Skip to main content

නාමේ නොදිරනා !



බ්ලොග් අවකාශයේ හමුවූ සොඳුරු සහෘදයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා !


කිසි දිනෙක මුණ ගැසී , සිනහා වී , කථා බහ කර නැතත් ඔබගේ වියෝව  හදවත තුල ජනිත කරන සංවේගය සයිබරය තුලින් ඔබ දැක්වූ මිත්‍රත්වයේ මහිමයේ සලකුණක් .

//පෝස්ට් එක සහ සියලුම කොමෙන්ට් කියෙව්වා// 

වාද විවාද වලට මැදි නොවු , හිතහොඳ මිනිසෙකු  අතින් වාද විවාද මැද්දේදි නිරන්තරයෙන් ලියැවුනු සටහනක් ! . ඔබා අය්යේ නුඹගේ සටහන් හරහා නුඹ තුල වූ සොඳුරු මිනිසාව කියැවූ ,සිංහල බ්ලොග් කරුවන්/ කාරිනියන් අතරේ ඔබගේ මතකය සදා අමරණීයයි !

----------------------------------------------------------------------------------------------------------------------

////මොකෝ කාලෙකින් මුකුත් ලියල නැත්තෙ, සුදු වෑන් එකක් වත් ගෙවල් පැත්තෙ කරකෙනවද ?//


//ලංගම බස් වලට, අයින් කරපු බස් වල කොටස් හයි කරන එක නම් හුඟාක් කාලෙක ඉඳන් කෙරුන වැඩක්, ඒ කියල ලංගමට අපහාසෙ දාන්න එපා බුවා {:-)//

                         
                         - නුඹගේ මේ කමෙන්ටුවලට උත්තර දෙන්නට නම් මම පමාවුනා වැඩියි අය්යේ





Comments

  1. ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  2. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  3. අනේ දෙවියනේ මගේ හිතට දැනෙන දුකක්.ඔහුගේ බ්ලොග් අඩවියේ කිසිදාක කොමෙන්ටුවක් දමා නැත්තෙමි.එහෙත් මට මහා ශෝකයක් දැනේ.ඔහුට නිවන් සුව පතමි

    ReplyDelete
  4. ඔව් බූවා ඔබ හරි මමත් ඔහුගේ දැකපු වටිනාම දෙයක් තමයි කවදාවත් බ්ලොග් අවකාශයේ ගැටුම් වලට මැදි නොවීම. මටත් නිතර දුරකථනයෙන් පවා අවවාද කර තිබෙනවා. එක් වරක් මා බ්ලොග් අවකාශයෙන් යාමට සිතද්දී මට දිරි දී රඳවා ගන්න ඔහු වෙහෙස වූවා. ඒ අතින් වියදම් කරගෙන ලංකාවට ඇමතුම් දී.

    ඔබට නිවන් සුවම අත් වේවා සහෘදය!!!

    ReplyDelete
  5. මගේ ඔලුව කරකවිලා ගියා වගේ.. කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ ඔබා මාමා මෙච්චර ඉක්මනට අපිව දාලා යාවි කියල..

    ReplyDelete
  6. අයියෝ දෙයියනේ ඔබාට මොකද උනේ , බක් මහා උළෙලටත් ආව නේද , ඔබ‍ට අමාමහ නිවන් සැප ලැබේවා

    ReplyDelete
  7. යහපත් සොදුරු මිනිසුන් ගේ නික්මයාම අදහාගත නොහැකි ශෝකයක්. ඇතෙන්ම ජීවිතය මොනතරම් අස්ථිරද? සනත් විජේවර්ධන, ඔබට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  8. හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. ඔබ නැති අඩුව හැමදාම අපිට දැනේවි. ඔහුව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන් නොඑනගමන් ගිහින්. මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  9. තමන් මුලින් බ්ලෙගා බලන්න පටන්ගත් එක ෆගැනත්, ලියන්නට පටන්ගත් එක ගැනත් ඔබ්සෝවර් හිටියේ හරිම සතුටින් බවත්, ඒ මගින් අඳුණාගත් පිරිසේ මිතුරු සමගම ගැන ඊටත් වඩා සතුටින් සිටි බවත් ඔහු සිය පවුලේ අය සමග පවසා සිටිනවා.
    මිනිසසෙකුගේ අකාල නික්ම යාම දුකක්.
    නමුත් දුකක් නොවිඳම අනිවාර්ය අවසානය දැකීම එක්තරා පිනක්!
    ඔබා ට නිවන් සුව ලැබේවා!්

    ReplyDelete
  10. කියලා වැඩක් නෑ.. හරිම කණගා‍ටුයි! මම ලියපු බොහොම ටික කාලෙදි උනත් හැම පෝස්ට් එකක්ම වගේ කියවලා කොමෙන්‍ටුවක් දාල යන්න අමතක නොකරපු නොදු‍ටු හිතවතෙක් ඔබ...

    ReplyDelete
  11. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  12. ඔබට නිවන් සුව අත්වේවා !

    ReplyDelete
  13. සනත් මහතා (ඔබා මාමා) වෙනුවෙන් ශෝක වන පිරිස අතරට මම ද එක් වෙමි.

    ReplyDelete
  14. Sanath Wijewardhane mahathata "Nivan suva athweva!" pauwle samata mage sokaya!

    ReplyDelete
  15. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  16. ඇත්ත බුවා ...ඔබා මාම එක්තරා අපට අමතක යුගයක් වර්තමානයට යාකල පාලමක් වගේ . මම කැමතිම වුනේ ඒ පරණ ලංගම කතා අහන්න . නොකිව්ව කතා ගොඩක් එක්කම ඔහු යන්න ගිහින් .

    ReplyDelete
  17. ලංකාවට යන ගමනේත් ආපහු එනකොටත් මගේ නිවහන හරහා ගියා.. අපි කතාකරකර පැය ගණන් ගතකලේ අවුරුදු විසි තිස් ගණනක් දන්නා පවුලේ අය වගෙයි.. මිතුරෙක් හැටියට දුරින් දැනගෙන සොහොයුරෙක් හැටියට ලංවෙලා යන්නගියා. අවාසනාවන්තයා මමයි ඔබා.. අද අපේ ගෙදර කඳුලින් පිරිලා. ජීවිතේ ගැන ලොකු පාඩමක් අපිට කියාදුන්නා කිසිම බරපතල වාක්‍ය නොයොදා හැමදාම .. නිහඬවම කලයුතු සේවාවන් කළා දිය යුත්තන්ට නිහඬවම දුන්නා.. යන්න හිතුනාම නිහඬවම ගියා. බ්ලොග් අවකාශය මල ගෙදරක් වගේ පාලුයි ඔබා..

    ReplyDelete
  18. ඔබා දේශපාලනේදි වාද නොකලට ඔහුගෙ වාද සහ උපහාස හරිම රසවත් උනා සමහර තැන් වල.

    මොන තරම් වැඩ තිබ්බත්, බ්ලොග් බැලිල්ලයි ලිවිල්ලයි එහෙම පිටිම්ම නැවතිල තිබ්බත් මේ කමෙන්ට් කීපය දාන්නෙ උඹ වෙනුවෙන් මට කරන්න පුලුවන් එකම දේ ඒ හින්දයි ලොක්ක.

    ReplyDelete
  19. හිතා ගන්න බෑ... හැබැහින් නොදැකපු... කතානොකල කෙනෙක් වෙන් වෙලා ගියහම දුකක් දැනුනු පලමු අවස්ථාව... ඒ බ්ලොග් ලෝකයේ ඔබ මගේ සමීප මිතුරෙක් නිසා වන්නට ඇති... වයස් පරතරය නොදැනුනේ ඒක නිසා වෙන්න ඇති. මම බ්ලොග් කියවන්න පටන් ගත් දවසේ මුලින්ම මතකයේ රැඳුනු චරිතය ඔබයි...
    ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!!!
    යලිත් සිංහල බ්ලොග් ලෝකය සරසන්න අප අතරම යලි ඉපදේවා...
    එදාට අපි මාමලා වෙලා ඉදිවී... නැවත හමුවන තුරු..........................................................

    ReplyDelete
  20. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  21. my deepest sympathies...Mayya

    ReplyDelete
  22. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  23. හ්ම්ම් ඔබා අයියා සමුගත්ත බව දැන ගත්තේ දැන් මේ බුවාගෙ ලිපියෙන්. විහිඵවක් තහඵවක් සමග විවේචන, සිත් රිදවන වචන නැතුව කා එක්කත් සුහදව සිටි යහපත් මනුෂ්‍යයෙක් නැතිවීම දුකක්. පුද්ගලිකව හැඳිනගෙන නැතත් බ්ලොග් හරහා ඇතිවුණ මිත්‍රත්වයක් ඔහු සමග තිබුණා. අනපේක්ෂිත මේ පණිවුඩය දුකක් ගෙන එන්නේ එනිසයි.
    එතුමන් යහපත් අලුත් ජීවිතයක සැනසේවා !

    ReplyDelete
  24. ආදරණීය ඔබා මාමගේ මරනයෙන් දුකට පත්වූ පවුලේ සැමටත් විශේශයෙන්ම ඔබී නැන්දාට සංවේගය පල කරමි ......
    ඒ සොදුරු මිනිසා ට නිවන් සුව පතමි

    ReplyDelete
  25. ඔබට නිවන් සුව ඔබා මාමේ....

    ReplyDelete
  26. ඔබට නිවන් සුව ඔබා මාමේ....

    ReplyDelete
  27. http://mothagamanaya.wordpress.com/2012/05/15/%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%94%E0%B6%B6%E0%B7%8F-%E0%B6%B8%E0%B7%8F/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් !

නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු  තරමෙ අවධානයක්  මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ  කථාබහ කිරීම නොව  සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයි නායකයා කණ්ඩායමක් වශෙයන් සිදු කරනා යම් කාර්යයක් වේද නායකයාගේ භූමිකාව ඒ තුල අන්තර්ගත වේ . කණ්ඩායම යනු දෙදෙනාගෙ සිට සිය දහස් හෝ ලක්ෂ කෝටි ගණනක් දෙනා විය හැක . කාර්යය  සරුංගලයක් සැකසීම, පාරක ගල් ඇතිරීම , ක්‍රිඩා තරඟයක් හෝ රටක් , රාජ්‍යයක් පාලනය කිරීම විය හැක . මේ කුමන කණ්ඩායමක, කුමන කාර්යය වුවත් සාර්ථක වීමේ  කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකය නායකයා හා ඔහුගේ නායකත්ව ගුණාංගයි .කණ්ඩායමේ ස්වාභාවය , කාර්යයේ ස්වාභාවය ,අදාල නිශ්චිත අවස්ථාව හෝ භාහිර සාධක නිසා එක් නායකයෙකුගේ කාර්ය භාරය හා ඔහු සතු විය යුතුගුණාංග තවත් කෙනෙකුගෙන් වෙනස් විය හැකි වුවත් පොදුවේ දැරිය යුතු  නායකත්ව ගුණාංගයන් රැසක් ද හඳුනාගත හැක   . නායකත්ව ලක්ෂණ   කලින් සඳහන් කල පරිදි  නායකයාගේ භූමිකා

රාජසේකර වලව්ව සහ හරමානිස් !

රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාම

හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට

හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක්  නම් නෙවෙයි . මගේ තේරුමේ හැටියට කරන පොඩි විග්‍රහයක් විතරයි. ඒ වගේම මේ කතන්දරෙන් කොලිවුඩ් නම් ඉවත් කරන්න වෙනව . මොකද මම ඒ නිලියන්ගෙ හුටපට තියා උන් මොක්කුද කියලවත් දන්නෙ නැති නිසා හොලිවුඩ්  ආරම්ඹය හොලිවුඩ් නිලියන් බොහෝ දෙනෙකුගේ ආරම්ඹය  සනිටුහන් වෙන්නෙ නිරූපන ශිල්පිනියක් විදිහට . නිරූපන ශිලිපිනියක් විදිහට වැඩ කරත්දි ප්ලේ බෝයි සහ ඒ මොඩලයේ සඟරා වල ඡායාරූප වලට එහෙම පෙනී හිටියාම  ඉක්මනින් සිනමාවට හරි රූප පෙට්ටියට හරි එන්න චැන්ස් එක ලැබෙනව . ඊට අමතරව සාමාන්‍ය විදිහට කෙලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකින් සමත් වෙලා එන ඇයිනුත් ඉන්නව . කොහොම ආවත් ඉතින් මුල් කාලයෙදි රඟපාන්න ලැබෙන්නෙත් අර ප්ලේ බොයි ටයි ඒවම තමා . ඇඳුම් නැතුව ඉන්නකොට  බලන් ඉන්න උන්ගේ හිතට හොඳටම වදින අයට හොඳ අනාගතයක් තියනව