Skip to main content

දේශප්‍රේමියනි අවදිවව්!!


තෙල් මිල වැඩි වෙලාය , විදුලිය   බස් ගාස්තු පාන් ජලය අනන් මනන් ඔක්කොමත් වැඩි වෙනවාය . ගැස් කිරිපිටි එහෙමත් වැඩිවෙනවා කියා කියනවාය . මේ සියල්ලටම මුල ඊනීයා අධිරාජ්‍ය වාදී බටහිර බලවේග ය .දේශප්‍රේමීන්ගේ පරම මිතුරෙකු වූ අහමදි නෙජාඩ් ලොක්කාට දාන ගෙම්බර් නිසා දේශප්‍රේමී  අපිටත් තෙල් ගණන් වැඩි වෙලාය  . ඇමරිකන් කාරයා ඉරානයට සම්බාධක දාන්නේ සිංහල -බෞද්ධ දේශය නොහොත් ආසියාවේ ආශ්චර්යයට කෙලවීමට පමණක්ම වෙන්නට බැරිත් නැය . ඒ තරමටම ආසියාවේ ආශ්චර්යය හා දේශීය විද්‍යාව බටහිරයන්ට හිසරදයක් වෙලාය . ඉරාන තෙල් මත විතරක් යැපීමේ විපාක , සම්බාධක වලට කල් තියෙයි , ලෝක වෙලඳ පොලේ තෙල් මිලට සාපේක්ෂව වැඩි කලා වැඩියි කියා කියන්නේ රනිල්  වික්‍රමසිංහ වැනි දේශද්‍රෝහීන් පමණය , ඔවුන්ගේ කථා දේශප්‍රේමී අප පිලිගන්නට ඕනෑ නැය .මේ මිල වැඩි වීම් අපගේ ආශ්චර්යමත් රාජ්‍යයට එල්ලවන අභියෝගයන් ලෙස සලකා එකාමෙන් එකමුතුව සිටිය යුතුය

තෙල් මිල වැඩිවුනා කියා උද්ඝෝෂනය කල එකෙක් මැරිලාය . ගල් මුල්  ,කඩු පොලු අරන් එන උන් හුරතල් කරන්නට බැය , මුන්ගේ පිටි පස්සෙ ඉන්නේ එන්ජීඕ කාරයින්ය . ඒ නිසා ඒවා මර්ධනය කල යුතුමය . දෙන ගානකට ඩීසල් ගහගෙන මූදු නොගිහින් උද්ඝෝෂනය කරන්නට එනවාට මුන්ට යස වැඩේය . මේ එන්ජීඕ පිටුපස සිටින්නෙත් බටහිර කුමන්ත්‍රණ කාරයන්ය .

දේශද්‍රෝහි රනිල් ජයලත් බාහු ඇතුලු පිරිසක් ඊයේ ද උද්ඝෝෂනය කලාය ,මේ පර දේශද්‍රෝහීන්ට ගහන්න ඕනි කඳුල් ගැස් නොවේය අත් බෝම්බය , ජයලත් කාරයාට ඉස්පිරිතාලේ ලගින්නට වැඩේ සෙට්වීම ගැන නම් සතුටුය . එකම දුක රනිල් කාරයා ගේ ඔලුව පැලෙන්න්ට එකක් දෙන්නට කලින් පොර එතනින් මාරූ වීම ගැනය .මේ සෙට් එක පිටිපස්ස් ඉන්නේ බටහිර කුමන්ත්‍රණ කාරයින් බව අමුතුවෙන් කියන්න ඕනෑ නැය . සුද්දිගේ පොටෝ එක තිබියදී අපගේ ආදරණීය නායකයාණන් ගේ පොටෝ එක විතරක් ඉරාදාන එකෙන්ම ඒබව පේනවාය


මේවා ඔක්කොම අතුරු කුමන්ත්‍රණයන්ය . මහා කුමන්ත්‍රණය සිදුවෙමින් තියනවාය . යුරෝපා සංගමය අපට එරෙහිව යෝජනාවක් ගෙනල්ලාය , බලු ඇමරිකන් කාරයාද එයට සපෝට්ය . ඔවුන් හදන්නේ මානව හිමිකම් මුවාවෙන් අප රටට අත පෙවීමට බව අම්තුවෙන් කිව යුතු වන්නේ නැය .හරිනම් බුටානිස් ගැනිට _කට පයින් ගසා බෙලෙක්ක කාරයාගේ කලිසම ඔලුවෙන් ගලවා යැවිය යුතුව තිබුනාය . ඒ ටික  වෙන එක වලක්වන්නට අර මූලධර්මවාදි ගැත්තා - ගයාන් පෙරේරා ලවා සින්දුවක් එලියට  දම්මවා දේශප්‍රේමී අපේ අවධානය වෙනත් පැත්තකට යොමු කලාද විය හැකිය

ඔය සෙල්ලම් හැමදාමත් හරි යන්නේ නැය , බටහිර අධිරාජ්‍යවාදී  ඊනියා ක්‍රිස්තියානු කුමන්ත්‍රණ පැරදවිය යුතුය . ඒ සඳහා නාථ දෙවියන්ගේ දැනුමෙන් පෝෂනය වූ දේශීය විද්‍යාවක් අප සතුව තියනවාය , බටහිර විද්‍යාවට හෝ මෙවලම් වලට චතුස්කෝටියෙන් බලන අපේ විද්‍යාවත් එක්ක හැරෙන්නටවත් බැය . අපේ රාවනා රජතුමා උඩින් යන කාලයේ වැද්දන් වූ බටහිරයන්ට ගහන එක කජු කිරී ගේමක්ය . අපේ මහාචාර්ය උතුමාණන් පැන්ෂන් ගියත් නාථ දෙවියන්ගේන් උපදේස් ලබාගන්න යෝගාවචාරියෙක් තවමත් අප අතර ඉන්නවාය . බටහිරට එරෙහිව සන්නද්ධ වීමට සියලු දේශප්‍රේමීන් අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග ඉතා පැහැදිලිව පහල ලිපියේ තියනවාය . දැන් තියෙන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම පමණය

http://www.lankacnews.com/sinhala/main-news/47445/

---------------------------------------------------------------------------------------------------


ප.ලි 01 - ඊයේ උද්ඝෝෂනයේදී වික්‍රමසිංහ මහතාගේ කථාව සැහෙන කාලයකට පසු රටේ විපක්ෂයක් කියා එකක් තියනා බවට මතක් කර දීමට තරම් ප්‍රාණවත්ය , එහෙත් කඳුලු ගැස් ගහන්න කලින් ඔහු එතනින් ඉවත් වූයේ ... කඳුලු ගැස් ගහයි කියා බයවූ නිසාද ? ආරක්ෂක අංශ  කඳුලු ගැස් ගහනා බව කලින් දැනුම් දී ඉවත් කල නිසාද

ප.ලි 02 - රනිල් ගෙන් ප්‍රභල කෙනෙහිලිකම් වලට ලක්ව සිටින කරු ජයසුරිය මහතාත් සහභාගීවූ උද්ඝෝෂනයට , සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවුනේ ඇයි ?

ප.ලි 03 - වාමාංශිකයින් යනු මහ පොලව සමඟ අව් කාෂ්ටකය සමඟ පොරබඳනා ගොවියාගේ සහ කම්කරුවාගේ නියෝජනය කියා කියවේ . ඊයේ පත්‍රිකා බෙදූ සෝමවංශ මහතාත් ,ලිබරල් වාදී රනිල් සම්ඟ උද්ඝෝෂනය කල වික්‍රම බාහු මහතාත් කලු කණ්නාඩි පැලඳ සිටියේ නිර්ධන පන්තියේ ජනතාව අව් කාෂ්ඨකයෙන් විඳිනා පිඩාව ඔවුනට දරාගන්නට අමාරු නිසාද ?

Comments

  1. හිතට ඇල්ලුවේ ප.ලි ටිකයි.

    ප.ලි.01 - ඇත්තට ම වෙන්න ඇත්තේ රනිල් යනකං බලං ඉඳල කඳුලු ගෑස් ගැසීම වෙන්න බැරිද?

    ප.ලි 02 - පංසලකට 50,000 ක් දෙන්න හරි මහන මැසින් වගයක් බෙදන්න හරි තියෙන්න ඇති.

    ප.ලි 03 - මගුලක් කතාකරනව, උද්ඝෝශන වගේ ද මල්ලි ඇස් දෙක

    ReplyDelete
    Replies
    1. උඩ ටික නම් ජයශ්‍රිගෙ හිතට අල්ලන්න විදිහක් නැ කොහොමටත් , ඔය උත්තර තමයි මටත් හිතෙන්නේ

      Delete
    2. ජය ශ්‍රී කියපු දේත් වෙන්න පුළුවන්.ඒත් මටනම් හිතෙන්නේ රනිල් දැනගෙනම ඉවත් උනා කියල. රනිල්ගේ දේශපාලන ජීවිතේ මන් දන්න විදිහට
      කිසිම වෙලාවක මේවගේ පරිප්පු කාපු අවස්ථා නැහැ(වැරදිනම් නිවැරදි කරන්න). හැන්දක් නැත්නම්, කොස් ඇට බාන්න බළල්ලු පාවිච්චි කරන්න ඕනේ බව රනිල් දන්නවා.රනිල්ගෙ විශිෂ්ටත්වය ඒකයි.

      Delete
    3. මාත් දන්න තරමින් රනිල් එහෙම ඒවට මැදිහත් වෙලා නැහැ

      Delete
  2. 1. රනිල්ට ජයවේවා....!!! පොර ඕකට ආපු එකත් ජනතාවගේ ජයග්‍රහණයක්ය...

    2. සජිත් නියමෙටම ගේම ගහනවාය. අභියෝග විය හැකිව තිබූ. කරූ, දයාසිරි, බුද්ධික හා තවත් එවැනු උන් කපාගෙන ගොන් බූරූ ජනතාව ඉල්ලන දේ දෙමින් ඌ උගේ ගමන යනවාය. ඌට වඩා මහින්ද මහත්තයා 1000 කින් හොඳය..

    3. දැන් සන්ග්ලාස් දාන එක ඉට්ටයිල් එකක්ය. ලොක්කා දාන නිසා අනික් උනුත් දානවාය. රනිල් ලොක්කා කරන ඒවා නොකරන නිසා උන්නැහේ දාන්නේ නැතිය.

    ReplyDelete
    Replies
    1. රනිලුයි ලොක්කයි එකට කරන්නේ කෝපි බොන එක විතරයි !

      Delete
    2. ඌට වඩා මහින්ද මහත්තයා 1000 කින් හොඳය..

      ---------------------

      සත්තකින්ම මහින්ද ම්හත්තයා හොඳය....මහත්තයෙකුට ඉන්නේ මිනිහා විතරනොවැ.

      නරකද ඔය කචල් අමතක කරන්නත් එක්ක තව කාර් රේස් එකක් ඔගනයි කලානම්?

      Delete
  3. දැන් නම් එන්ඩ එන්ඩම ජීවත් වෙන්න අමාරු තත්වයක් උදාවෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ මල්ලි ටිකක් අමාරුවුනාට මොකද? අපි සුද්දන්ට දෙන චැලෙන්ජ් එකම මදිද?

      සුද්දෝ හදන්නේ අපේ දියුණුව අඩාල කරලා අපේ සින්හරාජ වනාන්තරෙයි ත්‍රිකුණාමලේ වරායයි හෝර්ටන් තැන්නයි අර කොහෙද තියෙනවා කියන යකඩ නිධියයි අල්ලගන්නනේ.

      තෙල් නිධි ගැනනම් බයවෙන්න දෙයක් නැ, ඒක හොඳ ප්‍රොෆිට් එකකට් ඉන්දියාවට විකුණලා ඉවරයි

      Delete
    2. රුසියාවටත් එක නිධියක් දුන්නා හෝ දේන්න ගියා මම හිතන්නේ

      Delete
  4. ඔබ ඉතාම නිවැරදියි මා දකින ආකාරයත් ඕකයි. මේ ලඟදී පොඩිවංශගේ ලඟම ගෝලයෙක්ගෙන මම ඇහුවා, ඇයි මේ තෙල් වැඩිවීමට, අයුක්තිය රජකරවීමට, නීතියට බල්ල මාක් එක දෙනවට ඔබගේ පක්ෂය මොකද කියන්නේ කියලා. ඔබ දන්නවද දුන්නු උත්තරේ? මට දෙකොනින් හිනා, මට ගිය හිනාව නිසා මෑන් මගෙන් කරගන්න ආව වැඩෙත් දාලම ගියා.
    මිනිහා කියනවා, මේ "එයාල බලන් ඉන්නවලු මහින්ද කෙලගන්න දවසක් තියනවලු. අන්න එදාට විපක්ෂේ ඕනෙ නැතුලු. එයාල මහින්දට මහින්දට විරුද්ද බලවේගෙට නායකත්වය දෙනවලු." කොහොමද ගෙම්බෙක් ගිය උඩ. ඔන්න අපේ මහජනතාව ගැන මුන් හිතන් ඉන්න හැටි. අර අවාසනාවන්ත සිද්ධිය නොවෙන්න මම නම් කැමතියි ජනතාව තමන්ගේ බලේ තේරුම ගන්නවට. ජනතාවට නායකයො ඕනෙ නැහැ. ඔය සජිත්ල, කරුල නායකයොත් නෙමේ. බැසිල් මෙහෙයවන රූකඩ. හැබැයි රනිල් ගැනනම් මමත් පොසිටිව් තාම. වෙනද වගේම හරි බර ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ගෙම්බන්ව උඩ දාල තියෙන්නේ මාධ්‍ය කාරයෝ

      රනිල් තමයි මමත් පොසිටිව් එකම දේශපාලන නායකත්වය , ඒත් රනිල් ට දිනන්න පුලුවන් වේවිද ?

      Delete
    2. මාත් එයාට මනාපයි.....

      Delete
  5. අපායෙ ඉන්ටවල් ඉවරයි.

    ReplyDelete
  6. රනිලුයි මායි කොරන උද්ගෝෂණ අනේ යන්න මෙයාලා යන්න
    -මංගොල

    ReplyDelete
  7. කෙලින් ම අදාල නැති කරුණක්.අව් කණ්නාඩි ගැන ඇත්තටම අපිට තියෙන්නේ වැරදි ආකල්පයක්.බොහෝ රටවල කම්කරුවන් පවා ඇස් වල ආරක්ෂාවට මේවා පලදිනවා.මේක ෆැෂන් එකක් නෙවෙයි.සේ‍ෆ්ටි බූට්, හෙල්මට් වගේම උපාංගයක්.

    ReplyDelete
    Replies
    1. එකඟයි , රාජ්ට දී ඇති පිලිතුර බලන්න

      Delete
  8. ජයලත් කොටියා ඉස්පිරිතාලේ ලගින්නට වැඩේ සෙට්වීම ගැන නම් මටත් සතුටුය. වික්‍රමබාහු කොටියාටත් වැඩේ සෙට් උනානම් , අපරාදේ ඒ *රියා මිස් වෙලාය. (replace * with න)

    ReplyDelete
    Replies
    1. එතකොට KP ලා කරුණාලා පිල්ලෙයාන්ලා පූස් පැටව් වෙන්න ඇති නේද?

      Delete
    2. AnonymousFeb 17, 2012 11:26 PM - ජයලත් කොටියා කියල ශුවර් නම් ආණ්ඩුවට පුලුවන් විශ්වාස භංගයක් ගෙනල්ලා පොරව පාර්ලිමෙන්තුවෙන් දොට්ට දාන්නත් , අපරාදෙ නාකි මනුස්සියගේ ඔලු පලන්නේ

      Delete
    3. ඔළුව පලලා නෑ ගෑස් සැර වැඩෙවෙලා.. කවදා කාපූ ටිංකිරිද.. මුන් ඉස්සරහට දාගෙන රනිල්ට කවදාවත් දිනන්න බෑ...

      Delete
    4. සිරාවට ජයලත්ල වගේ චරිත පුලුවන් තරම් සිරිකොත අස්සෙ තියාගන්න ඕනි චරිත ,

      Delete
  9. ethakota ayi me ahinsaka dhiwarayo udgoshaneta kadu, polu, muguru aran awe?

    ReplyDelete
    Replies
    1. ධීවරයෝ කඩු පොලු අරන් ආව බව ඔබතුමා දැක්කද ? නැත්නම් ඔය කියන්නේ අර අයිටීන් එකේ එහෙම පෙන්නපු ඒවා ගැනද ?

      Delete
    2. http://youtu.be/8ENM3RvyNnE

      Delete
    3. ප්‍රශ්නේ තියෙන්නේ කව්ද පටන් ගත්තේ කියන එකයි , පොලිසියෙන් ගහන කොට ප්‍රතිචාරය විදිහට පොලු උස්සන් ආවද , මුන් පටන් ගත්තෙම පොලු අරගෙනද ? , එපාජයට ගහපු වෙලාවේ පවා ඒ හිටපු උන් පොලිසියට ගල් පාරවල් දුන්නා , සාමකාමි උද්ඝෝෂනයක් පොලිස් බලයෙන් මැඩපවත්වන්න ගිහින් ඇතිවන තත්වයක් නම් ඒ මූලික වගකීම පොලිසිය සතුයි

      Delete
    4. ඒකටත් වග කියන්න ඕන පොලීසියද?

      Delete
  10. අපිට "හිතිලා" තිබේ. දේශප්‍රේමීන් "හිතමින්" සිටින අතර දේශද්‍රොහීන්ද "හිතති".

    ReplyDelete
  11. 1.දෙකම වියහැකි සිද්ධීන්ය. කලින්ම නිව්ස් එක දුන්නා වෙන්නත් බැරි නැත. නායකයාට එරෙහි පෙළපාලිය දා කාපට් දැමූ ආණ්ඩුවක්ය දැන් ඇත්තේ.
    3.අව් කන්නාඩි පිළිබද ප්‍රශ්න කිරීම අනවශ්‍යය. ගොවි කම්කරු නායකයන් වූ පමණින් ඔවුන් අව්වේ සිටියයුතු උදවිය කියා ඔබ කියන්නේද? අනෙක් අතට ගොවියන්ට කම්කරුවන්ට අව් කන්නාඩි අකැපද?(හරියටම ඔළුවට උඩින් ඉර පායන රටක සිටින්නවුන් වශයෙන්)
    2.දැනට ලංකාවේ දේශපාලනයේ ඇති එක් ප්‍රවනතාවයක් සදහන් කරන්නම්.
    යම් පක්ෂයක් බලයෙන් පිරිහීමට අවුරුදු 12කට වඩා කාලයක් බලා සිටිය යුතුමය. එවකට රටේ නායකත්වය හෝ පක්ෂය පිරිහී යාමත් සමග ප්‍රතිපක්ෂයට බලය අල්ලාගැනීම පහසු කරුණක් වේ. එහෙත් ඒ සදහා එක් අවශ්‍යතාවයක් පවතී. එනම් ජනතාවගේ පිරිහීමට ලක් නොවූ නායකත්වයක ඇති අවශ්‍යතාවයයි. 77දී 94දී මෙන්ම 2001දී ද සිදුවූයේ එයයි. එහෙත් කවදා හෝ මහින්ද රාජපක්ෂගේ පිරිහීම අවසානයේදී ඒ සදහා වන නායකත්ව රික්තකය රනිල්ට පිරවීමට නොහැකි බව මගේ අදහසයි. ඒ අතින් සජිත් ඉන්නේ ගව් ගනනාවක් ඉදිරියෙනි.
    (පසු සටහන-සජිත් හොදයිද රනිල් නරක යයිද මින් අදහස් නොකෙරේ. පොදුවේ ගත්කල අපේ ඡන්ද දායකයාගේ හැසිරීම බ්ලොග් අවකාශයේ කොමෙන්ටු කරුවන්ට වඩා වෙනස්ය).

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි රාජ් , අව් කණ්නාඩි පැලඳීම නරකයි කියනවා නෙවෙයි ඒත් ලාංකීය සමාජයේ තවමත් ආගන්තුක කාරණයක් . ලංකාවේ ගොවියො කම්කරුවො අකැප නොවුනත් සන්ග්ලාස් දාන්නේ නැනේ . සමහර විට ඉර මුදුන් වෙන රටක් නිසා සුද්දන්ට වඩා ඉර එලිය ඔරොත්තු දෙන නිසා වෙන්නත් පුලුවන් . පවතින ලාංකීය සමාජය ඇතුලේ , ජනතාවත් එක්ක පාරට බහින කම්කරු නායකයෙක්(කියාගන්න ) සාමාන්‍ය රාමුවෙන් පිට පැන්නාම වැඩේ කැතයි පෙනුමට , තාර්කිකව නිවැරදියි

      රනිල් ට වඩා සජිත් ජනතාව අතර ජනප්‍රිය වුනත් මහින්ද වෙනුවට සජිත් එන එකෙන් ඇති වැඩක් තියෙයිද ? ඒ වගේම මගේ පුද්ගලික නිරීක්ෂනයන් අනුව මීට අවුරුද්දක දෙකකට කලින් සජිත්ට තිබුන ජනප්‍රියතාව යම් තාක් දුරකට පාක්ෂිකයින්ගෙන් අයින් වෙලා ඔහු ගැන කලකිරීමක් ඇතිවෙලා තියන අවස්ථාත් තියනවා , මේක මුලු ලංකාවට බලපාන සත්‍යයක් නොවෙන්න පුලුවන් ඒත් සජිත් දිගින් දිගටම හැසිරෙන්නේ ඔය විදිහට නම් ඒ තත්වය තවත් වැඩිවෙනවා මිසක් අඩුවෙන එකක් නැහැ

      Delete
    2. //මහින්ද වෙනුවට සජිත් එන එකෙන් ඇති වැඩක් තියෙයිද ?//
      කිසිසේත්ම නැත. මා කලේ මා දැක ඇති නිරීක්ෂන කිහිපයක් දැක්වීම පමණි. සජිත් කරන්නේ කරගෙන යන්නේ ෂෝ එකක් පමණි. "මහින්ද පැරදවීම" කියන කාරණාවේදී ඔහු රනිල්ට වඩා ඉහලින් සිටින නමුත් ඉන් ජනතාවට වන සෙතක් නොමැත.

      Delete
  12. උඹේ ලින්ක් එකේ දැනට කොමෙන්ටු 197ක් තියනව. ඒ කියන්නෙ මට තව කාලෙකට ලාස්ට් රෝ එක පැත්තෙ යන්න වැඩක් නෑ කියන එකද?

    ReplyDelete
  13. ධීවරයන්ටත් පික්ෂුද මන්ද ? බස් කාරයො කොලා වගේ මාළු මිළ ඉහළ දැම්ම නං ඉවරයිනෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් නේ , මිනිස්සු මාලු නොකා ඉඳිව්යැ :)

      Delete
  14. තාම කස කාරයෝ විතරනේ ආවේ...තාම මුකුත් පටන් ගත්තේ නෑ..

    ReplyDelete
  15. රනිල්ගේ කතාව මන්නම් දකින්නේ තැටිය රථ වෙච්ච වෙලේ රොටිය පුච්ච ගන්න කරපු දෙයක් වගේ.එකනේ වේලාසන පොර මාරු වුනේ..

    ReplyDelete
    Replies
    1. දේශපාලනේ කියන්නේ වෙලාවට රොටිය පුච්ච ගන්න එකට තමා , රනිල් ලොක්කා මෙච්චර කල් කලේ රොටිය වෙනුවට අත පුච්ච ගත්ත එක

      Delete
  16. .
    වෙලාසන මාරු වෙන්න හරි රනිල් ආව එක ලොකු දෙයක්.
    හැබැයි ඒ උද්ඝෝෂණේ නිසා ජනතාව සෑහෙන්ට අපහසුවට පත්වෙලා තිබුණා.
    මං නං නෙවෙයි එහෙම කිව්වෙ සිරසයි හොඳේ...!

    ReplyDelete
    Replies
    1. සජිත් ආවනම් නිව්ස් එක වෙනස් වෙයි නේද...

      Delete
    2. //වෙලාසන මාරු වෙන්න හරි රනිල් ආව එක ලොකු දෙයක්//

      ඒක නම් හැබැව ,

      ඇටමැස්සා , මාතලන් - සිරසයි අයිටීඑන් එකයි අතර වෙනසක් ඇත්තෙම නැති තරම් නේ !

      Delete
  17. .
    පැරා කියල තිබ්බා වගේ ඊයූ එකයි ඇමෙරිකාවයි කරන්නෙ ආණ්ඩුවට පොයින්ට්ස් හොයල දෙන එකද මන්දා? නැත්නම් ඔච්චර තෙපර බාන්නෙ?

    ReplyDelete
    Replies
    1. උන් හිතා මතාම නොකලත් උන් කරන වැඩෙන් මෙච්චර කල් සිද්ද වුනේ නම් ඒක , අපේ ආදරණීය "ලොකු අය්යා " සද්ද නැතුව ඉඳලා මේ පාර ලංකාවට විරුද්ධ වුනොත් නම් වැඩේ ඇත්තටම පත්තුවෙයි .

      Delete
  18. ආණ්ඩුවට විරුද්ධ දේශීය,විදේශීය බලවේගවලින් රට රැකගන්න කැළණියේ කරපු මහා උද්ඝෝෂණය ගැන ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලිපිය ලිව්වට පස්සේ තමයි ඒ උත්තමයින්ගෙ ඒ ව්‍යායාමය ගැන දැනගත්තේ

      Delete
  19. අඩෝ පට්ට කතාව බන් මරු මරේ මරු

    කළු පූසා

    ReplyDelete
  20. දීපු එවුන් සද්ද නැත. උන් දීපු නිසාම අපටද කෙලවී ඇත්තේමය..

    ReplyDelete
    Replies
    1. දීපු උන්ට පැට්‍රල් විකුණන්න ඕනි දෙසීය ගානේ

      Delete
  21. එක් විකාරයකට පිලිතුරක් ලෙස ලියු දෙයක් නිසා කිව හැකි දේ අඩු වී ඇත.

    ඉන්ධන මිල වැඩි වීම, වැඩි වු ප්‍රමානය වැඩි ද යන කරුනු ගැන ලිපියක් ලියුවානම් වඩා කැමතිය.

    සි නිව්ස් වල තිබෙනවා වැනි විකාර ඉ නිවුස්, ගාඩියන්, නිවුස් වෙබ් ආදියෙ තිබේ.

    පෙට්‍රොල් මිල එහල යවා ඇත්තෙ අවශ්ය ප්‍රමනයට වඩා වැඩි ප්‍රමානයකින් යන්න නම් කතා කල හැකි දෙයකි.
    මට මතක හැටියට රනිල්ගේ හෝ ගනන් හිලව් වලට අනුවද මිල තිබෙන්නේ ඉහලම පෙට්‍රොල්, ඊලගට ඩිසල් හා පහලම භුමිතෙල් යන ආකරයටය.

    නමුත් ලෝක වෙලදපොල ගැන සලකිමෙදී මිල අධිකම ඉන්ධනය ඩීසල්ය. ඊලගට භුමිතෙල්ය. අඩුම පෙට්‍රොල් ය.

    පෙට්‍රොල් මිල එහල යවා ඇත්තෙ අවශ්ය ප්‍රමනයට වඩා වැඩි ප්‍රමානයකින් යන්න නම් කතා කල හැකි දෙයකි.
    මට මතක හැටියට රනිල්ගේ ගනන් හිලව් වලට අනුවද මිල තිබෙන්නේ ඉහලම පෙට්‍රොල්, ඊලගට ඩිසල් හා පහලම භුමිතෙල් යන ආකරයටය.

    නමුත් ලෝක වෙලදපොල ගැන සලකිමෙදී මිල අධිකම ඉන්ධනය ඩීසල්ය. ඊලගට භුමිතෙල්ය. අඩුම පෙට්‍රොල් ය.

    දැනට ඇති වාර්තා අනුව මේ ඉන්ධන තුනේම මිල රු.95-110 අතර වෙන බව සිතිය හැක. මේ ප්‍රවහන, ගබඩා, බෙදා හරින්නන්ගේ ලාබ හැරය.

    ම ක

    ReplyDelete
    Replies
    1. ඉන්ධන මිල පිලිබඳ එකපාරටම ශාස්ත්‍රිය විග්‍රහයක් කරන්න තරම් හැකියාවක් නෑ මට , කාර්ය බහුල කම නිසා තමයි මේ වගේ සරල තැනකට ගියේ , ඉන්ධන මිල පිලිබඳ ආචාර්ය හර්ෂද සිල්වා ඉදිරිපත් කරන මතය වඩාත් තර්කානුකූල බව තමයි මගේ පිලිගැනීම . පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් අතර ආර්ථික විද්‍යාව පිලිබඳ ඉහලම විද්වතා ඔහු නිසා ඒ අදහස මම විශ්වාස කරනවා

      Delete
  22. This country is robbed by bunch of politicians.....I can't find a way out....

    ReplyDelete
  23. මුන් ඔක්කොම එකයි.. තම තමුන්ගේ දේශපාලනය වාසි වලට අහිංසක මිනිස්සු පාරට බස්සනවා.. අන්තිමට වෙඩි කෑවම, මිනිය උස්සගන මැරෙන්න හදනවා.. මම නම් කියන්නේ උබල එක්කෝ රට අත ඇරලා වරෙල්ල, නැත්නම් වත්ත පහල ගංජා පාත්තියක් වත් දාගන ජීවත් වෙන්න try එකක් දාපල්ලා.. ආණ්ඩුවටවත්, විපක්ෂෙටවත් උබල ගැන කැක්කුමක් නෑ.. බලයේ ඉන්න උන් හදන්නේ බලය රැක ගන්න, බලයේ නැති උන් හදන්නේ බලයට එන්න... ඔය එකකටවත් කඩේ ගියා කියල, උබල හැදෙන්නේවත්, රට හැදෙන්නේවත් නෑ.. හැදෙන්නේ උන් විතරයි.. අද MR පන්නල හෙට වෙන එකක් ආවත් කරන්නේ ඔය ටිකම තාම.. එක නිසා මෙතන මරාගන්න එපා.. තම තමුන් හැදෙන්න බලපල්ලා .

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව.. මට කියන්න ඕන කරලා තිබුණු ටික කියලා තියෙනවා..

      Delete
    2. Ano - ගංජා පාත්තියක් දාන එකත් ලේසි නැ මහත්තයෝ , ඒකටත් දේශප්‍රේමියෙක් හෝ අවම අවශයෙන් දේශප්‍රේමියෙක්ගෙ යාලුවෙක් වත් වෙන්න ඕනි (බොරු නම් දැනට බිස්නස් එකේ ඉන්න ඇයින්ගෙන් අහල බලන්නකො )

      Najath Akram - උඹ තෝරගන්න ඔප්ශන් එක මොකක්ද , ගංජ වවනවද , රට පනිනවද ?

      Delete
  24. 01 සමහර විට ඔතන උනෙත් සිරිකොත ඉස්සරහ තාර දැම්ම වගේ සීන් එකක් වෙන්න බැරිද??

    02 UNP එකට තියෙන ලොකුම හේනේ නාපු එකමයි හොඳ.

    03 වාමාංශිකයින් යනු මහ පොලව සමඟ අව් කාෂ්ටකය සමඟ පොරබඳනා ගොවියාගේ සහ කම්කරුවාගේ නියෝජනය යි කියා කිවේ ඉස්සරය... වාමාංශිකයන් යනු කාට හෝ ජැකක් ගසා මඩිය තර කර ගන්නා පිම්පියන් ලෙස නිර්වචනය වෙනස් විය යුතු කාලය එළඹ ඇත... නමුත් එම නිර්වචනය ඔබ උපුටා දැක්වූ පුද්ගලයින් දෙදෙනා සඳහා ම අදාළ නොවන නිසා මාතලන් කිවූ ආකාරයටම ඉස්ටයිල් එකට වන්නට ඇත.
    රාවණා රජුගේ දඬුමොනරය දේශප්‍රේමීන්ගේ අධෝ වාතයෙන් උඩ යැවිය හැකි ක්‍රමයක් නාථ දෙයියන්ට වත් සකසා දිය හැකි නම් තෙල් මිල තව දුරටත් ගැටලුවක් නොවනු ඇත....

    ReplyDelete
    Replies
    1. //රාවණා රජුගේ දඬුමොනරය දේශප්‍රේමීන්ගේ අධෝ වාතයෙන් උඩ යැවිය හැකි ක්‍රමයක් නාථ දෙයියන්ට වත් සකසා දිය හැකි නම් තෙල් මිල තව දුරටත් ගැටලුවක් නොවනු ඇත...//

      :D :D :D

      Delete
  25. රනිල් දැන් ටිකක් සැරවෙලා, අන්න එහෙම ඉන්න එපායෑ. එතුමා කියන්නේ පියවරෙන් පියවර යන්න කියලනේ, සැර වෙන එකත් ටික ටික වැඩි කරයි, ගියර් දානවා වගේ..

    අව් කන්නාඩි ඒ අය කවදත් දැම්ම.
    ( එතකොට තමයි මාක්ස්ලව ත්‍රිමාණ වෙලා පේන්නෙ,?... විහිලුවක් කලා )

    ReplyDelete
  26. මේ පොර නේද විදේශ කුමන්ත්‍රණ කියලා දෙයක් හොයාගත්තේ. ආයම කටට පණ ඇවිල්ලා මේ දවස්වල. වයින් බැහැලා තිබිලා ලොක්කා ආයම කරකවලා වගේ.

    ReplyDelete
    Replies
    1. මිනිහ දන්න එකම මන්තරේ විදේශ කුමන්ත්‍රණ නේ

      Delete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව