලිකව මට නම් අවාසි විතරයි.රටට ෙහාදක් ෙවනව නම් ඒත් කමක් නැහැ.බලමු ෙමාක ද ෙවන්ෙන් කියලා)

    ReplyDelete
  15. තව කොමෙන්ට් ටිකක් වැටුනට පස්සේ හෙට ආයෙත් එන්නන්

    ReplyDelete
  16. කාලෙකින් හොඳ විචාරයක් බුවා...

    ReplyDelete
  17. හොද විචාරයක්.ලිපිය සමග සම්පූර්ණ එකගයි.
    සංචාරක ව්‍යාපාරය ගැන කිව්වොත්...
    නිරුවත් වෙරළ තිර ගැන මගේ මනාපයක් නැ.අප යම් නම්‍යශීලිත්වයක් දැක්විය යුතු වුවත් එය අපගේ සංස්කෘතික සීමාවන්ගෙන් ඔබ්බට යායුතු නැහැ.එමෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සංචාරක වැඩසටහන් සහ ප්‍රතිපත්තිවලට ඔවැනි සංකල්ප නිසා දැඩි මහජන විරෝධයක් එල්ල වූ බවද අප අමතක කළයුතු නැහැ.

    මේවනවිට ජාතික වනෝද්‍යානතුල ඇතිවී තිබෙන තත්වය පිලිබදව අප දැඩි අවධානය යොමු කල යුතුයි.සංචාරක ව්‍යාපාරයේ නාමයෙන් වනසතුන්ට දිවිපිදීමට සිදුව ඇතැයි වාර්තා පලවෙනවා.

    සංචාරක ව්‍යාපාරය ප්‍රවර්දනය කළයුතු වුවත්, සැමවිටම අපගේ අමිල වූ පරිසර පද්ධතින්ටත් සංස්කෘතික සහ ඓතිහාසික උරුමයන්ටත්, සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට වඩා වැඩි වටිනා කමක් ලබාදිය යුතුයි.මක්නිසාදයත් මුදල් යනු සියල්ල නොවන නිසා...

    ReplyDelete
  18. පොස්ට් එක සහ කොමෙන්ට් ඔක්කොම කියෙව්වා.

    සඳහන් වෙලා තියෙන බොහෝ දේවල් සමග එකඟයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව