Skip to main content

සිරිකොතේ වැට සහ චිරං ජයතු මහරජ !


වික්‍රමසිංහ මහතා නැවතත් ගේම ගසා ඇත . සෙල්ලම් නැත  මාතලන් කියන්නා සේ කරුට තරු පෙනෙන්නට දී ඇත . කොලඹ දිනිල්ලෙන් වික්‍රමසිංහ මහතා ඡන්ද දිනන්නට පටන් ගත්තා විය හැක . සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ගණනින් භාගයක්වත් කරුට ලැබී නැත . රවි කරුණානායකටත් ඡන්ද හතලිස් ගණනක් ලැබෙනා සංගමයක එහි ඇති පුදුමයක් නැත . ඊ නිවුසියට ආතල් ගොස් ඇත . සිරසට බඩ ගොස් ඇත . එජාප පාක්ෂිකයින්ටත් මොකක් හෝ හිතෙන්නට ඇත . සිරිකොතේ වැටත් ගලවාගෙන ගොස් ගල් ගැසුවේ ඒ හිතුනු ඒවා අනුව විය හැක .

වික්‍රමසිංහ මහතාගේ කාරයට ඉන්සුවරන්ස් ඇත ,සිරිකොතටත් එහෙම එකක් ඇත්නම් වැටද නොමිලේ හදා ගත හැක . නැතත් නව ජාතික සංවිධායක වරයා විසින් හදා දෙනු ඇත . සීනි කම්හල යකාට ගියත් ඔහුට වැටක් සදා දීම මහ ලොකු කාර්යයක් නොවනු ඇත .

නායක කෙරුවාව අහවරය . ඡන්දයක් ඕනි කිවේ සජිත් ප්‍රේමදාස මහතාමය . නමුත්  ඔහුගේ නායකත්ව අපේක්ෂකයා එම ඡන්දයෙන්ම පරාද වී ඇත . තව ඩිංගෙන් ප්‍රේමදාස මහතාගේ කථාවද එයම වීමට ඉඩ තිබුනි . එජාප නායකත්වය වෙනස් කිරිමේ සටන අවසන් වී ඇත . මන්ද කල හැකි සියල්ල කර අවසන්ය . සිරසෙන් වීරයා වූ මෛත්‍රි ගුනරත්න මහතා දිවිහිමියෙන් සටන් කරන බවක් පවසා ඇත .නමුත් දිවිය නොව  මොක හිමියෙන් සටන් කලත් කල හැකි උපරිමය ඔච්චරය . එනිසා තවත් දැඟලීමෙන් පලක් නොවනු ඇත .  සිරිකොතේ වැටෙන් එලියේ සිටි හඬ ඇතුලට ගෙන යන්නට කරු ජයසුරිය උත්සහා කලා විය හැක . නමුත් එය අසාර්ථකය . දැන් ඉතිරිව ඇත්තේ වැටෙන් ඇතුලේ අයගේ මතය වැටෙන් එලියේ අයට ගෙනයාමය . එනම් කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ මහතාව (සහ ඔහුව අනුමත කල කෘත්‍යාදිකාරියේ මතය ) පාක්ෂිකය්න් අතරට ගෙන යාමය . රනිල් මහින්දට විකල්පයක් වන වන හැටි පාක්ෂිකයාට කීමය . රනිල්ගෙ මාකට් කල හැකි ගුනයන් පාක්ෂිකයින්ට පෙන්වා දීමය .


එසේ නොමැතිව රනිල්ට කොලු කාරයා හෝ  නිවුස් පස්ට් එකෙන් කොටලුවා කිමෙන්  ඵලක් නොවනු ඇත . සිරිකොතේ යකඩ වැඩ ගැලවුවත් වැටෙන් එලියේ සිටි මිනිසුන් හා ඇතුලේ සිටි මිනිසුන් අතර මහා දැවැන්ත වැටක් තවමත් ඇත . මේ වැට උගුලන තාක් කල් . එජාපයට නාථ දෙවියන්ගෙ පිහිටය . අපට කියන්නට ඇත්තේ චිරං ජයතු මහ රජ කියා පමණය  !

Comments

  1. මා දන්නා තරමින් කෘත්‍යාදිකාරියේ සාමාජිකයන් පත් කිරීමට සේම ඉන්නා අය ඉවත් කිරීමටද නායකයට සෑහෙන (සෑහෙන කියන්නේ එය සම්පුර්ණයෙන් වාගේ ඔහුගේ අතේ නිසාය) බලයක් ඇත. එනිසා මෙතරම් කෑ ගැහුවේ හෝ බලාපොරොත්තු තබා ගත්තේ මක්කටයි, මට තවමත් නොවැටහේ.
    ම.ක.

    ReplyDelete
  2. කොටලුවා නම ගැලපෙන්නේ ගල් ගහපු, ආවේෂවෙලාවගේ අත් උස්ස උස්ස කෑගහපු මෝඩයින්ට.(එක මෝඩයෙක් ඇදං හිටපු කොළපාට කමිසෙ ගලවලා විසිකරල බැනියම පිටින් යනවත් එක රූපරාමුවක තිබ්බා).ඇයි දෙයියනේ කවුරු නායකයා උනත් මේ තමන්ගේ පක්ෂය නේද?ඒකේ මූලස්ථානය කුඩු කළා කියල කෘත්‍යාධීකාරී මණ්ඩලයේ බහුතර මතය වෙනස්වෙනවද?
    සජිත් කිව්ව පවුලකින් එක්කෙනාගානේ අරං ලක්ෂ 41ක පක්ෂ සාමාජිකයින් හදන වැඩපිලිවෙල, කරු පැරදුන නිසා අකුලගනීද?(එසේ කළයුතු නෑ)
    ජනාධිපතිවරණයක් අවසන් වුණ සවසේ ඉදල ජයග්‍රාහකයා තමයි පරාජිතයන්ගේත් ජනාධිපති.මෙතනත් එහෙම තමයි.දැන් සජිත්-කරු ලාගෙත් නායකයා තමයි රනිල්.එයාට සහයෝගය දෙන එක තමයි ඒ හැමෝගෙම යුතුකම.තමන්ගේ කෙනෙක් නායකයා වෙනතුරු බලං ඉන්න එක නෙවේ.

    ReplyDelete
  3. @ම.ක කෘත්‍යාධීකාරී මණ්ඩලයේ 96න් 20ක් පමණයි නායකයා (රනිල්)ට පත් කළ හැක්කේ.

    ReplyDelete
  4. කරූගෙයි සජිත්ගෙයි රෙදි ගලවලා සුදු කොඩි දාලා වැට ගලවලා තමන්ගෙම ගෙදර ගල් ගහලා මුන් පෙන්නුවා මුන් මුක්කුද කියලා. මම උඹගේ කලින් පෝස්ට් එකට දාමූ කොමෙන්ට් එක සනාත කලාට. ඒ කාළකන්නින්ට මගේ ප්‍රණාමය..

    ReplyDelete
  5. ඔය ගල් ගැහැව්වෙත් රනිල් බොස්ම කස්ටිය දම්මලද දන්නේ නෑ! මෑන්ස් නරියා වගේ කියන්නේ නිකං නෙවෙයි නේ!

    ReplyDelete
  6. ඔය කවුරු නායකයා උනත් ඔය මහ ලොක්කො ටික හිතේ කහටක් නැතිව එක්කහු වෙනකම් අලියා සදාසොත්ති තමයි.

    ReplyDelete
  7. ලංකාවේ දේශපාලන ක්‍රමය මොන්ටිසෝරි ක්‍රමයක් වී ඇතැයි සිතේ... අච්චර අවුරුදු 17 ක් පෑගී සිටි කැපුවත් නිල් එවුන්වත් මෙහෙම කුජීත වී නැත. ඒ අතින් අපේ ලොකුම (හිටපු) සහ පළමු පක්ෂයේ කෙරුවාව අන්තිමය...

    17 අවුරුදු UNP ආණ්ඩුව එලවන්න මහින්ද පාගමන් ගියේය. ජිනීවා ගියේය. ඒ ප්‍රේමදාස ජනාධීපතිට අභියෝග කරය. අද ඒ මහින්ද ජනාධිපතිට අභියෝග කරන්න මිනිහෙක් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නැත.

    ඒක මහින්ද රාජපක්ෂයන්ගේ වාසනාව ද ? අවාසනාව ද ? කියන්නට මම නොදනිමි...

    ReplyDelete
  8. හරි හමං විපක්ෂයක් නැති එකේ පාඩුව කවද තේරේද අපේ ජනතාවට?

    ReplyDelete
  9. ප්‍රජාත්‍රන්තවාදි රටක්නේ... ගල් ගහන්නත් අයිතිය ඇති...

    කොහොම හරි තව කාලයක් යනකං මහ රජට රට බාර දීලා අනිත් පැත්තට ඔලුව උස්සන්න නොදෙන වගකීම රනිල් ආයෙමත් භාර ගත්තා....

    ReplyDelete
  10. සජිත්ගේ "ගම් මට්ටම බිම් මට්ටම තම්මැට්ටම" ගායනය නවතා සැබවින්ම වැඩට බැසිය යුතු කාලය ඇවිත්

    ReplyDelete
  11. පෝස්ට් එකක් දාන්න හිටියත් කියන්න ඕන ටික කියල තියනව. කෘත්‍යාධිකාරී මණ්ඩලේ තීරණය ජනතා තීරණය නෙවේ. කමීස ගලවපු ගල් ගහපු මිණිස්සුන්ගෙ දේශපාලන හැදියාව ගැන කස්ටිය හොදට කතා වෙනව. ඒත් ඔය ගල්ගහපු මිණිස්සුම(හාමුදුරු කෙනෙකුත් ගැහුව) තමයි ඡන්දයක් දිනාගැනීමට දායක වෙන්නෙ. මේව විවේචනය කරන-ලියන අපි නෙවේ. ඒ නිසා ඒ මිණිස්සුන්ට දොස් කියල වැඩක් නෑ. ඒ පංතියෙ මිණිස්සුම තමයි මහින්ද මහත්තය දිනෙව්වෙත් කූඩ කේස්එකේදී එළවළු පාරට විසිකලේත්(අපේ ගම්වල). රනිල්ගෙ "හොද" මාකට් වෙන්නෙ නැත්තෙත් ඒ මිණිස්සු අතරෙදි. රවී කරුණානායකට ලැබිච්ච ඡන්ද ගනනින්ම කියන්න පුළුවන් කෘත්‍යාධිකාරී මණ්ඩලේ කියන්නෙ විකෘතියක් කියල.

    ReplyDelete
  12. රනිල් සිරිකොත ඇතුලේ දිනුවා තමයි ඒත් අපේ ගමේ එක්සත් ජාතික පාක්ෂිකයන් එතුමාට පස් පඩන්ගුවේ බනින්නේ මෝඩකමට වෙන්න ඇති.ඒ මිනිස්සු වසර 17 පුරා චන්ද පැරදෙමින් ඉන්න එක ගැනත් කියන්නේ මෝඩ කමට වෙන්න ඇති

    ReplyDelete
  13. අනේ මංදා මට මේවට දාන්න කමෙන්ට් බර ගානක් හිතට එනවා...

    1.හබන් කුකුලෙක් වන්නෙමි.:D:D:D

    2.අපි රනිල්ට..රනිල් මහින්දට...

    3.අහෝ කරූ..! කෙකට පුලියා අරූ...

    4.කරූ මරු..සිරිකොතේ හොරූ...

    තවත් දේ එනවා ඒත් ඔව්වා කියලා ඇති වැඩක් නැහැ...මහින්දට කැමති මනුස්සයෙක් හැටියට මට රනිල්ගේ ජයග්‍රහණය ගැන සතුටු වෙන්න පුළුවන්..ඒත් එයිට වඩා දෙයක් තියෙනවා මෙතන.. ඔය පැරදුනේ එක්සත්ජාතික පාක්ෂිකයාගේ අන්තිම බලාපොරොත්තුව... ඒ මිනිස්සුන්ට අද ගමක ඔළුව උස්සලා කතා කරන්න පැරිව ලැජ්ජාවෙන් හැංගෙන්න වෙලා තියෙන්නේ..ඒක රනිල්වත් ඔය කෘත්‍යාධිකාරී මණ්ඩලේ ගොබිලන්ටවත් තේරෙන්නේ නැහැ... ආණ්ඩු වෙනසක් උනත් එකයි නැතත් එකයි මිනිස්සුන්ට..මොකද කවුරු ආවත් මහ වෙනසක් නොවන හින්දා..ඒත් ගම්වල මිනිස්සු හරි කැමතියි කියන්න තියෙන්නේ අපේ ආණ්ඩුවක් කියලා..ඒ උන්ට ඇති බිජ්ජක් හින්දා නෙවෙයි... නිකං හිතේ ගැම්මට විතරයි.. ඒත් ඒ ගැම්ම එක්සත් ජාතික පාක්ෂිකයින්ට අහිමි කරවලා ‍තියෙන්නේ කාලෙක ඉඳන්... ඒකට වරදකරුවා රනිල් සහ ඔහු වටා ඉන්න කුම්භාණ්ඩයින් වග පහල ඉන්න මිනිස්සු හොඳින්ම දන්නවා... රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියක්වත් විදේශ ප්‍රතිපත්තියක්වත් ඒ අයට ඒ හැටි වැදගත් නැහැ.. එයිට වඩා මහින්දගේ තුන්සිය පනහේ පෝර මිටිය ඇගට දැනෙනවා උන්දලට..ඒත් නමට හරි අපේ ආණ්ඩුවක් කියලා කියන්න බලං ඉන්නවා.. ඒ ඇටුවන් බැහැපු කමට... තවදුරටත් ප්‍රතිපත්තිමය කරුණු කිය කියා රනිල් ඔතන ඉන්න එකෙන් අර මිනිස්සු ටික හිතේ ලැජ්ජාවෙන්ම මැරිලා යනවා... ඒකේ අවාසිය තියෙන්නේ විපක්ෂය එන්න එන්නම නැත්තට නැති වෙලා හෝදලා යන එකයි...

    මහින්දට මගේ ඇති කැමැත්ත හින්දා මං රනිල්ගේ ජයග්‍රහණයට කැමති උනත් විපක්ෂය නැත්තට නැති වීම හරහා ඇති විය හැකි භයානකකම නොතේරෙනවා නෙවෙයි... ඒ හින්දා බඩේ බිජු නැතිව කියන්න වෙන්නේ මේක රටේ දේශපාලනයට ඉතාමත් අහිතකර තත්වයක් කියන එක තමා...

    තිස්ස අත්තනායක වගේ හැම දේම හරහටම පේන.. ඕනම චන්දයකින් පස්සේ ඒක දූෂිතයි කියලාම දොඩවන.. හරි දේට හරියි කියලා වැරැද්දට විතරක් තදින් විවේචනය කරලා ජනතා විශ්වාසය දිනා ගන්න නොදන්න කොල ගිරවු වගේම අවස්ථාව තේරුම් නොගෙන උම්බෑ ගාන රවිලා කිරිඇල්ලලා එක්ක රනිල් කොහේ යන්නද..?

    තව කියන්න ජාති එමටයි..ඒත් බුවාගේ බ්ලොග් එක රනිල් බලන්නේ නැතිව ඇතිනේ..

    ReplyDelete
  14. @මාරයාගේ හෝරාව
    සතුටටත් එක්ක කමුද ඉඹුල් කිරිබත්.:P

    ReplyDelete
  15. මම හිතුවා මේ ගැන් බුවා ලියයි කියලා. ඒත් එන්න පොඩ්ඩක් පමා වුනා. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බෙරෙනවා කියන්නේ මේවට තමයි. දැන් කට්ටියක් රිමාන්ඩ්. එතැන මගේ මිත්‍රයා ශිරාල් උන්නැහැත් ඉන්න එක මට පොඩ්ඩක් දුකයි. ඒත් කලදේ පලදේ. මොන හිමියෙන් ගේම් ගැහැවුවත් ඔච්චරයි. මෛත්‍රීත් රිමාන්ඩ්.

    ReplyDelete
  16. කියලා තියන දේ සහතික ඇත්ත, දැන් කරන්න තියෙන්නෙ ජනතාවට හරියන විදියට විපක්ෂෙ ලොක්කව හදා ගන්න එක විතරයි ....

    හැබැයි ඉතිං විපක්ෂෙ ලොක්කට ඕන විදියට නං ජනතාව හැදෙන එකක් නැහැ....

    ReplyDelete
  17. @මගේ කථාව - ජයශ්‍රි , විසින් උත්තරය දීල තියෙයි , නායකය විසින් පත්කිරීම කෙසේ වුනත් තමන්ගෙ කෘත්‍ය අධිකාරිය තුල තියන මතවාදය හරියට අඳුනාගන්න සජිත් පාර්ශවයට නොහැකි වීම කණගාටුදායකයි . අඩුම තරමේ මන්ත්‍රි කණ්ඩායමේ වත් මතය ගැන අදහසක් සජිත් පාර්ශව ලඟ තිබුන නම් ඔයිට වඩා සැලසුම් වෙන්ස් විය යුතුය තිබුනා . අනික සිරිකොත ලඟ ඩෙඟා නැටීමේ අවශ්‍යතාවයකුත් ඇති වෙන්නෙ නැ

    ජයශ්‍රි - එකඟයි සහෝ , කණගාටුවට කාරණය ගල් ගහපු පිරිස පිටිපස්සෙ උගත් මිනිස්සුත් ඉන්න එක . ඒ වගේම එජාපයේ ඉහල හා පහල අතර තියන මතවාදි වෙනස , සන්නිවේදන ගැටලුව තමයි . බොහොම කැත විදිහට අපිට දකින්න ලැබුනේ

    ReplyDelete
  18. marayo 350 ta pohora denne koheda mahinda karana keruwawa okada thamuseta pissuda

    ReplyDelete
  19. Premadala kale nayakayata drohi wena munge paramparawe janma gathiya maha Premadasa Gamini Fonseka ekka ekathu wela Dudly Senanayaka mahathata viruddawa purwese peramuna kiyala ekaka atawagena rata pura giya Senanayaka mahatha ge mala gedara ta me denna awma minissu me ayawa elawa gaththa.

    ReplyDelete
  20. @මාතලන් ට නම් ෆුල් හැපි

    @සබිත් - පොර කට්ටය නම් තමයි (ජාන ලක්ෂණ් ) එත් ගල් ගහපු සෙට් එක රනිල්ගේ එදිරිකාරයො නේ , ශිරාල් මෛත්‍රි

    @සිතිවිලි මණ්ඩිය - අනිව

    @චතුරංග - මහින්දගේ වාසනාව තමා

    @ඔබා - තෙරෙන්නේ නැ කවදාවත් , මොකද මෙහෙ උන් හොයන්නෙ රජවරු නේ , රජවරුන්ට කවද්ද විපක්ෂයක් තිබ්බේ

    @ප්‍රසන්න - :)

    @

    ReplyDelete
  21. @හසිත - පොරගෙ මට්ටම විතරයි වැඩ නැනේ

    @රාජ් - ඇත්තට මටත් එජාප කෘත්‍යාදිකාරි මණ්ඩලේ අයගේ තීරණයන් ගැන පුදුමයි , රවි කරුණානායකට ලැබුනු ඡන්ද ගාන . දයාසිරිට ඉහලින් ගමගේ මහත්තය දිනපු එක අනුව තමා එහෙම හිතෙන්නෙ . එජාපයේ බරපතල සන්නිවේදන ප්‍රශ්නයක් තියනව . ඒක විසඳෙන එක තමයි වැදගත්ම කාරණය. ගල් ගහපු පන්තියේ අයගේ හඬ නායකයාට යන්නෙ හෝ පක්ෂයෙ නායකයාගේ මතය ගල් ගහපු අයට යන්නෙ නැ . සිරිකොත කුඩු කිරීම පිටි පස්සෙ නම් ශිරාල් ලා වගේ අයගෙ කුපිත කිරීම් තිබුනු බව තමයි පේන්න තියෙන්නෙ

    @ඇනෝ - [රාජ්ට දුන්න පිලිතුර ]

    ReplyDelete
  22. @මාරයා - ඔබ කියන ගම් වල ඉන්න(නගරෙත් නැතුවා නෙවෙයි ) ,කිසිම දේශපාලන ප්‍රතිපත්තියක් නැතුව ගැලරියට පේන්න වැඩ දාන ඕනි ගොබිලෙකුට ඡන්දය දෙන උන් නිසා තමයි ලංකාව මකබැවිලා තියෙන්නෙ දේශපාලනික වශයෙන් , රනිල් වගේ බොරු සෝබන නැති වැඩක් කරන්න පුලුවන් මිනිස්සුන්ට තැනක් නැතිවෙලා ගම් මට්ටම් කාරයො ඉස්මතු වෙලා තියෙන්නෙත් ඒකයි . එජාපයේ වර්ථමාන තත්වයට රනිල් විතරක් නෙවෙයි රනිල්ව ජනතාව අතර කිච යූ ඇන්පී කාරයොත් වග කියන්න ඕනි .ඒ අතිතය කොහොම උනත් වර්තමානයේ ප්‍රායෝගික තත්වය අනුව , බහුතරයක් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ බලාපොරොත්තු සුන් වුනා කියන කාරණයට එකඟ වෙන්න පුලුවන් . ඒ අතර ඔබ කියන ගම් මැට්ටො වගේම ගම්වල නගර වල දෙකේම ඉන්න දේශපාලනික මතවාදයක් ගොඩ නගාගන්න පුලුවන් මිනිස්සුත් ඒ අතර ඉන්නව ,&රාජ් කිව්වා වගේ කමුද කිරිබත්

    ReplyDelete
  23. @මහ වෙදනා - මෛත්‍රි කියන්නෙ නම් හාල්පාරුවෙක් , ශිරාල් ගැන මටත් කණගාටුයි. මමත් එජාප කෘත්‍යාධිකාරි තීරණය අනුමත කරන කෙනෙක් නොවුනත් ශිරාල් කරපු වැඩේ නම් සැහෙන්න කැත බව කියන්නම ඕනි

    @පන්සල් හංදිය - විපක්ෂේ ලොක්කගේ ජනතාවට මාක්ට් කරන්න පුලුවන් කොටහ හරි විදිහට මාකට් කරන්න පුලුවන් නම් හොඳයි , ඒත් එහෙම වෙන්නෙ නැති එකයි අවුල

    @ඇනෝ - පෝර නම් දෙනව නේද , දස වද විඳල , ෆෝම් තොගයක් පුරවල, තුන් හතර පාරක් රස්තියාදු වෙලා එහෙම ගන්න පුලුවන් මයෙ හිතේ

    @ඇනෝ - මම නොදන්න දේශපාලන අතීතයක් , ස්තුතියි මතක් කලාට

    ReplyDelete
  24. අනිත් දේවල් ගැනනං දිගින් දිගට කතා කරලා වැඩක් නැහැ..ඒත් අර ඇනෝ අහපු හින්දාත් ඒ සම්බන්ධව බුවා කියලා තියෙන දේත් හින්දා කියන්නම්...

    පොහොර 350ට දෙනවා... තාමත් ඒක එහෙමමයි..ඒකේ ගසා කෑම් තියෙනවා..මොකද ඔය අතරමැද්දේ කීදෙනෙක්නං ඉන්නවද..? උනුත් මේ ලංකාවේ මිනිස්සුනේ..පක්ෂ බේධයක් නැතිව ගසා කන්න හුරු උන උන් ඒක කරන එක නවත්තන්නේ නැහැ අම්මේ මුත්තේ කිව්වත්.. ඒත් ඒ මොන ප්‍රශ්න අතරේ උනත් පොහොර ඔය කිව්ව ගානට ලැබෙනවා.. මේ ලගකදී ඉදලා අන්නාසි වවන අපේ මලයටත් ඔය සහනාධාරය ලැබෙනවා.. ඒ වෙනුවෙනුත් ඒ හැටි නැහිල්ලක්නං නැහැ..අර කිව්වා වගේ ෆෝම් පුරවලා තමන්ගේ වගා බිම් ප්‍රමාණය ගැන දත්ත සැපයීම කරන්න ඕන... ඒක ඇත්ත..ඒත් මූලික වශයෙන් ඒ ටික කලාට පස්සේ කිසිම කරදරයක් නැතිව පොහොර ටික ගන්න පුළුවන්...

    මං ඔය කිව්වේ පත්තර වලින් වත් එක එක මාධ්‍ය මගින්වත් කියන දේවල් අහුලගෙන නෙවෙයි ගෙදර ගිය වෙලාවේ දැක්ක දේ... අපේ එකයි..ඌත් එක්ක වගාවට බැහැලා ඉන්න තව කොල්ලෝ සෙට් එහෙකුයි මං ඉද්දිම පොහොර ගෙනත් තම තමන්ගේ පංගු වෙන් කර ගන්නවා බලාගෙන ඉදලා සහ උන් ටික කිව්ව කතා අහගෙන ඉඳලා කිව්ව කතාවක් මේ...

    ReplyDelete
  25. ඔය හැම එකෙන්ම ආණ්ඩුවට තමා වාසි.

    ReplyDelete
  26. කවුරු මොනවා කිව්වත් රුවන් විජයවර්ධන තැනකට එනකන් රනිල් තමයි යුඑන්පී නායකයා වෙන්නේ.......යුඑන්පී එක යූඑන්පී එක වෙන්නේ රනිල් වගේ නායකයෙක් යටතේ හරි රුවන් වගේ නායකයෙක් යටතේ හරි තමයි........

    නිදහස් වෙලදපල ආර්ථික ක්‍රමය හරියට කියාත්මක් වෙන්නේ රනිල් වගේ නායකයේක් යටතේ....මේ මොහොතේ ලංකාවට අවශ්‍ය නිදහස් වෙලදපොල ආර්ථික ක්‍රමය හරියට කියාත්මක කිරීමක්......

    ReplyDelete
  27. මං හිතන්නේ ඔතනදි සජිත් කොලුවා කරු අංකල්ව ඇන්දුවා. මෑන් දන්නවා තාම වෙලාව ආවේ නෑ කියලා.ඒකා ලස්සනට ගේම ගහනවා බොලව්.ෆොන්සේකාට වුනා වගේ වැඩක් කරූ ගොයියාටත් වුනේ.පව් අෆ්ෆා...

    පුද්ගලිකව මං යු.එන්.පි 1ට අකමැතිවුනත් දැන් දැන් මහින්ද මාමා වැඩකරන විදිය දැක්කම ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාව තදින් දැනෙනවා.

    ඔබ මොන මතය දැරුවත් යුඑන්පිය 2004 මහමැතිවරණ පරාජයට බලපෑවේ ඊනියා සාම ගිවිසුම,සංස්කෘතිය නොසලකා හැරිම.උවමනාවට වඩා විදේශයන්ට ගැතිවිම.පාරිසරික විනාශය වැනි කරුණුයි.

    මතුපිටින් කුමක් පෙනුනත් ලාංකිකයන් කුස ගැන පමණක් සලකන ජාතියක් නොවේ යැයි යුඑන්පිය අවබෝධ කරගතයුතුව තිබුනා.මැතිවරණදී සංධානය "රට" මාකට් කල අතර යුඑන්පිය "කුස" මාකට් කළා. ප්‍රතිපලය කුමක්දැයි අප දන්නවා.විපක්ෂයේ කාර්යබාරය කුමක්දැයි නිසිලෙස අවබෝධකරගෙන වැරදි දෙයට‍ පමණක් විරුද්ධවි, විරෝධතාවයන්ට නායකත්වය දුන්නොත් රාජපක්ෂ ආණ්ඩුව සසල කිරීම මහලොකු දෙයක් නොවේ.මක්නිසාදයත් මේ වනවිට රාජපක්ෂ ආණ්ඩුව තමුන්ට විරුද්ධව යොදාගත හැකි කරුණු කාරණා උවමනාවටත් වඩා සපයමින් සිටින නිසා....

    ReplyDelete
  28. උදාර - අනිවා

    මය්යා - මටත් හිතිච්ච කාරණාවක් ඕක , හැබැයි රනිල් ලොක්කට එච්චර කල් අල්ලං ඉන්න අමාරු වෙයි . කරුගෙන් සජිත්ගෙන් බෙරුණාට මාරයාගෙන්(බ්ලොග් ලියන එකානෙවෙයි ) බේරෙන්න බැ නොවැ

    කේ.සී - ලංකාවේ උන් ඡන්දය දෙන සාධක නම් මම කොහොමටවත් අනුමත කරන්නෙ නැ (ඔබතුමා නම් අනුමත කරනවා ඇති ). හරි එවුන්ට හරි වෙලාවට ඡන්දය දුන්නා නම් ලංකාවට මෙහෙම කෙලවෙන්නෙත් නැ . කොහොම උනත් ලංකාවේ ඉන්න උන්ව එක පාර වෙනස් කරන්න බැරි නිසා රනිලුත් උන්ට හිතන පතන විදිහ ගැන පොඩ්ඩක් අවධානය යොමු කලා නම් එජාපයට මේ තරම් කණගාටුදායක ඉරණමක් අත්වෙන්නෙ නැ .

    ReplyDelete
  29. තාම සිරසෙ ඇඬියාව නං ඉවර වෙලා නෑ වගේ. දැන් නම් සජියයි උගේ ඔක්කොමයි එලෙව්ව නං හොදයි කියල හිතෙනව. මුං එකෙක්වත් ආණ්ඩුවට වචනෙකින් වත් දෙයක් කියන්නෙ නෑනේ. (දයාසිරි ඇර )

    ReplyDelete
  30. රන්නා ඉන්කල් රජා චීරං ජයතු තමාය...

    බුවා.. අඩවන්න එපා බොල අපිව.. අපි සජ්ජට.. :)

    ReplyDelete
  31. පොදු මහජන මතය උනේ තව දුරටත් රනිල් මහතාම ඉන්න ඕනේ එකයි කියලයි මම හිතන්නේ මොකද කරු ජයසුරිය කියන්නේ අවස්තාවාදියෙක්.saසජිතප්‍රේමදාස හොඳ උනත් ඒ යකා පක්ෂේ කන ඒක නම් එච්චර හරි නැහැ

    කළු පූසා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව