Skip to main content

ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි

සියතින් ගෙල සිඳගැනීමේ එජාප ආදර්ශය සන්ධාන රජය විසින්ද අනුමනය කරන්නට යෙදී ඇති බවක් පෙනෙන්නට ඇත . නව තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී පමණක් නොව  රටක ඒදිනෙදා කර්තව්‍යයන් වූ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වැනි දැ වලදී පවා සන්ධාන රජය හත් පොලේ ගාගනිමින් සිටිනා බවක් පැහැදිලිව දක්නට ඇත . මේ අතර බොර දියේ මාලු බාන්නට සැරසෙනා කුහකයින් පිරිසකගෙ ක්‍රියාකාරීත්වයක් රජය තුලින්ම පැන නැගෙනා බවක් දක්නට ඇති නිසා ඒ පිලිබඳ  කෙටි සටහනක් එක් කල යුතු යැයි සිතුවෙමි


මුස්ලිම් , දෙම්ල අන්තවාදීන් සමඟින් සිංහල ජාතීවාදිනුත් ,සාම්ප්‍රදායික වාමාංශිකයින් සමඟින් නව ලිබරල් වාදීනුත් වශයෙන් විවිධාර මතවාදයන් දරන  පුද්ගලයින්ගේ සම්මිශ්‍රණයක් වූ රජයක් තුල විවිධා කාර ගැටුම් ඇතිවීම ස්වාභාවිකය . විශේෂයෙන් රජය තම ජනප්‍රියත්වයේ "පීක්" එකේ සිට පල්ලම බසිනා යුගයක එවන් තත්වයන් සුලභය . නමුත් වර්ථමානයේ  රජයේ ඇතැම් පාර්ශව ඉන් එහා ගොස් තමන් පමණක් පොරවීමේ ක්‍රියාවලියක සිටිනා බවක් දක්නට ඇත .රජයේ කැබිනට්  අමාත්‍යවරුන් වූ විමල් වීරවංශ  සහ චම්පික රනවක මහත්වරුන් සාමාජිකත්වය දරනා ජාතික නිදහස් පෙරමුණා හා හෙල උරුමය මේ පාර්ශවයන් ලෙස මූලිකව හඳුනාගත හැක . මේ අතරිනුත් ජාතික නිදහස් පෙරමුන මේ "පොර උන්මාදයෙන්" පෙලෙනා බැව් පැහැදිලිව දක්නට ඇත

විමල් වීරවංශ අමාත්‍යවරයා රජයේ ක්‍රියාපටිපාටින් කිහිපයක් විවේචනයට ලක් කර ඇත . ඒ අතර ප්ලාස්ටික් කූඩ නීතිය , අධිවේගී මාර්ගය , විභාග ප්‍රතිඵල , මෙන්ම ගෙන ඒමට නියමිත  නව උසස් අධ්‍යාපන පනතද ඇත . මේවා පිලිබඳ ඕනැම පුද්ගලයෙකුට විවේචනයන් තිබිය හැක  . එහි ගැටලුවක් නැත . නමුත් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු සතුව  කැබිනට් මණ්ඩලයේ තීරනයන් වෙනුවෙන් සාමූහික වගකීමක්ද ඇත . නව  නීතියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වෙදී විරෝධය පල කිරීමටත් ඒ පිලිබඳ තමාගේ තර්කයන්  කැබිනට් මණ්ඩලයේ අනෙකුත් සමාජිකයන්ට ඒත්තු ගැන්වීමටත්  ඕනැම කැබිනට් අමාත්‍යවරයෙකුට හැකියාවක් ඇත .කැබිනට් මණ්ඩලය තුලදී තම මතවාදය පරාජය වුවහොත්  පාර්ලිමෙන්තු මන්ත්‍රි වරයෙකු වශයෙන් තම විරෝධතාවය පාර්ලිමෙන්තුව තුලදී ප්‍රකාශ කරන්නටත් ඡන්දය දීමෙන් වෑලකිසිටිමටත් හැකියාවක් ඇත . නමුත් වීර වංශ ලා මේ අවකාශය ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනෙන්නට නැත . කැබිනට් මණ්ඩලය තුලදී  ජනපතිවරයාට බියෙන් නගුට දෙපරංශයේ ගසාගෙන සිටිනා මොවුන් පාර්ලිමෙන්තුවෙන්ද කට්ටි පනිනවා මිස පාර්ලිමෙන්තුව තුල රැඳි සිටිමින් විරෝධය පලකිරිමට තරම් එඩිතර බවක් පෙන්වා නැත


විරෝධය පල කල හැකි තැනදී නිහඬව සිටිනා මොවුන්  කැමරා හා මයික් පොලු ටිකක් ඉදිරියේදී දේශප්‍රේමය හා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණද  සිදුවීමට පටලවා බෙරිහන් දෙන තත්වයක් දක්නට ඇත . කෙලින් කියන්නට බැරි තැනදී විකල්පයන් භාවිතා කරනා බවක්ද  දක්නට ඇත

 පලමුවෙනි විකල්පය පක්ෂයේ වෙනත් පුද්ගලයින්ලව කියවීමයි .ආසන්නතම උදාහරණය ඊයේ දක්නට ලැබිනි . ප්ලාස්ටික් කූඩ සිදුවීමෙදීත් මේම කාර්යය වෙනුවෙන්ම කරලියට පැමිනි පුද්ගලයෙකුත් ඊට පෙර දිනයේදී විභාග ලකුණු ගැටලුව අන්තරය හා රොබට් ඕ බ්ලෙක් මත පැටවීමට හාස්‍යජනක උත්සාහයක් ගත් පුද්ගලයෙකුත් එක්ව ඊයේ  මාධ්‍යට පැවසුවේ නිදහස් අධ්‍යාපනය ගැන කලකරිවා පුද්ගලික උසස් අධ්‍යාපනයට මිනිසුන් නැබුරුකරගැනීමේ උත්සාහයක් ලෙස අදාල ආමාත්‍යවරුන් විභාග ප්‍රතිඵල  වල විශ්වසනීයත්වය බිඳ දමා ඇති බවය . එක් අතකින් මෙම ප්‍රකාශය රජය අතින් සිදුවු බරපතල වරදකදී "අපි නම් ඕවට නැ " කියා අත සෝදා ගැනීමක් වන අතර අනෙක් අතින් රජයට එරෙහි මතවාදයක් සමාජ ගත කිරීමක්ද ලෙස සැලකිය හැක ( අදාල ආමාත්‍යවරුන්ට සැබවින්ම නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ අවශ්යතාවක් තිබුනත් ආන්දෝලානාත්මක පනතකට සති දෙකක් තිබියදි කුණු බාල්දි පෙරලා ගෙන එය කිරීමට තරම් මෝඩයින් නොවේ ) . රජයේ හවුල් කාර පක්ෂයක් ලෙස වගකීමෙන් කර ඇරීම , රජයට එරෙහි ජනමතයක් ගොඩ නැගීම මෙන්ම පදනම් විරහිතව අමාත්‍ය වරුන්ට චෝදනා එල්ල කිරීමද බරපතල වරදක් බව පැවසිය යුතුය . ජනපතිවරයා විසින් කමිටුවක් පත්කර තිබියදී , රජයේ ම හවුල්කාර පක්ෂයක් චූදිතයින් වරදකරුවන් කොට තීන්දු තීරණ දෙන්නේ නම් එය  රජයේ නායකයා වශයෙන් ජනපතිවරයා ගත් තීරණයක් එලිපිට නොසලකා හැරීමක්ද වේ .


දෙවන විකල්පය ලෙස ප්‍රසිද්ධියේ ලියුම් යැවීම  තෝරාගෙන ඇති බවක් පෙනෙන්නට ඇත . මෙය සජිත් ප්‍රේමදාස මහතාගෙන් උපුටා ගත් එකක් ලෙස සිතෙන්නෙ ඔහු මෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයාද ජනපතිවරයාට යැවු ලියුම මාධ්‍යයට ද ඉදිරිපත් කර ඇති නිසාවෙනි . එම ලිපිය මඟින් පක්ෂ  සමඟ සාක්ච්ඡාවක් ඉල්ලා සිටින්නේ කැබිනට් මණ්ඩලයේදී විරෝධය පල කිරීමට කොන්දක් නැතිකම නිසා හෝ පිරිස ඉදිරියේ බැනුම් අහනවාට වඩා තනියෙන් ගොස් බැනුම් අසාගැනීම ට ප්‍රිය නිසා මෙන්ම රජයට විරෝධයක් එල්ල වී ඇති කාරණයකදී නැවතත් "අපි නම් ඕවට නැ " ශේප් න්‍යාය දැමීමටය

මේ ආකර සියල්ලෙන්ම මොවුන් රජය අපහසුතාවයට පත්වෙන අවස්ථා වලදී සුදනන් විමේ "රජය නරකයි , එත් අපි නම් හොඳයි " තේමාව තුල රැඳි සිටිනා බැව් පැහැදිලිය . ශ්‍රි ලංකා රජයට උපායමාර්ගික වශයෙන් අතිශයින් වැදගත් උගත් පාඩම් කොමිසම් වාර්ථාව අරඹ්හයා හෙල උරුමය දැනටමත් විරෝධය පල කර ඇති අතර වීර වංශ මහතාගෙ පක්ෂයත් එම මගම ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත . රජය වශයෙන් පමනක් නොව රටක් වශයෙන් එකමුතුව සිටිය යුතු කාරනයක්දීත් තමන්ගේ ඡන්ද පදනම වෙනුවෙන් රජය අපහසුතාවයට ලක්කෙරෙනා ක්‍රියාමාර්ගයකට යන්නේ නම් එය හෙල උරුමය වැන්නවුන් පසුගිය සමයේ එජාපයට දුන් "පක්ෂයට පෙර රට"  අවවාදය ඔවුන් විසින්ම නොසලකා හැරීමකි .

රජය තුල රැඳි සිටිමින් (එලියට ගියොත් ඒ අවසානය බැව් ඔවුන්ද දනි ) , රජය වෙනුවෙන් පෙනී නොසිට තමන් පමණක් පොර බව පෙන්වීමට දඟලනා මොවුන් දෙස බලාසිටිනා විට පැවසිය හැක්කේ

"ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි" කියා පමණි

Comments

  1. සීයට සීයක් එකගයි. තුන්වන ඡේදයේ කියල තියන සිද්ධිය තමයි නිරන්තරයෙන්ම සිද්ධවෙන්නෙ. මෙච්චර කෑගහන උදවිය කැබිනට් එකේදියි පාර්ලිමේන්තුවෙදි විරුද්ධවෙන්නෙ නැ. ඒක එක කාරණාවක්. එතනදි මේගොල්ලන්ට වඩා අවංකයි දිගටම කොන්ද නවාගෙන ඉන්න ශ්‍රී ලංකා කාරයො ටික.
    මාතෘකාව මේක නොවුනත් බුවාට මිස්වෙච්ච ‍වැදගත්ම කාරණාව තමයි මේකෙ ප්‍රතිලෝමය. ඒ කියන්නෙ කැබිනට් එකේදි ගත්ත තීරණ අවලංගු කරල ලොක්ක ලකුණු දාගන්නඑක! උදාහරණයක් විදියට කූඩ සිද්ධියෙදි තිරණය ගන්නෙ කැබිනට්එක(ජනාධිපතිවරයාද ඇතුළුව සහ ඔහුගේද කැමැත්තෙන්-අකමැතිනං කෙරෙන්නෙ නෑනෙ). කැබිනට් තීරණ අවලංගු කරල ලකුණු දාගන්නෙ ලොක්කට. පෞද්ගලික විශ්‍රාම වැටුප් පණත උනත් එහෙමයි.මේ විදියට ඇමති නරකයි ලොක්ක හොදා....යි කියන තත්වයන් ඇතිවෙනකොට ඇමතිවරුත් තනිතනිවම පිම්බෙන්න හදනඑක ස්වාභාවිකයි නේද?

    ReplyDelete
  2. ඔබ හා එකඟයි. නමුත් මට තවත් පැත්තක් ගැනද සැකයක් ඇත. එනම් මේ විරෝධයන්ද හුදු මවාපෑම් එහෙමත් නැත්නම් ලොක්කා ලියාදුන් තිර නාටකයකට අනුව පෙලගැහෙන්නක්ද යන්න මට ඇති සැකයයි. මොවුන් මෙවැනි දෙයක් ප්‍රසිද්ධියේ කීම තබා සිහිනෙන් සිතන්නටත් බය බව ඔය දෙපලම මිතුරන් මෙන් ලඟින්ම ආශ්‍රය කර ඇති මම දනිමි. දැනට ඒ සම්බන්ධතා නැතත් මොවුන්ගේ සිතුම් පැතුම් ගැන මම හොඳින්ම දනිමි. මේ බිය ගුල්ලන් නැට්ට දෙපරැන්දෙ ගසාගන්නවා මිසක මීක හඬක් ලොක්කාගේ අවසරයෙන් තොරව නොනඟයි. මාසිතූ සැටියටම තොරතුරක් ලංකා නිව්ස් වෙබ් අඩවියද පල කර ඇත. ඒ නිසා විපක්ෂය සහ ජනතාවගෙන් එල්ලවෙන ප්‍රතිරෝධය මැඬලන්න, එහෙමත් නැත්නම් දියාරු කර අලකරන්න තිබෙන හොදම තුරුම්පු දෙක මුන් දෙන්නා බව ලොක්කා හොදින දනී. එය පාවිච්චි කලා වෙන්නත් පුළුවන. කලිනුත් ලෙමන් පෆ් විරෝධය ඇති කල සැටි සැමට මතක ඇතැයි සිතමි.

    ReplyDelete
  3. රාජ් හා වෙදනා ගේ අදහස් දෙකම හරිය... සියල්ල වෙන්නේ script එකටය... මේ වෙන ඒවායින් වෙන්නේ අමාරුවෙන් හිත හදාගෙන ලංකාවේ ඉන්නට හදාගෙන හිටි හිත කැඩෙන එකය. අපිට නැතත් අපේ දරු මුණුපුරන්ට හරි දෙයියනේ කියලා හුස්මක් අරන් ඉන්න රටක් ඉතුරු වේද මන්දා ???

    2012 බුවාට හා බ්ලොග් අවකාශයේ මිතුරු නොමිතුරු හැමටම සුභ නව වසරක් වේවා...!!!

    ReplyDelete
  4. රට ට වෙන්න යන දේ ගැන හරිම දුකයි. මේව ගැන හිතලම එපා වෙලා. මේ රටේ දේශපාලනය කරන අයගෙන් දේශයට ඇත්තටම හිතැති පාලකයෝ නැද්ද? හැමෝම කියනවා මිනිස්සු මේවට විරුද්ධ ව නැගී සිටින්න ඕන කියල. නමුත් රට ට ආදරේ කරන පිරිසක් මේවට විරුද්ධ ව පෙළ ගසුනම ඒ පිටිපස්සෙන් එල්ලිලා ගොඩ යන්න බලාගෙන ඉන්නවා දේශපාලනව බංකොලොත් වෙච්ච රට විකුණන් කන්න බලාගෙන ඉන්න පිරිසක්. උන් එකතු උනහම වෙන්නේ අර විරෝධතාවය නිකම් ම නිකම් ජෝක් එකක් වෙන ඒකයි කොහෙවත් ඉන්න එවුන්ට රටේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පුළුවන් වෙන එකයි.ඉතින් හැමදාම මේ වගේ බ්ලොග් එකකින් මේ ගැන කියවනවා ලියනවා හැරෙන්න ඇත්තටම රටට ආදරේ කරන මිනිස්සු මොනවා කරන්නද? (ඔය රටට ආදරෙයි කියල මහා පාරට බැහැල රටේ සම්පත් විනාශ කරන අය, පොදු දේපල ගිනි තියන අය ගැන නෙවෙයි මෙතන රට ට හිත්ති අය කියල කිව්වේ.)

    ReplyDelete
  5. මේක රජයක් නෙමෙයි කේන්ද්‍රිය ඒකාධිපතිවාදයක්..ඔය හැම සිද්දියකම තිබුනෙ ජනපති රුව..එතුමා තමයි සියලු තීරන ගන්නෙ ඇමතිවරු රූකඩ..එවන් රජයක් තිබෙන එක රටට විනාසයක් ඉදිරියට..ඒ නිසා මේ විදියෙ කුලල් කා ගැනීම් ගැන ඒතරම් හිතන්න දෙයක් නෑ..

    ReplyDelete
  6. එතකොට මහින්ද මාමා එයා ගොඩාක්ම හොදායි. එයා පොඩි උන් දෙන්නට බැනලා result out kale නෙත්තම් තාමත් කට්ටිය result එනකම් බලන් ඉන්නවා. අනික එයා කොමිසමකුත් පත් කොරලා. ලංකාවේ චීන්නු ඉන්නකම් හොදයි. උනුත් කොන්ඩෙ බැදලද දන්නෙ නෑ. සමහරවිට කොන්ඩෙ බැදල ඇති. ඒකනෙ මේ වගේ ගොන් කතා කියන්නේ.

    ReplyDelete
  7. I agree with your argument and you are right up to the point.

    However, it seems to be, your references to JHU and its remarks of LLRC is not appropriate to substantiate your claims. The JHUs' criticism on LLRC is factual and inline with their fundamental stance which they have maintained throughout their existence. Nevertheless, theoretically, LLRC is not supposed to be a government project but an independent commission.

    however i have no hesitation to accept deficiencies you have made on the two political characters as an individuals.

    ReplyDelete
  8. ආශ්චර්ය පානව වෙන්නැති

    ReplyDelete
  9. කැබිනට් මණ්ඩලයේදී මෙයට (ඔය කියන අමාත්‍යවරුන්) විරෝධය පල නොකරන බව ඔබ ටක්කෙටම කියන්නේ කොහොමද?කැබ්නට් මණ්ඩලයේදී මෙවන් තීරණ හකුලාගැන්වීමට තරම් නිශේද බලයක් කිසිවෙකුට හෝ හිමිද? මා දන්නා පරිදි නම් එවන් බලයක් හිමි එකම ඇමතිවරයා විධායක ජනාධිපතිවරයාම පමණකි.

    by the way, දකුණු අප්‍රිකාවේ දී ලැබූ ඓතිහාසික විජයග්‍රහණය පිළිඔද ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
  10. විමල් සහ චම්පික කියන දේශපාලන චරිත දෙක වර්තමාන ලාංකේය දේශපාලනය තුල වැදගත් භූමිකාවන් හිමිකර ගැනීමට සමත්කම් පෑ චරිත දෙකක්.දේශපාලන නායකයන් ලෙස ඉදිරියට පැමිනීම සහ එය පවත්වා ගැනීම කියන්නේ සරල සහ පහසු කාරණා නෙවෙයි.විමල්,චම්පික දෙදෙනාම සාමන්‍ය පන්තියෙන් පැමිණ,තම දක්ෂතාවලින් හා කැපවීමෙන් ඉදිරියට පැමිණි අය.විමල් ( විශේෂයෙන්ම කථිකත්වය ) , චම්පික (උගත්කම ) සහ දෙදෙනාගේම අසීමිත කැපවීම.ඔවුන් පැමිණියේ පවුල් බලයෙන්, ධන බලයෙන් හෝ මැර බලයෙන් නොවේ.
    මොවුන්ගේ මතවාද, අපේ මතවාද සමඟ ගැටීම හෝ නොගැටීම වෙනම කාරණයක්.අනෙක් අතට හොරකම් කිරීම, කොමිස් ගැසීම වැනි දේ ගැනත් මා දැනුවත්ව මොවුන්ට චෝදනා නැහැ.
    ඔබේ ලිපියේ කාරණයට එන්නේනම්, ප්‍රායෝගිකව කැබිනෙට්ටුවේ කථා කිරීමෙන් සිදුවන යමක් ඇත්ද? පසුගිය ජනපතිවරුන් 5 දෙනාගේම යුගයන් සැලකුවද, කැබිනෙට්ටුව විරුද්ධ වීම නිසා හකුලාගත් ජනාධිපතිගේ තීරණයක් තිබේද? විධායක පනපති ක්‍රමය යනු කේන්ද්‍රීය ඒකාධිපතිවාදයක් බව නොදන්නේ කවුද?
    (මෙය තිර නාටකයක් නොවේනම්)...විමල් ප්‍රායෝගික මාවතක් තෝරාගත්තා වන්නට පුළුවන.ඔහුගේ විරෝධයට කළ හැක්කක් නොමැති වුවත්..අඩු වශයෙන් තමන්ගේ විරෝධය ජනතාව හමුවේ සළකුණු කර තබන්නට....!!!

    ReplyDelete
  11. මේ "හොද" කතාව වඩාත්ම ගැලපෙන්නේ විපක්ෂයටය. ආණ්ඩුව කරන ගොන්කම් දුර දිග යවා රට පෙරලි කර (මේ රට පෙරලි වලින් එලොව යන්නේද වැඩි හරියක් මෙයින් ෆෝම් වූ මෝඩ අහිංසකයන්ය) තමන්ට බලය ලබා ගැනීමට බොර දියේ මලු බෑමකට සියලු විටම ලෑස්ති වී සිටින්නේ ඔවුන්ය. අනිත් අතට ආණ්ඩුවේ වෙනත් බොහෝ දේශපාලකයන් මීටත් අන්ත ලෙස බොර දියේ මලු බාති. සිරිපාලත් සිරිසේනත් ඇමතිකම් දෙක මාරු කර ගත් විට ඇති වූ "කතා බහ" හොද නිදසුනකි. මුල්ලේරිය වෙඩි තැබීම නිසා මැර දේශපාලනය ගැන දෙඩවුයේ එවැනිම මැරයන් පිරිසක් ලග තබාගත් පිරිසකි. ආරක්ෂක නිලදාරීන්ට නිල ඇදුම් ඇදීමට නියෝග කල විට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එයට සියලු දෙනාම වාගේ විරුද්ධ වුහ. එකම නිල ඇදුම දිගුකල් හැදගෙන සිටීමේ අමාරුව වැනි ගොබ්බ හේතුද එදිරිපත් විය (නිල ඇදුම් දීමනාව වැඩි කිරීමෙන් මේ ප්‍රශ්නය විසදා ගත හැකි බව මේ අයට මතක් නොවිය. අඩුම ගන්නේ එවන් යෝජනාවක් වත් කිරීමට ඔවුන්ගේ ටිකිරි මොළ වලට මතක් නොවිය).

    විමල් ගැන මට එතරම් පහදිමක්ද නැත. ඔහු වැඩිපුර ක්‍රියා කරන්නේ මහජනතාවගේ නාඩි බලා බව රහසක් නොවේ. අනිත් අතට රණවක යනු නාඩි අනුව මතය වෙනස් කරන පක්ෂයක සාමාජිකයෙක් නොවේ. ඔහු මේ හෙඩිමට මෙතරම් සුදුසුද යන්න සැක සහිතය. මා දන්නා තරමට ඔහු නමක් තබා ගෙන ඇත්තේ කාර්යක්ෂම, දුෂණ අඩු පාලකයෙක් ලෙසය.

    අනිත් අතට හෙළ උරුමය නැත්නම් සිහල උරුමයේ පිරිස (අලුතින් ඇතුලත් වූ භික්ෂු පිරිස හැරුණු කොට අනිත් අය මාරු කලේ පක්ෂයේ නම පමණි) මා දන්නා තරමින් ඔවුන් පක්ෂයක් සාදා ගත් අවුරුදු දහයක කාලයක් ඇතුලත තම මුලික මතවාද වෙනස් නොකර තබා ගෙන ඇත. එසේම ඉදහිට කරන ගොන්කම් (Akon සිද්ධිය වැනි ) හැරුණු විට සාමාන්යෙන් හොද පක්ෂයකි. එසේම මා දන්නා තරමට ඔවුන් රජයේ සමහර ක්‍රියා මේ පාර්ලිමේතුවට පෙර සිටම විවේචනය කළහ (එකල තිබු අටවා ගත් බහුතරය,යුද්දය, යුද්දයට අන්තිම වන තුරු විරුද්ධ විපක්ෂය ගැන සලකන විට එකල ආණ්ඩුව විවේචනය කිරීම ඔවුනග ප්‍රධාන අරමුණ අනතුරේ හෙළීමකි).එසේම කැබිනට් මණ්ඩලයේ හරියටම කතා බහ වන්නේ කුමක්ද යන්න එතන සිට බලනා කිසිම මාධ්‍ය කරුවෙක් නැත.

    එසේම රජයේ සමහර පනත් වලට හෙළ උරුමය චන්දය නොදී සිට ඇත (දේපොළ යලි පවරා ගැනීමේ පනත). අනිත් ආණ්ඩුව එන ගත් බොහෝ කරුණු විශ්‍රාම වැටුප් පනත, පලාස්ටික් කුඩ, නුසස් පෙළ අඩිය එන ගෙන ඇත්තේ පනත් නිසා නොව ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඇති අකාර්යක්ෂමතාව නිසාය.

    ම ක

    ReplyDelete
  12. මගේ කතාව සමඟ එකඟයි.
    සිංහලයන් තමන් සිංහල යයි කීමට පවා බියවන දුක්ඛිත/අසරණ තත්වයක සිටි කාළයේ ඔවුන්ට දෙපයින් සිටගැනීමට ශක්තිය දුන්නේ සිහළ උරුමයයි.(වත්මන් හෙළ උරුමයයි).දැන් එහි නැති නැතත් තිලක් කරුණාරත්න,එස්.එල්.ගුණසේකර වගේ මහත්වරුත් චම්පික මෙන්න රතන හිමිත් මෙහි මූලිකයන්.වත්මන් රජයේ ජනතා ද්‍රෝහී ක්‍රියාවන් ඔවුන් විසින් විවේචනය කිරීම හුදු අහම්බයක් හෝ රඟපෑමක් නොවේ.
    දැන්වීමකි:
    දේපල පවරාගැනීමේ පනත සිහළ උරුමය විසින් විවේචනය කිරීම ගැන ලියූ සටහනක් මෙතන තියෙනවා.වෙලාව ඇත්නම් කියවන්න.
    http://meeghaya.wordpress.com/2011/11/12/%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92/

    ReplyDelete
  13. රාජ් - විලෝමය ගැන සහ ඒ නිසා ඇමතිවරුන්ට ඇතිවන හැඟිම් සම්බන්ධයෙන් එකඟයි , ඒ වුනත් . මේ අය දඟලන්නේ සන්ධාන රජය තුල නිදහස් පක්ෂයට වඩා ඉහලින් කැපී පෙන්න කියලයි මම හිතන්නේ . තනිව මැතිවරනයකට ගියොත් නන්නත්තාර වෙන පක්ෂ රජයේ ඉන්න ශක්තිමත්ම පක්ෂය පමණක් "සන්ධාන රජය " වශයෙන් කරන වැරදි වල වගකීම භාරගත යුතුයි කියල , සුදනා වීම තමයි ගැටලුව .

    මහ වෙදනා - මේක සැලසුම් සහගත දෙයක් වෙන්නත් බැරි කමක් නැ , ඔබතුමා පුද්ගලිකව හඳුනන නිසා සමහර විට අනාවැකිය නිවරදි ඇති , මට නම් හිතෙන්නෙ ලැබිල තියන බලයත් එක්ක ගෙම්බො දෙන්නෙක් උඩ ගිහින් දෝ කියල

    චතුරංග - දරු මුණුබුරන් ආශ්චර්ය දිපෙ පුරවැසියො සෙල්ලම්ද , ඔබටත් සුභ නව වසරක් !

    සමීර - දේශපාලකයො බහුතරයක් හිතැති තමන්ට පමනයි , රට වෙනුවෙන් කෙනෙක් දෙයක් කරන්න හැදුවත් ඉඩ දෙන්නෙත් නැ , දුක තමා

    අමිල - ස්තුතියි අදහසට

    මනෝජ් - මහින්ද මාමා හොඳයි තමයි

    ReplyDelete
  14. මය්යා - ජානිපයත් අනුගමනය කරන ප්‍රපත්තීන් එක්ක ඔවුනගේ ස්ථාවරයන් පිලිබඳ ගැටලුවක් නැ . ඒත් රජයේ සමාජිකයින් විදිහට ඒවා ඉදිරිපත් කරන විදිහ හරිද ? උගත් පාඩම් වාර්ථාව ස්වාධීන වාර්ථාවක්(ඔබ පවසනා පරිදිම සෛද්ධාන්තිකව ) නිසා රජය ඒ ගැන හොඳ හෝ නරක කියනවාට වඩා අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැපවීමෙන් ඉන්නවාය කියන දේ පෙන්වීම වැදගත් කියලයි මම හිතන්නේ . හැබැයි අර කලින් මතු කරල තියනව වගේ මේක තිර නාටකයක් නම් රජය තුලින්ම විරෝධය එල්ල වෙත්දි ජනපතිවරයා අදාල නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න කැපවෙලා ඉන්න බව පෙන්වන්නත් පුලුවන් . ස්තුතියි අදහසට

    ReplyDelete
  15. ඔබා - වෙන්ට ඇති

    ජයශ්‍රි - කැබිනට් මණ්ඩලය තුල කථා කිරීමේ හැකියාව තියනව , බහුතරයක් ආමාත්‍ය වරුන් එක මතයක ඉන්නව නම් ඇමති කෙනෙක් ගෙනාපු පනතක් ගැන සලකා බැලීම සිදුවෙන දෙයක් (මාධ්‍ය වල දේශපාලන තිරු හරහා දකින විදිහට ) . කැබිනට් මණ්ඩලයේදි නොහැකි නම් පාර්ලිමෙන්තුවෙදි කථා කරන්න පුලුවන් , විරුද්ධව ඡන්දය දෙන්න පුලුවන් . නමුත් ඡන්දය දෙන වෙලාවේ පාර්ලිමෙන්තුවෙ නොසිටිනව වගේ පීචං වැඩ තමයි මෙයාල කරන්නේ . ජයග්‍රහණය ගැන සතුටුයි (හැබැයි දිලා ආයි පොර වෙයිද දන්නේ නැ ) ටෙස්ට් තරඟ බලන්නෙවත් ඒ ගැන උනන්දුවක් නැති නිසාත් තමයි ලිව්වෙ නැත්තේ


    තපස් - ජයශ්‍රිට දීපු උත්තර තුල ඔබගේ ප්‍රශ්නයත් කථාවෙනව මම හිතන්නේ . දූෂන චෝදනා නැතත් , විමල් උන්නැහේ එදා හිටපු තැනයි තිලංගල දුමින්ද ල එක්ක හරිහරියට චන්ද කරන්න සල්ලි විසිකරපු හැටියි දැක්කාම සැකයක් මතුවෙන්නෙ නැද්ද . චම්පික උන්නැහේට නම එහෙම සීන් නැ . කොහොමටත් චමිපික විමල්ට වඩා සැහෙන්න ඉස්සරහින් ඉන්න පොරක්

    මගේ කථාව - ආණ්ඩුවෙන් පිට ඉඳන් කරපු විවේචනත් ,ප්‍රතිපත්ති ගරුක වීමත් (මම ඒ ප්‍රතිපත්ති පිලිනොගත්තත් ) හරි , නමුත් රජයක් ඇතුලේ ඉඳන් කටයුතු කරත්දි මාධ්‍ය ඉස්සරහට ඇවිත් තමන් අතේ තියන වගකීමෙන් බැහැර වෙලා කථා කරන එක වැරදියි . ඒ සඳහා කැබිනට් එක හෝ පාර්ලිමෙන්තුව තුලයි කථා කරන්න ඕනි . ඒ වගේම හෙල උරුමය දේපොල පනතෙදි ඡන්දෙ දෙන වෙලාවේ නොසිටිය එකයි කලාය කියන්නේ . සභා ගැබේ නොඉන්න එක බඩේ රුදාවක් හැදුනාමත් වෙන්න පුලුවන් දෙයක් විරෝධයක් පල කරන්න නම් පාර්ලිමෙන්තුවේ රැඳි ඉඳල අවම වශයෙන් ඡන්දයෙන් වැලකෙන්න ඕනි

    ReplyDelete
  16. සියලු දෙනාටම සුභ නව වසරක් !!!!

    ReplyDelete
  17. බුවාටත් එසේම වේවා.

    ආණ්ඩුව පිට ඉදන් නොව ආණ්ඩුව ඇතුලේ ඉදන්ම හෙළ උරුමය නම් විවිද විවේචන කල බව මට මතකය (2005 ට පසු). තමන්ගේ වගකීමෙන් බැහැර වීමෙන් යන්න එතරම් පැහැදිලි නැත. පොදු වගකීමක් මිස මේ ඇමති වරුන් දෙදෙනාටම මේ අලකලන්ච්චි සම්බන්ධයෙන් ඇත්තේ අඩු වගකීමකි. මේවා ඔවුන්ගේ ඇමතිකම් වලට සමන්ධ ඒවා නොවේ. ඔවුන්ට කල හැක්කේ මේවා ගැන කතා කිරීම පමණි. සමහර විට මේවා ගැන රහසේ කතා කල යුගය අවසන් වී ඇතැයි ඔවුන් සිතුවා විය හැක.

    අනිත් අතට ආණ්ඩුව ඇන ගත් බොහෝ දේ තීන්දු වශයෙන් පොදුවේ ගත් කල යහපත් තීන්දුය. ඇන ගැනීම සිදු වුයේ ක්‍රියාත්මක කිරීමේදීය, නැතහොත් කැබිනේට්ටුවෙන් පිට අමාත්‍යංශ මට්ටමෙන්ය.

    චන්ද මග හැර යාම, පාර්ලිමේතුවේ සිටිමින් චන්දය නොදීම යන දෙකම විරෝධය දක්වන විදි දෙකකි. දෙවැන්න බරපතල වැඩිය. එක්වරම දෙවැන්නට නොයන්නට ඔවුන් සිතුවා විය හැක.

    ම ක

    ReplyDelete
  18. පිටපතේ හැටියට රඟපානවා එච්චරයි..

    ReplyDelete
  19. මොවුන් නැව ගිලෙන විට පැනයන මීයන්ගේ භූමිකාව පුහුණු වෙමින් සිටින බව හැඟේ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව