13 වන සංශෝධනය නොහොත් පලාත් සභා ක්‍රමය අහෝසී කිරීම පිලිබඳ වූ කථා බහ නැවතත් මතුව ඇත . රජය විසින් ගෙන ඒමට නියමිත දිවි නැගුම පනත පලාත් සභා වල අනුමැතියට ලක්විය යුතු බවට ලැබුණු අධිකරණය නියෝගය සහ ඒ ආශ්‍රිතව දෙමල සංධානයෙන් නැවතත් අධිකරණ පිහිට පැතිමත් ,ඒ පිලිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පලාත් සභා අහෝසි කල යුතු බවට ප්‍රකාශයක් පුවත්පතකට ප්‍රකාශ කිරීමත් මෙහි ආරම්බභය ලෙස සැලකිය හැක . ආරක්ෂක ලේකම් වරයාගේ ස්ථාවරය යුද්ධය අවසන් වූ කාලයේ සිටම ඒ තරම් වෙනසකට ලක්වී නැතත් පලාත් සභා අහෝසී කල යුතු යැයි ඔහුගෙන් ලැබුනු ඍජු ප්‍රකාශයත් සමඟ රජයට සම්බන්ධ පලාත් සභා විරෝධී අන්තවාදි දේශපාලන කණ්ඩායම්ද නැවතත් ඇවිස්සී ඇත . මෙම මතය වෙනුවෙන් වසර ගණනක් තිස්සේ පෙනී සිටි ඉරිදා පුවත්පතක් තම ප්‍රධාන පුවත ලෙස හුවා දක්වන්නේද රජයේ ජේෂ්ඨ අමාත්‍ය වරයෙක් විසින් මේ පිලිබඳ දැක්වුවා යැයි පැවසෙන අදහස්ය . 13 වෙනි සංශෝධනයේ භාවිතාවේ ප්‍රායෝගිකත්වය පිලිබඳව වෙන්ම එය අහෝසි කිරීමේ ප්‍රායෝගිකත්වය පිලිබඳවද අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි .
බලය බෙදීම
ඕනැම රටක සර්වත්‍ර වශයෙන් සැලකූ විට බලය බෙදා හැරීම යනු , ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ශක්තිමත් කරනා අවස්ථාවක් ලෙස සැලකිය හැකිය . එක් පුද්ගලයෙකු අතවූ බලය බොහෝ පිරිසක් අත බෙදා හැරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය වන අතර අතීත රෝම පාලනය තුල මෙන්ම ලිච්ඡවී රජ දරුවන්ගේ පාලනය තුලද ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් මට්ටමේ ලක්ෂණ දක්නට ලැබුනේ යැයිද පැවැසිය හැක . එක් පුද්ගලයෙකුගෙන් කණ්ඩායමක් අතට පත්වූ බලය තවත් ජනතාව විසින්ම තෝරාගන්නා කුඩා ඒකක වලට බෙදා වෙන්කට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නක් මෙන්ම අදාල ඒකක වල ජනතාව වෙනුවෙන් වඩා ඵලදායි සේවාවක් ඉටු කිරීමටත් බලය මධ්‍යගත වීම තුලින් ඉහල යන දූෂණ හා වංචා අවම කරගැනීටත් හේතුවක් ලෙස සැලකිය හැක . මෙවැනි විවිධා කාරයේ පාලන ඒකක ලෝකයේ සැම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යකම දක්නට ලැබෙනා අතර ඒතුල ලැබු ජයග්‍රහණයන් මෙන්ම ඇතැම් පසුබැම් ද දක්නට ඇත උදා - ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ඇතැම් නීති වෙනස් වීම් .
නිදහස ලැබූ දා පටන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් යටතේ පාලනය වූ ශ්‍රි ලංකාවේ බලය බෙදා හැරීමේ සංදිස්ථානය ලෙස 1987 දී පිහිටවනු ලැබූ පලාත් සභා ක්‍රමය හඳුනාගත හැක . ජනවාර්ගික අර්බුධය වෙනුවෙන් ලබා දුන් විසඳුමක් ලෙස පිහිටවනු ලැබූ පලාත් සභා ක්‍රමය අසල් වැසි ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප මත පැටවූ ඔවුනගේ මොඩලයේ පාලන ක්‍රමයක් වීම නිසා ආරම්භයේ සිටම විවිධ විරෝධාවයන් පලාත් සභා වෙත එල්ල වුනු බව නිරීක්ෂනය කල හැක . පලාත් සභාවන්හී මුඛ්‍ය පරමාර්ථය වූන් ජනවාර්ගික අර්බුධය විසඳීමේ ලා පලාත් සභා වලින් කිසිදු දායකත්වයක් මේ දක්වාත් නොලැබුනා සේම දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයට අදාල සම්පුර්ණ බලතල කිසි පූර්න වශයෙන් පලාත් සභා වලට හිම්නි වුයේද නැත
පලාත් සභා ක්‍රමයේ භාවිතාව
ශ්‍රි ලංකාව මෙන් 65 ගුණයක් පමණ විශාල රාජ්‍යක දේශපාලනික මොඩලයක් වීම නිසා වෙන් ආර්ම්භයේ සිටම පලාත් සභා ක්‍රමයේ දුර්වල තාවයන් රාශියක් නිරීක්ෂනය කල හැක , ඒවා අතරින් මා ප්‍රමුඛතාවය දෙන දුර්වලතාවයන් කිහිපයක් පමණක් පහත සාරංශ ගත කර ඇත
01) දිස්ත්‍රිකය පදනම් වූ පරිසරයක පලාත් ඒකකයේ ඇති නොගැලපීම - පලාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වී වසර 15කට පසුවත් ශ්‍රි ලාංකීය ජන සමාජයේ එදිනේදා කටයුතු සිදුවන්නේ දිස්ත්‍රික්කය මූලික කරගෙන මිස පලාත් මූලික කරගෙන නොවේ . බස්නාහිර පලාත , මධ්‍යම පලාත සහ උතුරු පලාත් හැරුණු විට අන් සියලුම පලාත් වල පලාතේ ප්‍රධාන නගරය ,පලාතට අයත් අනෙත් දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගරයට වඩා විශේෂයන් නොදක්වන හෙයින් අදාල දිස්ත්‍රික්ක වල ජනතාවගේ කේන්ද්‍රස්ථානය වන්නේ තම තමන්ගේ දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගරයයි ,පලාත් සභාවෙන් ඉටුකරගත යුත් පරිපාලනමය කටයුත්තකට හැර අනෙකුත් අවශ්‍යතා පලාතේ ප්‍රධාන නගරය වෙත යාමේ අවශ්‍ය තාවක් ජනතාවට නැත . එමෙන්ම ඇතැම් විට දිස්ත්‍රික්කයන්ගේ භෞතික පිහිටීම පලාත වශයෙන් කේන්ද්‍රීය වීම වලකාලන අවස්ථාද ඇත . උදා - සබගරමු පලාතේ කැගලු නගරයේ සිට මධ්‍යම පලාතේ ප්‍රධාන නගරය වූ මහ නුවරටත් මෙන්ම කොලඹට ඇති දුරද පලාතේ ප්‍රධාන නගරය වූ (පලාත් සභාව පිහිට ඇති ) රත්නපුරයට ඇති දුරට වඩා අවමය
02) නියෝජිතයන් තේරීම පලාත වශයෙන් සිදු නොකිරීම - ශ්‍රි ලංකාවේ පලාත් වලට සමාන ක්‍රම පවතිනා අනෙකුත් රටවල මැතිවරණ ක්‍රමයන් පිලිබඳ මාතුල හැදැරීමක් නැතත් , ශ්‍රි ලංකාවේ පලාත් සභා නියෝජිතයින් තේරීමේ ක්‍රමය දිස්ත්‍රික වශයෙන් වෙන්වී තිබීම තව දුරටත් ඉහල නංවන්නක් බැව් පැහැදිලිය . පලාත් සභාවක ප්‍රධානියා වන මහ ඇමති වරයා එක් දිස්ත්‍රික්කයක නියෝජනයක් පමණක් වන අතර , අනෙක් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දෙන් ඔහුට කිසිදු බලපැමක් සිදුවන්නේ නැත . මේ හරහා පලාත් සභා වලින් සිදුවන සේවාවන්ද දිස්ත්‍රික්කය අනුව වෙනස් වන අතර ඊලඟ මැතිවරණය වෙනුවෙන් පමණක් සේවය කරනා දේශපාලනික වටපිටාවක ඉන් එහා යමක් බලාපොරොත්තු විය නොහැක

03) වාර්ගික වශයෙන් බෙදා වෙන් කිරීම අර්බුධ විසඳනවා නොව උත්සන්න කරවයි - පලාත් සභා ක්‍රමය බිහි වන්නේ උතුරු නැගෙනහිර මතුවන ජනවාර්ගික අර්බුධයත් සමඟය . ඒ වන විට එය පලාත් සභා ක්‍රමය අප මත පැටවූ රජිව් ගාන්ධිටත් , සිංහල - දෙමල අන්තවාදීන්ටත් පින් සිදුවන්නට ත්‍රස්තවාදයක් බවට පෙරලී තිබුනි . පලාත් සභා ක්‍රමය එයට විසඳුම් යෝජනාවක් ලෙසින් ඉදිරිපත් වූවක් නිසා වෙනමක් රාජ්‍යක් වශෙය්න් ඉල්ලා සිටි මුලු බිම් ප්‍රදේශයම එක් පලාත් සභාවක් ලෙසින් නම් කරන ලදී . දිස්ත්‍රික්කා තුනක් විශයෙහිත් අසාර්ථක වන ක්‍රමයක් දැවැන්ත භූමි භාගයක් කෙරෙහි අසාර්ථක වීමේ හැකියාවට අමතරව වාර්ගික පදනමෙන් බෙදා වෙන් කිරීම බෙදුම්වාදයට පෝර දමන්නක්ම පමණක් විය . පලාත් සභා ක්‍රමය පිටුපස සිටි බලවේගය වූ ඉන්දියාවේ ප්‍රාන්ථ වාර්ගික වශෙය්න් බෙදා තිබීම ඔවුන් මෙහීදීත් අනුමනය කල බවක් දක්නට ලැබෙන අතර එහිදී බටහිර ආක්‍රමණ වලට පෙර ඉන්දියාවෙ තිබු වාතාවරණය ශ්‍රි ලංකාවේ වාතාවරණයට සමාන නොවන බැව් ඔවුන් අමතක කර ඇත . විසඳුමක් ලෙස ඉදිරිපත් කල උතුරු -නැගෙනහිර පලාත් සභාව ප්‍රථම වටයේදීම වෙනම රාජ්‍යක් වශෙයෙන් ප්‍රකාශයට පත් කරන්නට ගොස් බිඳ වැටනු අතර වාර්ගික අර්බුධයකට විසඳුම වාර්ගික වශයෙන් බෙදා වෙන් කිරීම නොවනා බැව් පැහැද්ලිය .
04) බලය සමඟ දූෂණය හා නාස්තිය ද බෙදා හැරීම - එක් පුද්ගලයෙකු අත බලය මධ්යගත වන විට දූෂණ හා වංචා ඉහල යාම වලකානු පිණිස වැඩි පිරිසක් අත බලය බෙදා හැරීම න්‍යාත්මකව සාධාරණ වුවද , දූෂණය මුල් බැස ගත් සමාජ ක්‍රමයක බලය අතට ලැබෙන සියල්ලන්ම දූෂණයේ හා නාස්තියෙ කොටස් කරුවන් වීම වලකා ලිය නොහැක . මෙය අපට මෙන්ම පලාත් සභාව ඇඟේ ගැසූ ඉන්දියාවේද අපටත් වඩා දරුනවට දක්නට ලැබෙන තත්වයක් වන අතර , පලාත් සභා නොව ඕනැම පරිපාලන ඒකකයක් තුල මේ තත්වය නීරීක්ෂණය කල හැක
ඉහත දැක්වූ වූ කරුණු කාරණාත් සහිතව පලාත් සභා ක්‍රමයේ ඇති අවාසි දායක තත්වයන් සලකා බැලු විට එය අහෝසි කල යුතුය යන මතය සාධාරණ බවට කිසිදු සැකයක් නොමැත . නමුත් පලාත් සභා ක්‍රමය අහෝසි කිරීමට යාමේදී මතුවිය හැකි ප්‍රායෝගික ගැටලු කිහිපයක්ද අවශ්‍යයෙන්ම සලකා බැලිය යුතුය
පලාත් සභා ක්‍රමය අහෝසි කිරීමකදී මතුවිය හැකි ගැටලු
01) ලොකු අය්යාගෙන් එලිපිට ගේම ඉල්ලීම - පලාත් සභා ක්‍රමය ශ්‍රිලංකාවට ගෙන ඒමට මුල් වූ බොහෝ විට ශ්‍රි ලංකාවේ ලොකු අය්යා වශයෙන් හඳුන්වාදී ඇති අසල්වැසි ඉන්දියාව තවමත් පලාත් සභා ක්‍රමය මත පදනම් වූ බලය බෙදීමක් කෙරෙහි රජයට පීඩනය එල්ල කරමින් සිටිනා බැව් නොරහසකි . එක් වරම පලාත් සභා ක්‍රමය අහෝසි කිරීම යනු මෙ වන විටත් යම්තාක් දුරටක අර්බුධයට ලක්වී ඇති ඉන්දු ලංකා සබඳතා සම්පූර්නයෙන් බිඳ දැමීමට හේතු වන්නක් විය හැකිය . ජේ.ආර් බිය වද්දා පලාත් සභා ක්‍රමය මෙරටට ගෙනා කාලයට වඩා සැහෙන ප්‍රභල ලෝක ආර්ථික හා දේශපාලන බලවතෙකු වන ඉන්දියාව ශ්‍රි ලංකාවේ මෙවෙනි ක්‍රියාමාර්ගයක් තමන්ගේ ආධිපත්‍යට එල්ලවු බලවත් අතුල් පහරක් ලෙස සලකනවා නොඅනුමානය . ශ්‍රි ලංකාවේ සිටිනා ඉන්දියානු විරෝධීන්ගේ ෆැන්ටස් වල ස්වාභාවය කෙසේ වුවත් ඉන්දියාවේ දරුණු ප්‍රතිචාරකට මුහුණු දීමේ කිස්දු හැකියාවක් ශ්‍රි ලංකාව සතුව නොමැත , අනෙක් අතින් NPT ගිවිසුමට එක් නොවී නිති විරෝධී න්‍යශ්ටික ආයුධ අත්පත් කරගෙන සිටිනා ඉන්දියාවේ අන්තර් මහත්දීවිපික මිසසයිල අත්හදා බැලීම් වලටත් නොදුටුවා සේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනා ජාත්‍යන්තර ප්‍රජාව එවන් අවස්ථාවක ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනී සිටී යයි විශ්වාස කිරීමටද නොහැක . මේ වන විටත් විදේශ ප්‍රතිපත්තිය තුලින් හත් පොලේ ගාගෙන සිටිනා ශ්‍රි ලංකා රජයේ සුමිතුරන්ගෙන් රුසියාව තම යුධ ආයුධ ගැණුම් කරුවා සහ අභ්‍යවකාශ ගවේෂන සහයකයා අමතක කර ශ්‍රි ලංකාව කෙරේ නැඹුරු විය නොහැකි අතර යම් කීසි බලාපොරොත්තුවක් හෝ තබා ගන්නවා නම් ඒ චීනය පිලිබඳව පමණකි
02)එක්සත් ජාතීන් ගේ සංවිධානය - ඉන්දියානු බලපැම මෙන්ම ශ්‍රි ලංකාවේ දේශපාලනික විසඳුමක් පිලිබඳ ඊලඟ පීඩනය එල්ල වී ඇත්තේ එක්සත් ජාතින්ගේ සංවිධානය හරහාය . මානව හිමිකම් කොමිසම විසින් දැනටමත් ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරගෙන සිටිනා අතර එය මෙතෙක් ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනි සිටි ඉන්දියාව තම ස්ථාවරය වෙනස් කිරීමත් සමඟ සිදුවීම විශේෂකොට සැලකිය යුතුය . එක්සත් ජාතින්ගේ සංවිධානයේ ස්ථාවරයද ශ්‍රි ලංකාවේ දේශපාලන විසඳුමක් වන අතර මේ දක්වා ශ්‍රි ලංකා රජයට ඒ සඳහා කැපවෙන බවට මවා පෙන්වා ඇති ස්ථාවරයද පලාත් සභා අහෝසි කිරීමත් සමඟම අවලංගු වනු ඇත . ශ්‍රි ලංකාවේ අභ්‍යන්තර විසඳුමකට ඇති කැපවීම මෙහිදී බරපතල ලෙස ප්‍රශ්න කෙරෙන්නට ඇති ඉඩ කඩ මෙන්ම එහිදී ඉන්දියාව ශ්‍රි ලංකාවට එරෙහිව ඍජුව කටයුතු කරන්නටත් , දැනට ශ්‍රි ලංකාවට සහය ලැබෙනා මධ්‍යස්ථ රටවල සහය අහිමි කරන්නටත් මේහිදි ඉඩකඩක් ලැබෙනු ඇත .
03) රාජ්‍ය සේවක අතිරික්තය - 2001-2003 එජාප පාලන සමය තුල එවකට අතිරික්තයක්ව පැවැති රාජ්‍ය සේවකයින් ගණන සීමා කරන්නට ගත් උත්සාහය වලකා තමන් අලුතින් දෙතුන් ගුණයක රාජ්‍ය සේවකයින් ප්‍රමාණයක් බඳවා ගත් බව රජයේ අමාත්‍යවරුන්ද ඉතා ආඩම්භරයෙන් පවසනා කරුනකි , මෙසේ බඳවා ගත් රාජ්‍ය සේවකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් පලාත් රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති අතර මේ වන විට සියලුම පලාත් සභාවල පාහේ සේවක අතිරික්තයක් නිරීක්ෂනය කල හැකි බවද පැවසේ . පලාත් සභා ක්‍රමය අහෝසි කිරීමත් සමඟ මෙතරම් සේවකයින් පිරිසකගේ දායකත්වයක් කිසී සේත්ම අවැසි වන්නේ නැත . අනවශ්‍ය රාජ්‍ය සේවකයින් පිරිසක් නඩත්තු කිරීම තුලින් පලාත් සභා අහෝසි කිරීමකින් ලැබෙන පූර්න වාසිය අත් නොවෙනා අතර ඔවුන් සේවයෙන් ඉවත් කිරීමද ඩ් ගැටලු රාශියක් මතු කරන්නක් විය හෑක
04) පලාත් සභා දේශපාලකයින් - ශ්‍රි ලංකාවේ දේශපාලනය තුල පලාත් සභා දේශපාලනයටද මේ වන සැලකිය යුතු ස්ථානයක් හිමිවී ඇත . සංධානයේ මෙන්ම එජාපයේද ප්‍රභල චරිත ගණනාවක් පලාත් සභා දේශපාලනයේ නිරත් වනවාක් මෙන්ම බොහෝ දේශපාලකයින් පාරිලිමෙන්තු ගමනේ අතරමැදි සංදිස්ථානය ලෙස පලාත් සභා භාවිතා කරන බවක්ද නීරීක්ෂනය කල හැක . එක් වර පලාත් සභා අහෝසී කිරීමකදී මේ දේශපාලකයින් සහ අනුගාමිකයින් අතර ප්‍රභල කැලඹීමක් හට ගැනීම වැලැක්විය නොහැකි අතර ප්‍රතිපත්තිමය වශයෙන් පලාත් සභා පිලිගන්නාඅ එජාපය පලාත් සභා වෙනුවෙන් පෙනී සිටීමත් නිසා රජයට ප්‍රභල දේශපාලනික අවාසියක් සිදුවීම ඉඩ කඩක්ද ඇත
පලාත් සභා ක්‍රමයේ අවාසි සහගත තත්වයන් රාශියක් මැද වුවත් එය එක්වර අවලංගු කර දැමීමම වඩාත් බරපතල අභියෝග ඇති කරන්නක් බැව් ඉහත කාරණා අනුව පෙනී යයි . එනිසා පලාත් සභාවන් හී බලතල ක්‍රමයෙන් අඩු කිරීම විනා එක් වර අහෝසි කිරීමක් ප්‍රායෝගික යැයි මා නොසිතන අතර රජය පාර්ලිමෙන්තු බලය වෙනුවට ජනමත විචාරණයක් හරහා මෙය සිදුකිරිමෙන් අන්තර්ජාතික මඳක් හෝ සමනය කරගන්නට කටයුතු කරන්නටද ඉඩකඩක් ඇත , උපක්‍රමශිලි රාජ්‍යතාන්ත්‍රික බාවයක් හරහා ඉන්දියානු සාධකයේ බලපැමද අවම කරගැනීමට උත්සහ කිරීමේ හැකියාවක් ඇති මුත් මේ දක්වා රජය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගයන්හී දක්වා ඇති දුබලතාවයන් නිසා එවැන්නක් ප්‍රායෝගිකව සිදුවීමේ ඉඩ කඩද ඉතාම අවමය !
අප රටට කිසීසේත්ම නොගැලපෙන බලෙන් අප වෙත දුන් ක්‍රමයකි. මේ දුන් පාපය ඔවුන් මේ ජීවීත කාළෞඅ තුලම වින්දෝය. එය ලබා දුන් අය එයට ප්‍රති උපකාර දැක්වූයේ මිනිස් බෝම්බයකිනි. දුන්න එකාටත් එපානම් අපටත් එපානම් මේ කාළකන්නි ක්‍රමය අහෝසි කරනවා හැර වෙන කුමක් කරන්නද..? අද බලයේ සිටිනුයේ මේ ක්‍රමය එපායයි කියමින් රට ගිනි තැබු අයවලුන්ය. එහෙත් අද ඒ ක්‍රමයම බුක්ති විදී. නමුත් දිවි නැගුමෙන් එය එපාවී ඇත.
ReplyDeleteමම කිසිසේත්ම මේ ක්‍රමයට අකමැති වුවද. දැන් ඔන්න ඔහේ තිබුනත් අවුලක් නැත. මොකෝඅ මේක අහෝසි කල ගමන් වන්නේ ජනාධිපති උපදේශකවරු වැඩි වන එක පමනය. එම නිසා මුදල් නාස්තිය ඒ ආකාරයෙන්ම සිඳුවේ.. මට තියෙන පුදුමය. මේ එක දේශපාලන පක්ෂෙක එකෙක්වත් මේ ජනාධිපති උපදේශකවරුන් පත් කිරීම ගැන කතා නොකරන එකය. මුන්ව නඩත්තු කිරීමට ළිදට බදු ගසා හම්බ කර ගන්න බැරිය. පුකටත් ගැහුවා නම් හරිය.
පළාත් සභා ඇත්තටම නොගැලපෙන්නේ උතුරට නැගෙනහිරට නොවෙයි රටේ පල්ලෙහා ප්‍රදේශ වලට. දෙමල බහුතරය ඉන්න උතුරට බලය බෙදීමේ විසඳුමක් හැටියට නේ ඕක ගෙනාවේ එත් ඉතින් උතුරු නැගෙනහිර විතරක් පළාත් සබාවක් දැම්මනම් රට දෙකඩ වෙනවා කියල අපේ අයියල ගිනි විජුම්බරයක් පටන් ගන්න නිසා ඉඳා උඹලටත් කියල දීල දැම්ම. මං හිතන්නේ පළාත් සභා නොවෙයි පාර්ලිමේන්තුව වහල දැම්මත් අවුලක් නෑ බිල්ඩින් විතරයි නේ ඕව. බිල්ඩිම ඇතුලේ ලෝකේ කොහෙවත් රටක වෙන්නේ නැති බොරු බයිලාවක් නේ වෙන්නේ.ඔන්න ඔහේ තිබුනත් කමක් නෑ.පිට රටකින් ඇවිත් මැදිහත් වෙලා කරන වෙනස් කමක් මිසක් අපිට ඕනෑ වෙලා අපේ සුභ සිද්ධියට වෙන වෙනස්වීම් ලංකාවේ වෙන්නේ නෑ. අපේ මිනිස්සු එක්ක කරන්නත් බෑ.හැබැයි කාට හරි කරන්න ඕනෑ උනොත් කරන්න බැරිත් නෑ.මොකද ඕනෑ පුකක් කියල ඉන්න පිරිස වැඩියි නේ.මහින්ද පළමු නිල කාලය ඇතුලත යුද්ධය අවසන් කරා දෙවැනි නිල කාලය ඇතුලත ඒ වගේ තවත් තීරණාත්මක හැරවුම් ලක්ෂයක් (ආර්ථිකය තුල?) අති කරන්න තවම එයාට අවස්ථාව තියනවා.කරන පාටක් නැති උනාට නොකර ඉන්න බැරි තැනකට තල්ලු වෙලා වෙන කරන්න උනොත් තමයි.
Deleteමේ පැත්තෙ මේ දවස්වල ඉන්න මහාචාර්වරයෙක් ලියපු ලිපියක් අමුණන්නම්. පළාත් සභා වැඩේ දී උතුරත් නැගෙනහිරත් අනාගෙන ඉන්නෙ.
Deletehttp://www.sundaytimes.lk/121021/news/epc-administration-a-setback-for-ethnic-reconciliation-17423.html
පළාත් සභා ගැන මගේ දැකීම මම කියන්නම්. බන්ඩාරණායක රට සභා කියලා ක්‍රමයක් 1950 ගණන් 60 ගණන්වල දෙන්න හැදුවා ඒකෙන් දෙමල ජනතාව රැවටුනා. ඒ ඇති වුනු වෛරය ගිය දුර මදෑ. රට සභා ඇති වූවා නම් මේ යුද්ධය මෙතරම් දුර යන්නෙ නැහැ.
ReplyDeleteඊට පසු ඇති වූ යම් කිසි පිළිගත හැකි ක්‍රමය පළාත් සභා. නමුත් පළාත් සභා ඇති කළ ක්‍රමය වේගවත් වැඩියි. නිසි සොයා බැලීමක් නැතුව ගහෙන් ගෙඩි එන්නාක් මෙන් එක පාරටම ලබා දුන්නා. අනික ඒක ලැබුනේ අවශ්‍ය අයට නෙමෙයි. පත් වුනේ අවශ්‍ය අය නෙමෙයි. ලංකාවේ මේ පාදඩ දේශපාලකයො ඇති වෙන්නත් ඒකම හෙතු වුනා.
මගේ අදහස යම් දුරකට වඩාත් විශාල ඒකක තුන හතරක් ඇති කළා නම් හොදටම ඇති.
අනිත් අවශ්‍යම කාරණය රාජ්‍ය පාලනය මධ්‍යගත නොවී විමධ්‍ය ගත වූවා නම්, ජනතාවට තමන්ගේ වැඩක් තම දිස්ත්‍රික්කයේම කරගත හැකි වනවා නම් මේ කිසිවක් අවශ්‍ය නැහැ.
පළාත් සභා අහෝසි කළාට කමක් නැහැ. නමුත් කාටත් පිළිගත හැකි විමද්‍යගත පාලන ක්‍රමයක් ඇති වනවා නම් මම සතුටුයි.
කාටත් පිළිගත හැකි සාධාරන පාලන ක්‍රමයක් ක්‍රමයක් ඇති විය යුතුයි.
පළාත් සභා යනු වැඩකට ඇති දෙයක් නොවුනද දැන් එය අහෝසිකිරීම නිසා ඉන්දියාව විරසක වීම අනිවාර්යයෙන් සිදුවේ.නැවත සන්නද්ධ කල්ලි ඇතිවීමේ මුලරම්භයක් විය හැකිය.
ReplyDeleteමේක මේ ඉන්දියාවත් එක්ක ගත්තම බැරල් එකක් ගාවින් හුණ්ඩුවක් තිබ්බා වගේ වැඩක්... ඕයිට වඩා සරල ක්‍රමයක් ලංකාවට හදා ගන්න තිබුනා.. අපේ උන් කොයි වෙලෙත් මොකක් හරි ලබ්බක් හදද්දී අල්ල ගන්නේ මෙයිට වඩා තනිකරම වෙනස් මොකක් හරි රටක්... එක්කෝ ඉන්දියාව.. නැත්තං එංගලන්තේ... එහෙමත් නැත්තං රුසියාව...
ReplyDeleteඔය රෙද්දවල් ගේන්න දෙයක් තිබුනේ නැහැ... කරන්න තිබුනේ ඒ ඒ පළාත් වලින් පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරුන් අතරින් ඒ ඒ පළාත් වලට වෙන වෙනම ඔය කොමිටියක් වගේ දෙයක් පත් කරීම සහ ඒ අය අතරින් ඕනනං පළාත් ඇමතිවරු නම් කිරීම... උදාහරණයක් හැටියට බස්නාහිරනං තියෙන දිස්ත්‍රික්ක තුනෙන් නියොජිතයෝ දෙන්නා(ආණ්ඩුවෙන් එකයි විපක්ෂෙන් එකයි වගේ..ඕක සුළු සුළු වෙනස්කම් සහිතව කරන්න පුළුවන් දෙයක්..) ගානේ අරං හය දෙනෙකුගේ කොමිටියකුයි ඒ අතරින් එකෙක් ඇමතියා කරවීම හෝ ඒ ඒ පළාත්වල බලය වැඩි පැත්ත බලලා තව වැඩිපුර එකෙක් ඒ කොමිටියට දාලා ඒකාට ඇමති කම දීම වගේ... පාර්ලිමේන්තුව සතු සියළු බලතල ඒ ඒ කොමිටිවලට බෙදා හැරලා දැම්මනං අහවරයි... ඇමතිවරු වැඩි කරන්න ඕනත් නැහැ... දැන් හැම රෙද්දටම ඇමතිවරු..හැබැයි කොරන කෙංගෙඩියකුත් නැහැ... වැඩක් කරන්න ගියාම උන්ට ඇති බලයකුත් නැහැ... පාර්ලිමේන්තුව අස්සෙන්ම විසඳුම් හොයලා බලය බෙදන්න ඕනකම තියං රෙද්දවල් අටෝලා... අන්තිමට උන් කරන්නෙත් නැහැ..මුං කරන්නෙත් නැහැ.. හැබැයි උන් ඔක්කෝම යැපෙන්නේ අපෙන්... ඔක බුවා කියන්නා වගේම අහෝසි කරන්න ලේසි නැහැ..විශේෂයෙන්ම හැම පක්ෂයේම දෙවැනි පෙල රැකෙන්නේ ඕකෙන්නේ... ඕක නැති කලොත් හැම පක්ෂයක් ඇතුලේම මරා ගනී... ආයේ අමුතුවෙන් ඉන්දියාව කලබල වෙන්න ඕන නැහැ...
ඔය මං කියන ක්‍රමය ටිකක් විකාශය කරලා සකස් කර ගත්තනං සහ ඒක පැහැදිලිව කිව්වනං ඉන්දියාවට උනත් දගලන්න ඕන වෙන්නේ නැහැ.. මොකද එතකොට කොහොමත් පාර්ලිමේන්තුව හරහා ඒ ඒ පළාත්වල ඉඩම් පොලිස් බලතල උන්ට හම්බ වෙන හින්දා... පාර්ලිමේන්තුවේදී ඒ ඒ පළාත් කොමිටි වලට සහ ඇමතිවරුන්ට සම බලතල දීම සහ පාලනය කලාම වැඩේ ඉවරයි... කාටවත් මරා ගන්න දෙයක් නැහැ...
මම නං උපරිම විරුද්ධයි. මොකද සුදු අලියෙක් නිසා. පළාත් සභාවෙන් කරන අනවශ්‍ය සුභසාධන වියදම් කොච්චරද කියල බොහෝ දෙනෙක් දන්නෙ නෑ.
ReplyDeleteබුවෝ ඔය ගැන වාදයක් තියන්ට වෙයි.
ReplyDeleteකාටත් පිලිගත හැකි විසඳුම් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ දෙමල ජනයාට පිලිගත හැකි විසඳුමකි.
ReplyDeleteඇත්ත. සිංහල ජනයා ඔටුවො
Deleteයුධ ශක්තිය සැලකුවොත් පැය කිහිපයක් ඇතුලත ලංකාව අත්පත් කරගන්න තරම් හැකියාවක් ඉන්දියාවට තියන බව ඇත්ත. නමුත් ව්‍යවස්ථා සංශෝධනයක් වගේ රටක අභ්‍යන්තර ප්‍රශ්නයකට එහෙම යුධමය ක්‍රියාමාර්ග ගන්න එක ලේසි නැ . ඉන්දියාවේ න්‍යෂ්ටික ආයුධ වලට , බැලස්ටික් මිසයිල වලට ලෝක බලවතුන්ගේ බලපැමක් නැති බව ඇත්ත . හැබැයි ඒක සාධාරණීකරනය කරන්න ඉන්දියාව පාවිච්චි කරන තුරුම්පුව තමයි "සෙල්ෆ් ඩිෆෙන්ස්" , ඉන්දියාව පැටලුණු යුද්ධ සියල්ලම අනික් රටවල් පටන් ගත්තු එව්වා නිසා "මුලින් පහර නොදීමේ න්‍යාය " තුල ඉන්නවාය කියන එකත් තව පොයින්ට් එකක් . ඒ නිසා ලංකාවට යුධමය වශයෙන් බලපැමක් නම් සිද්ධ වෙන එකක් නැ . ඒ වෙනුවට ලංකාව ජාත්‍යන්තරය තුල හුදකලා කරන්නත් , ඔත්තු සේවා හරහා රාජපක්ෂ පාලනයට වැඩක් දෙන්නත් කටයුතු කරයි . පලවෙනි එක නම් දැනටමත් පටන් අරන් තියෙන්නේ , කවුරු දනීද දෙවැන්න ගැන?
ReplyDeleteබුවා අන්තිමට උපායශිලි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග කියල ලස්සන වචනකින් දීලා තියන, "වෙනත් ක්‍රමයකින් ඉන්දියාවට ගොට්ට ගැහීම" හරියට කරගන්න පුලුවන් නම් එත් නරක නෑ . දැන් චීනෙට දෙන දීම අතැරල ඉන්දියාවට දෙන්න ගන්නවා නම් උන්ට 13න් ඇති වැඩක් නෑ . කොහොමටත් වර්ථමාන දිල්හි රජයට ලංකාවේ ජනවාර්ගික අර්බුදය ගැන සෙන්ස් එකක් නැ , 13 උන්ට රැලේ යාමක් විතරයි .
එතකොට දෙමළ ජනතාවට උඹ යෝජනා කරන්නෙ මොකක්ද?මේ තියෙන ලබ්බත් අකුලල දැම්මට පස්සෙ?පලාත් සභා වලින් හරි බලය බෙදීමක් කරල නැහැ.සේරම විෂයන් මධ්‍යම ආණ්ඩුවෙ සොච්චම් බලයක් විතරයි දීල තියෙන්නෙ.මේක අවශ්‍ය උනේ දෙමළ ජනතාව ස්වයං පාලන අයිතිය වෙනුවෙන් කරපු සටන ගොඩින් බේරගන්න අවශ්‍ය උන හින්ද.දැන් ගෝඨාභය බූරුවා මේක අහෝසි කරන්ඩ කියල කියන්නෙ මුන්ට බලය බෙදා ගන්ඩ පුරුද්දක් නැති හින්ද.මෛත්‍රීපාල එක්ක බලය බෙදාගන්ඩ බැරි එවුන් දෙමලු එක්ක බලය බෙදාගනීවිදි?
ReplyDeleteදෙමල ජනයට දීල තියෙන ලබ්බ. දීල තියෙන්නෙ දෙමල දේශපාලකයන්ට
Deleteඅපේ රටේ හැමදාම තිබුනේ හෝද හෝද මඩේ දැමිල්ලක්. ආයිත් ඒ සින්දුව යනවා එච්චරයි ..
ReplyDeleteAgreed with Buwa and most commentors.
ReplyDeleteජයම්පති වික්‍රමරත්න නීති විශාරදයෙක් පලාත් සභා උපදේශක වරයෙක්. එතුමා කියන්නේ බලය බෙදීම හොඳින් අවංකව කල යුතුයි කියල.
ReplyDeleteලිපියෙන් නොදැන සිටි බොහෝ දැන ගතිමි.වර්ථමාන දේශපාලනය ගැන නම් මගේ එතරම් කැමැත්තක් නැ.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
සියලු ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි !!!
ReplyDelete