හෙට අනිද්දාට (නුදුරු අනාගතයේ ) තමන් යුරෝපයට ණය ලබාදීමට සූදානම් බව ශ්‍රි ලංකා රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රි ලංකාවෙන් ණය මුදල් ලබාගැනීම සඳහා යුරෝපා සංගමයේ රටවල අතර ප්‍රභල තරඟයක් හටගෙන ඇතැයි වාර්ථාවේ . දැනට දරුණු ආර්ථික අවපාතයන්ට මුහුණ දී සිටින ග්‍රිසිය , ඉතාලිය වැනි රටවල් මෙන්ම මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයද ශ්‍රි ලංකාවෙන් ණය ලබා ගැනීම සඳහා අයදුම් පත් ඉදිරිපත් කර ඇතැයි වාර්ථා වේ . උද්ගතවී තිබෙන තත්වය හමුවේ "ෆස්ට් කම් ෆස්ට්" න්‍යාය යටතේ අදාල ණය ආධාර ලබාදීමට තමන් කටයුතු යොදමින් සිටිනා බැව් නිවේදනයක් නිකුත් කරන ශ්‍රි ලංකා රජය අදාල ණය සඳහා තමන් පනවන කොන්දේසි වලට අනුකූලතාවය දක්වන්නන්ට ප්‍රමුඛ තාවය හිමිවීමේ ඉඩකඩක් ඇතිබවද අවධාරනය කර සිටී . පසුගියදා ශ්‍රි ලංකාවේ නිවාස හා ඉදිරිකීරීම් අමාත්‍ය වරයා විසින් ආර්ථික සම්බාධක පනවන ලැබූ ඇමරිකා එක්සත් ජනපදයද මෙම ණය ආධාර ලබාගැනීම උදෙසා අදාල සම්බාධක ඉවත් කරගැනීම වෙනුවෙන් කටයුතු යොදමින් සිටිනා බැව් වාර්ථා වේ . මේ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කරගැනීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවීමට එක්සත් ජනපද ජනපතිවරයාගෙ විශේෂ දූත පිරිසක් හෙට දිවයිනට ලඟාවීමට නියමිතය . මේ දූත පිරිසට ධවල මන්දිර නියෝජිතයින් , ආර්ථික විශේෂඥයන් , සෙනට් සභිකයන් මෙන්ම ප්‍රවීන භාෂා පරිවර්ථකයෙකුද අන්තර්ගත බව ධවල මන්දිර පුවත් සේවා අනාවරනය කර සිටී .ණය ආධාර ලබාගැනීම උදෙසා ශ්‍රි ලංකාවේ හොඳ හිත දිනා ගැනීමේ අරමුණින් මානව හිමිකම් සමුලුවේ ශ්‍රි ලංකාවය එරෙහි යෝජනාවට සහය දීමෙන් වැලකී සිටීමට යුරෝපා සංගමය තීරනය කර ඇති අතර අමාත්‍ය වීරවංශ සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක වුවහොත් එක්සත් ජනපදය විසින්ම අදාල යෝජනා ඉවත් කරගනු ඇතැයිද නිල නොලත් ආරංචි මාර්ග පවසා සිටී .
ප.ලි 1 - මේ මනුස්සයා මේ වගේ කථාවක් කියයි කියල නම් මම හීනෙකින්වත් හිතුවේ නැ
ප.ලි 2 - චීනය හා ඉන්දියාව ලොකු වෙලඳ පොලවල් කියල බැසිල් මහත්තය කියල තියනවා , ඇත්ත ඒත් ඒ වෙලඳ පොලවල් වල අපිට අවස්ථාවක් තියනවද ?
ප.ලි3 - ඉන්දියාවේ නිවාස ගාණෙන් හරි අඩකටම වැසිකිලි පහසුකම් නැතිය කියල අලුත්ම වාර්ථාවක තියනවා , අඩු මිලට වැසිකිලි ඉදිකිරීමේ ක්‍රමයක් ආර්ථික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යංශ දෙකම එකතු වෙලා හොයාගත්තා නම් ඉන්දියාවේ වැසිකිලි වෙලඳ පොලට රිංගන්න අපිටත් පුලුවන් . වැසිකිලි මිලියන ගානක් කියන්නේ හොඳ අවස්ථාවක් !
ප.ලි 1 - මේ මනුස්සයා මේ වගේ කථාවක් කියයි කියල නම් මම හීනෙකින්වත් හිතුවේ නැ
ප.ලි 2 - චීනය හා ඉන්දියාව ලොකු වෙලඳ පොලවල් කියල බැසිල් මහත්තය කියල තියනවා , ඇත්ත ඒත් ඒ වෙලඳ පොලවල් වල අපිට අවස්ථාවක් තියනවද ?
ප.ලි3 - ඉන්දියාවේ නිවාස ගාණෙන් හරි අඩකටම වැසිකිලි පහසුකම් නැතිය කියල අලුත්ම වාර්ථාවක තියනවා , අඩු මිලට වැසිකිලි ඉදිකිරීමේ ක්‍රමයක් ආර්ථික සංවර්ධන සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යංශ දෙකම එකතු වෙලා හොයාගත්තා නම් ඉන්දියාවේ වැසිකිලි වෙලඳ පොලට රිංගන්න අපිටත් පුලුවන් . වැසිකිලි මිලියන ගානක් කියන්නේ හොඳ අවස්ථාවක් !
හොඳම ජෝකර් හොයන රේස් එකට බැසිල් මහත්තයත් එක්කාසූ වෙලා. වැසිකිලි හදන ප්‍රොජෙක්ට් එකක් නම් ජීවීතේට එයාට කරන්න බෑ ඒත් වැසිකිලිවල දාන ඒවා හොඳ පෝෂදායි ආහාරයක් කියලා අපේ ගොන්නුන්ට කවන එක නම් කොරන්න පුළුවන් වෙයි
ReplyDeleteඒක නම් යස රඟේට කරයි තමා
Deleteපිටරට ආණ්ඩුවලින් ගොන් කතා කියන්න මිනිස්සු හයර් කරනවනම් ඔන්න අපේ රටේ දේශපාලනේ කරන අම්බරුවන්ට තියනවා හොඳ වෙලඳපොලක්.
ReplyDeleteඔව් පාට් ටයිම් වුනත් කරන්න පුලුවන් නේ
Deleteවිමලෙට වැසිකිලි අඩුගානට හදන්න පුළුවන්,මෙන්න ම්හෙම විමලෙගේ මුනට ප්ලාස්ට් ඔෆ් පැරිස් තට්ටුවක් දාල වේලුනම මෝල්ඩ් එකක් විදිහට ගන්න පුළුවන්. මේවා ඉන්දියාවට යවන්න පුළුවන්. ලංකාවේ පොදුවසිකිලි සදහා මේවා දැම්මනම් මුගේ කටට මලපහ කරන්න එන ජන ගංගාවෙන් පුංචි රු 10 ගානේ අයකරල මුළු යුරෝපෙටම නය දෙන්න පුළුවන්නේ.
ReplyDeleteමම හිතන්නේ *** තුමාට මගේ මේ අදහසම ඔලුවේ ඇති,
නියම අදහස
Deleteලංකාව යුරෝපයට ණය දෙන්නේත් ඉස්සර ලංකාව ලෝක බංකුවෙන් ණය ගත්ත විධියට, ඒ කියන්නේ අපේ කොන්දේසි අනුව ලෝක බැංකුවෙන් ණය ලබාගත් ක්‍රමයටද?
ReplyDeleteණය දෙන්නෝ ණය ගන්නන්ගේ කොන්දේසි වලට යටත් වී ණයගත් ලෝකේ එකම රට සිරි ලංකාව නොවැ.
එහෙම තමයි ආශ්චර්යය වුනාම , ලෝකෙම කැරකෙන්නේ අපි වටේට ලු !
Deleteහොද වැඩපිලිවෙලකි. ධනාත්මකව සිතන ඇමතිවරුන් අපේ කැබිනට්එකේ සිටීම අප ලැබූ භාග්‍යකි. ණය දීමේදී ෆස්ට් කම් ෆස්ට් න්‍යාය හොදය. මම නං කියන්නේ ප්‍රංශය බ්‍රිතාන්‍ය ජර්මනිය වැනි අපට "සතුරු" රටවලට ණය දීමේදී ඔවුන් "ණය උගුලක" සිරකර ණය දියයුතු බවයි. ඇමෙරිකාව ගැන සදහනක් නැතත් ඔවුන්ද ණය ගැනීම සදහා පැමිණෙනු ඇත. එවිට ඔවුන්ද සිරකල යුතුය. තවද ඔවුන්ගේ ඉල්ලීම් සලකාබැලීමට ප්‍රථම ඔවුන් මානව හිමිකම් ආදිය රකිනවාදැයි සොයාබැලිය යුතුය. යුරෝපයට-ඇමරිකාවට ණය නිර්දේශ කිරීමේදී විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවක යන ඇමතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේවත් කැමැත්ත තිබිය යුතුය. චීනය, ලිබියාව, ඉරාණය වැනි රටවලට සහන පදනමක් මත ණය ලබාදීමට අපේ විරෝධයක් නොමැත.
ReplyDeleteඇමරිකාව ගැනත් සඳහනක් තියෙයි නේ රාජ් , දැක්කේ නැතුවාවත්ද
Deleteබැසිල් මහත්තයත් දැන් විමල් මහත්තයගෙ ගාණට වැටිලනෙ.
ReplyDeleteඒක තමයි දුක !
Deleteමම බැසිල් මහත්තයගෙ කතාව අපේ බ්‍රාන්ච් එකේ කට්ටියට කිව්ව. ලැබුන උත්තරේ "බැසිල් මහත්තයලට නං පුළුවන් ඇති ඇමරිකාවටත් ණය දෙන්න" කියන එක.
ReplyDeleteඔය කථාව මම c නිවුස් එකේ කමෙන්ට් වලත් දැක්කා , ඒ කියන්නේ දන්න කට්ටියත් නැත්තේම නෑ
Deleteමමත් බලාගෙන ඉන්නේ මේ දවස එනකන්.
ReplyDeleteමම හිත්න්නේ මෙතුමා කියලා තියන්නේ ඇත්ත. මොකද මෙතුමා කියලා නැහැ මේ ණය දෙන්නේ ලංකාවෙන් කියලා. "අපි" කියලා තමයි කියලා තියන්නේ. දැන් තෙරෙනවනේ කියන්නේ මොකක්ද කියලා. මෙහෙම කට්ටිය මේ වෙනකන්ම හිටියේ ඉන්දියාවේ. උදාහරන විඩියට ටාටා පවුල වගේ. ඔන්න අපිටත් එහෙම අය ඉන්නවා දැන්. වාසනාවයි.
ඒක තමයි අපි කිව්වා මිසක් ලංකාව කීවේ නැහැනේ
Deleteඅනේ වාසනාවන්...!!!
ReplyDelete:D
Deleteඒයි කවද්ද බං එහෙම කතාවක් කිව්වෙ.
ReplyDeleteඅම්මප දැන් ජෝකර්ල වැහි වැහැලනේ....
අඩු තරමේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක්වත් බලහන්
Deleteඅනෙස්ලි, බර්ටි, සැමුවෙල්, සහ බන්දු, ටෙනී
ReplyDeleteමංත්‍රිල ඇමති ලා අපගේ එහෙම උනී
මං නම් හිතන්නේ මේ ඔහේලා හිතන විදියේ එකක් නොවේය...
ReplyDeleteඅපේ රට මේ දවස්වල අම්බානකට ණය ගැනීම වනාහි මාස්ටර් ප්ලෑනකි! අපි ණය ගන්නා ආකාරයට නුදුරු අනාගතයේ බටහිර රටවල්වල මුදල් හිඟයක් ඇතිවෙනු සුවර් ඇන්ඩ් සොට්ය... අන්න එදාට උන් අපට දුන්නාට වඩා වැඩි පොලියකට උන්ගේම සල්ලි උන්ටම ණයට දීම මාස්ටර් ප්ලෑනක් නොවේ නම් අහවල් කෙංගෙඩියක්ද???
අම්මපා එළ මාස්ටර් පැලෑනකි..ඔන්න නියම මොළකරුවෝ..:D
Delete:D :D :D
Deleteඉතාලි අගමැතිත් උදේ ප්‍රවෘත්ති වලට කිවුවා ලංකාවට යන්න ඕන කියලා ණයක් ගන්න..
ReplyDeleteසුභානාගාතායාක් නොවැ..
ReplyDeleteඅකුරු වැරදිද මන්ද ?
නෑ....... අකුරු හරි
Deleteලෙසටම තියෙනවා
ReplyDelete:)
Deleteයාහූ වෙනුවට හූ.ආ යා, ගූගල් වෙනුවට ගූගාගම් වැනි අන්තර් ජාල් නිශ්පාදන දියත් කිරීමට නියමිතය
ReplyDeleteWeb site wala mewa dakina,Lankawata naya dunna pita ratawala ayata monawa hithenawa adda ?
ReplyDeleteබය හිතිලා ඇති දැන් නම් :P
Deleteඔහෙල දන්නෙ නැති උනාට යුරෝපයේ රටක් වන ස්විට්සර්ලන්තය දුවන්නේ ලංකාවේ මහ එවුන් ආයෝජනය කරන මුදල් වලින්.
ReplyDeleteආහ් .. ඒ කථාවේ නම් ඇත්තක් තියෙයි තමා
Deleteඇනෙස්ලි බර්ටි සැමුවෙල් සහ බන්දු ටෙනී
ReplyDeleteමේ අය නැතත් මට නම් නෑ පාලු දැනී
විලමැද ගෙදර ඉන්නා අය කුමක් වැනී
විකට රජුන් හමුවේ අදිරදුන් මෙනී
:D
Deleteයුරොපා කාරයෝත් බලු උනා අපේ කට්ටියගෙ ප්ලැන් හමුවේ..... වාසනාවන්...!!
ReplyDeleteමට මේ ටිකේම නිව්ස් මිස් උනා නේ..චක්..
ReplyDeleteහොදම දේවල් ටික වෙලා තියෙන්නේ මේ ටිකේ නේ :(
ඒ තරමටම බිසි ද?
Delete