Skip to main content

ශ්‍රි ලංකා රජයේ ප්‍රතිචාරයෙන් ලෝකය කැලඹේ !..


එක්සත්  ජාතීන්ගේ  මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රි ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත යෝජනාවට එරෙහිව ලබන 27 වෙනිදා රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරනා බව ශ්‍රි ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇත . ශ්‍රි ලංකාවේ මෙම නිවේදනය පිලිබඳ අදාල යෝජනාවට සහයෝගය දීමට බලාපොරොත්තුවෙන් සිටි පාර්ශවයන්  ද  ප්‍රතිචාර දක්වා තිබුනි

ශ්‍රි ලංකාවේ නිවේදනය පිලිබඳ අදහස් දක්වන   ජනපති බැරක් ඔබමා මහතා  ශ්‍රි ලංකා රජයේ නිවේදනය ඇසීමෙන් තමන් බලවත් කම්පනයට පත්වූ බවත් , ශ්‍රි ලංකාවට එරෙහි කිසිදු යෝජනාවකට සහයෝගය දීමෙ කිසිදු බලාපොරොත්තුවක් තමාට හෝ එක්සත් ජනපදයට නොමැති බවත් අවධාරණය කර සිටියේය . තව දූරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙය එක්සත් ජනපදය හා ශ්‍රි ලංකාව අතර පැවතෙන දිගු කාලීන සබඳතා බිඳ දැමිමේ අරමුණින්  රුසියානු හෝ චීන ඔත්තු සේවා මගින් යෙදූ කූට උපක්‍රමයක් බවට සැකයක් ඇතැයිද පවසා සිටියේය . මේ අතර  සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙකු වශයෙන් නම් කිරීමට ගත් තීරණයද ඉදිරිකාලයේදී අවලංගු කිරීමට නියමිත බව ධවල මන්දිර ආරංචි මාර්ග පවසා සිටී . ශ්‍රි ලංකාව සමඟ සබඳතා බිඳ වැටීම ඉදිරි ජනාධිපතිවරණයෙදී  අයහපත් ලෙස බලපැ හැකි බැවිත් ඔබාමා මහතා මෙම පියවරට එලඹෙන්නට ඇතැයි මධ්‍යස්ථ දේශපාලන විචාරකයෝ පවසති

ශ්‍රි ලංකා රජයේ ප්‍රතිචාරය පිලිබඳ අදහස් දක්වන බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඩෙවිඩ් කැමරන් මහතා මෙය  සම්පූර්නයෙන්ම වැරදි වැටහීම් නිසා ඇතිවූ තත්වයක් බවත් , ශ්‍රි ලංකා රජයට යම් සිත් තැවීමක් සිදුවී නම් තමා පෞද්ගලිකව ඒ පිලිබඳව සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කර සිටියේය . මෙහිදී සහයෝගීතාව දැක්වීමෙ මුල් පියවරක් ලෙසින් එක්සත් ජාතින්ගෙ සාම සාධක උපදේශක කමිටුවෙන් පලමු දිනයෙදීම ඉවත් කෙරුණු ශවෙන්ද්‍ර සිල්වා මහතාව නැවතත් එම තනතුරට පත් කීරිම සඳහා බ්‍රිතාන්‍ය රජය බැඳි සිටිනා බැව්ද අවධාරණය කොට සිටියේය

ශ්‍රි ලංකාවේ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වන නෝවේ විදේශ  අමාත්‍යය එරික් සෝල්හයිම් මහතා , කරුණු නිසි ලෙස විමසීමකින් තොරව  එලඹි තීරණයක් තුලින් නෝවේ - ශ්‍රිලංකා දිගු කාලීන මිත්‍රත්වය පලුදු වීමට කිසි ලෙසකින් හෝ ඉඩ නොතබන බැව් අවධාරණය කර සිටියේය . ශ්‍රි ලංකා රජයට එරෙහිව යැමෙන් තමන් කල වරද වෙනුවෙන් ජිනිවා ගොස් සිටින ශ්‍රි ලාංකීය නියෝජිත කණ්ඩායම මුණගැසී  සමාව අයැද සිටීමටද තමන් සුදානම් බව ඒ මහතා ප්‍රකාශ කොට සිටියේය . නිල නොලත් වාර්ථාවන් ට අනුව සෝල්හයිම් මහතා මේ වනවිටත් ජිනිවා නුවරට  ගොස් ඇති අතර බොහෝ විට ශ්‍රි ලාංකීය සම්ප්‍රදාය අනුව බුලත් හුරල්ලක් දී වැඳ නියෝජිත කණ්ඩායෙමෙන් සමාව ඉල්ලා සිටිනු ඇතැයිද පැවසේ . මේ  සඳහා බුලත් හුරල්ලක් ශ්‍රි ලංකාවෙ නොවේ තානාපති කාර්යාලය හරහා ගෙන්වා ගෙන ඇතැයිද  වාර්ථා වී තිබේ .

ඉන්දියාව මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශයට පත්කොට නැතත් , ශ්‍රි ලංකාවේ නිවේදනය හමුවේ ශ්‍රි ලංකාවට පක්ෂපාත ප්‍රතිචාරයක් හැකි ඉක්මනින් නිකුත් කරන්නට කටයුතු යොදමින් සිටිනා බැව් වාර්ථා වේ . ශ්‍රි ලංකාවේ හොඳ හිත දිනා ගැනීම තුලින් ලබාගත හැකි වාසිසහගත තත්වයන් වෙනුවෙන් ඔවුන් මෙලෙස කටයුතු කරමින් සිටිනා බැව් විචාරක මතයයි

Comments

  1. මේ මැච් එක ශ්‍රී ලංකා vs Rest Of the World ද නැතිනම් මහින්ද vs Rest Of the World ද?

    ReplyDelete
    Replies
    1. මට නම් පේන්නේ නිකන් මට එරෙහිව මම වගේ එකක්

      Delete
  2. කොහෙමෙයි විමලගේ වැඩ.. හහ් උන් හිතන්න ඇති අපි බයවෙයි කියලා.. හිටහන්කෝ.. කුඩු කාරයෝ ටික පාරට බස්සනකම්.. ඔබාමාගේ රෙදි ගලවනවා.. දෙසැම්බර්වල ගෙදර යවනවා...

    ReplyDelete
  3. අපිනම් 'බඩු මිල අඩුනරනු' කියල ලියපු පෝස්ටර මකලදාල 'රට බේරා ගනිව්' කියල ලියාගෙන උද්ගෝශනයට යනව.

    ReplyDelete
    Replies
    1. මාත් මේ පොස්ටර් ගහන්න ස්ටෙන්සිල් කපනවා

      Delete
  4. menna marata pukadena akek..........

    ReplyDelete
    Replies
    1. marata...?
      මාරයට වත්ද ?

      Delete
    2. ඇනෝ ඔය කියන්නේ සිරාවටමද ? , ඔබා අය්ය දන්නේ නැද්ද මරා කියන නම අපේ ආදරණීය මහරජතුමානන්ට අවජාතකවාදී ඊ නිවුසියෙන් දාපු අනුවර්ථ නාමයනේ

      Delete
    3. ඒක දැනන් හිටියේ නෑනෙ...හෙහ්...හෙහ්...

      Delete
  5. ඔබාමගේ පොටෝ එක ඉස්ටෝරියට ගැලපෙන්නෑ...ඔබාමා ලොක්කා බයවෙලා වගේ ඉන්න එකක් හොයාගන්න බැරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. රූපේ දැම්මෙ වෙන අර්ථයක් හිතේ තියාන (ලිපියේ අදහස නෙවෙයි ) , කොහොමටත් ඔබාමගේ බය ලුක් එකක් නැනේ (මූ මොකාට බය වෙන්නද , චීන කාරයෝ ණය දෙන්න බැ කිව්වොත් මිසක ) .

      Delete
  6. හයියෝ ෂයියෝ......හෙක් ...හෙක්....හෙක්...
    (අඬන්නත් වෙයි වගේ ඉක්මනටම.)

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම වෙන්නේ නැ , අපි කවද්ද ඇඬුවේ

      Delete
  7. උද්ගෝසනේ තිතටම දෙන්න වෙනවා ඔය ඇමරිකන් කාරයෝ ගූගල් අර්ත් එකෙන් අනිවා ඕක බලාගෙන උද්ගෝසනේට ඉන්න සෙනග ගනං කරන එක කරනවාමයි ..ලෝකෙම අපි දිහෑ බලාන ඉන්න නිසා හොඳම ඇඳුමක් දාගෙන උද්ගෝසනේට යන්නත් ඕනෙ .

    ReplyDelete
    Replies
    1. එහෙම නම් උන්ට ගනන් කර ගන්න බැරි තරමට සෙනඟක් එකතු කරමු ! , මම නම් කියන්නේ අපේ ජාතික අනෙන්‍යතාවය පෙන්වන්නත් එක්ක අමුඩ ගහගෙන යමු කියල

      Delete
  8. මේ උද්ගෝෂණ වලට සෙනග මදි නම්, ඇමෙරිකාවේ ජිවත් වන ඇමෙරිකානු-ආසියානු ජාතිකයන් පිරිසක් ලංකාවට එවීමට ජනාධිපති ඔබාමා පොරොන්දු වෙලා නැත්ද?

    ReplyDelete
  9. Nathuwa nathuwa oya kattiya bayawenne nathuwa thiyeida? Wimalgei,Champikagei ----da assen JATHI AaLAYA bereddi. Kenji. Japan

    ReplyDelete
    Replies
    1. විමල්ව නම් දැක්කත් මුත්‍ර පිටවෙන තරමට බයයි ලු !

      Delete
  10. හෑබෑට බුවෝ ඔය බටහිර රටවල් කියන රටවල් වලට වෙන වෑඩක් නෑද්ද බන් මේ අපේ වගේ එදාවේල කන්න නෑති රටකට විරුද්දව කුමන්ත්‍රන කර කර ඉන්නේ,මේවා අපිට කියන මෝඩ හරක් හිතන් ඉන්නේ උන් වගේම අනික් මිනිස්සුත් මෝඩයි කියල වෙන්න්ට ඇති....

    ReplyDelete
    Replies
    1. උන්ට වඩා හරක් ටිකක් ඉන්න බව උන් දන්නවනේ ඒකයි ඔය කියන්නෙ , බලහන්කො සඳුදට

      Delete
  11. වැඩි දුරටත් අදහස් දැක්වූ ඔබාමා ලෙමන් වර්ගයේ බිස්කට් නැවක් ලංකාව බලා හදිසියේ පිටත් කර යැවූ බවත්, නැවත වතාවක් බිරිද ඩිස්මිස් වුවහොත් සොයා දීම සදහා මැරීන් සෙබළුන් කණ්ඩායමක්ද ලබා දීමට පොරොන්දු විය.

    ReplyDelete
    Replies
    1. ලෙමන් පෆ් නම් සතුටින් බාර ගනියි ඒත් මැරින් සෙබලු නම් ඉන්දියන් සාගරයටවත් වැද්ද ගන්න එකක් නැ , කලින් වතාවේ හොයල දුන්න උන් සෙට් එක එක්කත් අම්බානක මලෙන්ලු ඉන්නේ

      Delete
  12. පුහ් කස්ටියම බයවෙලාවගේ....අපි නොදන්නවා වුනාට ජනාදිපතිතුමා ලඟ ඉරානෙන් ඉල්ලගත්ත නස්ටික ආයුද තියෙනවද දන්නේනා ඉරාන් කාරයා එතුමාගේ හොඳ ගජයානේ

    ReplyDelete
    Replies
    1. අම්මප කියන්න බැ , ඇමරිකාවේ උන් පස්ස උඩ දාගෙන ඉරානේ න්‍යෂ්ටික ආයුධ හොයත් දි ලංකාවේ ඉඳන් ඒ ආයුධ වලින් ඇමරිකාවට ගහන්න ප්ලැන් කරල වෙන්නත් බැරි නෑ

      Delete
  13. නාථ දෙයියන්ගේ වැඩ මෙවුවා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ? සම්‍යක් දෘශ්ටික දෙවියෝ පගාව ගහලා බටහිර ක්‍රිස්තියානි දෙවිවරුන්ටද සප් එක

      Delete
  14. ඕව ගනං ගන්ඩ ඕන නෑ... ඔස්ට්‍රේලියාවෙ තුන් කොන් තරගෙං අපි තමා උඩම ඉන්නෙ...කමෝන් මහේල & ද ගෑන් ...

    ReplyDelete
    Replies
    1. තුං කොන දිනුවොත් කට්ටිඅයට සේරම අමතක වෙලා දන්නෙම නැතුව දෙකොන පත්තුවෙනවම තමයි!

      Delete
    2. ඒක සැබැයි , ඒත් මචන් ලා තුන් කොන නම් සිරා මොනව වුනත් , එක අතකට ප්‍රශන් අමතක කරලා දාන්න ඔහොම එකක් වත් තියන එක හොඳයි

      Delete
    3. ඒක නේ , ඕවා අමතක කරලා ඒකවත් බලමු..දැන් බලන්න පාන් වැඩි උනා කියලා අපිට ගානක් වත තියෙනවද නෑ...ඊට වඩා ආතල් නේ ඉතින් මැච් ඒක දිනන ඒක :))

      Delete
  15. බුලත් දීලා වදිනකන් බලන ඉමු හිකිස්‌

    ReplyDelete
  16. මම කිව්ව ඔබාට ( ඔබා මාමාට නෙමේ ) ඔය ටික වෙයි කියලා.. කො මූ කනකටවත් ගත්තැය..

    පේනවනේ ලොක්කට කේන්ති ගියාම වෙන දේවල්.. ඔබා දන්නෑ තාම හැටි..

    ReplyDelete
    Replies
    1. මගෙ ශ්‍රී නාමෙට අපහාස කොරනව හෙම නෙමේ...ඕන...හොඳින් කිව්වෙ....

      Delete
  17. කට්ටිය හොදටම බයවෙලා වගේ සදාම්,ගඩාපි වගේ ලේසි නැ කියලා හිතිලා දැන් ෂේප් වෙන්න හදනවා වගේ....

    ReplyDelete
  18. වැඩක් නෑ.ඔය බය වෙච්ච කිසිකෙනෙක් අපිට අඩු මිලට (හෝ නොමිලේ) තෙල් දෙන්න ඉදිරිපත් වෙලා නෑනේ!

    ReplyDelete
  19. ආණ්ඩුවේ පැත්තෙන් නම් අමෙරිකාව මේ වෙලාවෙ කරල තියෙන්නෙ කියලවත් කරගන්න බැරි වැඩක් කියලයි මට නම් හිතෙන්නෙ.....

    ReplyDelete
  20. බලුමැක්ක කඩේ යන්නෙ කොහාටද කියල ලස්සනට පේනව.කෙලින්ම තමන් මේ රටට සමච්චල් කරන කෙනෙක් බව පේනව.මුස්ලිම් විර්‍රෝධයක් හදන්නෙ සිංහලයට ආදරේට නොවෙයි ලෝක වෙළද පොලට බින් ලාඩන් කළ ප්‍රහාරයෙ තරහට නේද

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව