Skip to main content

අධිවේගය , කාලගුණය , ශ්‍රි පාද ඡන්දයේ සැඟවුනු කථා සමඟින් සිරි ලංකා ක්‍රිකට්

පොඩි පොඩි දේවල් කිහිපයක් ගැන කෙටියෙන් ලියල දාන්නයි සූදානම

පටන් ගමු අධිවේගයෙන් , ලංකාවේ පලමු අධිවේගී මාරගය අද ඉඳන් ජනතාවට විවෘතයි . මේ ගැන කථා ගොඩක් තිබුනත් දේශප්‍රේමී ශ්‍රි ලාංකික ජනතාව නම් අද ෆුල් හැපි එකේ ඉන්න දවසක් , අද විතරක් නම් මොකෝ තව සතියක් දෙකක් යන කන් ටිවි චැනල් වලත් එක එක කෝණ වලින් අධිවේගයම පෙන්වන නිසා ජනතාවට මුලු කාලය පුරාවටම පස්වනක් ප්‍රිතියෙන් ඉපිලෙමින් ඉන්න පුලුවන් කම තියනව . ඒ විතරක් නෙවෙයි කඩේ යනවට අමතරව යමක් කරගන්න පුලුවන් චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් ඉන්නව නම් අධිවේගයේ  ලුහුබැඳීම් එහෙම  අඩංගු "ඇක්ෂන්" චිත්‍රපටියක් හදලා ඊලඟ ඡන්දය කාලෙට රිලිස් කරල නැවතවතාවක් ජනතාවට අධිවේගී ආතල් එකක් ලබාදීමේ හැකියාව තියෙයි . අධිවේගී හදන කන් අනික් පාරවල් හැදුවම මොකෝ, ඕකට ආශ්චර්යයේ පිවිසුමය කියන්නෙ ආශ්චර්යය තියෙන්නේ ගාල්ලේද ? , ණය සහ  කොමිස් , ප්‍රමිතියක් නැ , වංගු වැඩියි ...ආදී නොයෙකුත් චෝදනා සියල්ලම අමතක කරලා මාත් අධිවේගය වෙනුවෙන් පොඩි අත්පුඩියක් ගහන්න  කැමතියි . ඒ  අධිවේගී මාර්ග කියන සංකල්පයට මාත් එකඟ නිසා (ප්‍රමුඛතාවය්න් තමයි වෙනස් වෙන්න ඕනි ) ,හැබැයි ඉතින් අද රැ ප්‍රවෘත්ති වලින් අධිවේගයේ  රූප දැකල අගය කරන අපේ සමහරක් ඇයින් සල්ලි දීල ඔකෙ  යන්න තියන කුණු කමට හෙට උදේ ගාල්ලට යන්න පුරුදු  ගාලු පාරම තෝරගැනීමේ හැකියාවකුත් තියනව කියල කියන්න ඕනි . මොකෝ ඉතින් පාරවල් හැදුවාට මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙනවායැ . අධිවේගයේ යන්න බලාපොරොත්තු වෙන අය අදාල නිති රිති ගැන හොඳින් දැනුවත් වෙලා යන එක හොඳයි මීට කලින් විදේස් රටකදී අධිවේගයක් භාවිතා කරල නැත්නම් , සේෆ්ට් පස්ට් කියල  කියනවනේ !


අධිවේගයේ යන අයව දැනුවත් කරන්න නම් වැඩපිලිවෙලවල් ගණනාවක් තිබුනත් , මුලු රටේම ජනතාවට බලපාන කාලගුණය ගැන දැනුවත් කරන්න නම් අපේ කාලගුණ බලාධාරීන්ට හැකියාවක් ලැබුනේ නැ . ධීවරයින් ඇතුලු ජිවිත ගණනාවක් බිලිගත්ත අවසනාවන්ත සිදුවීම වලක්වාගන්න හැකියාව තිබුනාය කියල අහන කොට අපේ ඇඟේ මාලු නටන්නෙ අදාල නිලධාරිගෙ පඩි පැකට් එකට අර මිය ගිය ධීරවයින්ගෙත් දායකත්වයක් තියනවාය කියන එක ඒ නිලධාරීන් අමතක කරල දාල තියන නිසා . මෙහෙම තත්වයක් ඇතිවෙන්න පුලුවන්ය කියල  අනතුරු ඇඟවීම ඇවිත් තියෙත්දි , ඉන්දියා බලධාරීන් තමන්ගේ ජනතාව දැනුවත් කරල තියෙත්දි අපේ කාලගුණයේ  කාල බුදිය ගත්ත උන්ටත "අකුරට ක්‍රියාත්මක " නීතිය බලපවත්වාවි කියලයි  අපි බලාපොරොත්තු වෙන්නෙ

කාලගුණය ගැන කථා කරන කොට අමතක නොවනම ඉසව්වක් තමයි සමනල අඩවිය හා ශ්‍රි පාදස්ථානය . ශ්‍රි පාදස්ථානය වෙනුවෙන් භාරකාර ස්වාමීන් වහන්සේ නමක් තොරාගැනීමේ ඡන්දය පහුගිය දාක පැවැත්වුනා . එතනටත් කඩා වැදුනු කැලණියේ  චණ්ඩියා වැඩේ දෙ ල් කලාය කියල තමයි මාධ්‍ය වල පලවුනේ .ඒ කථාව බොරුවක් නොවුනත් එතන සැඟවුනු තව කථාවකුත් තියනව . ඒ ගැනයි මේ කියන්නට යන්නේ . මේ තොරතුරු ඔක්කොම අහපු දැකපු අයගෙන් ලැබුන තොරතුරු . ඔය  ඡන්දය වෙනුවෙන් රජයේ ඇතැම් දේශපාලකයින්හා සම්බන්ධ තවත් පුද්ගලයින් එක් හිමි නමකට බැහැල වැඩ කලා , ඒ ඉතින් රත්නපුරේ පැත්තේ තියන භූමි සම්පත් හා සබැඳුනු මුල්‍යමය සහයෝගිතාවක් කියලයි කියන්නේ . මේ හිමි නමගේ ජයග්‍රහනය වෙනුවෙන් බැහැල වැඩ කරපු අය මුදල් , වාහන අල්ලස් වගේම සමහර හිමි වරුන්ට පෞද්ගලික රෝහල් වල නවාතැන් පවා  දුන්නාය කියල ආරංචියි . ආ... තව අලි ඇතුන් අල්ලසුත් තියනව . මේ වැඩේට සම්බන්ධ අය අතර "සිංහල බෞද්ධ " ගිහි පොරවල් සහ සමහර දේශපාලකයින් කිහිපදෙනෙක් විතරයි හිටියේ (රත්නපුරයේ  රජයේ දේශපාලන බවතුන් වැඩේට බැහැල හිටියේ නැතිලු )  . ඔය කතන්දර මාලාවේ අවසන් ජවනිකාවට හෙවත් ඡන්දය වෙලාවට තමයි කැලණි තිස්ස සම්බන්ධ වෙන්නෙ , පොරගේ සුපුරුදු පාතාල සෙට් එක අනික් පාර්ශවයේ හාමුදුරුවන්ට ඡන්දය දෙන්න ආපු ස්වාමීන් වහන්සේලාට සහ ගිහි ආධාරකරුවන්ට තග දාපු බව තමයි කියවෙන්නෙ , නම්බර් ප්ලේට්වත් නැති අති සුඛෝපබෝගී වාහන වලින් ආපු ඇතැම් හාමුදුරුවරුන්ගේ  කියකලාපය දැකපු එතන හිටපු අයට කියවුනේ "අනේ මුන්ටද අපි දානේ දෙන්න " කියලාලු . ඒ වගේම එලිපිට සංඝ බෙද පාපකර්මයට දායක වුනු සිංහල බෞද්ධ ගිහියන් හාමුදුරුවරුන්ට අමතපු විදිහ දැක්කාම "මේ  සිංහල බෞද්ධා රජ්‍යයි " කියන වාක්‍යට  බස් වලටම සීමා වෙලා කියලලු හිතෙන්නෙ . සමන් දෙවියන් ගැන මිනිස්සුන්ගෙ තියන විශ්වාසයන් හා ශ්‍රි පාදය ගැන තියන විශ්වාසයන් අනුව බැලුවාම නම් එදා සිදුවුනු අපරාද වල හැටියට  මේ  අයට රියල් ටයිම් දඬුවම් ලැබෙන්න ඕනි , එහෙම එකක්  වුනේ නැති නිසා , ඉදිරිය ගැනවත් බලාන ඉමු !. කතන්දර දලදා මාලිගාවට දතේ පන්සල කිව්වාය කියල සමහරක් අයට සැහෙන්න තදවෙලා තිබුනා, ඒ අයට මම කියන්නෙ මේ සිදුවීම ගැන හොඳට හොයල බලන්න (මම කිව්ව ඒවට වඩා සැහෙන්න තියනව කරුණු කාරණා ) , පිස්තෝල ඉනේ ගහන් ඉන්න චිවර දාරින් ,  අල්ලසට නැමෙන හාමුදුරුවරුන් ඇතුලු ඒ කාරණා දැක්කාම ඔබලාටම කලකිරීමක් ඇති වෙයි

ඔය මොන සීන් වුනත් රටේ මිනිස්සු ප්‍රශ්න අමතක කලේ ක්‍රිකට් මැච් බලලා , දැන් නම් ඒකටත් බබා හම්බ වෙගෙන යන්නෙ. මේ දවස් වල හොඳ ක්‍රිඩා ලොලියෙක් එක්ක ක්‍රිකට් ගැන ක්ථාවක් පටන් ගත්තොත් කියන්නෙ , "ඔස්ට්‍රේලියා - සවුත් අර්ෆිකා හරි  ඉන්දියා- වෙස්ට් ඉන්ඩීස්  හරි මැච් ගැන කථා කරමු අපේ උන් ගැන නම් කථා නොකර ඉමු" කියලයි .කවදාවත් නොතිබුන විදිහට පුහුණු කරුවො රොත්තක්ම දාල ඉත්දිත් කණ්ඩායම අසාර්ථක වෙන්නෙ  මොකක් හෝ පරහක් තියන නිසා . මොකද මේ ක්‍රිඩකයින්ම තමයි පහුගිය කාලයේ මැච් දිනවන්න කටයුතු කලේ . මම දකින ලොකුම පරහ නම් නායකත්වය , දෙක පරිපාලනය . ඔබ දකින පරහ මොකක්ද??

Comments

  1. 1.යුධ වීරයා හිරේ ගිය එක දැන් අපේ අයට අමතකයි..මොකෝ ඉතින් අද ඉදන් අපිට ආයි අධිවේගී ආතල් එකක් තියෙනවනේ..
    2.ක්‍රිකට් කෙල්විමට හේතුව..නායකත්වය + පරිපාලනය තමයි..

    බුවා සංගා නායකත්වයෙන් අස් උන දවස්වල ලියපු පොස්ට් එකක් මම ඊයේ කියෙව්වා..පුලුවන්නම් මේක බලන අය ආයි ඒ ලිපිය කියවලා බලන්න..ඒ කියලා තියෙන දේවල් 100 % ඇත්ත..

    ReplyDelete
  2. අධිවේගෙ ගැන මම කියන්නම් තව මාස හයකින් පස්සේ. මම ඕකෙ යන්නේ තව මාස හයකින්. එතකන් මම බලාගෙන ඉන්නවා ආතල් කාරයෝ යන හැටි. අධිවේග සංකල්පයත් එක්ක පොඩිත් නැති අඩුපාඩු කම් තිබුනත් මම ඔබ සමඟ අත්පුඩියක් ගහන්න එකතු වෙන්නම්.
    පහුගිය සුනාමි වෙලේ ඔය කාලගුනේ අය චැනල් එකක හෙන දේශනාවක් දෙත්දි මම ඇහුවා දුරකථනයෙන්, ඇයි මහත්තයෝ ඕකෙ මුරකාරයෙක්වත් නැත්ද රෑට එන පණිවිඩ ගන්න කියලා. ඇයි මේ යක්කු කිව්වනේ ඇමරිකාව දන්වපු එක එයාලට නොලැබුනේ එදා නිවාඩු දිනයක් සහ උත්සව කාලයක් නිසා කාර්ය්‍යය මංඩලවල අඩුවක් තිබුනා නැවත එහෙම වෙන්නේ නැහැ කියලා. මමයි වැරදියට තේරුම අරන් තියන්නේ. ඒ කියලා තියන්නේ සුනාමි ගැන. සුලිසුලන් නෙමේ. අනේ ඇත්තට අපි අගේ හර්ක් නේද බුවා?
    අනික් කාරණය වන හාමුදුරුවන් කියා කොටසක් දැනට ලංකාවේ නැත. ඇත්නම් ඉන්නේ ඈත හිමේ යන්න එන්න බැරි තැනක. ඔය කහපාට යුනිෆෝම කට්ටිය තවත් එක බිස්නස් කාරයෝ රොත්තක් විතරයි.
    කේඅකට් ගැන ඔබේ අදහසට එකඟයි.

    ReplyDelete
  3. අධිවේගි මාර්ග අත්දැකිමවත් නොමැති නිසා ඒ ගැන නම් කථා කරන්න මම දන්නේ නැ...

    කාළගුනය ගැන කථා කරනවානම් ඇත්තටම ඒ අය මොනවා කරනවද කියලා මට තේරෙන්නේත් නැ.. සුනාමි එනවා දන්නේ නැ සුලිං සුලං එනවා දන්නේ නැ... මොනවා ගැන දන්නවාද කියලා මම දන්නේත් නැ

    ක්‍රිකට්... කාලෙකට කලින් ගොඩාක් අය ක්‍රිකට් එක්ක උන්නා.... දැන් ඒක ගොඩාක් අඩුවෙලා.. මොකද මැච් එකට වෙන්නේ අහපුවහම.. මොනවා වෙන්නද අදත් කනවා කියලා තමයි අහන අහන එකා කියන්නේ....

    නයකත්වට ඩිල්ෂන්වත් තරංග වත් හොදයි කියල මම නම් හිතන්නේම නැ

    ReplyDelete
  4. අනේද කියන්නේ!

    ReplyDelete
  5. මමත් හිතනව ඩිල්ෂාන් කැප්ටන් කමට හරියන නෑ කියල.

    ReplyDelete
  6. 1. හයි වේ..
    මොකා කලත් හොඳ වැඩක්, නමුත් ලයින් 2ක් මදි හයි වේ එකකට ඇඩුම 3ක් වත් ඕන. දෙපැත්තෙන් එක එක ලයින් දෙකක් සාක්කුවට දාලා කියලා නොසන්ඩාල ඒවුන් කියනවා. ලයින් තුනක් නැත්නම් හයි වේ එකක් නෙමෙයි. ඒ අනුව මේක වෙන ඒවා වගේම අලුත් සංකල්පයක්.

    2. කාළ ගුණේ
    ඉස්සර කන්දේ ගෙදර කියලා ලස්සන නාට්ටියක් ගියා රූපවාහිනියේ. එකේ මහ ගෙදර තාත්තා රෝහන බැද්දගේ, අම්මා රම්‍යා වනිගසේකර. ඒ ගෙදර ඉන්නවා පොඩි කාළේ ඉඳන් ඒ ගෙදර හැදිලා ඒ ගෙදර අයටයි, ගෙදරට එන අමුත්තන්ටයි ආතල් දෙන කාළගුණේ කියලා කෙනෙක්. ඒ කාලගුණේයි අපේ කාළගුනෙයි අතරේ වෙනසක් නෑ. දෙන්නම කරන්නේ ආතල් දෙන එක.

    3. සංඝ බජව්
    මේ රටේ බුද්ධ ශාසනයක් කියලා එකක් නෑ. බිස්නස් කාරයෝ සෙට් එකක් ඉන්නේ. ඉතින් සමූපකාර චන්දෙයි මේකෙයි වෙනසක් නෑ. හාමුදුරු හොරුට හොඳට ගරු සරු ඇතුව කතා කරලා තියෙනවා. ලොකුම ගිහියයි එයාගේ අප්පොච්චියි. සාදූ සාදූ බුදු පෙරහැර සාදූ සාදූ. වඳින්න යන මේ නඩේට. මර්වින් සිල්වා පිහිටයි. කොකොමද අපෙ කැළනියේ ලොක්කගේ වැඩ.

    4. ක්‍රිකට්..
    අවසාන කටයුතු, දකුණු අප්‍රිකාවේදී සිඳුකරන බවට කනගාටුවෙන් දැනුම් දෙමු. මීට ශෝකයට පත් පාළක මන්ඩලය සහ නාවලපිටියේ කළවැද්දා..

    ReplyDelete
  7. ඇමරිකන්කාරයො හඳට ගොඩ බැහැලත් දැන් අවුරුදු හතලිහකට වැඩියි.(කෝ අර අපි යවනවා කියපු චන්ද්‍රිකාව?) අපි දැන් තමා දහ අතේ ණය වෙලා අධිවේගී මාර්ගයක් හදා ගත්තෙ. කාටද ආඩම්බර?

    ReplyDelete
  8. මේ දේවල් ගැන විවාදයක් නෑ. මම හිතන්නේ නම් අධිවේගයේ යන්න කට්ටිය හිටී. මොකෝ අපිට සල්ලි නැති උනාට සල්ලි තියන ය ඕන තරම් ඉන්නවා. ඒ නිසා සමනය ජනතාව නෝමල් පාරෙත් අනිත් අය අධිවෙගයේත් යයි. එහෙම හරි නිකන් පාරේ ට්‍රැෆික් අඩු වෙනවනම්.

    මේ සැරේ SF නඩුව ගැන ඇති ප්‍රශ්න ගැන කරුණු ඇතුලත් ලිපියක් (මේක නම් එයාලට පක්ෂක්ග්රාහී.එක කියන්නේ දෙයක් නැනේ) sundayleader එකේ තියෙනවා. ඒ වගේම සෙවනගල (දයා ගමගේ) ගැනත් එකක් තියෙනවා. ලිපි දෙකේ අදහස් නෙමේ දීල තියෙන points සහ ඉලක්කම් ගැන බලන්න.


    http://www.thesundayleader.lk/2011/11/27/warawewa-fonseka-butenis-knows-the-truth/

    http://www.thesundayleader.lk/2011/11/27/sevanagala-tailor-made-for-unp-financier/

    මගේ කතාව

    ReplyDelete
  9. එකේ නෙමේ රත්වත්තේ රෙනජාල් තුමා මැරුණු එක ගැන බුවාගේ අදහස මොකක්ද? මැරුණු එක කිව්වට මළාට පස්සේ වෙන දේ ගැන තමා ඇහුවේ.

    මගේ කතාව

    ReplyDelete
  10. මං ක්‍රීඩාව ගැන විතරක් කතා කරන්නම්. ලිපියේ කියලා තියෙන කාරණා දෙකටම මාත් එකඟයි. ඒත් මං දකින තව කාරණයකුත් එකතු කරන්න කැමතියි. ඒ තමයි අපේ අය ලොකු මානසික කඩා වැටීමකටත් ලක්වෙලා ඉන්නවයි කියන එක. එහෙම නැත්නම් මේ තරම් දක්ෂතා තියෙන ක්‍රීඩකයින් ඉන්න කණ්ඩායමක් මෙහෙම පරාදවෙන්න බැහැ. ලෝක කුසලානයෙන් පස්සේ ඉඳන් තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ. කොහොම වුණත් මෙහෙම ගියොත් නම් අපේ එවුන් බංගලියන්ටත් පරාදවෙලා ඊටපස්සේ කෙන්යාන්කාරයින්ගෙනුත් කනවා.

    බුවා පුළුවන් නම් මේ වියවුල ගැනම ඉස්සරහට වෙනම ලිපියක් දාන්න බලපන්....

    ReplyDelete
  11. බුවා මමත් කතා කරන්නේ ක්‍රීඩාව ගැන විතරයි. :P
    නායකත්වය හා පරිපාලනය දෙකම අවුල් ඒක ඇත්ත.
    ඒ වගේම සංගක්කාර ගත්ත තීරණයේ(නායක කමින් අයින් වීම) තියෙන බරපතලකම(හේතුව මොකක් උනත්), සංගක්කාරට තව ලෝක කුසලාන 2 ක් වත් ඉන්න තිබුනා. පොන්ටියා වගේ. එහෙන්ම මීට වවා තත්වේ හොද වේවී.

    ReplyDelete
  12. අපිට අදිවේගී මාර්ගත් එපා,ක්‍රිකටුත් එපා,බොරුවට බන කියන කහ සිවුරොත් එපා,කාටවත් අත තියන්න බැරි සාදාරන නීතියක්,විතරක් තිබුනොත් අපිත් ලන්කාවට එනවා.ලන්කාව ගොඩ ගන්න හැටිත්,අපි දන්නවා.තුන් වේලම බඩගින්නෙ ඉඳල,උදේ හවා මහින්දගෙ පින්තූරෙට වඳින මී හරක් එක්ක ලන්කාව යන දිහාව බලාගෙන කන්ගාටු වෙනවා.

    ReplyDelete
  13. අපරාදේ ඩිල්ශාන්! නියම කණ්ඩායම් හැඟීමක් තිබුණ ක්‍රීඩකයෙක්!

    ReplyDelete
  14. # හයි වේ
    ඇත්තටම හොද වැඩක්.නමුත් මටත් හිතෙනවා පළල මදි කියලා.මේ ආණ්ඩුව තරම් මාර්ග සංවර්ධනය කරපු ආණ්ඩුවක් නැ කියලා හිතනවා.(හැම තැනම කොන්ක්‍රිට් කරන එකට මගේ මනාපයක් නැතිවුනත්..)

    # කාලගුණය
    දන්නේ නැති මගුල් ලියන්නේ නැතුව ඉන්නවා.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නේ උෂ්ණත්වය මනින්න.

    # සාසනය
    සාසනය අන්තෙටම පිරිහිලා.මං පෝය දවසේ රෑ 9.00ට විතර පන්සල් ගිහින් පිරිත් නුලක් බදින්න ඇහුවම නායක තෙරො මට ඔරවලා කිව්වනේ 'දැන් පිරිත් නුල් බදින්න බැ' කියලා.(සාසනේ පිරිහිලා කිව්වේ ඒක හින්දා නෙමෙයි ඇ..පිරිහෙන්න සාසනයක් තියෙනවද කියලත් හිතෙනවා.)

    # ක්‍රිකට්
    කවුරු හරි ඔය මාතෘකාව අහපු ගමන් කියවෙන්නේ "ක්‍රිකට් ගැන නම් කතා කරන්න එපා" කියලා.එත් ක්‍රිකට් වලට බොක්කෙන්ම තියෙන ආදරේ යන්නේ නැ.ඩිලා හොද ක්‍රීඩකයෙක්.හොද නායකයෙක් නෙමේ.සංගා අයින් වෙනවා කියපු ගමන් ඩිලා බෝධි පුජාවක් තියලා නායකකම ගන්න ලෑස්තියි කියලා ටීවී 1ට කියපු දවසේ මට ඔකාව එපා වුනා.ඒ වුනාට මං තාවම ඌට කැමතියි...

    කැප්ටන් සි 1ට සංගායි මයියයි ඇරෙන්න වෙන සුදුස්සෙක් නැ.සංගා එක පාරට අයින් වෙච්ච 1ගැන දැන්නම් මටත් සැකයි.ඒ එක්කම ආණ්ඩුව සංගා එක්ක ඔරොප්පු ඇයි කියලත් මං සෑහෙන්න හිතනවා. සිරාවටම.. ආණ්ඩුව ලොකු අයියාට තියෙන ආදරේට වර්ල්ඩ් කප් 1 ලොකු අයියාට පවා දුන්.....නැ.. නැ.. එහෙම වෙන්න නැතුව ඇති.

    ReplyDelete
  15. 1.අධිවේගය ගැන ගොඩක් අදහස් තියෙනවා.එකක් විතරක් අහන්නම්.කොළඹ ඉඳල කොට්ටාවට යන්න කොච්චර වෙලායනවද?
    2.කාලගුණය ගැන කිසිවක් නොකියමි.
    3.@අනික් පාර්ශවයේ හාමුදුරුවන්ට ඡන්දය දෙන්න ආපු ස්වාමීන් වහන්සේලාට - අහවලාට ඡන්දේ දෙනවයි කියල කලින්ම අඬබෙර ගහනවද? ඇයි එහෙම කරන්නේ?එහෙම නොකරහිටියනම් කාටද ඔය මැරවරයෝ ගහල එලවන්නේ.(බුවා ඔබ මෙන්ම සුපුරුදු පරිදි අපේ බුද්ධිමත් පාඨක ජනතාව ද මේ සිද්ධිය දඩමීමා කරගෙන බුදුසසුන ද සිංහල ජාතිය ද අප රටද හෙලාදකිමින් අදහස් දක්වා ඇත - අධිසාමාන්‍යකරනය)
    4.මහලොකු අර්බුදයක් ක්‍රිකට් වල තියෙනවද?ශේණිගත කිරිම් වල 2 ඉදල 3 ට පල්ලම් බැස්ස එක ඇත්ත.දකුණු අප්‍රිකානු සංචාරයේදී අයේ ඉහල යන්න ඉඩ තියෙනවා.මම හිතෙන විදියට නම් ක්‍රිකට්වල තියෙන්නේ අපේ පැත්තට වාසනාව නැති වීම කියන ප්‍රශ්නය.මේක අවිනිශ්චිත ක්‍රීඩාවක් කියල හැමෝම පිලිගන්නවා නේ.ඩිල්ශාන්ගේ නායකත්වය හොද නැති බව නම් ඇත්ත.නමුත් ක්‍රිකට් පරිපාලනයේ ගැටලු එහි ආර්ථික අර්බුද ආදිය හතරේ සීමාවෙන් ඇතුලට අදාල නෑ.

    @මගේ කතාව, අර සේප්පු වල තිබ්බ කෝටි ගනණක සල්ලි හෙව්වේ කොහොමද කියන ප්‍රශ්නයට දැන් උත්තර දෙන්න ඕනි නෑ අධිකරණයට.එතුමා අධිකරණයෙන් නිදහස්.හැබැයි ඒ අපේ අධිකරණයෙන් විතරයි.

    ReplyDelete
  16. @ජයශ්‍රි - කිසිම සමාන්‍යකරනයක් නැ , මම කලේ යම් සිද්ධියක් බොහොම අඩුමට්ටමකින් ජාම බේරගෙන වාර්ථා කරන එක , මේ සිද්ධිය මැටි කෝප්පෙන් වහල නෙවෙයි වුනේ මහ දවල් සබරගමු පලාත් සභාව ඉස්සරහ , අනික මේකේ මුලු ක්ථාවම බොහෝ දෙනෙක් දන්න දෙයක් , මම කියන්න යන්නේ නැ ජයශ්‍රි සහෝගේ මිත්‍රයෙක් ඉන්නව නම් රත්නපුර පැත්තේ කෝල් එකක් දීල අහගන්න මුලු කතන්දයම එයා කියයි . අහපු ප්‍රශ්නයට විතරක් උත්තර දෙන්නම් . මේක රහස් ඡන්දයක් නෙවෙයි , ඡන්දය දුන්නා තමන් කැමති කෙනා පැත්තෙන් වාඩි වුනා , ඒ නිසා හාමුදුරුවන් තමන්ගේ මනාපය හැංගුවේ නැ , අනික ජයශ්‍රි දන්නව ඇතිනේ පන්සල් පන්සල් අතර හාමුදුරුවරු අතර හිතවත් කම් තියනව ,(උදා - එකම ගුරු හාමුදුරුවරුන්ගේ ගෝලයන් ) මේව අනුව සමාන්‍ය මතයක් ඇති වෙලා තිබුනේ අහවල් පන්සල සපොර් අහවලාට ආදි වශයෙන් , ඒ අනුව තමයි අල්ලස් ක්‍රියාමාර්ග ඇරඹෙන්නෙ , අදාල අල්ලස් ලබපු ඇයින් සමහරක් මොන්ටේරෝ , බෙන්ස් ඇතුලු වාහන වලින් වඩිත්දි , අනික් හාමුදුරුවන්ට සහය පල කරපු හෙවත් අල්ලසට යට නොවුනු ස්වාමින් වහන්සේලා ගොඩ දෙනෙක් වැඩියේ එකට එක බස් රථයකින් , තනිව සිටිනවාට වඩා එකට සිටීමෙන් ආරක්ෂාව සලසා ගත හැකිය කියන බය හාමුදුරුවරුන්ට දැනෙන තරමට තත්වය දරුණු වෙලා තිබුනේ , ඔන්න ඔය බස් එකත් එක්ක තමයි ගැටුම පටන් ගන්නෙ . හාමුදුරුවරුන්ට ඒ වෙලාවේ ගහල එලෙව්වේ නැ , සියලු දෙනාම ඡන්දය දුන්නා (හැබැයි ආවෙම නැති කට්ටියකුත් ඉන්නව ) . සමස්ථ සිද්ධිය බොහොම අපුලයි , අල්ලස් දීපු ගිහි බෞද්ධ නායකයො සහ අල්ලස් ගත්තු හාමුදුරුවරු දෙගොල්ලම වගකිව යුතුයි , ඒ වගෙම කියන්න ඕනි මෙතන රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් අතර බෙදීමක් නැ මම දන්න තරමින් , තියෙන්නෙ පුද්ගලඉක වාණිජ අරමුණු , (වෙන මොනවද ඉතින් රත්නපුරේ පොලවෙන් හම්බවෙන පාට ගල් කැට තමයි මුලටම එන්නෙ ) . මම කියනවට පිලිගන්න එපා රත්නපුරේ පැත්තේ ඉන්න අයගෙන් අහල බලන්න )

    ReplyDelete
  17. @චම්මා - ස්තුතියි , මටත් අරහෙම ලිපියක් ලිව්වා කියල අමතක වෙලා තිබුනේ

    @මහ වෙදනා - ස්තුතියි , බිස්නස් කාරයින් නිසා අවංක ස්වාමින් වහන්සෙලාගේ තැනත් නැතිවෙලා කියලයි මට හිතෙන්නෙ , ස්තුතියි අදහසට

    @දේවා - ස්තුතියි අදහසට , නායකයට සුදුසු ඇන්ජලෝ තමයි

    @දූපත් වැසියා - ස්තුතියි

    @සබිත් - හ්ම්.....

    @මාතලන් - තාත්තගෙයි පුතාගෙයි කෙරුවාව නම් බොහොම ප්‍රසිද්ධයි , හයිවේ එක ප්ලැන් කරපු විදිහට කලා නම් මීට වඩා හොඳයි රටට , අජිත් පැරකුම් මහත්තයගෙ ලිපිය කියෙව්වාම හිතුනේ එහෙමයි , කන්දෙ ගෙදර මාත් බොහොම කැමති නාට්‍යයක්

    @රැඩිකල් - ඇත්තටම කාටද ? ණය දුන්න අයටද ? ණය ගත්ත අයටද ? දෙකටම අයිති නැති ඒත් ණයගෙවන්න වෙලා ඉන්න අපිටද

    ReplyDelete
  18. මගේ කථාව - ස්තුතියි ලින්ක් දෙකට , රත්වත්තේ මහත්තය ගැන මගේ දැනුම් ප්‍රමානය බොහොම අඩුයි , රූප මාධ්‍ය වලින් දැකපු දෙයක් තමයි , නමුත් ඒවා දකින කාලේ පොඩි එකා නිසා විශ්ලේෂනය කරන්න හැකියාවක් තිබුනේ නැ , බලමු දැන් නම් ඒ ගැන කතිකාවක් හැදෙයි මුද්‍රිත මාධ්‍ය වල


    @උදාර - එහෙම නොවේවා කියල පතමු , කොහොම උනත් ලියන්න දේවල් නම් තියෙයි ඉදිරියට අනිවාරයයෙන්ම

    @bckurera- ලෝක කුසලාන 2ක් නම් ඉන්න බැරි වෙයි නේද වයස නිසා , නමුත් තවත් කාලයක් සිටිය යුතුව තිබුනාය කියල තමයි මාත් හිතන්නේ

    @ඇනෝ - අපිත් ලංකාවේ ඉඳන් කණගාටුවෙන එක තමයි කරන්නෙ , මේ විදිහට ගියොත් තව වසර කිහිපයකින් මාත් ඇනෝ ඉන්න තැන ඉඳලම කථා කරාවි

    @විසිතුරු - අනිවා , නමුත් ඒක නායකත්වයට සුදුසු කමක් නෙවෙයි , බලන්න ඉන්දියාවේ යුවරාජ් ඩිල්ශාන් වගේ උද්යෝගී ක්‍රිඩකයෙක් , නමුත් අයිපීල් නායකත්වයක්වත් හරියට කරගන්න බැ

    ReplyDelete
  19. KC - පවා දුන්නා කියල නම් මම හිතන්නෙ නැ , ඒක අපේ ක්‍රිඩකයින්ට වගේම ඉන්දියාවේ දක්ෂතාවයටත් කරන අපහාසයක් , සංගා තව කල් සිටිය යුතුව තිබුනා කියල තමයි මාත් හිතන්නේ

    ReplyDelete
  20. @ජය ශ්‍රී :මේ high way එකෙන් තියෙන ප්රෝයෝජනය අඩුයි. මොකද කොළොඹ ඉදන් කොට්ටාවට යන්න යන කාලය නිසා.ඒත් කොළොඹ කටුනායක පාර හැදුනම පිටත වටරවුම් මාර්ගය හැදිලා ඒවා සම්බන්ධ උනහම තම නියම ප්‍රොයෝජන ලැබෙන්නේ(මේ දෙකම දැන් හදන් යනවා).
    රත්වත්තේ මහත්තය ගැන මම දන්නෙත් නෑ එච්චර.එය ගැන එච්චර කතා කරන්න ඕනත් නෑ. මොකෝ හැමෝම දන්නා තරම ඇති. මම කිව්වේ උන්නැහේගේ මන්තිරිකම ගැන.

    මගේ කතාව

    ReplyDelete
  21. මමත් කැමති ක්‍රිකට් ගැන කතා බහ කරන්න විතරයි ..අනෙක් එවුවා ගැන මට වැඩි දැනූමක් නෑ

    ඩිල්ශාන් අද්දැකීම් ගොඩක් තියන ක්‍රීඩකයෙක් තමා . මමත් බලාගෙන හිටියේ මීට වඩා දක්‍ෂකම් නායකත්වයට ආවට පස්සේ එයා පෙන්වයි කියලා වාසනාව හෝ අවාසනාව හෝ වෙන දෙයක් නිසා එයැයිට හරිහමං වැඩ්ක් පෙන්වන්න බැරි වුණා ..

    සංගයි මහේලයි තමා ටීම් එකට මෑත කාලේ හිටපු හොඳම නායකයෝ දෙන්නා . ඒත් දැන් ඉතින් කාට කියලා නායකත්වය දෙන්නද ?

    ReplyDelete
  22. @බුවා.ඔව් මාත් එහෙම හිතනවා.එත් මේ වෙලා තියෙන දේවල් දැක්කම මගේ තියෙන ගොන් කමට මටත් ඔය පාවාදීම් වගේ දේවල් හිතෙනවා.ඇත්තටම ක්‍රිකට්‌ ගැන ලොකු දුකක් දැනෙනවා.අපේ ක්‍රිකට් ඉක්මණින්ම තිබුන තත්වයට එවි කියන එක අනිත් උන්ගේ වගේම මගෙත් අදහස,ප්‍රාර්ථනය.

    ඒවුනාට.. දේශපාලන ඇගිලිගැසීම් ක්‍රීඩාවට ලෝකු බාධාවක්.වාස්‌ට කරපුදෙ මතකනේ...

    ReplyDelete
  23. @බුවා,මගේ කතාව, රත්වත්තේ මහතා යාපනය මුදාගැනිම ගැන එතුමාට අපේ ගෞරවය හිමිවිය යුතුයි.

    නමුත් එතුමා ඇමති ධූරය දරන කාලේ උපයගත්ත (රු කෝටි 8 විතර)වත්කම් උපයපු විදිය පෙන්නන්න කියල අධිකරනයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා.(මතක හැටියට එ.ජා.ප රජය සමයේ තමයි ඒක ගොනු කලේ)මා කතා කලේ ඒ ගැන.

    (මා සතුව තොරතුරු මද බැවින් ශ්‍රීපාද සිද්ධිය ගැන කතාව පසුවට තබමු.)

    ReplyDelete
  24. සියල්ල සමගම එකගයි.අනිත් හැමඑකක්ම වගේ මේ කියන තැන් වලදීත් පේන්නෙ අපේ "ලාංකීය" ගතිය මිසක් වෙන මොකද්ද?:D

    ReplyDelete
  25. @Buwa, ඇත්තටම ආඩම්බර වෙන්නේ බයිසිකලයක්වත් නැති රිදීමාලියද්දේ බණ්ඩා වගේ අය. ඒ තූත්තුකුඩියක පාරකට ගත්ත ණය වාරික වලට බදු ගෙවන්න වෙන නිසා.

    ReplyDelete
  26. අපෙත් ඉස්සර ආසාවක් තිබුන, ජීවිතේ සැන්දෑ සමය ලංකාවේ ගතකරන්න.
    දැන් නං හිතෙනවා , ඇටකටු ටික හලන්න විතරක් ලංකාවට එන්නෙ මොටද කියල.

    ReplyDelete
  27. "මහලොකු අර්බුදයක් ක්‍රිකට් වල තියෙනවද?ශේණිගත කිරිම් වල 2 ඉදල 3 ට පල්ලම් බැස්ස එක ඇත්ත.දකුණු අප්‍රිකානු සංචාරයේදී අයේ ඉහල යන්න ඉඩ තියෙනවා.මම හිතෙන විදියට නම් ක්‍රිකට්වල තියෙන්නේ අපේ පැත්තට වාසනාව නැති වීම කියන ප්‍රශ්නය.මේක අවිනිශ්චිත ක්‍රීඩාවක් කියල හැමෝම පිලිගන්නවා නේ.ඩිල්ශාන්ගේ නායකත්වය හොද නැති බව නම් ඇත්ත.නමුත් ක්‍රිකට් පරිපාලනයේ ගැටලු එහි ආර්ථික අර්බුද ආදිය හතරේ සීමාවෙන් ඇතුලට අදාල නෑ."


    මේ ජයශ්‍රී නම් කවදාවත් CRICKET බලන කෙනෙක් වෙන්න බැහැ Hik hik

    CRICKET කියන්නේ වසන්වම නෙවෙයි. 20% TALENT + 80% MENTAL. පෙරිපලන්ය අවුල් උනාම ක්‍රීඩාවේ සංවර්දනයට බලපානවා. දැන් තියන ලොකු අඩුවක් වෙන්නේ පාසල් මට්ටමේ ක්‍රීඩකයන් සොයාගැනීම සහ ඔවුන් නිවෙරදි ආකාරයට දියුණ කිරීමේ අඩුවක්. තව පුහුණු කරුවන් ඔහේ ප්පත්කරගෙන පත් කරගෙන යනවා. කෝ බැටින්ග් පුහුණුකරුවෙක් හිටියට අපේ බට්ස්මන්ලට අජ්මල් ට ගහන්න උගනුවද? දැක්කද යුනිස් ඛාන්, මිස්බාහ් අපේ ස්රිනේර්ස්ලට ගහපු හැටි. ඉන්න තැන වෙනස් කරලා, 1,2 අරගෙන (match බැලුවනම් තේරේවි), අපේ එවුන් හිර උන, පුහුණුකරු හරිනම් දෙවෙනි තරගයේ ඉදලම් අපේ යට හරියට ගහන්න උපක්‍රමයක් කියල දෙන්න ඕනි. අවාසනාවකට එහම උනේ නැහැ.

    මචන් CRICKET ශ්‍රේණිගත කිරීම් කියන්නේ තරග ගොඩක් සලකල දෙන ලකුණුවලට (20-40 GAMES ) එතකොට එකපාරටම 2 ඉදන් 7 වෙනකම් පල්ලම් බහින්නේ නැහැ.

    ආර්ථික ගැටළු අදාල වෙන්නේ, මදල් යොදවන්නේ මොනවටද කියල බලපුවහම. අවශ්‍ය ක්‍රීඩා සංවර්දනයට නැතුව වෙනවෙන වේදවලට සල්ලි දල නිකන් බලන් හිටියට ක්‍රීඩාව දියුණු වෙන්නේ නැහැ. (එහෙමනම් පාලක මණ්ඩලයක් ඕනිත් නැහැනේ). තව එකක්, චාමර් සිල්වා 20/20 එකට දාපු එකෙන්ම පේනවා අපේ CRICKET තියන තැන (කෝ අලුත් බට්ස්මන්ලා). ඉස්සරනම් school ටීම් වලින් එකෙක් යනකොට 5k ඉන්නවා ඒ ප්ලචේ එකට. අද CRIKET පාලනයට මිනිස්සු දන්නේ උන්ව සන්තෝස කරන්න මිසක් දියුණුවට නෙවෙයි (ඉස්සරත් ඒවගේම තමා, හැබැයි චුට්ටක් වෙනස් :D ).

    ReplyDelete
  28. @අමිල,ඇත්ත මම නිවාඩු දාගෙන (i.e අනෙක් වැඩ පාඩු කරගෙන) ක්‍රිකට් බලන්නේ නම් නෑ තමයි.ඒත් ඉතිං ඕක තමයි ක්‍රීඩාවේ හැටි.1996 දී අපි ලෝක ශූරයෝ.හැබැයි 1999 දි super 8 වත් එන්න බැරි උණා.2011 ඇතුලුව දෙවතාවක් අනුශූරයෝ උණා.හිටපුගමන් කෙන්යාවටත් පරදිනවා.අයෙත් ඔස්ට්‍රේලියාවට ගිහිල්ල ඒගොල්ලන්ට ගහල එනවා.හැබැයි Series එකක් පැරදුන ගමන් අපේ ක්‍රිකට් ඉවරයි කියල අඬන්න පටන්ගන්න හොදනෑ.World cup host වෙලා පාඩු විදපු පළමු රට වීම වගේ පරිපාලන දුර්වලතා මම අයෙත් කියන්නේ boundary line එකෙන් ඇතුලට අදාල නෑ කියලයි.
    (මට අර සිංදුව මතක් වුණා "දිනපුදාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දානවා - එකක් දෙකක් අයියෝ, පැරදුනාම ගොයියෝ මොනවද මේ කලේ අහනවා")

    ReplyDelete
  29. හයි වේ ගැනයි සාසනේ ගැනයි කාළගුනේ ගැනයි මන් දන්නේ නෑ.අහ් ක්‍රිකට් ගැනත් මන් දන්නේ නෑ.මන් දන්නේ උදේට කාපු එක දවල්ට අමතක කරලා.කවෘ කරත් කරන හැම කුප්ප වැඩෙටම හරි කියලා ඕන්නම් අත් පුඩියකුත් ගහන්න පමනයි.because i am sri lanka

    ReplyDelete
  30. ane jayashree ayye nodanna cricket gena katha nokara indin ban...umbe cricket commentry eka hariyata wirindu karayata radio eke cricket comment dunna wage...

    ReplyDelete
  31. මංතීරු දෙකේ හයිවේ පද්ධති මෙහෙත්(සව්දියේ) තියෙනවා
    (මංතීරු දෙකයි කියන එකෙන් හයිවේ එකක් නෙමෙයි කියල පහත තත්ත්වෙකට දාන්න බැහැ, හයිවේ එකේ ප්‍රමිතිය අඩුනම් පමණක් එහෙම කියන එක සාධාරණයි)
    ප්‍රමිතිය අඩුද කියන එක තීරණය කලයුත්තේ Road Design ගැන හොඳින් දන්නා කියන උදවිය බවයි මගේ අදහස
    (සාමාන්‍ය ජනතාවටත් දැනෙන තරමට අඩු ප්‍රමිතියකට හදලානම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ)
    වංගු වැඩි බවක් මමත් ෆොටෝ වලින් දැක්කා, ඒත් ඒවා නියම ප්‍රමිතියකට (Super Elevation සහිතව) හදලානම් බලපෑමක් නැහැ
    ඕකේ ගිහින් බලනකම් හරි අදහසක් කියන්න බැහැ
    ඒ වගේම අපේ මිනිස්සු ගෙවිච්ච ටයර් දාගෙන 100Km/hrs ට ගියාම, වැස්ස දවස් වල අනතුරු සිද්ධ වෙන එක නවත්තන්න බැරි වෙයි කවදාවත්
    දැන් තියෙන ආණ්ඩුව ලංකාවේ මාර්ග පද්ධති දියුණු කරනවා කියන එක පිළිනොගෙන බැහැ
    ලංකාව පුරා ඇවිදින අයට ඒ ගැන හොඳ අදහසක් ඇති
    කොමිස් ගහන ඒවානම් කතා කරලා වැඩක් නැහැ, ඒවා නතර කරන්න පුලුවන්නම් අපේ රට බොහෝම ඉක්මනට දියුණු වෙයි

    කාලගුනේනම් හැමදාම ඔහොමනේ, කවදාවත් හැදෙන්නේ නැහැ
    ඉස්සර විතරක් නෙමෙයි දැනටත් ගම් වල ඉන්නවා අහස දිහා සහ වටාපිටාව බළලා මේ අයට වඩා හොඳට දවසේ කාලගුණය ගැන අනාවැකි කියන්න පුළුවන් මිනිස්සු

    සිරිපාදේ අයිතිය නිසා අපේ රට සුද්දට යටත් වූ බවක් මම අහල තියෙනවා(ඩොයිලිට සිංහල උගැන්වීම හරහා සිරිපාදේ අයිතිය පහතරටට ලබා ගත් බව), ඒකටත් මුල් උනේ හාමුදුරු නමක්ලු
    නමුත් අපි අපේ රටට, මිනිස්සුන්ට, ආගමට ගරහගන්නේ නැත්නම් වඩා හොඳයි.

    ක්‍රිකට් කියන්නෙ මම ඒ තරම් කැමති නැති මාතෘකාවක්...
    ඒ වෙනුවෙන් කාලේ වැයකරන්න මට හිතෙන්නේ නැහැ

    ReplyDelete
  32. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට පඩි ගෙවල නෑ කාලෙකින්, උන් නිකන් සෙල්ලම් කලා මදෑ මෙච්චර කල්, උන්ගේ දුප්පත් දීමනා වහා ගෙවපියව්.

    මොනා උනත් අදිවේගෙට මං සපෝර්ට්.

    ReplyDelete
  33. ජයශ්‍රී : දන්නෙත් නැත්නම් බලන්නෙත් නැත්නම් ඔන්න ඔහේ සින්දුවක් අහගෙනම ඉන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව